Cynthia’s Best Gown

“ඇයි ඒක ධුර්සිකෙනෙකුට (ඉන්දියානු ඇඳුම් මහන්නෙකුට) නොදෙන්නේ?”, කෙනෙක් ඇසුවා. මෙසේ කීවේ සින්තියා මහත් ආදරයක් දැක්වූ ඇගේ මංගල සලුපිලි එකතුවේ වූ අගනා සැහැල්ලු රැලි සහිත චීන සේද රෙද්දක් (ක්‍රෙප් ද ශින්) ගැනයි. හොඳ දක්ෂයෙකුට මේ රෙද්දේ ඇඳුමක සිහිනය යථාර්තයක් බවට පත් කළ හැකියි.

Continue reading “Cynthia’s Best Gown”

Advertisements

A Genuine Devil Dance

සිංහලයෙකු ලෙස ඔහු කදිම ප්‍රතාපවත් මිනිසෙක්. පුළුල් උරස්ථලයක් සහිත උත්තුංග දේහධාරි කට්ටඩියෙක්. ඔහු ඇඳ සිටි එකම වස්ත්‍රය වූයේ ඉණකඩක්, ඉණ සහ නළලේහි පැළැන්ඳු “ගාරුල්ලා” කොළ මාලයක් පමණයි.


Devil Dance Ceremony
Devil Dance Ceremony, Ceylon (ca. 1938)

හැබෑම යකදුරෙක් (යක් නැටුම)

ඔහුගේ කලු පැහැ ඇස්, වෑරුණු මුහුණ මතින් බැබළුණේ ඇත්ත වශයෙන්ම ඇවිලෙන ගිනි පුපුරක් වගේ. ඔහුගේ මනා රූපකාය තුල අනවශ්‍ය මාංශ පේශීන් තිබුනේ නැහැ. ලෝකඩින් සෑදූ හර්මීස්ගේ පිළිමය ප්‍රතිමාව වගේ. ඔහුගේ නේත්‍රා තුල කෙනෙකුට බුද්ධිමත් බවේ සලකුණු පෙනේවි. බුද්ධිය අභිබවා, කායික ආකර්ෂණයට අමතරව ඔහුට අංග සම්පූර්ණ පෞරුෂත්වයක් පෙනෙන්නට තිබෙනවා. ඔහු දකුණතින් “දුම්මල” නැමැති දණ්ඩක් අල්ලාගෙන සිටිනවා. කියනා ලෙස ඊට දැඩි ආකර්ෂණ බලයක් තිබේලු.

“මෝහන වේදියෙක්,” සින්තියා කෙඳිරුවා. “බොහොම බලවන්ත මෝහන වේදියෙක්.”

ඔවුන් අසුන්ගත්තාට පසු, -එතැන යුරෝපීයයන්ට සපයා තිබුනේ පුටු 2ක් පමණයි,- උත්සවය පටන් ගත් බව හඟවන්න වෙඩිල්ලක් පත්තු වුනා. හඳපානින් ආලෝකමත් වුනු ඉන්දියන් සාගරයේ පැතිරුනු විශාල ප්‍රදේශයක් බලවත් ප්‍රීතියෙන් ගිගුම් නාදයෙන් දෝංකාර දුන්නා.

යකුන් සහ උන්ගේ වශීකරණය

Devil Dancers, Colombo.
Devil Dancers, Colombo. photographed by Plate & Co.

මෙම සුවිශේෂ උත්සවය, එනම් සන්නි යකුන් නැටීම, නටන්නට හේතු කාරණා වී ඇත්තේ එක්තරා සිංහල කාන්තාවකට වැසී ඇතැයි කියනා යකෙකු එලවා දැමීමටයි. කියනා ලෙස මේ කාන්තාව හට යම හෝරාවක යකුන් අරක්ගත් තැනැක් හැටියට කතාබහට ලක්වුනු එක්තරා ළිඳකට යන්නට සිදු වී ගොදුරක් බවට පත්වී ගම්මුන් කියනා පරිදි තනිකං දෝෂය ඇති වී ඇත. ඒ යක්ෂ හෝරාවේ සිටන් ඇයගේ සම්පූර්ණ ස්වභාවය වෙනස් වී ඇති බව ඔවුන් සහතික කළා. ආදර්ශවත් ගෘහණියක් වූ ඈ එතැන් සිට ගෙදර දොර වැඩ කටයුතු අතපසු කොට සොහොන් බිම් හී ඉබාගාතේ භූතයන් සමඟ සැරිසරන්නට වී ඇත. ගස්මුල්, ගොලුබෙල්ලන් සහ ගෙම්බන් මතින් ජීවිතය ගෙවා, විළිබිය නැති ආකරයට හැසිරී ඇත. මේ ආකාරයට ඈ ගැන වර්තාව දික්වුනා. මේ කල්ක්‍රියාව නිසා ඇගේ නෑදෑයන් ගැරහීමට පත් වුනා. එ නිසාම මෙලෙස පළමු පංතියේ, කිසිදා තම උත්සහය නොවරදින බවට ප්‍රසිද්ධියක් ඇති යකදුරෙකු (කට්ටඩියෙකු) අල්ලාගෙන මේ වැඩ කටයුතු පිළිවලක් කරන්නට ඔවුන් වෙහෙසුනා.

