Moti could and Moti did

සින්තියාගේ මනස කටුක වේදනාවකින් ව්‍යාකූල වෙලා තිබුනේ ඇගේ හොඳම සන්ධ්‍යා ගවොමට සිදුවූ මහා නස්පැත්තිය නිසා.

ඒ නම් කරුමයක්

පිටුපස ආලින්දයට එක් වරම වැදී මැටිරියල් එක, නපුරු ධුර්සි කියනා විදිහට “රෙද්ද”, ඩැහැගන්නට ඇයට මහත් උවමනාවක් තිබුනත් සිත තුළින් නැගි කටහඬ කීවේ “නවතින්න” යන්නයි. අපොයි ඊට අවනත වෙන එක බොහොම අමාරුයි.

“මම ගිණුම් වාර්තා බලනවා. අප්පු, කෝකියාව එවන්න.” සින්තියා පීඩාවට-පීඩාව සංකල්පය තදින් විශ්වාස කරන්නෙක්. ගිණුම් තැබීම යනු යුරෝපීය ගෘහණියකට ලක්දිව අත්දකින්නට වන තවත් එක් දුක්ඛාන්තයක්. කෝකියා පැමිණියා. තර්ක විතර්ක වේගයෙන් පැන නැගුනා. මේ ස්වදේශිකයා දෙකයි දෙකයි එක් කළ විට පහයි යන සුවිශේෂ දැනුමෙන් සන්නද්ධ වූවෙක්. ඔහු කතාවට කොච්චර කපටිද කිව්වොත් “මොකටද”, “ඇයි” යන්න පවා ප්‍රශ්න කරන්නට බැහැ. සින්තියා ඉක්මනින්ම එයට සිත යොමු කලා. මේ අවුල් ජාලයේ වංකගිරියේ පැටලෙන අතරේ ඇයගේ “ක්‍රේප් ද් ශින්” ඇඳුම ගැන ඇයට මොහොතකට අමතක වුනා.

“මේක ටිකක් වෙනස් නෝනා.” කෝකියා පැහැදිලි කරන්නට වුනා. සත පණහක් ඇත්තටම ගෙවූ කුකුල් මස් වෙනුවෙන් සත හැත්තැ පහක්ම ගෙවූ බව ඔප්පු කරන්නට ඔහු නානාවිධ හේතු සාධක ඉදිරිපත් කරන්නට පටන් ගත්තා. හිසට ඉහළින් පුන්කාව වැනුනද ඇය වේගයෙන් නිවුණු ස්වරූපයක් ගෙන ආරවුලේ අනෙක් පාර්ශවයේ දුෂ්කරතා ගැන සිත යොමන්නට පටන් ගත්තා. එවිටම තමයි ආයා ආවේ.

“ධුර්සි කියනවා නෝනාට ඇවිත් බලන්නලු.” සින්තියාගේ දැහැන මොහොතකට බිඳුනා. හදවත තදින් අල්ලා ගත්තා. “හොඳයි ආයෙ මේ වගේ වැඩ කරන්න එපා. මට විශ්වාසයි ඒක ඒ තරම් වටින්නේ නැහැ”, ඇය කෝකියාට කිව්වා. ඔහු සතුටින් ආචාර කොට යන්න ගියා. ඇගේ හදවත පළමුව චංචල ස්වභාවයක් ගෙන ඉන් පසු නිෂ්චල, පාළු නිසංසල ස්වභාවයක් ගත්තා. “ඔක්කොම නැති නාස්ති කරල දාලා ඇති, මදැයි!” ඇය පිටුපස ආලින්දය වෙත ගියේ සියල්ල අත්හල බවකින්.

