Agriculture of Ceylon

අපි දැන් කතා කරන්නේ ලංකාවේ පරිභෝජන ශාක නිශ්පාදනය ගැන. ඉස් ඉස්සල්ලාම කියන්න වෙන්නේ පොල් සහ දෙල් ගැන. සෑම ස්වදේශිකයෙක්ම වෑයම් කරනවා තමන්ගේ ගෙවත්තේ මේ ගස් කිහිපයක් තබාගන්න. එනිසා ඔවුන්ට වෙන කිසිම කෑමක් නැතිව උනත් ජීවත් වෙන්න පුළුවන්.

ලක්දිව පරිභෝජන ශාක නිශ්පාදනය සහ කෘෂිකර්මය

ලක්දිව සෑම ප්‍රදේශයකම පාහේ වැජඹෙන පොල් ගස් දැක ගන්න පුළුවන්. හීන්දෑරි කඳක් එක්ක අඩි හැත්තෑවක් අසූවක් විතර උසට වැඩෙනවා. කඳේ හරස්කඩක විශ්කම්බය අඩියක්වත් නැහැ. කඳ දිගේ අතුවත් පත්‍රවත් දැකගන්න නැහැ. මුදුනේ නම් අඩි එකොළහක් දොළහක් විතර දිග, අඩි තුනක් හතරක් පළල, පිහාටු වගේ පත්‍ර දැකගන්න පුළුවන්. මේ වගේ පත්‍ර දුසිමක් වගේ කඳේ මුදුන් මධ්‍යයේ ඉඳන් රවුමට විහිදී තියනවා. කඳ ආසන්නයේ මේ පත්‍ර අතර තමයි පොල්ගෙඩි හැදෙන්නේ.

Singhalese Boy in a Coconut Tree
Singhalese Boy in a Coconut Tree by Skeen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

මේ ගසින් පොල්ගෙඩි උවමනා උනොත්, නැතිනම් ගස මුදුනේ හැදෙන පොල් ගොබයකින් පොල් රා පිළියල කරගන්නට උවමනා උනොත් ස්වදේශිකයෙක් කඳට අත තබා පා අඩිය ඔසවමින් ගසට නගිනවා. මේ අංග චලනය ගසට නගිනවාට වඩා පේන්නේ ගසේ ඇවිදිනවා වගේ. කිසි අමාරුවක් පෙන්නන්නේ නැහැ මේ වැඩේදි. පොල් ගෙඩි වලට අමතරව ගස මුදුනින් ලබාගන්නා පොල් රා කියා රසවත් පානයක්ද මේ ගසින් සකසා ගන්නවා. මේ පොල් රා හිරු එළියට නිරාවරණය වී පැසවෙනවා. ස්වදේශිකයන් මෙයින් මත් කරවන සුළු පානයක් වන පොල් අරක්කු සකසා ගන්නවා. මීට අමතරව පොල් ගෙඩියේ තන්තුමය මුඩ්ඩෙන් කොහු ලණු සකසා ගන්නවා.  මේවා තමයි නැගෙනහිර ඉන්දියානු කලාපයේ යාත්‍රා කරන යාත්‍රා වල භාවිතා වෙන්නේ. මේ කොහු ලණු වලට ඉතා ලොකු වටිනාකමක් ලැබෙනවා ලුණු වතුරේ දිගුකාලයක් ගැවසෙන නිසා. මොකද හණ ලණු හෝ මැනිල්ලා ලණු ඉතා ඉක්මනට දිරාපත් වෙන නිසා. නමුත් කොහු ලණු ආම්පන්න නම් අවුරුදු ගාණකට දිරාපත් වෙන්නේ නැහැ.

CEYLON Sinhalese Peasants Skeen 1880
Sinhalese Peasants (ca. 1880) photographed by Skeen & Co. [Image Courtesy: http://www.lankapura.com ]

පොල්ගසේ පත්‍ර පවා ප්‍රයෝජනයට ගන්නවා. ඒවායෙන් තමයි ස්වදේශිකයන් තමන්ගේ සරල ගෙපැල්වල වහල සෙවිලි කරගන්නේ. තුනී ඉරට්ටෙන් හෝ පත්‍රයේ නාරටියෙන් ඉදල් සහ ඉලපත් සකසාගන්නවා. දැහැටි කූරු වලටත් හොඳයි. නිවසේ බිමට එලන පැදුරු සඳහාද මේවා යොදාගන්නවා.

