In Perilous Proximity with an Invading Cobra

වරක් සින්තියා මුහුදුකරයේ බංගලාවක සිටින කාලයේ, දිනක මහන්සි කම්මැලි බවක් දැනි, කවිච්චියක දිග ඇදී, සින්තියාගේ විශ්වාසනීයම, ඔස්ට්‍රියන් මිතුරියක, ආදිපාද බිරිඳකට පැන්සලකින් ලිපියක් ලියමින් හිටියා.

අසලටම ආ නාගයා

පන්ච් බොහොම නිශ්ශබ්දව කවිච්චිය යටට වී උන්නා. ඈ සිතුවේ ඌ නිදි කියලයි. නමුත් එක්වරම ඌ බුරන්නට පටන් ගත්තා. බිරිල්ල අවසානයේ පහත් දිගු ගෙරවිල්ලක්.

“සද්ද නැතිව ඉන්න පන්ච්!”

Colombo Mendicant
Colombo Mendicant photographed by M.B. Uduman

ඒත් පන්ච් සන්සුන් වුනේ නැහැ. එහෙම ඉන්න ඌට උවමනාවක් තිබුනෙත් නැහැ. සින්තියා සිතුවේම ආලින්දියටම පැමිණෙන තවත් හිඟන්නෙක් නිසයි මේ හැසිරීම කියලයි.  පන්ච් කවිච්චිය යටින් විත් සින්තියාගේ ඇඳුමේ අතට පැන එය අල්වා ගෙන ඇගේ අවධානය ගන්නා තුරුම ඇය මොකද බලන්න කරදර වුනේ නැහැ. ඉන් පසු ඇය ඇස් ඇර බැලුවා. ඒ බැලුවේ තමුන්ගේ මතය සනාථ කරගත හැකි දිසාවටම තමයි.

An old Beggar
An old Beggar, Ceylon by Raphael Tuck & Sons Ltd.

ඒ අතරතුර බිම පසෙකින් දඟර ගැසී සිටි නාගයෙකු ඇය දුටුවා. උගේ ඇස් දෘෂ්ටිය ඇගේ ඇස් මට්ටමට තරම් එන්නටම හිස සෘජු ලෙස එසවී තිබුනා.

හිරු එළියේ චිත්‍රනය

ආලින්දයට ඈතින් සූර්යා ගැඹුරු ඉන්දීය සාගරයේ ගිලී යන්නට සැරසෙමින් සිටියා. ගිනි ගොලයෙන් දිගහැරෙන රන්වන් මකුලු දැලක හිනිමගක් මෙන් හිරු රැස් ධාරා ඈ කරා විත් නාගයාගේ කොරපොතු සහිත සමෙහි පතිත වුනා. නාගයාගේ විනිවිද පෙනෙන සමෙන් සෑම ලකුණක්ම දිස්වුනා. ඒ සටහන් හරියට මැණිකක ලියූ රූපාක්ෂර වගේ.

Snake Charmer, Ceylon
Snake Charmer, Ceylon

සින්තියාගේ ප්‍රසාදය

ඇත්තටම මේකා ඇත්ත සතෙකුට වඩා ම්ත්‍යා සතෙක් වගෙයි. එහෙමත් නැතිනම් ගොල්කොන්ඩා* (දකුණු ඉන්දීය හයිද්‍රාබාද් ප්‍රදේශයේ දැවැන්ත දියමන්ති ආකරයක් වටා නැගුනු බලකොටුවක්. මෙම ප්‍රදේශය දියමන්ති නගරය ලෙස හඳුන්වයි.) දියමන්ති ආකරයේ සත්ව දෘෂ්ටියක් වෙන්නට ඕනි. බොහොම ලස්සනයි. බය වෙන්නේ කවුද මූට? සින්තියා නම් නෙවෙයි. නමුත් පන්ච් එහෙම වෙන්න පුළුවන් – ඒ ඈ වෙනුවෙන්. මූ නාග බලයෙන් ඇයව වසඟයට පත් කරගත්තා වෙන්න පුළුවන්. නාගයන්ට එසේ කල හැකි බව කියා තිබෙනවා. කොහොම වුනත් සින්තියා ඌ දෙස බොහොම ප්‍රීතියෙන් බලා සිටියා – දිලිසෙන මැණික් වගේ ඇස්, මිණි ඔටුන්නක රැඳි නාග මාණික්‍ය. ඒ අතරේ පන්ච් බොහොම දරුණු වුනා. තම ස්වාමි දියණිය එතනින් බැහැර කිරීමේ උත්සහය අසමත් වූ තැන, එක්වරම කවිච්චිය මතින් පැන ඉදිරි ගාත් දිග හැර නාගයාගේ අසලින් ස්ථානගත වුනා. උගේ බිරිල්ල නිසා උගේම ශරීරය බොහොම ආයාසයකින් කම්පනය වුනා.

