මට නම් කවදාවත් පොල් ගස් දිහා බලන් ඉඳිද්දී විඩාවක් දැනෙන්නේ නෑ. ඒවා ඇත්තටම මිලියන ගණනක් කොළඹින් උතුරට හා දකුණට මේ වෙරළ තීරය දිගේම වැවී තියනවා. දකුණු මුහුදුබඩ මාර්ගය සෙවණ වී තිබෙන්නේ ඒවායෙන්.
Tag: Colombo
Colombo – Social Arrangements and Amenities
කොළඹ නම් විනෝද වෙන්න තියන තැන් ප්‍රමාණවත් නැහැ (ඉන්දියාවේ නගරවලත් එහෙමම තමයි ). රඟහලක් තියා ප්‍රසංග ශාලාවක්වත් නෑ. ජන සංඛ්‍යාව ඉතා විශාල වුනත් (120,000) මේ තත්වය පහසුවෙන් වටහාගන්න පුළුවන්. මොකද මේ හැමෝම එකිනෙකට වෙනස් නානාප්‍රකාර විදිහේ අය හන්දා ඇති පදම් විශාල ජනකායක් මේ තැන් වලට ඒය කියල හිතන්න බෑ. අනික සෑම ස්වදේශික ජාතියකටම ඔවුන්ගෙම කියලා ඔවුන්ට ඕනා කරන විදිහට සැණකෙළි තියනවා.
Continue reading “Colombo – Social Arrangements and Amenities”
Language and Literature
දමිළයන්ට සැලකිය යුතු තරම් පුරාතන කාලයේ ඉඳන් බොහෝ සෙයින්ම පෘථුල වෙච්ච සාහිත්‍යයක් තියනවා. වැඩි වශයෙන්ම ඒවා දාර්ශනිකයි. එහෙම නැතිනම් කාව්‍යමය දර්ශනයක් පෙන්නුම් කරනවා. ඔවුන්ගේ භාෂාව, වචන මාලාවන්ගෙන් වගේම ව්‍යාකරණ රීතීන්ගෙන්, වර නැගීම් වලින් බොහොම පොහොසත්. ඒ වුනත් බොහොම සංක්ෂිප්ත, යන්තම් පිරිමහගත්ත ආචාරශීලි භාෂිතයක් (“ස්තූතියි”, “සුභ උදෑසනක්” වගේ) තියෙන්නේ. සද්දෙන් ටිකක් රළුයි. ක’ සහ ර’ ශබ්දය දත් අතරින් ශීඝ්‍රයෙන් පියඹා යනවා.
Population Composition of Colombo
මේ වීදි හා මාවත් දිගේ උඩහට පහළට යනකොට, මේ වැව දිගේ යනකොට, මේ මුහුදු වෙරළ දිගේ යනකොට, වරාය වේදිකාවට නැව් තටාකයට යනකොට, සෑහෙන්න වෛවාරන සෙනඟක් මුණ ගැහෙනවා. හිතා ගන්න පුළුවන්ද?. සිංහලයන් හා දෙමළුන් තමයි අනිවාර්යයෙන් බහුල වශයෙන් ඉන්නේ. ඒත් ඊට අමතරව “මහොමෙඩාන්වරුන්”, මෙහෙ කියන විදිහට නම් මරක්කලයන් (මුවර්), ඒ වගේම මැලේවරුනුත් දකින්න ඉන්නවා.
Colombo — Its Streets and Picturesque Glimpses
මම ගොඩක් බය වුනේ රතු මුහුදෙදි කාටත් වගේ තිබ්බ කම්මැලිකමයි විඩාවයි මඟීන්ගෙ කෝපයට නරකට බලපාලා දරුණු භේදයක් ඇතිවෙයි කියලා. ඉන්දියන් සාගරයේ වුනත් හිටපු දවස් 6යේම ඔලුව වෙනත් පැත්තකට ගෙනියන්න කියල දේකට තිබ්බේ ඉගිල්ලෙන මාලුයි නැව ඇතුලේ පැතිරුණු කටකතායි විතරයි. ඉතින් මේ හේතුව හන්දා තාල වර්ගයේ ගස් වලින් පිරුණු වෙරළක් තියන ලංකාවට අන්තිමේදි හරි ගොඩබහින්න ලැබුණු එකනම් ලොකු සහනයක්.
Continue reading “Colombo — Its Streets and Picturesque Glimpses”