Workers sorting copra
Workers Sorting Copra to make Coconut oil [Image Courtesy: http://www.lankapura.com ]

පොල් ගෙඩියෙන් ලබාගන්න තෙල් මුළු ඉන්දියාව පුරාම ලාම්පු දල්වන්න හෝ උයන පිහන වැඩ වලට යොදාගන්නවා. පොල් කටුවෙන් කෝප්ප සහ හැඳි සකසා ගන්නවා. ගස පහළ කොටසේ කඳ වටා ඇති තන්තුමය පොත්තෙන් ගෝනි රෙදි පිළියෙල කරගන්නවා. කොළ පැහැ පත්‍ර ආහාරයට ගන්නට අලියන් බොහෝ කැමතියි. වේළුනු පත්‍ර බොහෝ ප්‍රයෝජනවත් වෙනවා රාත්‍රී කාලයේ ගමන් කරන්න පන්දමක් ලෙස දල්වා ගන්න.

Cart Transporting Cocoanut Oil
Cart Transporting Cocoanut Oil photographed by Skeen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

පෙරදිග වාසී ස්වදේශිකයන්ට මේ ගස කෙතරම් වටිනවාද! කිසි පුදුමයක් නැහැ. බොහොමයක් දකුණු මුහුදු දූපත් වාසීන් පොල්ගස දෙවියන් විසින් එවූ ත්‍යාගයක් ලෙස සලකා එයට වන්දනා කරනවා. මේ ග්‍රාම්‍ය ස්ව්දේශිකයන්ගේ සෑම අවශ්‍යතාවයක්ම පාහේ , ලක්දිව පවතින සෞම්‍ය දේශගුණය තුල පොල්ගස තනියම ඉටු කරනවා.

Artocarpus Incisa (Bread Fruit)
Artocarpus Incisa (Bread Fruit) photographed by Scowen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

ඊළඟට වැදගත් කමක් ගන්නේ ලංකාවටම දේශීය ශාඛයක් වන දෙල්. මේ ගස ඕක් ගසක් වගේ විශාලව වැඩෙනවා. පොල් ගසට වඩා වෙනස්. සෑහෙන අතු සංඛ්‍යාවක් කඳේ ඉඳන් හරස් අතට විහිදෙනවා. බොහොම සුන්දර ශාඛයක්. පත්‍ර අඩි එකහමාරක් වගේ දිගයි. අඟල් දහයක් එකොළහක් තරම් පළලයි. මිදි පත්‍ර වගේ කඩතොලු වෙලා. දෙල් ගෙඩි ඕවලාකාරයි. අඟල් නමයේ ඉඳන් එකොළහක් වෙනකල් දිගයි. වටප්‍රමාණය අඟල් දොළහක් වගේ. කොරොස් පොත්තකින් සමන්විතයි. දියමන්ති රටාවක් හැඩැතිව පොත්ත පුරා ඉරි වැටිලා වෙන් වෙලා. හරියට අන්නාසි ගෙඩියේ පොත්ත වගේ. මේ දෙල් වර්ගයේ ඇට නැහැ. තම්බා කොටස් වලට කපා කර කරනවා. යහමින් බටර් එක්ක ආහාරයට ගත්තොත් හරියට අර්තාපල් වල රසය වගේ.

Jak Tree and Man
Jackfruit Tree and Man [Image Courtesy: http://www.imagesofceylon.com ]

දෙල් වල තවත් කුලයක් ලංකාවේ වැවෙනවා කොස් නමින්. එහි පත්‍ර කුඩයි. ඵලය අඩි දෙකක් දිගයි. වටප්‍රමාණයත් ඒ තරම්ම විශාලයි. බර රාත්තල් පනහකට වැඩී.  පිටත පෙනුම දෙල් වගේම තමයි. ඇතුලත කොට්ටම්බා හැඩැති ඇට පිරිලා තියනවා. ඇට සියල්ලක්ම පීච් ගෙඩියකට වඩා විශාල යම් මාංසල වූ පල්පයකින් ආවරණය වෙලා. ගෙඩිය විවෘත කළාම හරි අප්‍රසන්න සුවඳක් එනවා. ස්වදේශිකයන් මේවා අමුවෙන් වගේම උයා පිහාත් ආහාරයට ගන්නවා. ආගන්තුකයන් නම් අමුවෙන් කන්නට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. උයාගත් විට නම් මේ අප්‍රසන්න ගන්ධය නැතිවී යනවා.

