The Tea-Factory

වාණිජත්වය කොහොම හරි ක්‍රමේකට එය ලගින ඕනම ප්‍රදේශයක තියන සොබා සුන්දරත්වය සම්පූර්ණයෙන්ම විනාශ කර දානවා. මේ කඳුබඩ පළාත් ඉරා දමලා. අතිවිශාල රූබර වනපෙත් කඳු පාදමේ ඉඳන් මුදුනටම කපා දාලා. ඉතිරි වෙලා තියන මොහොර බෑවුම් ගල් පොත්තෙ ජ්‍යාමිතික රේඛාවක් දිගේ තේ පඳුරු වගා කරලා. ඔබට මේ වගේ බොහොම ශීඝ්‍රයෙන් වනපාළු කල බිම් දිගේ සැතපුම් ගණන් ඈතට ඇවිද යන්න පුළුවන්. කඳුකර ප්‍රදේශ පුරාම කඳු පාදමේ ඉඳන් කන්ද උඩ ආසන්නයටම ඇති කරවුනු ඇටසැකිලි වගේ භාගෙට දැවී තැනින් තැන ඉතිරි වී ගිය ගස් කියාපාන්නේ වැඩිකල් නොගොස් පැරණි වනාන්තරයක මතක සටහන් පමණක් ඉතිරිවන වගක්.

Continue reading “The Tea-Factory”

Wage-Slavery on the Tea-Plantations

ජනවාරි 6 වනදා- කළුවා සහ මම අපේ මිතුරු නඩයෙනුත් පාරු බෝට්ටුවෙනුත් හවස් යාමේ සමුගත්තා.  අපි ඉරිදා රාත්‍රිය ගත කලේ පොල්මර්ගේ බංගලාවේ. පොල්මර්, වතු කළමනාකාරවරයෙක්. ටිකක් රොබින්සන් කෘසෝ වගේ චරිතයක්. තනියමමයි ජීවත් වෙන්නේ. ස්වදේශික සේවකයොත් ඉන්නවා. බල්ලො දෙන්නෙක්, පූසෙක්, කවුඩු පනික්කියෙක් (යම් කාලෙක හාවෙකුත්) ඔහුගේ ආහාර වේල බෙදාගන්නවා.

Continue reading “Wage-Slavery on the Tea-Plantations”

Population Composition of Colombo

මේ වීදි හා මාවත් දිගේ උඩහට පහළට යනකොට, මේ වැව දිගේ යනකොට, මේ මුහුදු වෙරළ දිගේ යනකොට, වරාය වේදිකාවට නැව් තටාකයට යනකොට, සෑහෙන්න වෛවාරන සෙනඟක් මුණ ගැහෙනවා. හිතා ගන්න පුළුවන්ද?. සිංහලයන් හා දෙමළුන් තමයි අනිවාර්යයෙන් බහුල වශයෙන් ඉන්නේ. ඒත් ඊට අමතරව “මහොමෙඩාන්වරුන්”, මෙහෙ කියන විදිහට නම් මරක්කලයන් (මුවර්), ඒ වගේම මැලේවරුනුත් දකින්න ඉන්නවා.

Continue reading “Population Composition of Colombo”