Cynthia on the Verandah Surrounded by her Pets

ඒ ගතවුනේ සින්තියාගේ ප්‍රීතිදායකම දවස්.

සුරතලුන්ගෙන් වටවී සින්තියා ආලින්දයේ

රැකවෙලෙහි යෙදී සිටින ඇගේ කීකරු ටෙරියර් වර්ගයේ බලුපැටියා “පන්ච්” සහ, පන්ච් අවසරදෙන ආසන්නයකට පැමිණෙන සුරතල් කළුකුමා “චින් චින්” සහ, බංගලාව පසුකොට යන අස්ස කරත්තයන්හි සිටිනා මඟීන්ගේ මවිතයට තුඩුදෙන, ඉංග්‍රීසි, සිංහල, දෙමල යන බහු භාෂාවෙන්ම දොඩවන මයිනා සමඟ, ආලින්දයේ වුනු ඇගේ ලියන මේසය ඉදිරියේ වාඩි වී සිටින්නට සින්තියාට හැකි වුනා. උන් තමයි ඇගේ සගයන් වුනේ. ඒත් ඒ අතරින් පන්ච් තමයි ඇගේ අසලින්ම සැමවිට හිට්යේ. ඒ වගේම ඇගේ වඩාත් ආදරයට පාත්‍ර වුනේත්. ජූඩිගෙන් ඉපදුනු පැටව් හත් දෙනෙකුගෙන්, පන්ච් “අවලස්සන තාරා පැටවා” වුනා. ඔහුගේ සියලුම සහෝදර සහෝදරියන් හදාවඩා ගන්නට කෙතරම් අයගෙන් ඉල්ලීම් ලැබුනත් පන්ච් වෙනුවෙන් කිසිඳු ඉල්ලිමක් ලැබුනේ නැහැ.

“මේ බල්ල හොඳයි කුස්සියේ ඉන්න මීයෝ මරන්න,” ඉන්දියානු කෝකියා තීන්දුව දුන්නා. “මහත්තයා, මට මේ බල්ලව පිටිපස්සේ ඉස්තෝප්පුවේ තියාගන්න දෙන්න. මම ඌට බංගලාව ඇතුලට එන්න දෙන්නේ නැතිවෙන්න තියාගන්නම්.” කෝකියාගේ මේ සහතිකය නිසා සිද්දිය එසේ යහපත් ලෙස අවසරයත් සමඟ අවසන් වුනා.

ප්‍රීතිමත් දවස්

Neapolitan Mastiff
Neapolitan Mastiff

ඉතින් ඔහොම තමයි පන්ච්ගේ ජීවිතය බේරුනේ. පන්ච් ඇත්තෙන්ම කැතයි. හාස්‍යජනක විරූපි බවක් තියෙන්නේ.  එක කනක් අනෙක් කනට වඩා විශාලයි, පිටි පස්සට වෙලා. තියුණු විනිවිද යන ඇස් තිබුනට ඒවා ඇද වෙලා. හක්ක එල්ලා වැටෙනවා. බුල්බල්ලන්ගේ ලේ ධාතුව පෙන්නුම් කලාට නහරවල දුවන්නේ කලවම් ලේ. නොතිබෙන්නට ඕනි වලිගයකුත් තියනවා. එකකට එකක් නොගැලපෙන කොටස් එකතුවෙලා හැදිච්ච බල්ලෙක්. පන්ච් එහෙම උනත් උගේ සහෝදර සහෝදරියෝ නම් බොහොම ලස්සනයි.

කාටවත් පන්ච්ව ඕනෑ වුනේ නැහැ. කාටවත්ම. මේ අනාදරය උගේ වර්ගයාගෙනුත් ලැබුනද නැද්ද කියන්න සින්තියා හරියටම දැනගෙන උන්නේ නැහැ.

