Map of the Town of Kandy

මෙම පැරණි සිතියමෙහි බ්‍රිතාන්‍ය යුගයේ මහනුවර නගරය, එහි මායිම්, මංමාවත්, ප්‍රධාන ගොඩනැගිලි ආදිය දක්වා ඇත.

Continue reading “Map of the Town of Kandy”

Rule of the Portuguese and Dutch

ලංකාව අනාදිමත් කාලයක පටන් ශිෂ්ට සම්පන්න රාජ්‍යයක්. ඒ ගැන මහා ඇලෙක්සැන්ඩර් රජුගේ කාලෙදිත් ග්‍රීකයන් දැනගෙන හිටියා. ඉතිහාසය සහ භූගෝල විද්‍යාව පිළිබඳ පුරාණ රෝම රචකයෙකු වන ප්ලීනි කියන විදිහට මහා ඇලෙක්සැන්ඩර් රජුගේ කපිතාන් වන ඔනෙසෙක්‍රිටස් තමයි පළමු වරට ලක්දිව වටා යාත්‍රා කරලා එය දිවයිනක් බව අනාවරණය කරගත්තේ. ඊට කලින් ඔවුන් එයට කිව්වේ තැප්‍රොබේන් කියලා. එය අති විශාල මහාද්වීපයක් බවට තමයි අඳුනාගෙන හිටියේ. කවුරුත් ඊට කලින් දැනගෙන හිටියේ නැහැ මේ භූමිය දකුණු දිසාවට කොච්චර ඇදෙනවද කියලා.

Continue reading “Rule of the Portuguese and Dutch”

A Boy-Priest and His Cook

දඹුළු ලෙන වගේම තවත් කුඩා ලෙනක්, කුරුණෑගල ගල් පර්වතයේ අඩක් දුර නැග්ගම දැකගන්න පුළුවන්. එය රැක බලාගන්නේ වයස අවුරුදු 13ක වගේ ළමා හිමිනමක්. හිස මුඩු කරගත්, නිකන් පයින් ඇවිදින, කහ පැහැ සිවුරක් බොහොම සිත්ගන්න සුළු විදිහට පොරවාගෙන සිටි ඔහු බොහොම ගෞරව පූර්වකව, තම සේවාව විහාරයට ඉටු කළා.

Continue reading “A Boy-Priest and His Cook”

The British and the Natives

මහනුවර කියන්නේ අඩි 2,000 විතර උසින් පිහිටා තියෙන හරිම අලංකාර නගරයක්. පැත්තකින් මහනුවර රජකම් කල පැරණි රජ දරුවරුන් විසින් නිර්මාපිත වැවක් පේන්න තියනවා. කඳු වළල්ලකට මැදිව නිවර්තන ශාකයන්ගෙන් සහ පුෂ්පයන්ගෙන් යුතු මනහර වන පියස්සකට ආවරණය වෙලා තියන හන්දා කඳු මුදුන් සහ කඳු බෑවුම් සිට කමණීය දර්ශනයන් මවා දක්වනවා.

Continue reading “The British and the Natives”

The Great Buddhist Temple at Kandy

කළුවා අපිත් එක්ක නුවර ආවා.  ඊට පස්සෙ අපි හැමෝම ගියා මහනුවර තියන බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වුනු දළදා මාලිගාවට. එතැන තමයි බෞද්ධයන්ට මාහැඟි වටිනාකමක් තියන බුදු රජාණන් වහන්සේගේ දන්ත ධාතුව තැන්පත් කරලා තියෙන්නේ.

Continue reading “The Great Buddhist Temple at Kandy”

Cinghalese Rice Fields and Mode of Life

අඩි 50ක් විතර උස පොල් ගහේ කඳ දිගේ කෙලින්ම ඉහළට නැග්ග පුංචා බොහොම අවධානම් සහිත ගමනක් ගියේ. කඹයකින් හදාගත්ත තොණ්ඩුවක්, යටි පතුල් දෙකෙන් පොල් කඳ තදින් බදලා අල්ලගන්න පුළුවන් වෙන විදිහට කකුල් දෙක වටා දාගෙන, අත් දෙකෙන් පොල් කඳ බදාගෙන, දණහිස් දෙක කන්දෙක වෙනකන් උස් කර කර නගින්නෙ හරියට ගෙම්බෙක් පීනනවා වගේ.

Continue reading “Cinghalese Rice Fields and Mode of Life”

Cinghalese Devil Dancing

කළුවා නම් ඔහුගේ ජාතියේ අනෙක් සමහර මිනිස්සුන්ට වඩා ලෝකෙ දැකපු කෙනෙක්. ඒ වගේම ඔහුට ඉඳ හිට ඉඩ ප්‍රස්ථාවක් ලැබෙනවා අමතර පොඩි මුදලක් වුනත් උපයගන්න. ඔහු වයස අවුරුදු 12ක 13ක කාලයේ පටන්ම යක් නැටුම් වල නටනවා. පෙනෙන හැටියට ඔහුගේ පියා තමයි ඔහුව ඊට යොමු කරලා තියෙන්නේ.

Continue reading “Cinghalese Devil Dancing”

Cinghalese Marriage Customs

මේ කුඩා කඳු මිටියාවතේ පෙනෙන හැටියට නම් ප්‍රධාන වශයෙන් වාසය කරන්නේ මේ සහෝදරයන් දෙන්නා සහ ඔවුන්ගේ ඥාතිවර්ගයා විතරයි. හරියට මේ ගොල්ලෝ පුංචි ගෝත්‍රික කණ්ඩායමක් හදාගෙන වගේ. කළුවා සහ ඔහුගේ පියාට සෑහෙන කුඹුරු ඉඩම් තීරු ප්‍රමාණයකට උරුමකමක් තියනවා. ඒ අනුව අනෙක් සිංහල ගැමියන්ට වඩා පොහොසත්කමක්  මේ ගොල්ලන්ට තියනවා කියලා කියන්න පුළුවන්. ඒත් ඒක එච්චර ගණන් ගන්න තරම් ලොකු පොහොසත්කමක් නම් නෙවී.

Continue reading “Cinghalese Marriage Customs”

Primitive Habits of the Cinghalese

අර්න්ස්ට් හෙකල් ඔහුගේ ලක්දිව ගැන රචිත කෘතියේ සිංහලයින් ගැන කියන්නේ ඔවුන් දිගු කලක් තිස්සේ ශිෂ්ටසම්පන්න ජාතියක් වුනත්, ඇඳුම් සහ ගෙපැල් සහ අනෙකුත් දේවල් අතින් ඔවුන් වනචාරීන් වගේ ආදිකල්පිතයි කියලයි. මේ ප්‍රකාශයෙ ඉතා ලොකු සත්‍යතාවයක් තියනවා කියල මටත් තදින් වැටහුණා.

Continue reading “Primitive Habits of the Cinghalese”