කාන්තාවත් තොවිලයට ඇවිදින් හිටියා. උත්සවය සඳහා ලබාගත් මාළු වාඩියක ඇය නිශ්ශබ්ද කොට තබාගෙන හිටියා. නමුත් සින්තියාගේ ඉල්ලීමකට, ලබාගත් අවසරය ඇතුව සින්තියාට මේ කාන්තාව පත්ව සිටි ඛේදජනක තත්වය බලාගන්නට හැකි වුනා. ඇත්තෙන්ම ඇගේ තත්වය බොහොම දුක්මුසුයි. ඇගේ මිනිස් ගතිය පෙනෙන්නට තිබුනේ බොහොම යන්තමින්. මේ අකරතැබ්බයට කලියෙන් ඇය බොහොම තරුණ පාටට හිටියා. ශෝභාසම්පන්නකමටත් හොඳ ගති ලක්ෂණ වලටත් ඇය හොඳ කීර්තියක් ඉසුලුවා. මේ අසරණ ප්‍රාණියා සින්තියාගේ දයානුකම්පා සහගත ප්‍රකාශනයට කිසිම ප්‍රතිචාරයක් දැක්වුවේ නැහැ. ඇය ඒවා ශ්‍රවනය කරන්නට තැකූ වගක්වත් පෙනුනේ නැහැ. ඇගේ මානව බුද්ධිය ගල් ගැසි ඇති බව පෙනෙන්නට තිබුනා. ඇගේ සිත තුල වෙනත් යමක් බලපා ඇතිවා වගේ. ඇගේ වියරු වැටුනු කුරිරු ඇස් ගෝලය, යක්ෂයාගේ නේත්‍රයෙන් ආලෝකමත් වි බැබලුනා.

Thovil Mask
Devil Dance Ritual Ceremony Thovil Mask, Galle, Ceylon (ca. 1929) photographed by Dr. Martin Hürlimann

“මූ බොහොම නරක යකෙක්, නෝනා,” සංචාරක මගපෙන්වන්නා ලෙස කටයුතු කරන්නා කීවා. “ඒත් මේ කට්ටඩියා බලගතු මිනිහෙක්. ඔහු නරක යකුන් පළවා කාන්තාවන් සුව කරනවා. නෝනාට පෙනේවි.”

“ගොඩක් යක්කු මූට උදව් කරනවා. වත්ත ඉක්මනටම උන්ගෙන් පිරේවි. ඒත් වැඩැක් වෙන්නේ නෑ. මේ කට්ටඩියා උන් ඔක්කොම එළවා දමාවි. උන් හැමෝටම දොළ පිදේනි ලැබෙනවා. ඊට පස්සේ කුකුළා හඬලන පාන්දර උන් ඔක්කොම යන්න යාවි. “

මෙන්න මේ මොහොතේදි සංගීත කණ්ඩායමක් පැමිණියා. බෙරකාරයන්, නළාකාරයන්, වීනාකාරයන්, කයිතාලම්කාරයන්, හොරණෑකාරයන්ගෙන් සමන්විත ස්වදේශික සංගීත කණ්ඩායමක්. මේ විදිහට තමයි පූර්විකාවෙන් වැඩේ පටන් ගත්තේ.

