A Boy-Priest and His Cook

දඹුළු ලෙන වගේම තවත් කුඩා ලෙනක්, කුරුණෑගල ගල් පර්වතයේ අඩක් දුර නැග්ගම දැකගන්න පුළුවන්. එය රැක බලාගන්නේ වයස අවුරුදු 13ක වගේ ළමා හිමිනමක්. හිස මුඩු කරගත්, නිකන් පයින් ඇවිදින, කහ පැහැ සිවුරක් බොහොම සිත්ගන්න සුළු විදිහට පොරවාගෙන සිටි ඔහු බොහොම ගෞරව පූර්වකව, තම සේවාව විහාරයට ඉටු කළා.

Continue reading “A Boy-Priest and His Cook”

Tanks and Irrigation

ඇතාගල මුදුනේ ඉඳන් බලන ඕනෑම කෙනෙකුට මේ කුරුණෑගලට සහ අහල පහළ අයට ජලසම්පාදනය කරන ජලාශයේ හොඳ දර්ශනයක් දැක බලාගන්න පුළුවන්. උකුස්සන් ගැවසෙන, පිළිහුඩුවන් වැවට උඩින් උඩින් ඉගිල්ලෙන, මිනිසුන් දිනපතා  දියෙහි බැස නාන, සැතපුම් තුන් කාලක් දිග, සැතපුම් භාගයක් පළල මනස්කාන්ත කුඩා වැවක්.

Continue reading “Tanks and Irrigation”

The General Landscape in Ceylon

දහවල් කාලයේදී ගිනිගහන දැඩි හිරු රශ්මියක් පතිත වෙන අධික බෑවුම් පැත්තෙන් ඉහල නැග, ඇතාගල පර්වත මස්තකයේදි කෙනෙකුට බටහිර දෙසෙහි වූ පහත් තැනිතලාවත්, නැගෙනහිරින් රට මධ්‍යයට ක්‍රමයෙන් උස් වෙන කඳු වළල්ලත් එක්ක කදිම දර්ශනයක් දැක බලාගන්න පුළුවන්. මේ භූදර්ශනය නිසා සිරුර තුල දුවන හැඟීම, ලංකාව පුරා එක සේ පවත්නා හරිත පැහැය නිසා ලංකාවේ ඕනෑම තැනකදි දැනෙනවා.

Continue reading “The General Landscape in Ceylon”

Cinghalese Views on Politics

කුරුණෑගලට යන අතර වාරේ දුම්රියේදී තරමක අධ්‍යාපනයක් සහ හැකියාවක් පෙන්වන මොණරසිංහ නැමැති සිංහලයෙකු සමඟ කතාබහක් ඇති කරගන්න මට අවස්ථාවක් ලැබුනා. ඔහු පෙරකදෝරුවරයෙක් නැත්නම් සොලිසිටර නිලධාරියෙක් වෙන්න ඕනා. උද්යෝගීමත්, කතාබහේ දක්ෂ, දේශපාලනය ගැන දැඩි උනන්දුවක් තියන  කුඩා මිනිසෙක්.

Continue reading “Cinghalese Views on Politics”