එහි ධුර්සි සිටියේ සන්සුන්ව බුලත් හපමින්. “ක්‍රේප් ද ශින්’ රෙද්ද තවමත් බිම තිබුනා. දැන් එය මුණින් වැටී සිටින භූතයෙක් වගෙයි පෙනෙන්නේ. හරියට මේ මොහොතේ සින්තියාගේ පෙනුම වගේ. මෝති ඒ වෙත ඇදී රෙද්ද අහුලා ගත්තා. “ධුර්සි කියනවා නෝනාට ඇඳලා බලන්නලු.” සින්තියා හැරි ඇගේ ඇඳුම් කාමරයට යන්නට ආයා වෙත සන් කළා. “සාය තමයි ඉස්සල්ලම නෝනා.” විනාඩියකට දෙකකට පසුව, “නියමයි! සාය හොඳ ගානට තියනවා.” මෝතිගේ කලු ඇස් බෝලය සතුටින් ඉපිළුනා. “අර ධුර්සි හොඳ වැඩකාරයා නේද නෝනා, නියමයි නේ?”

Lady with a Cheval Glass Mirror
Lady with a Cheval Glass Mirror

“ඔව් තමයි, හොඳ ගානට තියනවා වගේ” සින්තියා “චෙවල්” කණ්ණාඩිය ඉදිරියේ ඒ අතට මේ අතට කැරකුනා. “ඔව්, සාය වරදක් නැහැ. දැන් හැට්ටය දාලා බලමු. පරිස්සමින්, තාම යන්තම් අමුණලා විතරයිනේ තියෙන්නේ.” “නියමයි!” මෝත් අත්පොළසන් දී කාමරය පුරා නටන්නට පටන් ගත්තා. “නෝනා දැන් ඒරොප්පේ කතා පොත්වල ඉන්න පින්තූරයක් වගේ. ඒ ධුර්සි හොඳයි නේද, නෝනා මොකද හිතන්නේ?” “ඔව්, ඇත්තටම, අනර්ඝයි මේ වැඩ ටික”, සින්තියා කිව්වේ කණ්ණාඩිය ඉදිරියේ කරකැවෙමින්.

“ධුර්සි…?” ඇය අඬගැසුවා. නමුත් එලෙස කරන්නට අවශ්‍ය නැහැ. ධුර්සි හිට්යා දොර ළඟම. මේ ස්වදේශිකයන්ට පෞද්ගලිකත්වය ගැන හැඟීමක් නැහැ. “ආ.. ඔබ ඔතනද, හොඳයි ධුර්සි, මේක ඇත්තටම හොඳයි. මම බලාපොරොත්තු වුනා ඔබ එය විනාශ නොකරයි කියලා-” ඇය කියවාගෙන ගියේ කණ්ණාඩිය ඉදිරියේ ඒ අතට මේ අතට හැරෙමින්.

“නෝනා!”

සින්තියා ප්‍රසන්න ලෙස සිනහසුනා. ඇයට සිතිනේ ඒ ඇස් රැඳුනේ ඇය වෙත කියලයි. “මම අදහස් කලේ ඇත්තටම එය විශිෂ්ටයි.”

“මෝනාද ඔහු කියන්නේ මෝති?”

“ධුර්සි කියනවා නෝනා දැන් එයාට රුපියල් පහක් දෙන්න ඕනාලු. ධුර්සි ඇඳුම දවස් දෙක තුනකින් මහලා ගෙනල්ලා දෙන්නම්ලු.”

“හරි ඔහුට රුපියල් පහක් ලැබේවි. තව එකක්, මට කොහොම හරි ඇඳුම දවස් තුනක් ඇතුලත ලැබෙන්න සලස්වන්න. මට එය අවශ්‍යයි. මට විශ්වාසයි ඔහු එයින් අති විශිෂ්ට ගවොමක් මහලා දේව් කියලා. ඔහුට එය කියන්න. මෙන්න රුපියල් පහ.”  ඔහු ඒ වගේ දෙගුණයක් ඉල්ලුවත් ඔහුට එය ලැබෙන්නට ඉඩකඩ තිබුනා.

An Hindu Taylor - Dhurzee by Clifton & Co.
An Hindu Taylor – Dhurzee by Clifton & Co.

