ඉහළ වන පියසේ ඇති මහ රත් මල් ගස්, මුරුත ගස් සහ අනෙකුත් සියලුම සදාහරිත තුරු ගොමු, අලි ඇතුන්ට ඉතා කදිම ආවරණයක් සපයනවා. අවට පිහිටි කඳු මුදුන් සහ පර්වත කූටයන්, රැලිත් නැමිත් එක්ක අන්ඳවපු, තැනින් තැන එළිමහන් තණ පිටි සහ සී සී කඩ විසිරුණු දිය පාරවල් තියන, සැතපුම් ගණන් දික් වෙච්ච මලින කොළ පැහැ ඇඳුමක් වගේ.