Jackfruit Plucking
Jackfruit Plucking [Image Courtesy: http://www.imagesofceylon.com ]

ඇල්බට්: ඔයා දෙල් කාලා තියනවද ජෝර්ජ්?

ජෝර්ජ්: ඔව්. ඒත් මම එව්වට එච්චර ආසා නැහැ. මම හිතන්නේ නැහැ කිසිම ආගන්තුකයෙක් ඒවාට කැමති වේවි කියලා පළවෙනි පාරට දැක්කම. ඒ රසය හරිම ආගන්තුකයි අපට. ඒත් බොහොමයක් දෙනා ස්වදේශිකයන් වගේ ඒවාට ප්‍රිය කරනවා.

පොල් සහ දෙල්, ආහාර පානයන්, වහල සෙවිලි, නිදන්න පැදුරු, කොසු, ඉලපත්, ලනු, දර, ඒ වගේම දැහැටි කූරුත් සපයනවා.

Talipot palm in Ceylon 1895
Painting of Talipot Palm in Ceylon (ca. 1895) [Image Courtesy: http://www.lankapura.com ]

තල ගසෙන් සිංහලයන් අවාන, කුඩ, කූඩාරම් සහ පුස්කොළ පොත් සඳහා අමුද්‍රව්‍ය සපයා ගන්නවා. තල ගස බොහොම කෙලින් අඩි සියයක් විතර උසට වැඩෙන තනි ගසක්. මුදුනින් අතු බෙදෙනවා සමහරක්වා බොහොම විශාලෙට. එහි පත්‍ර විතරයි ගසෙන් ප්‍රයෝජනයකට කියලා ගන්නේ. එය අඩි හතක් දොළහක් විතර දිගයි. අඩි පහක් හයක් විතර පළලයි. එහි නාරටිය හෝ නැට්ටෙන් පත්‍රය කොටස් කිහිපයකට බෙදී තියනවා. එනිසා අවානක් සේ අකුලන්නට පුළුවන්. කූඩාරම් හදන්න කැන්වස් රෙද්දකට වඩා හොඳයි. මොකද වතුර උරාගන්න පත්‍රයට බැහැ. හැම තිස්සේම වියළියි. රැගෙන යන්නත් පහසුයි. ඒ හේතුව නිසාම කුඩ හදන්න සිල්ක් රෙද්දට වඩා හොඳයි. පත්‍ර තීරු ලියන කොළයක් ලෙස සිංහලයන්ගේ ලිවීමේ ශෛලිය අනුව බොහොම හොඳට ගැලපෙනවා.

Palmyra palm trees on the beach of Ceylon
Palmyra palm trees on the beach of Ceylon [Image Courtesy: http://retroscanner.blogspot.com ]

මේ ගස් හැරෙන්නට ලංකාවේ තල් ගසුත් දකින්න පුළුවන්. එහි ඵලය වැඩීම් අවස්ථා කිහිපයකදී විවිධ විදිහට ආහාරයට එක් කර ගත හැකියි. ඒ වගේම සීනිත් ලබා දෙනවා. ඒ අතර එහි පත්‍රත් කුඩ හදාගන්න, වහල සෙවිල්ලන්න යොදාගන්න පුළුවන්. එයින් ලබා ගන්න දැව වලට බොහොම වටිනාකමක් ලැබෙනවා එහි ඇති දැඩි බව නිසා හා අනවසරයෙන් ඇතුළු වෙන වේයන්ට දක්වන ප්‍රතිරෝධය නිසා. මේ වේයන් නැතිනම් අස්සක් මුල්ලක් නෑරම මුළු හාත්පසම තදින් පැතිරෙන්නේ උන්ගේ අඩන්තේට්ටමට ලක් නොවී ඉතිරිවෙන කිසිම තැනක් බව කියාපාමින්.

Caryota Urens (Kitul)
Caryota Urens (Kitul) photographed by Skeen & Co.

