අයෙක් චාම් යයි හඳුන්වන්නටද හැකි, අශෝභන ලෙස හැඳ පැළඳගත්ත පුංචි කිරිල්ලියක් පියාපත් ගසා ඇගේ උත්තම ස්වාමියා පසෙකින් සිටගත්තා. ඈ හට අයෙක් විනිවිද යන ලෙස බැලිය හැකි වටකුරු කලු ඇස් දෙකක් හිමිව තිබුනා. ඔහු දෙස පසාරු වන අන්දමින් ඈ බැලුවේ මේ නෙත් යුගලයෙන්. ඒ මොහොතේ කුඩා පිෂ්ඨධාතු කැබැල්ලක් ඔහුගේ මුවින් ගිලිහී බිම වැටුනා. ඔහු මදක් හැකිලෙන්නට පටන්ගත්තා.
Tag: Bird
The Quadrupeds and Birds of Ceylon
බැටළුවන්, එළුවන් සහ අශ්වයන් මුල් වරට හඳුන්වාදෙනු ලැබුවේ යුරෝපීයයන් විසින්. ඒ නිසා උන් දුර්ලභයි. ඌරන් (hog) විශාල වශයෙන් ඇති කරනවා. කැළෑවේ විවිධ වර්ග වල මුව රංචු අධිකව වෙසෙනවා. එක් වර්ගයක් ඉන්නවා; ඉන් හොඳටම වැඩුණු මුවෙක්, හොඳටම වැඩුනු හාවෙකුට වඩා ටිකක් විශාලයි.
The Great Woods, Fauna and Flora
ඉහළ වන පියසේ ඇති මහ රත් මල් ගස්, මුරුත ගස් සහ අනෙකුත් සියලුම සදාහරිත තුරු ගොමු, අලි ඇතුන්ට ඉතා කදිම ආවරණයක් සපයනවා. අවට පිහිටි කඳු මුදුන් සහ පර්වත කූටයන්, රැලිත් නැමිත් එක්ක අන්ඳවපු, තැනින් තැන එළිමහන් තණ පිටි සහ සී සී කඩ විසිරුණු දිය පාරවල් තියන, සැතපුම් ගණන් දික් වෙච්ච මලින කොළ පැහැ ඇඳුමක් වගේ.