සංගීතය සංඛේතවත් කළේ සිද්ධියේ කරුණුයි. සින්තියාට තෙරුම් ගත හැකි ලෙස ඒවා බොහොම විස්තරාත්මක වුනා. ඒ මීට ප්‍රථමව ඈ ඇසූ දේවල්ම තමයි. ඉස්සර ශිෂ්ටසම්පන්න ජීවිතයක් ගත කළ ගැමි කාන්තාව පීඩාලබන ව්‍යාධියට හෝ හිරිහැරයට හේතුකාරණා ඉන් විස්තර වුනා. ඉන් මේ අව්‍යාජ ප්‍රාණියා අඩක් අකමැත්තෙන් වතුර ගෙනෙන්නට ළිඳට ගිය හැටි මවා ගන්නට ලෙහෙසියි. ඒත් ඇය දැන සිටියේ නැතිද භූතයන් එහි සැඟවී සිටි වග?

Devil Dancers
Devil Dancers with Tom Tom Player

පූර්විකාවට ගියේ විනාඩි 15ක් පමණයි. නමුත් මේ කාලය සෑහුනා වෙච්ච සංගෙතියේ මුළු කතාවම කියන්න. සින්තියා මහත් උනන්දුවෙන් යථාරූප පූර්විකා සංගීතය අසා සිටියා. එහි අවසානයේ නැටුම්කාරයෝ ටික හෙවත් යක් නැටුම් ශීල්පීන් වශීකරණ වෘතාකාර වට සීමාවක පෙළ ගැසුනා. ඇත්ත වසයෙන්ම එය සිත් වශී කරනවා. මේ නැටුම්කාරයන්ගේ ඇඳුම අතිශය පුදුමාකාරයි. හරියට අකෝර්ඩියන් රැලි සහිත දිදුලන වර්ණ සහිත කොට සායක් වගේ කියන්න පුළුවන්. භයානක වෙස්මුහුණු සහ කැළෑ මල් මාල පැළඳ සිටිනවා.

අනෙක් අය වෙස්මුහුණු වෙනුවට ඔවුන්ගේ මුහුණු රතු සහ සුදු වර්ණයෙන් පාට කරගෙන. ඒ වගේම කොටියන්ගේ දිවියන්ගේ ජගුවරයන්ගේ සහ නරියන්ගේ හම්වලින් ආවරණය වෙලා. මොක වුනත් වෙස් ගැන්වීම නම් අපූරුවට කර තිබෙනවා. නර්තනයත් පූර්විකාව වගේම සංඛේතාමකයි. හැම අංග චලනයකම, ඔවුන්ගේ සුනම්‍ය ශරීරය නැවෙන සෑම වාරයකම යම් අර්ථයක් තිබෙනවා. සෑම පූජාසනයක් ඉදිරිපිටම වෙනස් වෙනස් චරිත නර්තනයේ යෙදෙනවා. අභිරූපන රංගනයක යෙදෙනවා කිව්වෝතින් වඩාත් හරි. තනිකංදෝෂය සිටි වාඩිය ඉදිරිපිට වියරුවෙන් අන් අය පරදන තවත් නර්තනයක්. ඊට ප්‍රතිචාරයක් ලෙස පහත් ප්‍රචණ්ඩ ගෙරවීමක් ආවා. “නෝනාට ඇහෙනවද යකා කෑගහනවා?,” මග පෙන්වන්නා ඇසුවා. මේ සියල්ල සිදුවුනේ විදුලියක වේගයෙන්. ඉන්පසු වෙරළ පමණක් නොව හඳපානින් ආලෝකමත් වුනු සන්සුන් මුහුද පවා දෙදරුම් කෑමෙන් කම්පා කරවූ ගහීරිකාවක සද්දයක් ආවා.

ඒත් සමඟම නර්තනය සහ සංගීතය ඇන හිටියා. ගහක කොළයක් පවා සර සර ගෑවේ නැහැ. කෙඳිරියක් පවා ඇසුනේ නැහැ. මැරුණාක් වගේ නිහඬ කමක්. ඊට පස්සේ කට්ටඩියා ඔහුගේ දුම්මල පිම්බා. නාසික ස්වරයෙන් නමුත් ප්‍රබලව හුස්මක් නොගෙන එක සැරේට මන්ත්‍ර ගණනාවක් හඬ නගා කිව්වා, අනුශාසනා කළා, ආයාචනා කළා, නියම කළා. එක එක දෙවියාට හෝ යක්ෂයාට “ගරුල්ලා” මාලය පැළැන්ඳු හිස පහත් කොට දුම්මල වනා එය වාතලයේ ගුප්ත ලකුණක් ලෙස සංඛේතවත් කළා.

