Stories of the Island World by Charles Nordhoff

Dress of the Cingalese and Their Houses

පහළ කුලයන්හි සිංහලයන් වස්ත්‍ර ඇඟලන්නේ ඉතා අඩුවෙන්. පිරිමියන් රෙදි කඩක් ඇඟ මධ්‍යයේ සිට දණහිස තෙක් අඳිනවා. ගැහැණුන් මෙයට අමතරව දණහිසින් පහළ තෙක් දිගු වූ උරහිසින් දැමූ දිගු රෙදි කඩක් අඳිනවා. ඉන් බහුතරයක් කුඩාවට තදට අත් කොට සුදු හැට්ටයක්ද අඳිනවා. මධ්‍යම පාන්තික පිරිමියන් සුදු මස්ලින් රෙද්දෙන් මැසූ අත් දිගු කබායක් අඳිනවා. ඒ කාන්තාවන් කොට ගවුමක් අඳිනවා. තවද ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම වළලුකර තෙක් දිගු වූ මුද්‍රිත කපුපිළී (කැලිකෝ) වලින් සැකසූ ගවුමක් අඳිනවා. ධනවත් උදවිය කර නැති දිගු අසෝභන කබා අඳිනවා.

Continue reading “Dress of the Cingalese and Their Houses”

A Fine Statue of Buddha

ඔබ පාර දිගේ මේ පොකුණු පසු කරගෙන දිගටම ගියොත් යම් තැනකින් හැරුනම පාර අද්දර ගස් යට ඔබට දැකගන්න පුළුවන් වේවි හිඳි ඉරියව්වෙන් සිටින බුද්ධ ප්‍රතිමාවක්. එය හිඳ සිටින ඉරියව්වක නිසා ඒ උස අඩි හතක්. අඳුරු පැහැ ඇති පාෂාණයකින් නෙළා තියෙන්නේ. මුහුනේ කොටස් යන්තම් මැකී ගොස් තිබුනත් තවමත් ලංකාවේ ඇති මේ වර්ගයේ පිළිම අතරින් විශිෂ්ටම ප්‍රතිමාව ලෙස සැලකෙනවා.

Continue reading “A Fine Statue of Buddha”

Temples, Porticos, Stone Troughs, Cisterns, Bathing tanks

ඔබ කැලෑ අඩි පාරවල් ඔස්සේ, එසේත් නැතිනම් නටඹුන් දැක බලා ගැනීමට පසුගිය අවුරුදු කිහිපය තුළදී සකස් කරන ලද පාරවල් දෙක තුන දිගේ කරක් ගහන්නට කැළෑවට යනවා නම්, ඔබට හමු වේවි අනන්ත අප්‍රමාණ කුඩා කුඩා නෂ්ටාවශේෂ මහා රාශියක්. මේ අතර වැඩිපුරම තියෙන්නේ තවමත් කෙළින් සිටවී ඇති කුළුණු පන්ති සමූහ. එක් පන්තියක 20ක් 30ක් වගේ. සමහරක් වෙලාවට ගලෙන්ම රළුවට කපලා. අනෙක් වෙලාවට කදිම ලෙස හැඩ කරලා, කුළුණු හිස කැටයම් දාලා.

Continue reading “Temples, Porticos, Stone Troughs, Cisterns, Bathing tanks”

Ruins of Enormous Dagobas

මෙහි වඩාත්ම වැදගත් වෙන නෂ්ටාවශේෂය වන්නේ දාගැබ්. ඝණ්ටාකාර ආකෘතියක්. බහුතරයක් තනා ඇත්තේ ඝන ගඩොලකින්. මූලික වශයෙන් වශයෙන්ම මේවා ගොඩනගා තියෙන්නේ ධාතුන් වහන්සේලා නිධන් කරන්න. දක්ෂ ලෙස ඉතා විශාල පරිමාණයෙන් නිර්මාණය කරන ලද අරුමෝසම් ඉටිපන්දම් නිවනයක් ලෙස කවුරුහරි වරදවා වටහාගන්නත් පුළුවන්.

Continue reading “Ruins of Enormous Dagobas”

The Present Village of Anuradhapura

අනුරපුර පුරාණ නගරයේ නෂ්ටාවශේෂ රැඳී පවතින්නේ ලංකා දූපතේ උතුරු කෙළවර පැත්තේ ඇති විශාල තැනිතලාව මධ්‍යයට ආසන්නයේ. දඹුල්ලේ ඉඳන් ගියත් පවා ඒ කරා ළඟා වෙන්න, නැතිනම් ඒ ළඟම ඇති සභ්‍යත්වයක් සහිත අන්තිම වාසස්ථානය කරා යන්න, කෙනෙකුට සිද්ධ වෙනවා තැපැල් කරත්තයේ රාත්‍රියක් ගත කරන්න.

Continue reading “The Present Village of Anuradhapura”

Cinghalese Rice Fields and Mode of Life

අඩි 50ක් විතර උස පොල් ගහේ කඳ දිගේ කෙලින්ම ඉහළට නැග්ග පුංචා බොහොම අවධානම් සහිත ගමනක් ගියේ. කඹයකින් හදාගත්ත තොණ්ඩුවක්, යටි පතුල් දෙකෙන් පොල් කඳ තදින් බදලා අල්ලගන්න පුළුවන් වෙන විදිහට කකුල් දෙක වටා දාගෙන, අත් දෙකෙන් පොල් කඳ බදාගෙන, දණහිස් දෙක කන්දෙක වෙනකන් උස් කර කර නගින්නෙ හරියට ගෙම්බෙක් පීනනවා වගේ.

Continue reading “Cinghalese Rice Fields and Mode of Life”