Inhabitants of Ceylon

ලක්දිව දකුණු දික් භාගයේ උස කඳු මුදුන් දැකගන්න පුළුවන්. ඉන් එකක් තමයි සමන්ත කූටය කියන්නේ. මම මේ ගැන වැඩි විස්තර පස්සේ කියන්නම්.  නැව් යාත්‍රා කරන්න තරම් විශාල ගංගා නම් දූපතේ දකින්න නැහැ. ඒ වුනත් රටම සශ්‍රීක කරවන කඳු හිස් වලින් ගලා එන දිය කඳුරු නම් සෑහෙන්න තියනවා.

Continue reading “Inhabitants of Ceylon”

Moral and Sentimental Reflections

යමෙක් අඩි 300ක් උස්වූ අභයගිරි චෛත්‍යය ඉහළ උස්බිමට නැග ගත්තොත් ඔහුට කුරුල්ලෙකුගේ ඇසකින් මෙන් මේ කලාපයේ කදිම ගුවන් දර්ශනයක් දැක බලාගන්න පුළුවන්. ඔහු ඉදිරිපිට බටහිර සහ උතුරු දිශාවේ සාමන්‍ය ඇසකින් දැකිය හැකි සීමාව දක්වාම පැතිරී ගිය, කඳු හෙල් වලින් බාධා නොවූ, මට්ටම් වූ තැනිතලා බිමක් දෘෂ්‍යමාන වෙනවා.

Continue reading “Moral and Sentimental Reflections”

A Fine Statue of Buddha

ඔබ පාර දිගේ මේ පොකුණු පසු කරගෙන දිගටම ගියොත් යම් තැනකින් හැරුනම පාර අද්දර ගස් යට ඔබට දැකගන්න පුළුවන් වේවි හිඳි ඉරියව්වෙන් සිටින බුද්ධ ප්‍රතිමාවක්. එය හිඳ සිටින ඉරියව්වක නිසා ඒ උස අඩි හතක්. අඳුරු පැහැ ඇති පාෂාණයකින් නෙළා තියෙන්නේ. මුහුනේ කොටස් යන්තම් මැකී ගොස් තිබුනත් තවමත් ලංකාවේ ඇති මේ වර්ගයේ පිළිම අතරින් විශිෂ්ටම ප්‍රතිමාව ලෙස සැලකෙනවා.

Continue reading “A Fine Statue of Buddha”

A Boy-Priest and His Cook

දඹුළු ලෙන වගේම තවත් කුඩා ලෙනක්, කුරුණෑගල ගල් පර්වතයේ අඩක් දුර නැග්ගම දැකගන්න පුළුවන්. එය රැක බලාගන්නේ වයස අවුරුදු 13ක වගේ ළමා හිමිනමක්. හිස මුඩු කරගත්, නිකන් පයින් ඇවිදින, කහ පැහැ සිවුරක් බොහොම සිත්ගන්න සුළු විදිහට පොරවාගෙන සිටි ඔහු බොහොම ගෞරව පූර්වකව, තම සේවාව විහාරයට ඉටු කළා.

Continue reading “A Boy-Priest and His Cook”

The Cave-Temples of Dambulla

හවස් යාමයේ අපි දඹුලු ගල උඩට නැග්ගා විහාරය දකින්න. විශාල පර්වතයක්. අඩි 500ක් 600ක් උසයි. කුරුණෑගල තියන ගල වගේ. අඩක් දුර නගිනකොට පළල් ලෙස පැතිරුණ ගැටියක් දකින්න ලැබෙනවා. යාර 100ක් දිගයි. එතැනට කඳු මිටියාවත් වල කදිම දර්ශනයක් පෙනෙනවා. මේ ගැටියත් ඊට උඩින් ඉස්සරහට නෙරා තියන ගල් ස්ථරයත් අතර තියන අවකාශයේ එක පෙළට විහාර මන්දිර පහක් දකින්න පුළුවන්. ප්‍රාසාද මුඛයක් කියල දෙයක් නැහැ. බදාම තාප්පයක් විතරයි.

Continue reading “The Cave-Temples of Dambulla”

Moonlight View from the Summit of the Peak

සඳ පෑයු කඳුමුඳුනට පහතින් ඇති වලාකුළු වියන මවන්නේ මනහර දර්ශනයක්. සියලුම පහත් බිම් සහ කඳු පන්තීන් දැන් මීදුම් වළාවෙන් ගෙන් වෙලී ගිහිල්ලා. බිම බැලුවොත් හරියට පෙරළි නගන මහා සුදු මුහුදක් දිහා බලනවා වගේ. ඒත් නිස්කලංකයි. සාමාන්‍ය ලෝකයෙන් වෙන්වෙලා.

Continue reading “Moonlight View from the Summit of the Peak”

The Great Buddhist Temple at Kandy

කළුවා අපිත් එක්ක නුවර ආවා.  ඊට පස්සෙ අපි හැමෝම ගියා මහනුවර තියන බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වුනු දළදා මාලිගාවට. එතැන තමයි බෞද්ධයන්ට මාහැඟි වටිනාකමක් තියන බුදු රජාණන් වහන්සේගේ දන්ත ධාතුව තැන්පත් කරලා තියෙන්නේ.

Continue reading “The Great Buddhist Temple at Kandy”