මේ වන විට සින්තියා සෑම උදෑසනකම පැය කිහිපයක් ලිවීම කරන්න පුරුදුවෙලා හිටියා.
Tag: Caroline Corner
In Perilous Proximity with an Invading Cobra
වරක් සින්තියා මුහුදුකරයේ බංගලාවක සිටින කාලයේ, දිනක මහන්සි කම්මැලි බවක් දැනි, කවිච්චියක දිග ඇදී, සින්තියාගේ විශ්වාසනීයම, ඔස්ට්‍රියන් මිතුරියක, ආදිපාද බිරිඳකට පැන්සලකින් ලිපියක් ලියමින් හිටියා.
Continue reading “In Perilous Proximity with an Invading Cobra”
The Colombo Municipality
එක් සන්ධ්‍යාවක සින්තියා ආලින්දයේ අසුන්ගෙන බලාසිටියේ ඇයත් පන්ච්වත් මහලේකම් කාර්යාලය වෙත රැගෙන යන්නට එන අස්ස කරත්තය එනතුරුයි. “දැන් වෙලාව හතරයි. ඇයි තාම කරත්තේ ආවේ නැත්තේ?” ඇය අප්පුගෙන් ඇසුවා. Continue reading “The Colombo Municipality”
European Not Like Dirt
අපිරිසිදුකමයි බේබදුකමයි ඇත්තාවුන්ට පන්ච් සංත්රාසයගෙන දෙනවා යයි කිව හැකියි. කෙතරම් බඩගිනිවුනත් අපිරිසිදු පිඟානක දැමූ රසවත් ආහාරයක් ඌ ආහරයට ගන්නට ප්‍රියක් දක්වන්නේ නැහැ.
Cynthia on the Verandah Surrounded by her Pets
ඒ ගතවුනේ සින්තියාගේ ප්‍රීතිදායකම දවස්.
Continue reading “Cynthia on the Verandah Surrounded by her Pets”
Moti could and Moti did
සින්තියාගේ මනස කටුක වේදනාවකින් ව්‍යාකූල වෙලා තිබුනේ ඇගේ හොඳම සන්ධ්‍යා ගවොමට සිදුවූ මහා නස්පැත්තිය නිසා.
Moti’s Delight
සින්තියා අත් දෙක ඉණට තබා වටේට කැරකුනේ ඇයගේ සිහින් සිරුරට ගැලපෙන හොඳම අයුර සොයා ගෙනහැර පාන්නට. “දැන් හොඳයි” යයි කියාගත්තේ ඇය සිටි අයුර හොඳ යැයි තමාටම දැනුන නිසා.
Cynthia’s Best Gown
“ඇයි ඒක ධුර්සිකෙනෙකුට (ඉන්දියානු ඇඳුම් මහන්නෙකුට) නොදෙන්නේ?”, කෙනෙක් ඇසුවා. මෙසේ කීවේ සින්තියා මහත් ආදරයක් දැක්වූ ඇගේ මංගල සලුපිලි එකතුවේ වූ අගනා සැහැල්ලු රැලි සහිත චීන සේද රෙද්දක් (ක්‍රෙප් ද ශින්) ගැනයි. හොඳ දක්ෂයෙකුට මේ රෙද්දේ ඇඳුමක සිහිනය යථාර්තයක් බවට පත් කළ හැකියි.
A Genuine Devil Dance
සිංහලයෙකු ලෙස ඔහු කදිම ප්රතාපවත් මිනිසෙක්. පුළුල් උරස්ථලයක් සහිත උත්තුංග දේහධාරි කට්ටඩියෙක්. ඔහු ඇඳ සිටි එකම වස්ත්‍රය වූයේ ඉණකඩක්, ඉණ සහ නළලේහි පැළැන්ඳු “ගාරුල්ලා” කොළ මාලයක් පමණයි.
First Ride in a Bull-Hackery
එක් පොහොය දිනයක, පුර සඳ පායා ඇති රාත්‍රියක, සින්තියා ඇගේ සැමියා සමඟ ගොන් කරත්තයක “රටේ සිරිත්” නොසලකා, තම හැකි පමණින් වාඩිවී, පරණ තාලේ නෝනලාගේ නිර්දේශයන්ද නොතකා, ලෝකයේ එක් අපූර්වතම, කුහුල දනවන දර්ශනයක් දැක බලාගන්නට අවස්ථාව ලද්දා.