The Muttu’s Dinner Party

මේ වන විට සින්තියා සෑම උදෑසනකම පැය කිහිපයක් ලිවීම කරන්න පුරුදුවෙලා හිටියා.

රටේ තවත් සිරිතක්

ඇගේ අත්දැකීම් බොහොම සිත්ගන්නාසුලුයි. ඇත්තෙන්ම ඒවා සටහන් තබාගන්නා එක සෑහෙන්න වටින දෙයක්. කොහොම නමුත් මේ වගේ වැඩ ඇයට බොහොම ගැළපෙනවා. සංස්කෘතීන් තේරුම් ගන්න, ඒවා අගය කරන අය කිහිප දෙනෙක්වත් ඉන්නවා. ඇගේ අත්දැකීම් හාස්‍යජනක බවින් තොර නැහැ. සින්තියා උසුළු විසුළු වලට ලක්වුනු තැනැත්තා වුනත් ඇය හාස්‍යයට බොහොම කැමතියි.

දිනක් ඉස්තාලය පැත්තෙන් ආපු කටහඬවල් නිසා ඇය බොහොම කලබලයට පත් වුනා. එක් වතාවකට වඩා ඇය අප්පුට අඬගහන්න ඇති සද්දෙ නවත්තන්න කියන්න. නමුත් ඉන් හොඳ ප්‍රතිඵලයක් ලැබුනේ නැහැ.

“අනේ අපොයි! මම ම ගිහින් බලන්නම්!” සින්තියා සුසුම් ලෑවා. උෂ්ණත්වය මේ වෙනකොට අංශක 110ක් වුනා.

“මුත්තුගේ යාළුවෝ ඔක්කොම ඇවිත් නෝනා. හැමෝම කියවනවා – තරහෙන්. නෝනා යන්නේ නැද්ද?” අප්පු අන්තිමේදි කාරණේ පැහැදිලි කරදුන්නා ඔහුගේ ස්වාමිදුව යන්න නැගිටිනකොටම.

“ඇත්තටම මම යනවා. ගිහින් බලනවා මොකද්ද මේකෙ තේරුම කියලා.”

‘කඩ්ජන්’ මඩුවේ හෙවණට වෙලා මුත්තු තාම සින්තියා එදා උදෑසන පැද්ද වෙළඹව මදිනවා. ටිකක් ඈතින් බුරබුරා නැගෙන ගිනි ගොඩක තැබූ විශාල හට්ටියක් වටා සිටගෙන අප්පු කියපු කියව කියව ඉන්න ගෑනු හය හත් දෙනා හිටියා. එයාලට කිව්වේ “තණකොළ ගැහැණු” කියලයි. එයාලා තමයි අස්සයන්ට හැමදාම තණකොළ කපාගෙන ඇවිත් ගෙනල්ලා දෙන්නේ.

Coolie Women
Coolie Women [Image Courtesy: http://www.imagesofceylon.com ]

අභිනයෙන් ඔවුන් තරහෙන් කියවන බව පේනවා. වරින් වර ඔවුන් මුත්තු දෙස බලනවා. ඔහු තාමත් සතාව ‘සම්බාහනය’ කරමින් ඉන්නේ. ස්වදේශික අස්ගොව්වන්ට පුළුවන් එහෙම කරන්න තමයි. ඔහු පිටිපස හරවාගෙන සිටි නිසා සින්තියා කතාකරන තුරු ඇය ආ බව ඔහු දැන උන්නේ නැහැ.

“මේකේ තේරුම මොකද්ද මුත්තු? මේ ගෑණු කවුද? ඇයි එයාලා මෙහෙ? අර ඉන්නේ අපේ තණකොළ ගෑනිනේ. අරයව අපි අස් කළානේ. මේ අනික් අය කවුද?”

මුත්තු පළමුව සලාම් කියා ඇයට ආචාර කළා. ඉන්පසු හිස නැමුවා. ඒවගේම ඔහුගේ දැකුම්කලු මුහුනින් හීන් සිනහවක් මතුවුනා. ඇයට පෙනුනා ඔහුගේ තලෙලු පැහැ සමෙන් රත් පැහැයක් නැගෙන බව.

Tamil Girl Bringing Water
Tamil Girl Bringing Water from Tap photographed by Plate & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

“කවුද මේ?” ඇය නැවතත් විමසුවා.

“මේ- මේ… ඒගොල්ලෝ තණකොළ ගෑණු නෝනා.” බුලත් විටක් හපන අතරවාරේ ඔහුගේ පිළිතුර වුනා. ගෑනු ටික සද්දෙ නවත්තා පිටුපසට වුනා. ඒත් ඒ මොහොතකට විතරයි. එක් රූප සම්පන්න තද ඇස් ඇති ප්‍රාණියෙක් ඉදිරියට ආවා. ඇගේ පිටිපසින් අනෙක් අයත් ඇදී ආවා. නග්න දුඹුරුවන් අත් ආයාචනාත්මකව එසවුනා. ගාලගෝට්ටිය නැවතත් ඇරඹුනේ සින්තියා අකුරක් වත් නොදන්න බාසාවකින්.