ජගරි එසේත් නැතිනම් සව් ලබාගන්නා ගස.* ඒවා ගන්නේ එහි බඩයෙන්.

පුවක් ගසින් ගන්න පුවක් ගෙඩි ප්‍රධාන වශයෙන් යොදාගන්නේ විට හැපීම සඳහා.

නුග ගස එසේත් නැතිනම් ‘ඉන්දියන් ෆිග්’ සමහරක් වෙලාවට අක්කර ගණන් භූමි ප්‍රදේශයක් පුරා අතු වලින් ආවරණය කරනවා.  මේ අතු වලින් හට ගන්න කරු  මුල් පොළවට එල්ලී වැටෙනවා. එයින් ප්‍රධාන කඳට ලැබෙන රුකුලින් තව තවත් ඈතට අතු දිගු කරනවා. මෙහි ප්‍රධාන කඳ ප්‍රමාණයෙන් ඉතා විශාල වෙනවා. සමහර වෙලාවට වටප්‍රමාණය අඩි විස්සක් තිහක් වෙනවා. අතු වලට ආධාර කරගන්නා කණු වගේ කරු මුල් එක එක ප්‍රමාණ ගන්නවා. ඉතා සිහින් කෝට්ටක ඉඳන් අති විශාල වට ප්‍රමාණය අඩි එකොළහක් වන කඳක් දක්වා සද්දන්ත වෙනවා.

Old Banyan Tree Crossing Galle Road, Kalutara
Old Banyan Tree Crossing Galle Road, Kalutara (ca. 1890) [Image Courtesy: http://www.lankapura.com ]

නුග ගසේ පත්‍ර අඟල් පහක් දිගයි. අඟල් තුනහමාරක් පළලයි. ගස පුරා ගනසැරේට වැවෙනවා. ඒ නිසා හැම තිස්සෙම වගේ දැඩි සෙවණක් ගස යට පවතිනවා. මුරුසි දූපතේ** ගත කරද්දී දහඩිය දමන ගිනි මද්දහනේ මම ලැගුම් ගත් සුන්දරම ස්ථානය වුනේ ජල මායිමේ වරාය වේදිකාවේ රේගු නිවාසය අසල වැවී තිබුනු නුගගසක් යට.

කොච්චර රෞද්‍ර ලෙස හිරු එළිය පතිත වුනත් එතන නම් බොහොම සිසිලසයි. නගරයේ හෝ වරායේ මද පවන අඩු වුනත් නුග ගස යට සෙවණ යට හැමතිස්සේම බොහොම සනීපෙට සුළං හමනවා. ගසේ ප්‍රධාන කඳ බොහොම ගන සැරේට වැඩෙනවා. ඒත් එතරම් උසක් නැහැ. විශාල කණු සංඛ්‍යාවක් පහළට කඩාගෙන වැටිලා කඳක් බවට පත් වෙනවා. එලෙසින් ලැබෙන රුකුලින් ගසට තවත් හැකියාව ලැබෙනවා තව තවත් අතු ඈතට විහිදාලන්න. මේ වැඩෙන ආධාරක කණු සාමාන්‍යයෙන් ඉතා කෙලින්. අතු බෙදෙන්නේ හෝ පත්‍ර හටගන්නේ නැහැ. සුමට රිදී පැහැ පොත්තකින් ආවරණිතයි.

Roadside Native Fruit Sellers
Roadside Native Fruit Sellers photographed by Skeen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

ලක්දිව දේශගුණය සහ පස බොහොම වාසිදායකයි සියලුම නිවර්තන කලාපීය පළතුරු භෝග සඳහා.  එයින් සියල්ලම වාගේ දේශීය ශාක ලෙස හඳුනාගන්න පුළුවන්. ආනමාළු සහ කෙසෙල්, දොඩම්, ජම්බෝල, දෙළුම්, අන්නාසි, පේර, අනෝදා, සියඹලා සහ නානාප්‍රකාර රසවත් පළතුරු නිවසේම තියනවා. බොහොම පොඩි සාත්තුවකින් සහ වගාවකින් මේව වවාගන්න පුළුවන්. දිළිඳු සිංහල පාන්තිකයන් යැපෙන්නේ බොහෝ විට මේ පළතුරු වලින්.

