The Great Woods, Fauna and Flora

ඉහළ වන පියසේ ඇති මහ රත් මල් ගස්, මුරුත ගස් සහ අනෙකුත් සියලුම සදාහරිත තුරු ගොමු, අලි ඇතුන්ට ඉතා කදිම ආවරණයක් සපයනවා. අවට පිහිටි කඳු මුදුන් සහ පර්වත කූටයන්, රැලිත් නැමිත් එක්ක අන්ඳවපු, තැනින් තැන එළිමහන් තණ පිටි සහ සී සී කඩ විසිරුණු දිය පාරවල් තියන, සැතපුම් ගණන් දික් වෙච්ච මලින කොළ පැහැ ඇඳුමක් වගේ.

Maharathmal
Maharathmal (Rhododendron arboreum) [Image Courtesy: http://trips.lakdasun.org/ ]
Murutha
Murutha (myrtles – Lagerstroemia speciosa) [Image Courtesy: http://www.picture.lk/ ]

මහ කැළෑ, සත්ව සංහතිය සහ වෘක්ෂලතා

පහළ වන පියසේ ගස්කොළන් ගත්තොත් අඩි 150ක් 200ක් විතර උස වැල් ඇදීගිය දැවැන්ත වෘක්ෂයන්ගෙන්, උඩවැඩියා වර්ග සහ ඇත් මීවන ශාකවලින් සමන්විතයි.

විටින් විට දඩිබිඩියේ ගස් වල අතු වල එල්ලී යන රිලවුන් දැක ගන්න පුළුවන්. ඒ අතර සමනලයන් සහ කුරුල්ලන් පියඹා යනවා.

a-creeper-in-the-peradeniya-gardens
A Creeper in the Peradeniya Gardens photographed by Scowen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

සමහර කොටස් වල ගනසැරේට වැවුණු යටිකැලෑව- අත්තන, කීරිය, ජයපාල වැනි ශාඛ වර්ගත්, වෙනත් සුවඳැති දීප්තිමත් වර්ණයන්ගෙන් යුක්ත පඳුරු ජාති වලිනුත් සමන්විත වෙනවා.

Aththana (datura)
Ela Aththana (Datura metel)
Alu Keeriya (Desert Poinsettia)
Alu Keeriya (Desert Poinsettia) [Image Courtesy: http://slflora.blogspot.com/ ]

අන්තිමටම පහළදී, පොල්වතුත්, සුන්දර කළු ගඟත් හමු වෙනවා. අපි දෙපාරක්ම මේ ගඟින් එතෙර වුනා. ගඟේ ඉවුරු දිගටම, උණ පඳුරු සහ මල් පීදුනු ගස් සෑහෙන ගණනකින් හෙවණ වුනා.

This slideshow requires JavaScript.

පුදුමයකට වගේ ලංකාවේ දිඹුල් ගස් (අත්තික්කා) පළතුරක් වගේ වැවෙන්නේ නැහැ. ඒ වුනත් ඒ “ෆිකස්” ගණයේ ශාක, ලංකාවේ ඇති ශාක කුල අතරින් වැදගත්ම තැන ගන්නවා. වනාන්තර වල වැවෙන බොහෝ ශාකයන් අයිති වෙන්නේ ඒ ශාක කුලේට.