තනිකංදොසින් ආතුරයා මුදාගනී

Prince of Wales' trip to the Pacific
Prince of Wales’ trip to the Pacific Oriental Scenes – Devil Dancers

ඒ නිහඬ සෞම්‍ය රාත්‍රියේ කට්ටඩියාගේ පැහැදිලි උච්චාරණ හඬ මයිල ගණනාවක් ඈතට ඇසෙන්නට ඇති. ගුරුන්නාන්සේ භූමියේ හරි මැදින් ඔහුගේ ගරුගම්භීර රූපකාය, ඔහු ඇමතූ, මූලාසනය ගත් දේවතාවගේ (යක්ෂයාගේ) පූජාසනය වෙතට මදක් ඇලකොට සිට ගත්තා. අඟුරු කබල් තුල වූ නැවුම් දුම්මල, සාම්බ්‍රානි සහ තවත් මාදක තුලින් සුවඳ දුම් වළා අඛණ්ඩව නැග ආවා. අඛණ්ඩව මාරුවෙන් මාරුවට මධ්‍යම රාත්‍රිය ආසන්නයට වනතුරු නැටුම්කරුවන් ඔවුන්ගේ නර්තනයත්, කට්ටඩියා ඔහුගේ මන්තරත් ජප කළා. ඉන්පසු විවේක කාලය එළඹියෙන් ගුරුන්නාන්සේ වෙහෙස නිවාගෙන මුහුදේ ස්නානය කොට, ඇඳුම් මාරු කොට, සන්තර්පණය වුනා. ගලවා දමන්නට නම් ගොඩක් ඇඳුම් හැඳ සිටියානේ. නැටුම්කාරයන්ට මක් වුනාදැයි සින්තියාට දැනගන්න බැරිවුනා. ඔවුන් විසිර ගිහින්. ප්‍රේක්ෂකයන් බුලත් හපමින් තැඹිලි වතුර බොමින් විවේකීව සක්මන් කළා. එමනිසා ඇසුනු එකම හඬ නම් සෙමින් රළ ගොඩවදින හඬයි, සුදු පෙණ කැටිති සමඟින් වැලි සහිත වෙරළතීරයට ගොඩවදින මුහුදු රළෙහි රාවයයි, කොරල්පර වල හැපී බිඳී නැගෙන මුහුදු රළෙහි දුර ඈත ගර්ජනයයි. නමුත් මධ්‍යමරාත්‍රිය එළඹි වහාම යළි සියල්ල පිළිවෙලක් වුනා. විශිෂ්ඨම අංගය ආරම්භ වුනේ එවිටයි. මේ සන්නි යැකුම නටන්නට හේතු කාරණා වූ ගැහැනිය අඩස්සියෙන් මුදා හැරුනා. ඇය අල්වාගෙන සිටි අයගේ අත් අඹරා මහත් විරෝධය පා තමයි ඇය නිදහස් වුනේ. කට්ටඩියා දෙස නෙත් යොමන තෙක් දරුණු ලෙස මහත් වියරුවෙන් ඇය සෑම අයෙක් දෙසකම රවා බැලුවා. ක්‍රමයෙන් ඇගේ නෙත් පුදුමයෙන් ගල් ගැසුනා.

වියරු දෑස් මලානිකව ගියා. නිදිබර කණවූ ස්වභාවයක් පෙන්නුම් කලා. මේ බැල්ම මෙසේ තිබියදී කට්ටඩියා තම දුම්මලින් වා තලයේ රවුම් අඳින්නට වුනා. මේ රවුම් තුල ඇගේ දෘෂ්ටිය රඳවාගන්න තැත් කලා. දුම්මල මෙසේ රවුමට කරකවද්දී, ඇගේ දෑස් ඒ පසු පස හඹා යද්දී මේ රවුම් එන්න එන්න විශාල වුනා. ඇගේ ඉණ තෙක් උඩුකයත් ඒ අතර බමන්නට පටන් ගත්තා.  මේ භ්‍රමණයන් ඉතා වේගවත්. මීට පෙර වූ හදිසියෙන් සිහි නැති වන සුළු තද බව පහවී ඇය කීකරු අවනත බවක් පෙන්වන්නට පටන් ගත්තා. දැන් යකා ගුරුන්නාන්සේගේ ශාන්ත මුහුණට සිනහවක්, මද සිනහවක් නැගුනා. එක් වරම උඩට නැගුනු අත නැවතුනා දුම්මල පන්දමත් උඩට උසවාගෙනම. කාන්තාවගේ දෑස් අඳ වූ ලෙස බැල්ම ඒ වෙතම රැඳී තිබුනා. ඉන්පසු කට්ටඩියා ඉදිරියට නැමී දුම්මල පිම්බා.