Farmer at work
Farmer at Work in Paddy Field with Buffaloes photographed by Skeen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

කෘෂිකර්මයේදී ස්වදේශිකයන් සිටින්නේ බොහෝ පිටුපසින්. ඔවුන්ගේ ගොවි මෙවලම් අතර ඇත්තේ ග්‍රාම්‍ය නගුලකුත්, උදැල්ලකුත්, දෑකැත්තකුත්. පොළවේ සමහරක් කොටස් සීසාන්නෙත් නැහැ. ගවයන් ලවා මඩවනවා පමණයි. රටේ සමහරක් පළාත් වල බීජය කපාගන්නේ නැහැ. මුලෙන්ම උදුරල ගන්නවා. බ්‍රිතාන්‍ය පාලනය යටතේ කොහොම නමුත් දියුණු අලුත් දේවල් බොහොමයක් හඳුන්වා දුන්නා. ඉංග්‍රීසි අධීක්ෂකයන් යටතේ වගා කටයුතු කරන ස්වදේශියකයන් බොහොමයක් මහා බ්‍රිතාන්‍යයේ සහ ඇමරිකාවේ භාවිතා කරන ගොවි මෙවලම් යම් තරමකට යොදාගන්නවා.


[අනුවාදක සටහන:

*– jaggree : කිතුල්               sago: සව්

**– Isle de France (Mauritius) : මුරුසි දූපත

]


චාල්ස් නොර්ඩොෆ් විසින් රචිත “දූපත් ලොව කතාන්දර”

පස් වන සන්ධ්‍යාව – ලක්දිව

Stories of the Island World by Charles Nordhoff

Evening the Fifth – Ceylon


We now come to speak of the vegetable productions of Ceylon. First in usefulness among the trees are perhaps the cocoanut and bread-fruit. Of these, every native endeavors to have a few about his cottage, and from them he can live almost without other food. The cocoanut-tree flourishes in nearly all parts of Ceylon. It has a slender trunk, growing to the height of seventy or eighty feet, without be ing more than a foot in diameter. There are no boughs or leaves along the body of the tree. At the top are the leaves, eleven or twelve feet in length, three or four in width, and pinnated. There are perhaps a dozen of these leaves, spreading from the top in a circle. Among these, and close to the trunk, the cocoanuts grow.

When any of the fruit is wanted, or when toddy is to be drawn from the buds in the top of the tree, a native climbs up, placing his hands about the trunk, and his feet against. The motion seems more like walking up than like climbing, and is performed by them without difficulty. Besides the nut the tree supplies toddy, a pleasant juice drawn from the top. This toddy, when permitted to stand in the sun, will ferment ; and the natives make of it an intoxicating drink called arrack. Besides this, the fibrous husks of the cocoanut are made into ropes, called coir. With this all the vessels rigged in the East Indies are supplied. It proves very valuable where it is necessary to have ropes for some time lying in salt water. In such cases hemp or Manilla ropes soon rot, whereas coir rigging will last for years.

But the leaves also are made use of. With these the natives thatch their humble huts. Of the thin stalks, or nerves of the leaves, brooms or scrubbing brushes are made ; and they serve equally well for tooth-picks. Excellent mats for the floors of houses are made, too, of these stalks.

Oil made of cocoanut is used all over India for cooking purposes and for lamps. Cups and ladles are made of the shell. A fibrous bark, which sur rounds the bottom of the tree, is used to make gun ny cloth of. The leaves when green are much relished by the elephant, and when dry are useful as torches for those who travel after night. When it is necessary to cut down the tree, a shoot or pith at the top, two feet in height and eight inches in diameter, is used and relished under the name of cocoanut cabbage. How valuable must this tree be to the natives of the East Indies ! No wonder that by many of the South Sea Islanders the cocoanut-tree is worshiped as a sacred gift of the gods. Almost every want of a rude native, in the mild climate of Ceylon, is supplied by it alone.

The next in importance among the trees indigenous to Ceylon is the bread-fruit. This tree grov large as an oak, and, different from the cocoanut, has a great number of branches striking from the trunk almost horizontally. It is a graceful tree. The leaves are a foot and a half in length, ten or eleven inches wide, and indented somewhat like vine leaves. The bread-fruit is oval-shaped, from nine to eleven inches long, and about twelve inches in circumference. It has a rough rind, divided by lines into diamond-shaped patches, somewhat like the skin of a pine-apple. This species of bread-fruit has no seeds. It is boiled, then cut into slices, and toasted. When eaten with plenty of butter, it tastes somewhat like potato.