මෙහි එක් ප්‍රභේදයක් තියනවා බොහොම ආරෝහ පරිණාහ සම්පන්නයි. එහි සද්දන්ත අඳුරුවන් කඳ අච්ඡින්නව අතු බෙදෙන්නටත් පෙර බොහෝ උසකට නැගී සිටිනවා. ගහ දරා සිටින්න ආධාරකයක් විදිහට පැත්තෙන් කඳ වටේට අත්හැඳි වගේ මහා කයිරුමුල් විහිදෙනවා. මේ කයිරුමුල් බිම ඉඳන් අඩි දොළහක් විස්සක් විතර උසයි. කඳේ පාදමේ ඉඳන් ඈතට පැතිරිලා තියනවා. හැම කයිරු මුලක්ම අඟල් තුනක් හතරක් විතර මහතයි. සමාන්තර පැති ගත්තොත් ලෑල්ලක් වගේ හොඳ සමතලා හැඩයක් තිබ්බා. අඩුම වියදමක් තියන ද්‍රව්‍ය වලින් උපරිම ශක්තියක් අරගෙන වගේ. මේ ප්‍රභේදයට තියෙන්නේ කුඩා අණ්ඩාකාර සදාහරිත පත්‍ර. තවත් මේ ජාතියේ ප්‍රභේද දෙක තුනක්ම තියනවා. ඉන් එකක් තමයි නුග කියන්නේ (ෆිකස් ඉන්ඩිකා).

This slideshow requires JavaScript.

එය වර්ධනය වීමේ ක්‍රියාවලියේ යම් පරපෝෂිතභාවයක් තියනවා. නුග ගස බිහිවෙන්නේ එහි බීජ තවත් ගසක කරුවකට වැටුනම. තාල වර්ගයේ ගස් දෙබල් වලටත් නොවැටෙනවා නෙවෙයි. කොහොම හරි එතැන ඉඳන් එහි මුලිකා පොළව දිහාට කඳ දිගේ ඇදී යනවා. ඉන්පස්සේ ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් එය ගොදුරු වූ ගස වට කරනවා. විශාල පාර්ශවික අතු විහිදුවලා ඒවායෙන් කුඩා නැවුම් කරු මුල් වර්ෂාවක් වගේ පහතට හෙලනවා. සති කිහිපයක් තිස්සේ සුළඟට පැද්දෙන මේ කරු මුල් ඊට පස්සේ පොළවට සේන්දු වෙලා හැඩිදැඩි කුළුණක් වගේ නැගී සිටිනවා.

Union of the Fig and the Palmyra Palm
Union of the Fig and the Palmyra Palm photographed by Samuel Bourne [Image Courtesy: http://www.imagesofceylon.com ]

මේ වගේ තාල වර්ගයේ ගසක කඳක් මැදි වෙන්න වට කරන්න යන නුග ගසක කඳක් මමත් දැක්කා. කොච්චර සියුම්ව තදින් අල්ලාගෙන තිබ්බද කිව්වොත් පිහිතලයක්වත් ඒ දෙක අතරින් ඇතුල් කරන්න බැරි වුනා. මේ ඛේදවාචකය සිදුවෙනකොට මේ තාල වර්ගයේ ගස යම් උසකට වැඩිලා තිබුනේ. ඒ වුණාට එය තව දුරටත් ඉහළට වැඩෙමින් දුබල ලෙස වෑයම් කළේ ජීවත් වෙන්න.

This slideshow requires JavaScript.

කොළඹ ඉඳන් ගාල්ලට යන මහා මර්ගය වැසෙන විදිහට විහිදිච්ච ඉතා අනගි නුග ගසක් කලුතර තියනවා. පාරෙ ගමනාගමන කටයුතු ඔක්කොම සිද්ධවෙන්නේ මේ නුග ගස යට මුල් අතරින්.

This slideshow requires JavaScript.

