European Not Like Dirt

අපිරිසිදුකමයි බේබදුකමයි ඇත්තාවුන්ට පන්ච් සංත්‍රාසයගෙන දෙනවා යයි කිව හැකියි. කෙතරම් බඩගිනිවුනත් අපිරිසිදු පිඟානක දැමූ රසවත් ආහාරයක් ඌ ආහරයට ගන්නට ප්‍රියක් දක්වන්නේ නැහැ.

කුණුවලට අකමැති යුරෝපීයයන්

පංච් සහ සින්තියා උදා සංචාරය නිමකොට මහත් බඩගින්නකින් ආපසු ආ එක් උදෑසනක පන්ච් උදේ කෑම වේල වෙත දිව ආවේ මහත් වේගයකින්. නමුත් සින්තියාගේ පුදුමයට ඌ නැවත පැමිණ ඇයගේ මුහුණ දෙස බැලුවේ දුක්මුසු ආයාචනාත්මක බැල්මකින්. එසේ වුනත් ඇය දිගටම “චෝටා හසීරා*” තේ කෝප්පය තොලගාමින් පවන් සැලුවා. මේ අතර ඌ ඇගේ අසු පදින සාය අදින්නටත් උගේ බත් පිඟාන ඇති දිශාව දෙස බලන්නටත් පටන් ගත්තා.

“මොකද්ද ප්‍රශ්නේ පන්චි?” උගේ ස්වාමිදුව විමසුවා. “හොඳයි මම ගිහින් බලන්නම්.”

Leonard Woolf in Jaffna, Ceylon with his dog Charles.
Leonard Woolf in Jaffna, Ceylon with his dog Charles.

මේ අතරවාරේ බල්ලන් බලාගන්නා කොල්ලා පැමිණ “පන්ච් අද කෑවේ නෑ නෝනා. සිකුරාදානේ. හොඳ බල්ලෝ, ක්‍රිස්තියානි බල්ලෝ සිකුරාදාට කන්නේ නැහැ.” කීවා. පන්ච්ගේ ඉමහත් සංතෝශයට සින්තියා ඇගේ සාය හරිගස්වමින් “විකාර! බල්ලෝ අනික් දවස් වල වගේම සිකුරාදටත් කනවා” යයි පිළිතුරු දුන්නා. බල්ලාගේ පිඟාන මත අතින්වත් නොඇල්ලූ රසවත් කෑමක් එලෙසම තිබුනා. නමුත් පිඟාන ගැටියේ කිළුටු ඇඟිලිවලින් ඇල්ලූ සලකුණු තිබුනා. මෙය තමයි පන්ච් කන්නට අකමැති වන්නට හේතුව වී තිබුනේ. පිඟාන මාරු වීමත් සමඟම ඌ මහත් උනන්දුවෙන් කෑමගත්තත් ඊට පළමුව ස්වාමිදුවට ස්තූතිකරන්නට අමතක කළේ නැහැ.

“මේ බල්ලා යුරෝපියන්කාරයෙක් නෝනා, කුණු වලට කැමති නැහැ.” බල්ලන් බලාගන්නා කොල්ලා එය අර්ථ කථනය කළා.

පන්ච් සහ ඔහුගේ පූර්ව විනිශ්චය

දිනෙක ඔවුනගේ කෝකියා මාරු කරන්නට සිදුවු අවස්ථාවක සන්ධ්‍යා තේ වේල වේලාවට පැමිණියේ නැහැ. අප්පුට පවා ඒ ගැන කිසිවක් පැහැදිලි කරන්නට දැනුමක් තිබුනේ නැහැ. සින්තියා දැන් නම් මේ රටේ සිරිත් ගැන හොඳටම සාහසික වෙලයි හිටියේ. ඒ හන්දා ඇයම ගියා තේ පරක්කු වන්නට හේතුව සොයා බලන්න. අලුත් කෝකියා බොහොම තද නින්දක කුස්සි කාමරයේ බිම වැතිරී හිටියා. නින්ද කොතරම් ගැඹුරුද කියනවා නම් ඔහුගේ නම කීවාට පවා ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ.