අත්භූත උත්සවයන්හි ඇති අත්භූත බව: මැදියම් රැයේ සිට පොල්කිචි උදෑසන තෙක්

Devil Dancers
Devil Dancers with Tom Tom Players photographed by Plate & Co,

ඇයගේ හිස් බැල්ම එකෙහෙණිම බුද්ධිමත් බවක් ඉසිලුවා. නමුත් මිනිසත් බව විද්‍යාමාන වුනේ යන්තමින්. යක්දෙස්සා මාලු වාඩිය වෙතට දුම්මල දිගුකොට රෝගියාට ආපසු යාමට ඉඟිකලා. සෙමෙන් සෙමෙන් ඇය ඊට නොකැමැත්තෙන් අවනත වුනා. දැන් වියරු කෑගැසීම් මොරහඬ පෙරටුව නැටුම් කාරයන් ආගමනය වුනා. ඒත් සමඟම කට්ටඩියා විවේකයක් ගත්තේ නළල දෙපසින් දහඩිය බේරෙමිනුයි. නැවත ආපසු එවැනිම නර්තනයක් මධ්‍යයේ යක්දෙස්සා නැවත පැමිණියා. ලොකුම බලග්‍රහණය සිදුවූයේ ඉන් අනතුරුවයි. ඔහුගේ දිගු ශක්තිමත් කාලවර්ණ බාහු දිගු කොට, මාලු වාඩිය දෙසට ඇඟිලි දිගු කොට, සාම්බ්‍රානි සුවඳ දුම් අස්සෙන් කාන්තිමත් ආකර්ෂණීය නෙත් යොමා බැලුවා. ගැඹුරු නිශ්ෂබ්දතාවයක් පැවතුනා. ප්‍රේක්ෂක ජනයා හුස්ම නොගෙන බලාසිටියේ මහත් බලාපොරොත්තුවෙන්. ඉතා දිගු කාලයක් ලෙස දැනුනත් ගතවන්නට ඇත්තේ ඇත්තටම විනාඩි කිහිපයක් වැනි කාලයක්.

සර සර ශබ්දයක් ඇසුනා. ඒ අනුව තනිකංදෝෂය වාඩියෙන් එළියට ආවා. ඇගේ නෙත් නැවතත් නුරුස්නා ස්වභාවයෙන් වියරු වැටිලා. ඇගේ කැමැත්තට විරුද්දව යාන්ත්‍රිකව ඇය ඉදිරියට ඇදුනේ හරියට කවුදෝ තල්ලු කරලා වගේ. එක අඩියක් තිබ්බා. තව අඩියක් තිබ්බා. තවත් එකක්. ඇගේ නෙත් කට්ටඩියා වෙත රැඳුනේ අඩක් විරෝධයෙන්. නුපුරුදු බව රූකඩයක් මෙන් හැසිරීම මෙසේ කට්ටඩියාගේ බැල්ම අසලට එන තෙක් පැවතුනා. යක්දෙස්සා නැවතත් දුම්මල ඇය දෙසට පිම්බා. ඇගේ නෙත් දෙසට, ඇගේ නළලට.

ඇය දිගු පහත් සුසුමක් හෙලුවේ උච්ච ස්වරයකින් අවසන් කරමින්. මුහුදු කොනටම ඇසෙන ලෙස කන් බිහිරි කරවන හයියෙන් යටිගිරියෙන් කෑගසා කාන්තාව කට්ටඩියාගේ දෙපා මුල බිම වැතිරුනා. විජයග්‍රහණයේ මොහොත. යක්ෂයා පලවා හැරියා. කාන්තාවට තවදුරටත් තනිකංදොස් නැහැ. කට්ටඩියාගේ ඉඟි කිරීමකට ඇයගේ නෑයන් දෙදෙනෙක් ඉදිරියට පැමින සිහිසන් නැති ඇයගේ ශරීරය ඔසවාගෙන වාඩියට ගෙනගියේ තෙල් ගල්වා පිරිසිඳු නැවුම් සුදු වස්ත්‍රයක් ඇයට අන්දවන්නට. ඇය සිහිය නැවත ලැබූ හැඩැයි. කාන්තාව දැන් ඇයගේ සාමාන්‍ය ස්වභාවයට එළඹිලා. ඇය නෙත් හරින විට කුකුළා හඬලන්නටත් පටන් ගත්තා. ඇය හරියට නරක සිහිනයකින් අවදි වෙලා වගේ. ඇගේ මුළු ශරීර සැකිල්ලම ගැස්සුනා. ඇය සිනාසුනා. එය සහනයක් සිනහවක්. සින්තියා ඇයගෙන් ඇසුවා ඇයට දැන් හොඳයිද කියා, සතුටුද කියා. පිළිතුර වුනේ, “අප්පේ ඔව් නෝනා, හොඳටම හොඳයි. හොඳටම සනීපයි. ටිකක් විතර මහන්සියි. මගේ පොඩි එකාලා දකින්න ගෙදර යන්නයි ඕනි.” ඊළඟට වෙඩිල්ලක් පත්තු වුනා. පොල්කිචි රාවය නිවේදනය කළේ අරුණාලෝකය උදාවූ බවකුයි.