නුග ගස් වල තියනවා වගේ කරුමුල් කුළුණු බිමට වැටෙන්න සැලැස්සුවේ නැති වුනත්, සමහර දිඹුල් ගස් පරපෝෂිතයෝ වගේ අනෙක් ගස් බැඳ ගන්නවා. අන්දර ගසක විතරක් නෙවෙයි, පරපෝෂිත නොවන තවත් දිඹුල් ගසක් වටා වුනත්, කඳ වටා ඇදහැළෙන, සර්පයෝ වගේ එතිච්ච මුල් දැකගන්න එක අසාමාන්‍ය වෙන්නේ නැහැ. ගස් දෙක පේන්නේ මල්ලව පොර අල්ලනවා වගේ වේදනාවෙන් ඇඹරීගෙන එකිනෙකා දරුණු ලෙස බදාගෙන ඉන්න ආකාරයට. ඒ අතර දෙන්නම පොරයට ඕනා කරන ශක්තිය ලබාගන්න තමන්ගේ ගස් අතු හිරුට සහ අවකාශයට විහිදුවනවා. කෙසේ නමුත් පොරය ඉවර වෙන්නේ සාමාන්‍යයෙන් පිළිලය විසින් එදිරිවාදියාගේ බෙල්ල මිරිකලා මරා දමලයි.

බෝ ගස, ඒ කියන්නේ “ෆිකස් රෙලිජියෝසා” වල පත්‍රය තුනී ස්වභාවයක් ගන්නවා. ලංකාවේ ඉඩ ඇති ඕනම තැනක නිතරම දැක ගන්න පුළුවන් ශාකය එයයි. බොහොම සංවේදි ශාකයක්. දෙපැත්තෙම සියුමැලි පිහාටු ඇති ශාක පත්‍ර ගනසැරේට බිම ඉඳන් අඟල් හයේ සිට අඩියක් වෙනකන් උසින් ගොමුවක් වගේ වර්ධනය වෙනවා. ඒත් ඇඳිරි වැටුනම හරි වැස්සක් වැස්සම හරි සත්තු ඒවා උඩින් පාගාගෙන යන්න ගියාම හරි මේ පත්‍ර ඇකිළිලා දුඹුරු පැල්ලම් ඇතිවෙනවා හරියට ගින්නට අහුවුනා වගේ. ඒත් මිනිත්තු කිහිපයකට පස්සේ කොහොම නමුත් මේ කලබලය ඉවර වුනාම නැවතත් ඒ සශ්‍රීක බව ලබා ගන්නවා. මෙහි තියන අන්දර ගස් වල පත්‍ර ඇඳිරි වැටෙනකොට හරි වහිනකොට හරි හැකිළෙනවා.

Hali Wandura
Hali Wandura (Tufted gray langur – Semnopithecus priam) at Anuruadhapura
Rilawa (Toque macaque)
Rilawa (Toque macaque)

මේ කැලෑවල වඳුරන් වර්ග දෙකක් සුලබ දකින්න පුළුවන්. ගසින් ගසට පැන පැන යන කුඩා දුඹුරු වඳුරන් ජාතිය අතේ නිතරම වගේ පැටියෙක් දැක ගන්න පුළුවන්. අනෙක් ජාතිය ටිකක් විශාලයි. කකුල් හතරෙන්ම බිම පැන පැන දුවනවා. කතාවට කියන්නේ ජීවිත කාලෙම තමන්ගේ සහකාරයාට සහකාරියට සෙනෙහෙවන්තව ක්‍රියා කරනවා කියලා.

Sri Lankan Palm Squirrel
Iri lenaa – Sri Lankan Palm Squirrel (Funambulus palmarum)

ලංකාව පුරාම ඉතා බහුල වශයෙන් අඳුරුවන් දුඹුරු පැහැයෙන් යුතු කුඩා ලේනුන් වර්ගයක් සිටිනවා. උන්ගේ පිට දිගේ දික් අතට කහ පැහැ ඉරි තුනක් දිවෙනවා. හැම ගහකම වගේ මේ වගේ ජෝඩුවක් ජීවත් වෙනවා දැකගන්න පුළුවන්. නාඳුනන තැනැත්තෙක් කිට්ටු වුනාම, තරහ ගිය කුරුල්ලෙකුගේ වගේ ස්වරයකින් ගහට මුවා වෙලා කුඩා තියුණු සියුරුහන් හඬකින් දොඩන්න පටන්ගන්නවා. කොහොම නමුත් උන් හරිම හීලෑ සත්තු ජාතියක්. නිතරම වගේ තමන්ගේ වාසස්ථාන බවට පත් කරගන්නේ ජනයා ගැවසෙන වීදි. ඒ වගේම කෑම සොයාගෙන නිවාස වලටත් එනවා.