A snake charmer
A snake charmer with the deadly Cobra, Colombo, Ceylon by Stereo Travel Co.

බේරාගන්නට ආ පන්ච්

නාගයා උගේ තේජස් හිස වනමින් වංගු සහිත මඟක එහෙට මෙහෙට යමින් කෝපාවිෂ්ඨ බල්ලා මඟ හරින්නට තැත් කළා. ඌ මත තව දුරටත් බැස යන සූර්යාගේ රන්වන් හිරුකිරණ පතිත වුනේ නැහැ. දැන් නම් ඌ නිකම්ම නිකන් නයෙක්. වෙන මුකුත් නැහැ. සෙවල ඇඟ වනමින් බිම වැතිර හොරෙන් සැඟවී, ගිය හැම තැනකම විස හලමින්, අඩක් බයෙන් තැතිගෙන – අඩක් පලිගන්නට සිතමින් යන සර්පයෙක්. දැන් සින්තියා බිය විය යුතු අවස්ථාවයි. ඒ පන්ච් ගැන.

“පන්ච්! පන්ච්! මෙහෙ එන්න” ඇය මොර දුන්නා. “මෙහෙ එන්න පන්චි!”

නමුත් සර්පයා ආලින්දයට පළවා ස්වාමි දුවගේ ආරක්ෂාව තහවුරු කරන තුරු පන්ච් එයට අවනත වුනේ නැහැ. සින්තියාගේ කැඳවුමෙන් පිටුපස ආලින්දය වෙතට විවර වෙන දොර කරා සේවකයන් පැමිණි නමුත් නාගයා අතුරුදහන් වෙන තුරු ඔවුන් කිසිවෙක් ඉන් ඉදිරියට අඩියක්වත් තිබ්බේ නැහැ.

“නෝනා, නයා මැරුවේ නැහැනේ? නයා නෝනාට වාසනාව ගේනවා” ඒ කීවේ ආයා. “ඒ නයා නෝනාට හානි කරන්නේ නැහැ. මිතුරු වුනාම තමා නයා ඔලුව උස්සන්නේ. මම දන්නවා ඒක. ඒ නිසයි ඉක්මනට ආවේ නැත්තේ.” හින්දු කෝකියයි ඒ. දැන් හැමෝම එක එක්කෙනා ලෑස්තියි එළියට ඇවිත් ප්‍රලාප දොඩවන්න. මිනිස් ස්වභාවය ඒක තමයි. කලු වුනත් සුදු වුනත්.

Snake Charmer
Snake Charmer, Ceylon by John & Co.

තවත් එක් සිරිතක් – තවත් එක් උල්ලංඝනයක්

ගල්කිස්සේ පොල් රුප්පාවක් පාමුල පස් ගොඩක් යට ඇගේ පුන්චි ආරක්ෂකයා, මිතුරා, නිදන අතරේ; ඇයට, උගේ ස්වාමි දුවට, බොහෝ ඈත එංගලන්තයේ ඉඳන් ඌ ගැන නිතරම කතා කරමින් තාමත් සිතමින් සිටින්නට වෙයි කියලා සින්තියා අපේක්ෂා කළේ නැහැ. “රටේ සිරිත්” වලට කොහොම පටහැණි වුනත්, ලෝකසම්මත විශ්වාසයන්ට අනුව බල්ලෙකු මිනිස් ප්‍රාණියෙකුට සම නොවේ යයි කීවත්, යම් දිනෙක ඇය උගේ සොහොන බලන්නට යාවි. ඇය බලාපොරොත්තු වෙනවා පන්ච්ව නැවත මුන ගැසෙන්න. ඇය විශ්වාස කරනවා එයට එසේ කල හැකි යයි කියා.


