The Tea-Factory

වාණිජත්වය කොහොම හරි ක්‍රමේකට එය ලගින ඕනම ප්‍රදේශයක තියන සොබා සුන්දරත්වය සම්පූර්ණයෙන්ම විනාශ කර දානවා. මේ කඳුබඩ පළාත් ඉරා දමලා. අතිවිශාල රූබර වනපෙත් කඳු පාදමේ ඉඳන් මුදුනටම කපා දාලා. ඉතිරි වෙලා තියන මොහොර බෑවුම් ගල් පොත්තෙ ජ්‍යාමිතික රේඛාවක් දිගේ තේ පඳුරු වගා කරලා. ඔබට මේ වගේ බොහොම ශීඝ්‍රයෙන් වනපාළු කල බිම් දිගේ සැතපුම් ගණන් ඈතට ඇවිද යන්න පුළුවන්. කඳුකර ප්‍රදේශ පුරාම කඳු පාදමේ ඉඳන් කන්ද උඩ ආසන්නයටම ඇති කරවුනු ඇටසැකිලි වගේ භාගෙට දැවී තැනින් තැන ඉතිරි වී ගිය ගස් කියාපාන්නේ වැඩිකල් නොගොස් පැරණි වනාන්තරයක මතක සටහන් පමණක් ඉතිරිවන වගක්.

Continue reading “The Tea-Factory”

Wage-Slavery on the Tea-Plantations

ජනවාරි 6 වනදා- කළුවා සහ මම අපේ මිතුරු නඩයෙනුත් පාරු බෝට්ටුවෙනුත් හවස් යාමේ සමුගත්තා.  අපි ඉරිදා රාත්‍රිය ගත කලේ පොල්මර්ගේ බංගලාවේ. පොල්මර්, වතු කළමනාකාරවරයෙක්. ටිකක් රොබින්සන් කෘසෝ වගේ චරිතයක්. තනියමමයි ජීවත් වෙන්නේ. ස්වදේශික සේවකයොත් ඉන්නවා. බල්ලො දෙන්නෙක්, පූසෙක්, කවුඩු පනික්කියෙක් (යම් කාලෙක හාවෙකුත්) ඔහුගේ ආහාර වේල බෙදාගන්නවා.

Continue reading “Wage-Slavery on the Tea-Plantations”

Nuwara Ellia

එක් දිනක් ඇජැක්සුත් මමත් නුවර එළිය බලා පිටත් වුනා. ගිය දුම්රිය මැදිරිය සම්පූර්ණයෙන්ම වගේ පිරිලා හිටියේ තේ වැවිලිකරුවන්ගෙන්. (මේ අතර බිරින්දෑවරුන් හා සහෝදරියන් එක්කෙනෙක් දෙන්නෙක් දකින්න හිටියා) ඒ වගේම අපි හිටපු හෝටලයෙත් තේ වැවිලිකරුවන් කිහිප දෙනෙක් හිටියා. මේ වගේ දුරස්තර සාවියක සම්පූර්ණ සම්මත ඉංග්‍රීසි ඇඳුමම ඇඳගත්ත, ඒත් සාමාන්‍ය මැද පෙළ ව්‍යාපාරික පංතියේ ඉංග්‍රීසි මුහුණු කීපයක් දකින්න ලැබීම කුතුහලය දනවන කාරණාවක් වුනා.

Continue reading “Nuwara Ellia”

The British and the Natives

මහනුවර කියන්නේ අඩි 2,000 විතර උසින් පිහිටා තියෙන හරිම අලංකාර නගරයක්. පැත්තකින් මහනුවර රජකම් කල පැරණි රජ දරුවරුන් විසින් නිර්මාපිත වැවක් පේන්න තියනවා. කඳු වළල්ලකට මැදිව නිවර්තන ශාකයන්ගෙන් සහ පුෂ්පයන්ගෙන් යුතු මනහර වන පියස්සකට ආවරණය වෙලා තියන හන්දා කඳු මුදුන් සහ කඳු බෑවුම් සිට කමණීය දර්ශනයන් මවා දක්වනවා.

Continue reading “The British and the Natives”

Colombo – Social Arrangements and Amenities

කොළඹ නම් විනෝද වෙන්න තියන තැන් ප්‍රමාණවත් නැහැ (ඉන්දියාවේ නගරවලත් එහෙමම තමයි ). රඟහලක් තියා ප්‍රසංග ශාලාවක්වත් නෑ. ජන සංඛ්‍යාව ඉතා විශාල වුනත් (120,000) මේ තත්වය පහසුවෙන් වටහාගන්න පුළුවන්. මොකද මේ හැමෝම එකිනෙකට වෙනස් නානාප්‍රකාර විදිහේ අය හන්දා ඇති පදම් විශාල ජනකායක් මේ තැන් වලට ඒය කියල හිතන්න බෑ. අනික සෑම ස්වදේශික ජාතියකටම ඔවුන්ගෙම කියලා ඔවුන්ට ඕනා කරන විදිහට සැණකෙළි තියනවා.

Continue reading “Colombo – Social Arrangements and Amenities”