හින්දුන් සතුන් මැරීමෙන් කිසිඳු සතුටක් ලබන්නේ නැහැ. කොලු ගැටැව් පවා ප්‍රතිපත්තියක් වශයෙන් සතුන්ට හිරි හැර කිරිම පවා කරන්නේ නැහැ. එහි ප්‍රතිඵලයක් විදිහට කුරුල්ලන් සහ කුඩා සිවුපාවන් සංසන්දනාත්මකව බොහොම එඩිතරයි. සතුන් සුරතලුන් ලෙස ඇති කරන සෙයක් නැහැ. හින්දූන්ගේ මෘදුබව, ප්‍රශාන්තිය සහ චරිත ස්වභාවය පෙන්නුම් කරමින් උන්ට නිදහසේ සැරි සරන්න ඉඩ දෙනවා. මාරාන්තික නාගයින්ට පවා කිසිම හිරිහැරයක් නැතිව යන ගමනක් යන්න පුළුවන්. ඒක නම් පංගුවක්ම ආගමික කාරණාවක සම්බන්ධයක් හන්දා. ජනතාව අතර බහුලවම තියන කතාවක් තමයි ඌට මුලින් පීඩාවක් සිදු නොවනකල් ඌ කාටවත් පහර දෙන්න එන්නෙ නැහැයි කියන එක. සමස්ථයක් වශයෙන් මේ රටේ උරගයන් පිළිබඳ තියන ප්‍රශ්නය මට පෙනුනේ ඕනෙවට වඩා වැඩියෙන් ගොතපු කතාවක් කියලා.

This slideshow requires JavaScript.

කැලෑවේ සමහර තැන් වල, විශේෂයෙන්ම වැහි කාලෙදි එළිබහින කුඩා කූඩැල්ලන් මහත් හිරිහැරයක්. කලාතුරකින් සර්පයෙක් දකින්න පුළුවන්. ඒත් මම හරිම කණස්සල්ලට පත් වුනා උන්ගේ තියන දුර්ලභත්වයට.

Sri Lankan Giant Millipede
Sri Lankan Giant Millipede. [Image Courtesy: http://davidcook.com.au/ ]

ඒ වගේම කලාතුරකින් අඟල් නමයක් දිග කංකුන්ඩන් දකින්නත් පුළුවන්.

Scorpion in Sri Lanka
Scorpion in Sri Lanka [Image Courtesy: http://srilanka.for91days.com/ ]

විශාල වෙච්ච ගෝනුස්සන් ගත්තොත් විසකුරු පෙනුමක් තියන සත්ව කොට්ඨාශයක්. පොකිරිස්සන්ට වගේ නිල් පැහැය පොවපු කලු පැහැති ශරීරයකුත්, පාදත්, වලිගය උඩ ඇති සිහින් දළයකුත් එක්ක ඔක්කොම ගත්තම අඟල් පහක් වගේ දිගයි. ඒත් ඔය සාමන්‍යයෙන් කියන තරම් ඌ විස සහිත නැහැ. මේ වගේ සත්තු වුනත්, කොටියන්, ගෝනන්, වලසුන්, අලියන් වගේ විශාල සත්තු ලෙසටම මිනිස්සුන්ගෙන් පුළුවන් තරම් ඈතින් ඉන්නයි බලන්නේ.