කැරොලයින් කෝනර් විසින් රචිත “ලක්දිව්: ආදම්ගේ පාරාදීසිය”

සත් වසක දූපත් දිවියේ ජීවන සටහන්

පරිච්ඡේදය 06

Ceylon: The Paradise of Adam by Caroline Corner

The Record of Seven Years’ Residence In The Island

Chapter 06


Once—it was at the seaside bungalow, Cynthia, feeling depressed, was stretched on a couch writing in pencil to her friend, an Austrian countess, to whom she confided all. Punch, very quiet, she believed asleep, was beneath the couch. All at once he barked, a long low growl ending in a bark. “Quiet, Punch!” But Punch was not quiet, nor would be. Cynthia, deeming it but one more of the many beggars come to the verandah, did not trouble to look up, until Punch, having come out from beneath the couch, jumped up and caught her sleeve to arrest her attention. Then Cynthia raised her eyes.

But even while she spoke reprovingly on the one side, on the other she beheld a cobra, coiled up on the floor, its head erect, its eyes gazing at her on a level with her own. Beyond the verandah the sun was setting in the deep Indian Ocean, its rays like golden gossamer ladders, stretching from that ruddy golden orb direct to her, and passing between through the scaly skin of the cobra. Every mark was shown upon the cobra’s transparent skin, so that the figurings looked like hieroglyphics in gems. Indeed the whole creature seemed mythological rather than real, or a vision creature from the jewel-mines of Golconda. So beautiful, who could be afraid?

Not Cynthia, although Punch might be—for her sake. May be it exercised a power of fascination over her, as the cobra is said to do. However it was, Cynthia gazed admiringly at it, its jewelled hood with the coronet, its scintillating, gem-like eyes, while Punch grew desperate. Failing in his efforts to draw his mistress away, he suddenly took a leap over the couch; then straightening his fore limbs, he planted himself fixedly by the side of the cobra, barking so that his body vibrated with the effort.

The cobra dooped its majestic head, turning sinuously this way and that to avoid the infuriated dog. Now that it was no longer under the golden rays of the setting sun it looked what it was—the snake, nothing more. Wriggling its slimy body, half in fear, half in retaliation, it crouched and sneaked along the floor, spitting out the virus in all directions as it went. Then was it Cynthia’s turn to fear—for Punch.

“Punch! Punchie! Come here,” she cried. “Come here, Punchie!” But Punchie declined until he had driven the snake out on to the verandah, so that his mistress was safe. In answer to Cynthia’s calls the servants appeared at the door opening on to the back verandah, but not a step further would any of them come until the cobra had disappeared. Then, “Lady not have cobra killed? Cobra bring lady good-luck,” from the Ayah. “That cobra do lady no hurt—head keep up—always so when cobra friendly. I know that, so I not come quick,” from the Hindoo cook, each and all ready to come in and gossip now. Human nature is much alike, black or white ! Alas ! there came a day—but many chapters must intervene first.

Cynthia would rather not anticipate the little mound at the foot of a cocoanut-palm at Mount Lavinia, where her little protector and friend lies sleeping, while she, his mistress, far away in England, often speaks, and still more often thinks, of him. Some day she may visit that grave, contrary to any “custom of the country,” or of the orthodox belief that a dog is unworthy of a soul. Some day she hopes to — she believes she shall—meet Punch again.


ලක්දිව ගමන් සටහන් පිටු අංක : 17

One thought on “In Perilous Proximity with an Invading Cobra

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s