කැරොලයින් කෝනර් විසින් රචිත “ලක්දිව්: ආදම්ගේ පාරාදීසිය”

සත් වසක දූපත් දිවියේ ජීවන සටහන්

පරිච්ඡේදය 04

Ceylon: The Paradise of Adam by Caroline Corner

The Record of Seven Years’ Residence In The Island

Chapter 04


For a Sinhalese a singularly fine man was he, the Kattadiya deep-chested, muscular and tall. His only garment was a loincloth, a garland of garulla leaves adorning his waist as well as his brow. His dark eyes shone out from his haggard face and seemed literally to blaze forth magnetism. There was no superfluous flesh on his well-knit form. A statue of Hermes in bronze he might have passed for. In those eyes one found intelligence, dominating intelligence, besides the physical magnetism his whole personality seemingly gave out. In his right hand he held a rod called a dhorjee, said also to be charged with abundance of magnetism.

“A hypnotist,” whispered Cynthia, “a powerful one too.”

After they were seated—there were only two chairs for the Europeans’ accommodation—a gun was fired to signify the ceremony would now commence. The reverberation echoed and thrilled the broad expanse of the moonlit Indian Ocean. This particular ceremony or Sanni Yakun Neteena was for the purpose of dispossessing a certain Sinhalese woman into whom an evil demon was said to have entered.

The story went that this woman being compelled to go to a well which was a well-known haunt of evil demons, particularly at Yama hours, fell a victim to obsession—became in fact a Taincama, as the natives say, or ” made solitary.” Since that evil hour her entire nature had changed, they affirmed. She had neglected her domestic duties—she who had formerly been an exemplary housewife, of late had taken to wander in graveyards (sohona) “along with the demons,” existing on roots, snails, and toads, and behaving generally in a ” shameless way,” report went on. Her relatives being scandalised by such conduct, and being also well to do, had secured the services of a first class devil charmer (Kattadiya), who had the reputation of being unfailing in his endeavours. The woman herself was present, shut up in a cadjan fisher-hut lent for the occasion, but at request Cynthia was granted permission to see her in her sad and awful condition. Sad and awful indeed that condition was! Scarcely human this woman looked, she who was as yet quite young in years and previous to this mishap, whatever it really was, had been renowned for her comeliness and good character. The poor creature made no response to Cynthia’s expressions of sympathy; they fell on her hearing unheeded. Her human intelligence appeared to be frozen, while some other seemed certainly to obsess her; the light of a demon’s eye surely shone in those wild and vicious orbs.

“Very bad demon this, Lady,” said the man deputed to act guide.

“But this Kattadiya great man, he drive out bad demon, woman get well. Lady will see.”

“Many demons coming help this one : this garden soon full. But no good. This Kattadiya drive all ‘way. All get food, then at cockcrow all go ‘way.”

At this juncture a band struck up, a native band composed of tom-toms, reeds, viols, cymbals, pipes. This was the overture. The music symbolised the facts of the case, and was really so descriptive Cynthia could follow, from what she had previously been told, the course of the malady or affliction from which the erstwhile decent living village woman was suffering. It was easy to picture the simple creature going to the well for water, half reluctantly, for was she not aware that demons were on the lurk ? The overture only lasted some quarter of an hour, but this sufficed for telling the whole story.

Cynthia followed the realistic musical interpretation intently. At its conclusion Netun Karayo or devil-dancers came bounding into the charmed circle : literally charmed, for that rite of itself had been a ceremony performed beforehand. The dress of these Netun Karayo was fantastic in the extreme — what we should call accordian-pleated short skirts of brightest colours, with most hideous of masks and chains of wild blossoms. Others, instead of the masks, had their faces painted red and white à la Européen ; while others again were encased in skins of the cheetah, leopard, jaguar, or jackal.