භයානක ප්‍රතිපලයක අපේක්ෂාවකින්, භීතියකින්, බියකරුබවකින්, ත්‍රාසයකින් පසුව ලබාගත් සහනය ආනන්දජනකයි. “ධුර්සි යන්න යනවා නෝනා. ඇඳුම දවස් තුනකින් ඉවර කරලා ගෙනල්ල දෙනවලු.” ධුර්සි පිටව යන මොහොතේ ආයා කිව්වා.

මෝතිට පුළුවන්, මෝති කළා

විනාඩි දහයකට පමණ පසුව සින්තියා මෝතිට අඬ ගැහුවා. තුන් වෙනි වතාවටත් අඬ ගැසුවායෙන් පසුව අප්පු පැමිණියා. “ආයා කොහෙවත් නැහැ නෝනා”, ඔහු කිව්වා. “ආ.. එහෙමද, හොඳයි මම ඒ ගැන බලන්නම්. අවසරයක් නැතිව එයාට එහෙම එළියට යන්න බැහැ.” මුළු දවසම ගතවුනේ මෝති ගැන හෝඩුවාවක් නැතිව. ඊළඟ දවසත් එහෙමයි, ඊට පස්සේ දවසත් එහෙමමයි. ඊගාව දවසෙන් ඇය හිටියේ නැහැ. එදා තමයි ධුර්සි සන්ධ්‍යා ගවොම අරගෙන එන දවස. අපොයි! තුන් වෙනි දවසත් එහෙමම ගෙවිලා ගියා. ගවුමත් නැහැ, ධුර්සිත් නැහැ. ආයත් නැහැ. හරි පුදුමයි. සින්තියා දැඩි විශ්වාසයක හිටියා කාටවත් කිසිම කරදරයක් වේලා නැතෙයි කියලා, මුකුත් බරපතල දෙයක් සිද්ධවෙලා නැතෙයි කියලා. සින්තියාගේ සැමියා කට කොණින් සිනහ වුනා. අනෙක් සේවකයනුත් එලෙසම කලා.

ඇන්. තම්බෙරණිනයි පිල්ලේ ට තැපැල් පතක් යැවුනා. කිසි ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ. විදුලි පණිවිඩයකුත් යැවුනා. පිළිතුරක් නැහැ. අප්පු අතේ තුණ්ඩු කෑල්ලකුත් යැවුනා.  අප්පු නැවත ආවා. නමුත් එදාම නෙවෙයි. ඊට පහු වෙනිදා අලුයම. “ඇන් තම්බෙරණිනයි පිල්ලේ යන්ට ගිහින්”, ඔහු කිව්වා. “ගිහින්?” සින්තියා විස්මයෙන් ත්‍රස්ත වී පෙරලා ඇසුවා. “කොහේ ගිහින්ද?” අප්පු නොදන්නා බවට හිස වැනුවා. “මමම ගිහින් බලන්නම්කො. මුත්තුට කියන්න අස්සයාට සන්නාහෙ දාලා දැන්ම බක්කිය ලැස්ති කරන්න කියලා.”

විනාඩි පහලොවකට පසුව සින්තියා ධුර්සි පටුමග ඔස්සේ ගමන් කරමින් සිටියා. අංක 9 දරණ තැනට පැමිණි සින්තියාට දැක ගත හැකි වුනේ ඇය දැන් ධුර්සිලා ගොඩක් මැද්දේ සිටින වගක්. “නෝනාට ධුර්සි කෙනෙක් ඕනිද? මම එන්නම් නෝනාගේ ගෙදරට. මං ගැන හොඳ රෙකමදාරු තියනවා. රජ ගෙදර ආණ්ඩුකාර මහත්තයාගේ නෝනාට මම වැඩ කරනවා. දැක්කනේ රෙකමදාරුව නෝනා.” කච බච ගාලගෝට්ටියක් සහ තලෙලු අත් වලින් වටවුනු වනන්තරයක් මද්දෑවේ ඇය උන්නේ. “නෑ නෑ මට ඕනි ඇන්. තම්බෙරණිනයි පිල්ලේ!”. මේ නම කියනවාත් එක්කම කච බචේ වැඩි වුනා. ඒ දෙමළෙන්. සින්තියාට නම් අණ්ඩර දෙමළ වගේ.