“නවත්තන්න! මුත්තු මේ හැමෝම එකපාරට කියවන එක නවත්තන්න දැන්ම. එයාලට මට මොනාද කියන්න තියෙන්නේ? ඇය ඇසුවා. “මේ ගෑනු කෙනා කවුද?” තද ඇස් ඇත්ති පෙන්නා ඇය විමසුවා.

“අහ්ම්…. ඒ ගෑනිද නෝනා? ඒ ගෑනි මගේ බිරිඳ.”

Tamil Woman and Child
Tamil Woman and Child photographed by Skeen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

“උඹේ බිරිඳ මැරුනා කියලා කිව්වා නේද. ඒ හන්දානේ මම උඹට ඒ අම්මා නැති දරුවාව මෙහෙ තියාගන්න ඉඩ දුන්නේ” සින්තියා කිව්වේ බොහොම කෝපාවිෂ්ට වෙලයි. හිරු ගිනියම් වන මද්දහනේ සූර්ය ධාරා ඈ වෙතම පහර දුන්නේ හෙවණක් තිබියදීමයි.

“මේ අලුත් බිරිඳ, නෝනා” මුත්තු පිළිතුරු දුන්නේ අසු පිරිමදින බුරුසුවෙන් වැඩ අරඹමින්.

“උඹ ආයේ බැන්දා කියලා මට කිව්වේ නැහැනේ. හොඳයි, අනෙක් අය කවුද?”

සින්තියා අත්පංකාවෙන් පවන් සලන අභිනය ඔවුන් සිතා ගත්තේ ඉදිරියට එන්නට හෝ නො-එන්නට කරන ඇරයුමක් ලෙසයි. අම්මෝ එයාලගේ සද්දේ. “නවත්තන්න! දෙවියන්ගේ නාමෙන් නවත්තගන්න!”

මේ මොහොතේ හැම ගෑනු කෙනෙක්ම අනෙකා දෙස බැලුවේ කෝපයකින්. හැමෝම කලහකාරි වුනත්, තද ඇස් ඇත්තීට එරෙහිව යම් එකමුතුවක් තියන හැඩක් පෙනුනා.

Tamil Estate Workers
Tamil Estate Female Workers [Image Courtesy: http://www.imagesofceylon.com ]

“දැන් මුත්තු, මට දැනගන්න ඕනා මොකද මෙතන වෙන්නේ කියලා හැම දෙයක්ම. අර කෙනා මොනාද කියන්නේ?” ඇගේ පවන් පත අහඹු ලෙස තෝරාගත් කෙනෙකු දෙසට දිගු වුනා. මුත්තු බොරු සිනහවක් මවා පා වෙළඹගේ ලෝම අස්සේ හිස නවා ගත්තා. “කතා කරන්න මනුස්සයෝ. නැතිනම් අස් වෙලා යන්න. මම හේතුව ලියන්නම් උඹේ රෙජිස්ටර් පොතේ. (ලක්දිව සෑම සේවකයෙක්ම ලියාපදිංචි විය යුතුයි.)

“අහ්- එයාද නෝනා?” ඔහු අස්ස බුරුසුව ඈ වෙත දිගු කළා. “එයා කියනවා එයා මගේ බිරිඳලු” ඔහු අසුගේ ලොම් ඔපදමන්නට අවසන් පිරිමැදීම කළා. ඒ නිසා ඔහුගේ පිටිපස ස්වාමිදුව වෙත හැරී තිබුනා.

“මොනවා! තව බිරිඳක්. එතකොට අරයා?” සින්තියා රළු හඬකින් විමසුවා.

“අහ්- එයාද? එයාත් කියනවා එයා මගේ බිරිඳලු” ඔහු තවත් බුලත් විටක් සප්පායම් වෙමින් පිළිතුරු දුන්නා.

මුත්තුගේ රාත්‍රී සාදය

නැවතත් අත් එසවුනා. ඝෝෂාවත් නැවත මතුවුනා. ඒ අතරවාරේ හට්ටියත් උතුරන්නට පටන්ගත්තා. තද ඇස් ඇත්ති ඒ කරා ගියා. අනෙක් අයත් ඒ පසුපස ගියා. හැමෝටම එකම කාර්ය කරන්නට ඕනෑ වුනා. දරුණු කලහයක් පටන් ගත්තා.

