ලංකාවේ සර්ප ප්රභේද විශාල ගණනක් සිටිනවා. කලපු ආශ්රිතව කිඹුලන් හමුවෙනවා. ඉන්දියාවේද මහත් භයක් උපදවන නාගයන් (කෝබ්රා ඩි කැපෙල්ලෝ) සමඟ කැළෑ තුල පිඹුරන්, පළා පොළගුන්, දිය බරියන් හමු වෙනවා. එසේම විෂ රහිත ගෘහශ්රිත සර්පයන්ද වෙසෙනවා.
Tag: Lizard
The Great Woods, Fauna and Flora
ඉහළ වන පියසේ ඇති මහ රත් මල් ගස්, මුරුත ගස් සහ අනෙකුත් සියලුම සදාහරිත තුරු ගොමු, අලි ඇතුන්ට ඉතා කදිම ආවරණයක් සපයනවා. අවට පිහිටි කඳු මුදුන් සහ පර්වත කූටයන්, රැලිත් නැමිත් එක්ක අන්ඳවපු, තැනින් තැන එළිමහන් තණ පිටි සහ සී සී කඩ විසිරුණු දිය පාරවල් තියන, සැතපුම් ගණන් දික් වෙච්ච මලින කොළ පැහැ ඇඳුමක් වගේ.