“ඔහු කොහෙද? මට ඔහුව දකින්න ඕනා. මම ඔහුව දැකිය යුතුයි.” විධාන කිරීමේ වැදගත් කම වටහා ගන්නට තරම් කාලයක් මේ වන විට ඇය ලක්දිව ජීවත් වී සිට තිබෙනවා. “ඔහුව කැඳවාගෙන එන්න.”

“ඇන් තම්බෙරණිනයි පිල්ලේ මෙහෙ නැහැ. ඒ ධුර්සි දැන් ඉන්දියාවට, ගෙදරට ගිහින් නෝනා. සතියක් විතර ඇති ගිහින්.” සින්තියගේ හදවත නතර වුනා. “එතකොට මගේ සන්ධ්‍යා ගවුම? මෝති?”

Moti, the Ayah from Paradise of Adam, pg 41
Moti, the Ayah from the book Paradise of Adam by Caroline Corner, pg 41

“නෝනාගේ සන්ධ්‍යා ගවුම හරිම ලස්සනයි. මෝති ඒකට සැහෙන්න ආසාවෙන් හිටියා. මෝතිත් ගියා ඉන්දියාවට. ආයේ එන්නේ නැහැ. කවදාවත්ම නැහැ.” සින්තියාගේ බලාපොරොත්තු, අභිමානය, නැතිවී ගියා.

“අනේ මගේ ලස්සන ක්‍රේප් ද ශීන්! මෝති! මෝති! ඔයා කොහොමද මෙහෙම දෙයක් කලේ?” ඒත් මෝතිට එහෙම කරන්න පුළුවන්. මෝති එහෙම කළා.


කැරොලයින් කෝනර් විසින් රචිත “ලක්දිව්: ආදම්ගේ පාරාදීසිය”

සත් වසක දූපත් දිවියේ ජීවන සටහන්

පරිච්ඡේදය 05

Ceylon: The Paradise of Adam by Caroline Corner

The Record of Seven Years’ Residence In The Island

Chapter 05


 

Her mind was beset with the awful agony of the utter destruction of her best evening gown. Fain would she have dashed back to the back verandah and demanded the material—the ” cloth,” as this murderous Dhurzee called it, but a voice within said, “Wait.” Oh, it was hard to obey! The trials of Tantalus were nothing to this. Crash ! came her hands down on the ivory keys.

“I’ll do the accounts. Appoo, send the cook.” Cynthia was a great believer in counter-irritants. Account-taking is one of a European housekeeper’s utter human miseries in Ceylon. Cook came. An argument speedily ensued. The native is possessed of a special faculty whereby two and two are made five. His subtlety of argument, moreover, in explaining the why and wherefore is incontrovertible. Cynthia was soon involved. And whilst in this maze—this labyrinth of metaphysics—her crepe-de-chine was forgotten— for the time.

“This something ‘ceptional. Lady,” explained Cook, entering upon a compound complication of reasoning whereby he sought to prove he had given seventy-five cents for a chicken when in reality he had only given fifty. Cynthia was fanning herself furiously, notwithstanding the fact of the punkah overhead, and trying her level best to follow the intricacies of the other side of the dispute when the Ayah came in.