ස්වදේශික ගස් කපන්නන් සහ අනෙකුත් අය නිකන් පයින්ම කටු අකුල් වල තැනින් තැන ඇවිදිනකොට කලාතුරකින් සර්පයෙක් පෑගිලා දෂ්ට කිරීමකට හසු වෙනවා. ඒත් තුවාලකාරයන් අතුරින් වාර්තාවන මරණ සංඛ්‍යාව සංඛ්‍යාත්මක වශයෙන් ඉතා විශාලව පෙනුනත්, ලක්දිව සහ ඉන්දියාව ගත් විට එය ජනගහණයට සමානුපාතිකයි. එය අවුරුද්දකට පහළොස් දාහකින් එකක් තරම් වන ඉතා සුළු කාරණයක්.

Boa Constrictor
Boa Constrictor photographed by Scowen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

මෙහි රූප සම්පන්න සමනළයන් විශාල ප්‍රමාණයක් දකින්න පුළුවන්.

endemic_ceylon-rose-swallow-tail-butterfly
Ceylon Rose Swallow-tail Butterfly [Image Courtesy: http://www.butterfliesandmoths.net ]

විශේෂයෙන්ම වැහිලිහිනි වලිග ගනයට අයිති උන්ගෙන් සමහරක් අය අති විශාලයි. ඒ වගේම අමුතු ගතියක් ඇති කෘමි සතුනුත් අඩුවක් නැහැ. මම ඉතා විශාල පලා වන්ඳෙක් දුටුවා. අඟල් හයක් විතර දිග ඇති. ඌට තිබුනේ ලොකේ නපුරුම පෙනුම. මොනා වුනත් මට කියන්න ඕනි ඌව දැක්කම මට මතක් වුනේ එක්තරා බොහොම නම්බුකාර බ්‍රිතාන්‍ය දේපල හිමියෙක්. ඌ ඉඳගෙන ඉන්නකොට බොහොම ලස්සන හරිත පැහැ කොළයක් වගේ. ඉදිරි අඬු දෙක වැඳගෙන වගේ ඔසවාගෙන පොඩ්ඩක්වත් සෙල්ලෙන්නේ නැතුව ඉන්නවා (එතකොට උන් හරිත පැහැ කොළයක් වගේ සමතලා වී දිග ඇදෙනවා). මේ වෙලාව හැරුනම අනික් හැම වෙලේම ඌ තමන්ගේ ඉදිරියට නෙරා ගිය ඇස් වලින් කරකව කරකව වටපිට බලනවා අහිංසක කුඩා කෘමියෙක් කිට්ටුවෙනකන්. ඉන් පස්සේ මේ අහිංසකය තමන්ට ළං වුනාම හෙමින් සීරුවේ අඬුව දික් කරලා ඌව පැනලා අල්ලාගන්නවා.

mantis-sri-lanka
Green Mantis Sri Lanka

මම අපේක්ෂා කරපු තරම් කුරුළු ගහණය ලොකු නැහැ. දීප්තිමත් වර්ණයන්ගෙන් යුතු කුරුළු වර්ග කිහිපයක්, ගිරව් කීප ප්‍රමාණයක් හිටියත්, කැලෑව සමස්ථයක් වශයෙන් පේන විදිහට බොහොම සන්සුන්.

A Crimson Fronted Barbet (also known as the Ceylon Small Barbet)
Heen Kottoruwa – A Crimson Fronted Barbet (also known as the Ceylon Small Barbet) photographed in Kandy [Image Courtesy: http://devwijewardane.blogspot.com/ ]

කොට්ටෝරුවා කොළ පැහැ කුරුල්ලෙක්. පරෙවියා තරම් ලොකු නැහැ. මුලු දවස පුරාම නගන උගේ ඒකාකාර සද්දේ හරියට දෙවෙනි ස්වරය නැති වෙච්ච කුකු ඔරලෝසුවක සීනුවේ සද්දේ වගේ.