මේ කුරිරු ලෝකයට උගේ දෑස් විවර වු ඒ දවසේම සින්තියා දහවල් ආහාර වේල ගන්නට වාඩි වී සිටියදි ඇයගේ දෙපා වලට දැනුනා කුමක්ද එහා මෙහා යන වග. ඇය ඉක්මනින්ම සාය ඔසවා බැලුවේ ඒ සර්පයෙකු යැයි බියකින්. නමුත් හිට්යේ මේ “අවලස්සන තාර පැටියයි”. ඒ පුංචි ඇස් දෙකෙන් මතුවූ හාස්‍යජනක දීප්තිය ඇගේ නෙත් හමු වූ සැනින්ම ඇය ඔහුට නම් තැබුවේ “පන්ච්” කියලයි. ඌ මෙච්චර දුරක් පෙරළි පෙරළි ආවේ කොහොමද කියල දන්නේ බලු දෙයියෙක්ම තමයි. ඌ ඈ වෙතටම ඇදී ආපු එක සින්තියාට මහත් ප්‍රෙහෙලිකාවක් වුනා.

“ඇයි ඌට බංගලාව ඇතුලට එන්න ඉඩ දුන්නේ?” සින්තියාගේ සැමියා ප්‍රශ්න කලා.

“සර්, මම එන්න දුන්නේ නැහැ. ඌ ආපු වගක් මම දැන උන්නේ නැහැ.”

“අරගෙන යනවා ඒකව.”

“හොඳයි සර්,” පන්ච් නැවතත් උගේ පවුලට එකතු වුනා.

ඊළඟ දවසේත් මෙලෙසම සිදුවුනා. කිසිවෙක් ඌ එනවා දකින්නේ නෑ. ඒත් ඌ ඇවිත්. ඊළඟ දවසේත් ඊට පස්සේ දවසේත් දවසින් දවස මෙය සිදු වුනා. කොහොම නමුත් සින්තියා කෑම කන වෙලාවේ ඌ සිරකොට තබා ගැනීමට දැඩි ලෙස විරුද්ධ වුනා. ඇත්තම කිව්වොත් ඇගේ අභ්‍යන්තර සිතෙහි යම් අදහසක් පැළපදියම් වී තිබුනා. අයෙක් මෙය මිත්‍යා විශ්වාසයක් ලෙස දකින්නට පුළුවන්. දැනටමත් ඇය මේ කුරුළු පාරාදීසය සැබවින්ම ආදම්ගේ උයන නොවන බව පසක් කොට තිබුනා. “ඌව තියාගන්න, ඌ ඔබට අනර්ග වස්තුවක් වේවි. ඔබට වාසනාව ලඟා කර දේවි.” ඇගේ සිත කීවේ එහෙමයි. පන්ච් කැතයි වෙන්න ඇති, ඒත් ඌට මාර චරිතයක් තියනවා. උගේ හකු පාඩාවේ කාටවත් යටත් නොවන නායකයෙකුගේ ගතියක් තියනවා. පුංචි ඇලවුනු ඇස් වලින් මතුවෙන්නේ අවංකකමයි, ළැදියාවයි. සින්තියා ඈටම කියාගත්තේ “ඔව්, සත්තකින්ම.” ඒත් කොලෝනියල් නෝනලා ඊට මොනවා කියයිද? ස්වර්ගයට යන්නට ගමන් බල පත්‍ර අනිවාර්යයෙන්ම හිමි කරගන්නා ඇයත්, සම්මත චාරිත්‍ර වලින් බැහැරව කටයුතු කරන ඇගේ අනුගාමිකයනුත්, හැමෝම කියනු ඇත්තේ “යුරෝපීය කතක් මොළය පාවිච්චි කොට කළ අපූර්ව ක්‍රියාවක්” කියායි. සමහර අය මොළයක් ඇත්තෙම නැතිව කල වැඩක් කියලත් කියන්න ඇති.

උගේ ගාත් ශක්තිමත්ව වැඩෙන විට එක් දිනක් බලාපොරොත්තු රහිත මොහොතක ඌ කුලප්පුවෙන් බක්කි කරත්තයට නැගලා උගේ ස්වාමිදුව අසලින් වාඩි වුනා. සින්තියා ඌව අල්ලාගත්තේ නැතිනම් ඌ වැටෙන්නට තිබුනා. සමහර විට වැටී කකුල හෝ කොන්ද කඩා ගන්නට ඉඩ තිබුනා. බක්කි කරත්තය ගෙනගිය ශක්ති සම්පන්න ඕස්ට්‍රේලියානු අස්සයා මොකද්දෝ අමුත්තක් දැනී ගස්සා උඩ පැන එක පිම්මේ කලබලයෙන් දුවන්නට වුනා. පන්ච් ජයග්‍රාහී ලීලාවෙන් ඇගේ ස්වාමිදුවගේ දෙපාමුලටම වී සිටියා.