“Dhurzee saying Lady, please come see.” Cynthia was up in a moment. A hand gripped her heart. “Er—well, don’t give so much again! I’m sure it’s not worth It ” to the Cook, who beamed and salaamed. Then there came a flutter at her heart, and after that calm—dead calm. “Spoilt, of course ah, well ! ” And on she went to the back verandah, with the numbness of resignation. There was the Dhurzee, serenely chewing” betel, the crepe-de-chine still on the ground, only that now it presented the appearance of a prostrate ghost, in form bearing an uncomfortable resemblance to herself. Moti, advancing, picked it up. “Dhurzee saying Lady please try on.” Cynthia, turning, motioned the Ayah towards her dressing-room. ” Skirtie coming first, Lady.” Then in a minute or two, ” Heigh-ho ! Skirtie fitting good —very good.” Moti’s black orbs rolled with delight. “That Dhurzee good, Lady—damn good—no ? ” ” Hush ! Yes, it seems to fit,” Cynthia turned herself this way and that before the cheval glass. “Yes, the skirt seems all right. Now for the bodice. Be careful, it’s only tacked.” “Heigh-ho!” Moti clapped her hands and commenced capering about the room. ” Lady looking like picture in European reading- book. That Dhurzee good. Lady thinking not?” “Yes. Well, really, it—it’s excellent—so far,” said Cynthia, still revolving before the mirror. Then. ” Dhurzee ? ” No need was there to call. The Dhurzee was there, at the door : natives have no notion of the sacredness of privacy. ” Oh, you’re there. Well, Dhurzee, it’s very good indeed. I do hope you won’t spoil it— ” continuing turning this way and that before the glass. ”Lady! ” Cynthia laughed pleasantly, she felt those eyes upon her—” I mean—it’s really so excellent I hope, I do hope ” ” What’s he saying, Moti .”  ”Dhurzee saying Lady give now five rupees, Dhurzee bring back dress in two three day.” ” Oh yes, he shall have five rupees—on account.” “And, please let me have it back in three days at the most. I’m wanting it, and—I’m sure he’ll make an exquisite gown of it, tell him. Here is the five rupees.” Had he asked for double that amount it is probable he would have got it. The relief after the agony of direful anticipation, fear, dread, horror, was delightful. “Dhurzee saying Salaam, Lady. Dress he bringing back finished three day.” With this exit Dhurzee, also Ayah.

Ten minutes later, when Cynthia rang for Moti, after a third summons the Appoo appeared. “Ayah not nowhere, Lady,” said he. ” Oh, very well, I’ll manage. All the same she shouldn’t have gone out without permission.” That entire day passed without Moti’s reappearance. So did next day and next, and next, when the new evening-gown was to be brought home by the Dhurzee. Alas ! day No. 3 came and went. No gown, no Dhurzee, no Ayah. It was strange, to say the least of it. Cynthia trusted no harm had happened, nothing serious had occurred. Cynthia’s husband smiled. So also did the rest of the servants. A post-card was sent to N. Tamberaninyi Pillai. No response. A telegram. No response. Then the Appoo with a ” chit.” The Appoo returned, not that day but next, at daybreak. “N. Tamberaninyi Pillai gone,” said he. ” Gone ? ” echoed Cynthia aghast. Gone where ? The Appoo shook his head. “I’ll go myself. Tell the Muttu to harness the horse and bring the buggy—at once.” Within a quarter of an hour Cynthia was en route to Dhurzee Street. Once arrived at No. 9, Cynthia descending found herself the centre of a crowd of Dhurzees. ” Lady wanting Dhurzee ? I come Lady’s house. I good testimonials got : King’s House Governor’s Lady I work. See, testimonials, Lady,” and a babel of tongues and a forest of bare brown arms encompassed her, ” Hush ! hush ! I want N. Tamberaninyi Pillai!” At the mention of this name much chattering went on in Tamil, all double-Dutch to Cynthia. ” Where is he ? I want to see him. I must see him.” She had been long enough out in Ceylon to know the importance of the imperative. “Bring him.” “N. Tamberaninyi Pillai not here. That dhurzee gone ‘way home India, Lady, “week more ‘go.” Cynthia’s heart sank and turned to stone. ” And — my evening-gown ? — and — Moti ? ” ” Lady evening-gown, good gown Moti liking much, go too, Moti go too—all go India, not come back—never ‘gain.” Thus perished Cynthia’s hopes, pride, all. “My lovely crepe-de-chine—oh ! ” ” Moti ! Moti ! how could you ? ” But Moti could—and Moti did.


ලක්දිව ගමන් සටහන් පිටු අංක : 13

Advertisements

One thought on “Moti could and Moti did

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s