Pinum Katussa - Sri Lankan Kangaroo lizard
Pinum Katussa – Sri Lankan Kangaroo lizard (Otocryptis wiegmanni) [Image Courtesy: http://lankanaturesummary.blogspot.com/ ]

කටුස්සාගේ, ඔවුන් කතාවට කියන විදිහට “කිඹුලගෙ පොඩි මල්ලිගෙ”, කෙකරගෑමයි, හාදුවයි, ස්වදේශිකයන්ට සෑහෙන පෙරනිමිති දක්වනවා. ඔවුන් කියන්නේ ඔබ මේ කුඩා කටුස්සෙකු මරා දැමුවොත්, කිඹුලෙක් ඔබව සොයාගෙන ඇවිත් මරා දමනවලු.

තණකොළ පෙත්තා තුන් පාරක් ටික්ගාලා සද්දෙට හුස්ම ගන්නවා. පුංචි අලු ලේන්නු කුරුලු හඬ නඟනවා. ගෙම්බන් බක බක ගානවා. මුළු පරිසරයෙන්ම ඇහුනේ අතොරක් නැති සද්දෙ අඩු ශාන්ත ගෝසාවක්.


[අනුවාදක සටහන:
ඉංග්‍රීසි නාමයන් පහත ලෙස දේශීයව වර නගන ලදී.

]


“ආදම්ගේ ශිඛරය මතින් එලිෆන්ටා ගුහා වෙත – ලක්දිව සහ ඉන්දියාවේ රූප සටහන්” : එඩ්වඩ් කාපෙන්ටර්

සිව්වන පරිච්ඡේදය : සිරිපා ශිඛරය හා කළු ගඟ

From Adam’s Peak To Elephanta : Sketches in Ceylon and India by Edward Carpenter

CHAPTER IV: ADAM’S PEAK AND THE BLACK RIVER.

the upper jungle of rhododendrons, myrtles, and other evergreen foliage forming a splendid cover for elephants, and clothing the surrounding peaks and crags for miles in grey-green wrinkles and folds, with here and there open grassy spaces and glades and tumbling watercourses ; then the vegetation of the lower woods, huge trees 150 or even 200 feet high, with creepers, orchids, and tree-ferns ; the occasional rush of monkeys along the branches ; butterflies and birds ; thick undergrowth in parts) of daturas, pointsettias, crotons, and other fragrant and bright- colored shrubs ; down at last into coco-nut plantations and to the lovely Kaluganga, or Black river, which we forded twice ; and ultimately along its banks, shadowed by bamboos and many flowering trees.

Although, curiously enough, the fig is not grown as a fruit in Ceylon, yet the ficus is one of the most important families of trees here, and many of the forest trees belong to it. There is one very handsome variety, whose massive grey stem rises unbroken to a great height before it branches, and which in order to support itself throws out great lateral wings or buttresses, reaching to a height of twelve or twenty feet from the ground, and spreading far out from the base of the trunk,—each buttress perhaps three or four inches thick, and perfectly shaped, with plane and parallel sides like a sawn plank, so as to give the utmost strength with least expenditure of material. This variety has small ovate evergreen leaves. Then there are two or three varieties, of which the banyan {ficus Indica) is one, which are parasitic in their habit. The banyan begins existence by its seed being dropped in the fork of another tree — not unfrequently a palm—from which point its rootlets make their way down the stem to the ground. With rapid growth it then encircles the victim tree, and throwing out great lateral branches sends down from these a rain of fresh rootlets which, after swinging in air for a few weeks, reach the ground and soon become sturdy pillars. I have thus seen a banyan encircling with its central trunk the stem of a palm, and clasping it so close that a knife could not be pushed between the two, while the palm, which had grown in height since this accident happened to it, was still soaring upwards, and feebly endeavoring to live. There is a very fine banyan tree at Kalutara, which spans the great high-road from Colombo to Galle, all the traffic passing beneath it and between its trunks.