Whatever it was, the impersonation was well maintained. The dance was, like the overture, symbolic. Indeed, each movement, as each contortion of their lithe bodies, was full of meaning. Before each altar a different ” figure ” was “danced.” It were better to say a mimic pantomime was enacted. Then in front of the hut wherein the Taincama was secluded, another “dance,” outrivalling all the rest in frenzy. In response came from within a low savage growl.

“Lady hear bad devil?” asked the cicerone. All this was accomplished with lightning rapidity. A gong was then sounded, whose reverberations seemed to shake not only the coast but the calm moonlit ocean. Simultaneously dance and music ceased. Not a leaf rustled, not a whisper broke the sudden death-like silence. Then the Kattadiya, with a wave of his dhorjee, commenced. In a nasal yet powerful monotone pages and pages of mantras were recited—exhortations, supplications, demands. At the name of each god or demon the garulla-garlanded head bowed, and the dhorjee was made to make a mystic sign or symbol in mid-air.

The clear enunciation might have been heard for miles in that silent tropical night. Almost in the centre the priest stood, although his majestic figure turned slightly to that altar whose presiding deity (demon) he addressed, while clouds of incense arose from brazen braziers, upon whose embers handfuls of fresh resin and incense and other narcotics were continually being thrown.

Alternately this continued—the Netun Karayo and their ” dances ” ; the Kattadiya and his mantras— until nearly midnight. Then came an interval, in which the priest sought rest and refreshment, taking a bath in the sea and changing his clothes—as much as there was to change. What became of the “dancers” Cynthia knew not. They dispersed. The spectators strolled about chewing “betel” and drinking king cocoanut water, so that the only sounds from the Europeans’ vantage was the lap, lap of white wavelets on the sandy beach, and the distant roar of breakers away on the coral reefs.

But on the stroke of midnight all reassembled. And now came the pièce de resistance. The woman for whose sake this Sanni Yakun Neteena was held was now released from seclusion. Defiantly she wrenched herself free from the hand that released her. Savagely she glared around at each and all until her wild eyes fell on those of the Kattadiya. Gradually those of the woman were transfixed.

The wildness faded in them ; a somnolent, sightless look took its place. Having pinioned her gaze thus, the Kattadiya commenced making circles in the air with his dhorjee. These circles he willed her gaze should follow. Even as the dhorjee went round, so did the woman’s eyes follow, the circles widening until it was incumbent on her head, her bust to the waist, to move with the rotations. Faster and faster also became these gyrations, so that the form, which previously had been of cataleptic rigidity, relaxed, grew supple and — obedient. And now a smile, a very faint smile, passed over the devil-priest’s impassive countenance. Suddenly the uplifted hand stopped, with the wand raised high. The woman’s eyes fixed themselves on it in a glazed and seemingly sightless stare. Then the Kattadiya, stooping, blew upon them.

The vacant stare instantaneously gave place to intelligence, scarcely of a normal or human order yet though. Pointing the dhorjee in the direction of the fisher-hut, the priest then willed his patient to return. Slowly she obeyed that will, reluctant still.

Now wild shouts and yells heralded the return of the Netun Karayo, the Kattadiya retiring with beads of perspiration on his brow. To will in such a way is to part with one’s very life. After much the same had occurred again in the way of dancing, the priest returned. And now came the grand coup. Extending his long and brawny brown arms, with fingers pointing directly at the cadjan hut, his lustrous magnetic eyes looking out weirdly through the smoke of incense, a dead silence was maintained. The audience waited in breathless expectancy—waited for long, it seemed, though it might probably have been but a few minutes. Then there was a rustle. Following that came the Taincama from out the hut, her eyes again wild and resentful. Mechanically she moved, as though drawn or propelled, moreover against her own desire and will. A step, and then another, and another ; her wild eyes fixed on the Kattadiya half defiantly. So on, like an unaccustomed automaton until close—close beneath the Kattadiya s gaze.

Again the priest blew of his breath upon her — on her eyes, her brow. And presently a long, low sigh, terminating in a shrill, ear-splitting shriek that rent the heavy atmosphere and died away far over the ocean, and the woman sank on the ground at the Kattadiya s feet. The victory was accomplished. The demon was exorcised. The woman a Taincama no more. At a glance from the priest two of her relatives came forward and bore her insensible body away into the hut to be anointed and clothed in new white garments. Consciousness presently returned, and the woman now looked and appeared to be her normal self.

