A Ceylon Entourage

“අද නෙවෙයි, හෙට තමයි” කියන්නේ තේ වැවිලි කරුවෙකුගේ ආදර්ශ පාඨය. ” ඒත් හෙට ගැන කිසිවෙක් කිසිවක් දන්නේ නැහැ” යන්න ඊට අමතරව යෙදෙන වැකියක්.

Continue reading “A Ceylon Entourage”

Agriculture of Ceylon

අපි දැන් කතා කරන්නේ ලංකාවේ පරිභෝජන ශාක නිශ්පාදනය ගැන. ඉස් ඉස්සල්ලාම කියන්න වෙන්නේ පොල් සහ දෙල් ගැන. සෑම ස්වදේශිකයෙක්ම වෑයම් කරනවා තමන්ගේ ගෙවත්තේ මේ ගස් කිහිපයක් තබාගන්න. එනිසා ඔවුන්ට වෙන කිසිම කෑමක් නැතිව උනත් ජීවත් වෙන්න පුළුවන්.

Continue reading “Agriculture of Ceylon”

The Oldest Tree in the World

ලෝහ ප්‍රාසාදයට ආසන්නයෙන්  ලක්දිව සහ බුද්ධ ශාසනයේ යසස ගෙන එන ලෝකයේ පැරණිතම ඓතිහාසික වෘක්ෂය වශයෙන් සලකණු ලබන අනුරපුර බෝධීන් වහන්සේ වැඩ සිටිනවා. ක්‍රිස්තියානි යුගය ආරම්භවන්නට වසර 245කට පෙර තමයි මෙය රෝපණය කර තිබෙන්නේ (පත්‍රිකාවේ කියවෙන විදිහට බුදුරදුන් බුද්ධත්වය ලබන්න, යට හිඳගත් ගසින් තමයි අරගෙන තියෙන්නේ).

Continue reading “The Oldest Tree in the World”

The Great Woods, Fauna and Flora

ඉහළ වන පියසේ ඇති මහ රත් මල් ගස්, මුරුත ගස් සහ අනෙකුත් සියලුම සදාහරිත තුරු ගොමු, අලි ඇතුන්ට ඉතා කදිම ආවරණයක් සපයනවා. අවට පිහිටි කඳු මුදුන් සහ පර්වත කූටයන්, රැලිත් නැමිත් එක්ක අන්ඳවපු, තැනින් තැන එළිමහන් තණ පිටි සහ සී සී කඩ විසිරුණු දිය පාරවල් තියන, සැතපුම් ගණන් දික් වෙච්ච මලින කොළ පැහැ ඇඳුමක් වගේ.

Continue reading “The Great Woods, Fauna and Flora”

The Talipot Palm

පේරාදෙණිය උද්භිත උද්‍යානය තියෙන්නේ මහනුවරින් සැතපුම් තුන හතරක් පිටතින්. මේ කියන පුස්කොළ පොත් හදන්න ගන්න තල ගහක හොඳටම පීදිච්ච තල මලක් අපි එහිදී දැක්කා. හැබැයි මේ ලස්සන ශාකය පොල් ගස වගේ නම් නෙවෙයි. හොඳට කෙලින් සෘජුව වැඩෙන ශාකයක්.

Continue reading “The Talipot Palm”