The Cave-Temples of Dambulla

හවස් යාමයේ අපි දඹුලු ගල උඩට නැග්ගා විහාරය දකින්න. විශාල පර්වතයක්. අඩි 500ක් 600ක් උසයි. කුරුණෑගල තියන ගල වගේ. අඩක් දුර නගිනකොට පළල් ලෙස පැතිරුණ ගැටියක් දකින්න ලැබෙනවා. යාර 100ක් දිගයි. එතැනට කඳු මිටියාවත් වල කදිම දර්ශනයක් පෙනෙනවා. මේ ගැටියත් ඊට උඩින් ඉස්සරහට නෙරා තියන ගල් ස්ථරයත් අතර තියන අවකාශයේ එක පෙළට විහාර මන්දිර පහක් දකින්න පුළුවන්. ප්‍රාසාද මුඛයක් කියල දෙයක් නැහැ. බදාම තාප්පයක් විතරයි.

Continue reading “The Cave-Temples of Dambulla”

Advertisements

The Great Woods, Fauna and Flora

ඉහළ වන පියසේ ඇති මහ රත් මල් ගස්, මුරුත ගස් සහ අනෙකුත් සියලුම සදාහරිත තුරු ගොමු, අලි ඇතුන්ට ඉතා කදිම ආවරණයක් සපයනවා. අවට පිහිටි කඳු මුදුන් සහ පර්වත කූටයන්, රැලිත් නැමිත් එක්ක අන්ඳවපු, තැනින් තැන එළිමහන් තණ පිටි සහ සී සී කඩ විසිරුණු දිය පාරවල් තියන, සැතපුම් ගණන් දික් වෙච්ච මලින කොළ පැහැ ඇඳුමක් වගේ.

Continue reading “The Great Woods, Fauna and Flora”