Hunting Dog Party
Hunting Dog Party [Image Courtesy: Threeblindmen Photography Archive – Ceylon Memory Project]

පන්ච් ඔහු වටා රවුමක් ගොස් රෞද්‍ර ලෙස ගෙරෙව්වා. මේ වේලේ නම් ඒ මිනිහා ඇස් ඇර බොහොම බයෙන් බල්ලා දෙස බලා අසරණ අයුරින් බැගෑපත් නෙත් දෙකකින් අඩු ස්වරයකින් මුමුණන්නට වුනා. “උණ, උණ නෝනා.”

කුඩා හෝ අරක්කු ගන්ධයක් නැති නිසා සින්තියා මෙය විශ්වාස කළා. “කමක් නැහැ එහෙනම්, කරදර වෙන්න එපා. මම මගේ කේතලයෙන් තේ හදාගන්නම්. ක්විනයින් ටිකකුයි අයිස් ටිකකුයි මම එවන්නම්. අපි යමු පන්ච්!”

නමුත් පන්ච් වියරුවෙන් මෙන් ඒ අසරණ මිනිසාගේ ඇඳුම් ඉරා දමන්නට පෙළඹුනා. ඇඳුම් නැතිනම් මිනිසා පවා ඉරා දමන්නට හැකියාවක්  ඌට තිබුනා. “මෙහෙ එන්න!” නමුත් පන්ච්ගේ කෝපය වැඩි වුනා මිස මේ නියෝගයට ඌ කීකරු වුනේ නැහැ. බරපතල යමක් සිදුවේ යැයි බියෙන් සින්තියා ආපසු හැරුනා. මෙවිට සින්තියාට දකින්න ලැබුනේ බිත්තියට හේත්තු වී ලෙඩා නැගී සිටින අයුරුයි. ඔහුගේ ඉරියව්ව තර්ජනාත්මක භයානක ස්වරූපයක් ගත්තේ ඔහු දිගු පිහියක් ලෙළවමින් සිටි නිසයි. ඔහුගේ ඇස් කෝපයෙන් ඇවිලුනා. ක්ෂණයෙන් සින්තියා වැඩේ තේරුම් ගත්තා.

මේ මිනිහා කංසා බීලා උමතුවෙන් හැසිරෙන්නේ.

සින්තියා ආපසු හැරුන විට මේ මිනිසාගේ අවධානය බල්ලාගෙන් ඇය වෙත ඇදුනා. දෙමළින් මොන මොනවාදෝ දොඩවමින් එක් අතකින් පිහිය වනමින් අනෙක් අතින් සින්තියා අල්ලන්නට තැත් කළා. සින්තියා ඔහුගේ ග්‍රහණයට අසු වන්නට අඩි කිහිපයකට පෙර පන්ච් ඉදිරියට විත් අඩි පහක් හෝ ඊට වඩා උසකට උඩ පැන මිනිසාගේ නැන්සූක්** රෙද්දෙන් මැසූ කමිස අත දත් වලින් කඩා ගත්තා. ඔහුට තිබූ වටිනා සියල්ලක්ම කෑලි කෑලි වලට ඉරා දැම්මා. ඒ අතර පිහියත් ගිලිහී බිමට වැටුනා. ක්ෂණයෙන් එය පන්ච්ගේ මුවෙහි රැඳුනා. මිනිසා බිත්තියට හේත්තු වී පිටුපසට වුනා.

“අප්පු! ආයා! මුත්තු!” සින්තියා කෑගසන්නට වුනා. නමුත් එක සේවකයෙක් හෝ ඒ ඇමතුමට පිළිතුරු දුන්නේ නැහැ. ඔවුන් මේ මිනිසාගේ තත්වය ගැන සියල්ලක්ම දැන සිටියා. සිදුවිය හැකි දේ ගැනත් දැන හිටියා. ඒ නිසා සෑම සියලු දෙනෙක්ම ආරක්ෂාකාරි දුරකට වී මොකක් හෝ වැඩක යෙදෙන්නට පෙළඹි හිටියා. නමුත් පන්ච් නම් ළඟ හිටියා. ඌට පින්සිද්ධ වෙන්න තමයි සින්තියාගේ ජීවිතය බේරුනේ. නිර්භීත පොඩි එකා! කොහොමද ඌ පිහිය අල්ලන් හිටිය හැටි!