Railway Engineer Richard on Horsetrap
Railway Engineer Richard on Horsetrap (Stanhope phaeton) with his horse keeper [Image Courtesy: http://www.imagesofceylon.com ]

තවත් දවසක මත් වූ යුරෝපීයයෙකු රැගත් රික්ශෝවක් ඌ මතින් ගියා. රික්ශෝව පෙරලුනත් පන්ච් ස්වාමිදුව සිටි බක්කි කරත්තය පසුපස දිව ආවේ කිසිම හානියක් නැතිව.

ඔටුනු පළන් යටත් විජිතයේ යෙහෙන්ම වැජඹෙන්නේ කවුරුන්ද?

පන්ච් ශාන්තුවරයෙක් නෙවෙයි. ඒ වගේ හැසිරුනෙත් නැහැ. ඌට දරුණු ලෙස ද්වේෂයෙන් කටයුතු කරන්න පුලුවන්. ක්‍රෝධයෙන් පිරෙන්න පුළුවන්. ස්වදේශිකයනුත්, යාචකයනුත්, තැපැල්කාරයනුත්, නීචයන් සහ බයගුල්ලනුත් (සත්ව සහ මිනිස්), බොරු කෙරුම්කාරයනුත්, පුරසාරම් දොඩවන්නනුත් උගේ අමනාපයන් වලට පාත්‍ර වුනා. මේ සියල්ලන්ම ඔටුනු පලන් යටත් විජිතයේ යෙහෙන් වැජඹෙන්නෝ. “ඔබ ඔහු ගැන හිතන්නේ මොකද්ද?” උගේ ප්‍රකාශනාත්මක පුංච් ඇස් මෑතකදී පොහොසත් බවක් පෙන්වූ ගොරහැඬි රූපකායක් සැහැසි දේහකායක් ගමන් කරද්දි විමසිලිමත් වුනා. නපුරු චරිත ඌට ඔරොත්තු දුන්නේ නැහැ. ඒ වගේමයි අණක් ගුණක් නැති එවුනුත්. ක්‍රමක්ක්‍රමයෙන් පන්ච්ගේ කැත ස්වරූපය නැති වී ගියා. නමුත් විසුලු ස්වරූපය මගහැරී ගියේ නැහැ. ඌ විකටයෙකුගේ ප්‍රතිමූර්තියක්. පොළවේ සිටින බයාදුම කොටසක් වූ සිංහලයන් බය කිරීම හැරෙන්නට ඌට වෙන විනෝදයක් තිබුනේ නැහැ. එසේ කොට ඉන්පසු ඌ උගේ ස්වාමිදුව දෙස බලා හිනාවෙනවා. ඔව් හිනා වෙනවා. මෙය ඌ කරන බොරු රැවටිල්ලක් පමණයි. එසේ වුනත් නිරුවත් කුඩා දරුවෙක් අතින් ගෙන ආරක්ෂාවට පලිහක් මෙන් භාවිතා කරන මනුස්සයෙක් දුටු විට නම්, පන්ච් එය බොහොම බරපතලෙට ගෙන කෝපාවිෂ්ට වෙනවා.

Beggars at The Temple of the Tooth
Beggars and Devotees at The Temple of the Tooth Sri Dalada Maligawa, Kandy by J. Dearden Holmes (ca 1920)

කැරොලයින් කෝනර් විසින් රචිත “ලක්දිව්: ආදම්ගේ පාරාදීසිය”

සත් වසක දූපත් දිවියේ ජීවන සටහන්

පරිච්ඡේදය 06

Ceylon: The Paradise of Adam by Caroline Corner

The Record of Seven Years’ Residence In The Island

Chapter 06


Those were happy days for Cynthia, seated at her writing-table on the verandah, with her faithful terrier Punch on guard, Chin-Chin, a pet turkey, as near as Punch permitted, and Chou-Chou, a minah, chattering a polyglot of English, Sinhalese, and Tamil, to the amazement of the passengers passing by in the gharries. These were her companions. But the nearest always, as well as the dearest, was Punch. Now Punch, begotten of Judy, was the “ugly duckling” of a brood of seven. Applications in plenty came for his brethren, none for himself.