Some of the figs fasten parasitically on other trees, though without throwing out the pillar-like roots which distinguish the banyan ; and it is not uncommon to see one of these with roots like a cataract of snakes winding round the trunk of an acacia, or even round some non-parasitic fig, the two trees appearing to be wrestling and writhing together in a fierce embrace, while they throw out their separate branches to sun and air, as though to gain strength for the fray. The parasite generally however ends by throttling its adversary.

There is also the bo-tree, or ficus religiosa, whose leaf is of a thinner texture. One of the commonest plants in open spots all over Ceylon is the sensitive plant. Its delicately pinnate leaves form a bushy growth six inches to a foot in depth over the ground ; but a shower of rain, or nightfall, or the trampling of animals through it causes it to collapse into a mere brown patch—almost as if a fire had passed over. In a few minutes however after the disturbance has ceased it regains its luxuriance. There are also some acacia trees which droop their leaves at nightfall, and at the advent of rain.

There are two sorts of monkeys common in these forests—a small brown monkey, which may be seen swinging itself from tree to tree, not unfrequently with a babe in its arms ; and the larger wanderoo monkey, which skips and runs on all- fours along the ground, and of which it is said that its devotion to its mate is life-long. Very common all over Ceylon is a little grey-brown squirrel, with three yellow longitudinal stripes on its back ; almost every tree seems to be inhabited by a pair, which take refuge there at the approach of a stranger, and utter a sharp little whistle like the note of an angry bird. They are very tame however, and will often in inhabited places run about the streets, or even make their appearance in the houses in search of food.

The Hindus take no pleasure in killing animals — even the boys do not, as a rule, molest wild creatures— and the consequence is that birds and the smaller four-footed beasts are comparatively bold. Not that the animals are made pets of, but they are simply let alone—in keeping with the Hindu gentleness and quiescence of disposition. Even the deadly cobra—partly no doubt from religious associations—is allowed to go its way unharmed ; and the people have generally a good word for it, saying it will not attack any one unless it be first injured.

On the whole the trouble about reptiles in this country seems to me to be much exaggerated. There are some places in the forests where small leeches—particularly in the wet seasons—are a great pest. Occasionally a snake is to be seen, but I have been rather disappointed at their rarity ; or a millipede nine inches long. The larger scorpion is a venomous-looking creature, with its blue-black lobster- like body and claws, and slender sting surmounted tail, five inches long in all ; but it is not so venomous as generally supposed, and most of these creatures, like the larger animals—the chetah, the elk, the bear, the elephant, etc.—keep out of the way of man as well as they can. Of course native woodmen and others tramping bare-legged through the tangles occasionally tread on a snake and get bitten ; but the tale of deaths through such casualties, though it may seem numerically large, taken say throughout Ceylon and India, is in proportion to the population but a slight matter — about I in 15,000 per annum.

There are many handsome butterflies here, especially of the swallow-tail sort—some of enormous size—and a number of queer insects. I saw a large green mantis, perhaps six inches long—a most wicked-looking creature. I confess it reminded me of a highly respectable British property owner. It sits up like a beautiful green leaf, with its two foreclaws (themselves flattened out and green to look like lesser leaves) held up as if it were praying perfectly motionless—except that all the time it rolls its stalked eyes slowly around, till it sees a poor little insect approach, when it stealthily moves a claw, and pounces.

The birds are not so numerous as I expected. There are some bright-colored kinds and a few parrots, but the woods seem quiet on the whole. The barbet, a green bird not quite so big as a pigeon, goes on with its monotonous bell-like call like a cuckoo that has lost its second note—on and on, the whole day long ; the lizards cluck and kiss, full of omens to the natives, who call them “the crocodile’s little brothers” —and say “if you kill a little lizard the crocodile will come and kill you” the grasshoppers give three clicks and a wheeze the small grey squirrels chirrup; the frogs croak and the whole air is full of continuous though subdued sound.


ලක්දිව ගමන් සටහන් පිටු අංක: 31

Advertisements

One thought on “The Great Woods, Fauna and Flora

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s