Dog Show with Guns
Dog Show with Guns [Image Courtesy: Threeblindmen Photography Archive – Ceylon Memory Project]

* : ඇසාම් ප්‍රාන්තයේ තේ සම්බන්ධ කාරණාවකි.

** : මුස්ලින් රෙද්දේ මෘදු සැහැල්ලු ආකාරයක්.


කැරොලයින් කෝනර් විසින් රචිත “ලක්දිව්: ආදම්ගේ පාරාදීසිය”

සත් වසක දූපත් දිවියේ ජීවන සටහන්

පරිච්ඡේදය 06

Ceylon: The Paradise of Adam by Caroline Corner

The Record of Seven Years’ Residence In The Island

Chapter 06


Punch likewise had what might be termed “holy horrors,” one of them being uncleanliness, another drunkenness. Nothing savoury would tempt him to eat off a dirty plate, no matter how hungry he might be. One morning on their return from the matutinal canter, both very hungry, Punch made a dash for his breakfast awaiting him. To Cynthia’s surprise, however, he returned, looking up in her face and “whee-wheeing ” pleadingly. Then, as she went on sipping her tea—for Cynthia’s was only chota hazira—and fanning herself, he began tugging at her riding skirt, and looking back in the direction of his curry and rice. “What is the matter, Punchie?” asked his mistress. “Very well, I’ll go and see.” Meanwhile, the “dog-boy ” coming up, said : ” Punch not eat to-day. Lady—Friday. No good dog eat Friday — Christian dog.” “Rubbish ! dogs eat on Friday the same as other days,” was the reply, as Cynthia gathered up her skirts to Punch’s apparent delight. There stood the dog-plate of good food untouched; around the rim, though, were dirty thumb-marks. This the reason why Punch had refused to eat. The plate being changed he went at the food vigorously, but not without showing his thanks to his mistress first. “That dog, European, Lady, not like dirt,” was the dog-boy’s comment.

Another time when they had been obliged to change their cook, afternoon tea not being forthcoming notwithstanding orders, and no explanation being vouchsafed by the Appoo, Cynthia, having become reckless by now concerning the “customs of the country,” went herself to see the reason why. There lay the new cook in a deep sleep on the kitchen floor, so deep he made no response to his name.

Punch walked round him taking stock, then growled rather ferociously. At this the man opened his eyes, looked fearfully at the dog, then fell back helplessly, with an entreating look in his eyes, and in a low tone murmured, ” Fever—fever, lady.” Now, as there wasn’t the slightest smell of arrack about, Cynthia believed it. “Never mind; don’t disturb yourself. I’ll make the tea with my kettle and send you some quinine and ice. Hush, Punch !” for Punch was working himself up into a fury and bade fair to tear the poor man’s clothes, if not the poor man himself, to pieces. “Come away! “But instead of obeying. Punch’s fury waxed, and fearing something serious might occur Cynthia turned back, to find the invalid had risen, and although supported by the wall, his attitude was menacing, tragic, as he brandished a long knife, his eyes aflame with anger. In a flash Cynthia realised the fact.

The man was under the influence of bhang, and had “run amuck!” As soon as she turned, the man’s attention was given from the dog to herself. Staggering and uttering wild words in Tamil, he made for Cynthia with one hand, the knife gleaming in the other. Cynthia was within an ace of his grasp when Punch with a bound, springing into the air some five feet or more, caught the man’s nainsook sleeve in his teeth and tugging for all he was worth, tore it to shreds, but not before the knife fell to the ground. In an instant it was in Punch’s mouth. The man reeled back against the wall. “Appoo! Ayah! Muttu!” cried Cynthia ; but not a servant responded to the call. They knew full well the condition of the man and what might accrue; so each and all had found something to do at a safe distance. However Punch was there, and it was owing to his presence probably that Cynthia’s life was saved. Brave little fellow! How he held on to that knife!


ලක්දිව ගමන් සටහන් පිටු අංක : 15

One thought on “European Not Like Dirt

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s