 “That dog only good for kill rats, plenty in kitchen,” was the verdict of the Indian cook. ” Master, let me take that dog on back verandah, never I let go in bungalow, I say d—n, good English.” This graceful finish to the asseveration was intended to lend solemnity, and was accepted in that sense. One cannot be always moralizing or didactic with a thermometer at 100 in the shade.

So it was that Punch, ugly Punch’s life was spared. Punch certainly was ugly, comically ugly. One ear larger than the other and set more aft, eyes sharp and penetrating, but aslant ; jaw under hung, betokening bull blood in his mongrel veins, and a tail everything it shouldn’t be ; a canine specimen made up of odd bits. Such was Punch, whose brethren were beauties.

Nobody wanted Punch—nobody. Now whether it was he experienced the same “cold shoulder” treatment from his kith and kin, Cynthia couldn’t say, only that on the very day his eyes opened on this wicked world, when seated at tiffin she felt something move, and quickly snatching up her skirts in fear of a cobra discovered—the “ugly duckling.” Such a comical twinkle came into his little beadlike eyes on meeting her own that she named him Punch there and then. How he had tumbled so far the canine deity alone knows! Why he should tumble to her, mystified her wildest imaginings! “Why did you allow that dog to come into the bungalow?” questioned Cynthia’s husband. ” Sar, I not allow: I not know dog coming.” “Take it away.”

”Salaam, sar,” and Punch was restored to the bosom of his family. Next day the same occurred. Nobody saw him come, nevertheless there he was. Next day and the next. Cynthia, however, entered her protest against his being locked up at meal-times. Truth to tell, in her inner consciousness there lurked an idea, a superstition some would say. Already she was proving the truth of the bird of Paradise, this land was not all Eden. “Keep him ; he will be your mascotte; he will bring you luck,” spake that idea within. Punch might be bizarre, but he had character; indomitability worthy of Bismarck was in that jaw ; sincerity, devotion, illumined those little slant eyes. To herself Cynthia said “yes, and soul.” What would Mrs. Colonial Grundy say to that?

What more rather than she and her votaries—all in sure possession of their passports to heaven, via les convenances—were already saying of “such extraordinary conduct in a European lady, exercising her brains, or—having brains at all!” When his little limbs grew stronger, one day in desperation Punch made a frantic effort to jump into the Stanhope phaeton and take his seat beside his mistress. He would have fallen, perhaps have broken his back or a limb, had not Cynthia seized him. The horse, a high-mettled Australian, fearing something irregular, leapt, bounded and galloped off at a furious pace.

Punch was victorious; he kept his place at his mistress’s feet. Another day a rickshaw, containing a European helplessly intoxicated, ran over him. Punch on foot, following his mistress in the phaeton, emerged unharmed, although the rickshaw was capsized. A volley of foul abuse was hurled at Punch’s heels, to be followed by a brick, when Cynthia, pulling up, sprang out and confronted the angered “angel in embryo” with a look in her eyes before which that “angel ” quailed and let drop the brick.

Punch himself was no saint—he didn’t pretend to be. He had deadly animosities, and was a prime hater. The category of his aversion comprised natives, beggars, postmen, sneaks and cowards (animal and human), snobs, and swagger; all of which flourish in His Majesty’s First Crown Colony. “What do you think of that?” asked his expressive little eyes, when something cruel in “mushroom” grandeur or crude style passed by. Bad form he could not endure, nor vulgar taste. Gradually Punch outgrew his ugliness ; not so his comicality. He was the incarnation of the comic ; no high and mighty human being ever had a keener sense of it. Nothing amused him more than to terrify the Sinhalese, who are the greatest cowards on earth. Afterwards, he would look round at his mistress and laugh—yes, laugh. It was only pretence on his part. But when a man seized a naked child and held as a shield of protection before him, Punch waxed serious and really furious.


ලක්දිව ගමන් සටහන් පිටු අංක : 14

One thought on “Cynthia on the Verandah Surrounded by her Pets

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s