The first cock crew when she opened her eyes, seemingly awaking from a bad dream. A shudder passed through her frame ; then she smiled— a smile of relief. Cynthia asked if she were well and happy, and the answer was : ” Oh yes, lady ; so well, so happy. Only a little tired, and wanting to get home to my children.” Then a gun was fired, and the magpie proclaimed the first glimmer of the dawn.


ලක්දිව ගමන් සටහන් පිටු අංක : 10

First Ride in a Bull-Hackery

එක් පොහොය දිනයක, පුර සඳ පායා ඇති රාත්‍රියක, සින්තියා ඇගේ සැමියා සමඟ ගොන් කරත්තයක “රටේ සිරිත්” නොසලකා, තම හැකි පමණින් වාඩිවී, පරණ තාලේ නෝනලාගේ නිර්දේශයන්ද නොතකා,  ලෝකයේ එක් අපූර්වතම, කුහුල දනවන දර්ශනයක් දැක බලාගන්නට අවස්ථාව ලද්දා.

Continue reading “First Ride in a Bull-Hackery”

Villagers in the Malwatte Village

පිළිවලින් ඊළඟට වැදගත්කමක් උසුලන චරිතය වන්නේ රංහාමි. ඔහු ප්‍රධාන කොස්තාපල්, නියෝජ්‍ය ගම්මුලාදෑනි, බදු නිලධාරි සහ තව නොයෙක් නානාවිධ තනතුරු දරනවා. ඔහු කෝරාළගේ දකුණු අත වගේ. අධික තරබාරු කමක් නැති මොට්ට චරිතයක්. නමුත් තමන්ගේ ලාභය ගැන බොහෝ සැලකිලිමත්.

Continue reading “Villagers in the Malwatte Village”

The Village Priest

ගමේ හාමුදුරුවෝ වෙනමම අච්චුවක පුද්ගලයෙක්. අධ්‍යාපනයක් ලැබූ කෙනෙක් කියා යුරෝපීය සම්මතයට අනුව කියන්නට බැහැ. නමුත් මනසේ ඇති යම් මන්දාලෝකයකින් අභ්‍යන්තරයේ ඇති අඳුර විදහාපාන්නට හැකියාවක් තියනවා. ඇත්තෙන්ම උන්නාසෙට බොහොම හොඳට කියවන්නට හැකියි. මන්දයත් ත්‍රිපිටකයෙන් හෝ වෙනත් බෞද්ධ ලේඛනයන්ගෙන් පාඨයන්, උදේටත් හවසටත් විහාරයේ හඬනගා කීම ඔහුට අයත් රාජකාරියක් වන නිසා.

Continue reading “The Village Priest”

Korale Walawwa

ප්‍රභාවත් හරිත පැහැයෙන් ගනසැරේට වැඩුනු ගහකොළ අතරේ වූ නිවස විනාශ මුඛයට ඇද වැටුනු අඳුරු මුහුණුවරක් ගත්තා. ඈතට දිස් වුනේ සාරවත් ගස් කොළන් මතින් නැගි ලොකු ඉන්නෙක් වගේ. කෝපි, කෙසෙල්, කපු පුළුන්, ජම්බු, පැපොල් යන ගස් නොසෑහෙන්න කැලෑවට වගේ වැවිලා.

Continue reading “Korale Walawwa”

The Village Headman

මේ ආදිකල්පික සමාජය ඉතා කුඩා වුවත් එහි ප්‍රධානීන් දැකගත හැකියි. ගමට නායකත්වය දෙන්නේ කෝරළේ හෙවත් ගම්ප්‍රධානියා හෝ කුඩා බෞද්ධ විහාරයක වෙසෙන හාමුදුරුවහන්සේලාය.

Continue reading “The Village Headman”

Introduction to Sinhalese Village

මා වාසය කරන කෝපි වත්ත පිහිටා ඇත්තේ පැතුරුණු තැනිතලා සහ, සෞම්‍ය සුළඟට කතා කරන මනා සුවඳැති කුළුබඩු සහ, රැළි නගන උස ගස් ඇති සාරවත් පහත්බිම් කෙරෙන් මහත් සේ උස්වූ ලංකා දූපතේ ඇති වනගත සහ අලංකාරතම දිස්ත්‍රික්කයන්ගෙන් එකකයි.

Continue reading “Introduction to Sinhalese Village”