There is another species of bread-fruit in Ceylon, known as the jack-tree. The leaves of this are smaller. The fruit is two feet long, and as much in circumference, and weighs fifty pounds or more. Outside it resembles the other. Within it is full of almond-shaped seeds, each inclosed in a pulp or fleshy substance somewhat larger than a peach. This has a very disagreeable smell when opened. The natives eat it raw as well as cooked. Strangers do not generally like it raw. When cooked it loses its disagreeable smell.

Albert. Did you ever eat bread-fruit, George?

George. Yes ; but I Avas never very fond of it. I believe no stranger is fond of it at first. The taste is acquired. Many, however, come to like it as well as the natives.

The cocoanut and bread-fruit supply food, drink, thatch for roofs, mats for bedding, brushes and brooms, ropes, firewood, and even tooth-picks. From the talipot the Cingalese gets material for fans, umbrellas, tents, and books. This tree grows very straight, and entirely bare to the height of a hundred feet. At that distance it branches out, and the head is sometimes quite large. The leaf, which is the only portion of the tree made use of, is from sev en to twelve feet in length, and five or six feet wide. It is divided by stems or stalks into a number of compartments, and may be folded up like a fan. For tents it is much better than canvas, inasmuch as no water can ever soak into the leaf, and it is always dry and easy to carry. For the same reason, it is preferred to silk for umbrellas. The slips of the leaf make the best writing-paper which the Cingalese can have for their style of writing.

Besides these trees, Ceylon has the palmyra, the fruit of which, besides serving for food at various stages of its growth, affords sugar, while the leaves also make umbrellas, and roofs for houses ; and the wood is highly valued on account of its hardness, and its capacity to resist the encroachments of the white ants, those plagues of the Indies, who penetrate into every nook and corner, leaving no place sacred from their assaults.

The jaggree, or sago palm, from the pith of which sago is made. The areca, which produces those areca nuts which are so generally used for chewing. And the banyan, or Indian fig, about which we were talking a few days ago. This sometimes covers many acres of ground with the branches, which, drooping to the ground, take root, and support the parent stem in its farther out stretchings. The main trunk of this tree attains great size, being sometimes found from twenty-one to thirty feet in circumference. The branches, which stand firmly in the ground like pillars of support, are of various sizes, from diminu tive stalks the thickness of a hazel rod to a massive stem eleven feet in circumference.

The leaves of the banyan-tree are five inches long by three and a half broad, and grow thickly upon the tree. There is, therefore, at all times a dense shade under the tree. One of the pleasantest lounging- places during the sweltering heats of noontime in the Isle of France I found to be beneath a large banyan, which grew just at the water side, near the custom-house quays. No matter how fiercely the sun poured down his rays other whereas, here it was always cool ; no matter how little breeze there was stirring in town or harbor, beneath the dense shades of this banyan there was always a pleasant circulation of air. Opposite is a sketch of a banyan-tree. You can see the main trunk. It is very thick, but not high. Numbers of pillars are dropped down and have taken root, thus lending a support which enables the tree to stretch still farther its arms. The shoots or pillars are in general very straight, and never have branches or leaves. They are covered with a smooth, silver-colored bark.

The climate and soil of Ceylon are highly favorable to the growth of all tropical fruits; and we find nearly all of these indigenous. The plantain and banana, the orange, shaddock, pomegranate, pineapple, guava, custard-apple, tamarind, and various other delicious fruits, are at home here, and flourish with very little care or cultivation. These fruits form a great portion of the subsistence of the poorer classes of Cingalese.

In agriculture the natives are very much behind hand. Their farm implements consist of a rude plow, a hoe, and a reaping-hook. In some parts the ground is not even plowed, but only tramped over by cattle; and in other parts of the country the grain is not cut. but pulled out by the roots. Under the British rule, however, many improvements have been introduced, and those natives who farm under the direction of English overseers use now, to some extent, such farm-tools as are in use in Great Britain and America.


ලක්දිව ගමන් සටහන් පිටු අංක : 8

Advertisements

One thought on “Agriculture of Ceylon

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s