“මේ දේවල් මෙහෙ සිද්ධ වෙන්න දෙන්නේ නැහැ මම තවත්. කොහොමද එයාලා මෙහෙම එන්නේ? එයාලට මෙහෙ කරන්න රාජකාරියක් නැහැනේ. එයාලා මොකටද මෙහෙට ඇවිත් ඉන්නේ?” හට්ටියෙන් නැගෙන දුමෙන් බොහොම ප්‍රණීත බවක් නැංවුන නමුත්, දුමත් බුර බුරා නැගෙන ගිනිදැලුත් තද ග්‍රීෂ්මයට වඩා බලවත් වුනා.

දොරසානිට* ආරාධනාවක්

“මගේ බිරිඳ අද මාත් එක්ක කන්න ඇවිත් නෝනා. බොහොම හොඳ රෑ කෑමක් තියනවා. අනෙක් ගෑනිටයි අනික් උන්දැලටයි මේ හොඳ රෑ කෑම ගැන ආරංචි වෙලා. හැමෝම ඇවිත්. දැන් සණ්ඩු කරනවා. මම කැමති නැහැ සණ්ඩු වලට නෝනා. මොනා කරන්නද? මේ තණකොළ ගෑණු අඩු කුලේනේ. මම තව බිරිඳක් ගන්නවා හොඳ කුලේකින්. එතකොට සණ්ඩු නැහැ. මම-…”

Tamil Woman
Tamil Woman with a Basket photographed by Skeen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

“නවත්තගන්නවා! ඔය කියෙව්වා හොඳටම ඇති. චි… චී… හරිම කැතයි.” සින්තියා පුදුමයෙන් වික්ෂිප්ත වුනා. නමුත් ඇය මොනා කරන්නද? මේ වෙද්දි අනෙක් ඔක්කොම සේවකයෝ ඒ වටා රැස් වෙලා. හැමෝම පැහැදිලි ලෙස නියවමින් හිටියා. ඇත්තෙන්ම කවුරුහරි අවදානමක් අරගෙන පෙරදිග කලාපයක “රටේ සිරිත්” වෙනස් කරන්න හදද්දි, එයාට දැනෙනවා ඒක බොහොම අසීරු කටයුත්තක් කියලා.

කදිම අදහසකින් සින්තියාගේ ජරමර නැතිවෙයි

ඉන් එක් ස්ත්‍රියක් උකුලේ දරුවෙකු හොවාගෙන හිට්යා. ඒ දරුවා දැක සින්තියාට දිව්‍යඥානයක් වගේ අදහසක් පහළ වුනා.

Tamil Girl and Child
Tamil Girl and Child photographed by Scowen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

“මේ දරුවා කාගේද?” ඇය බොහොම උදාර ලීලාවකින් ඇසුවා.

මුත්තු ආචාර කොට සිනහසී මෙසේ ආඩම්බරයෙන් කිව්වා. “ඒ ළමයා මගේ නෝනා.

“හොඳයි, එහෙනම් මෙන්න මෙයා, ළමයාගේ අම්මා, ඒ කියන්නේ උඹේ බිරිඳ. අනෙක් අයට යන්න කියාපන්. මට ආයේ එයාලව දකින්න තියන්න එපා. මේ ගැන ආයේ කතා කරන්න තියාගන්නත් එපා.” සින්තියා මෙසේ කිව්වේ රළු, බොහොම රළු සද්දෙකින්.

ඇගේ උදාරම් ලීලාව පවත්වාගනිමින් ආපසු යන්නට හැරෙන විටම මුත්තු කතා කරන්නට පටන් ගත්තා. “හොඳයි නෝනා. මම අනෙක් අය පිටත් කර හරින්නම්. ඒත් හොඳ රෑ කෑම දෙන්න එපාද ඊට කලින්? නෝනා බලන්නකෝ. යස රෑ කෑම!”

කදිම තර මීයන් දහනම දෙනෙක්.

හට්ටියේ පියන ඇරියා. ඇත්තටම ඒ දුම බඩගින්න ඇති කරවනවා. සින්තියා හිතුවේ මේ රාත්‍රී අටේ රෑ කෑම වේල හදලා ඇත්තේ කුකුල්මසකින් කියලයි.

“මේ මොනාද? කොහෙන්ද මේවා හොයා ගත්තේ?” සින්තියා ඇසුවේ බොහොම උද්වේගයෙන්.

“මීයෝ! දහනමයක්ම මම ඇල්ලුවා. බොහොම තර මීයෝ. නෝනා රස බලන්න කැමතිද?” ඒත් නෝනා යන්නට ගිහින්- යටිගිරියෙන් කෑ ගසාගෙනම.


[අනුවාදක සටහන:

*දොරසානි–  තෙලිඟු බසින් හාමිනේ යන අර්තය දේ

]


කැරොලයින් කෝනර් විසින් රචිත “ලක්දිව්: ආදම්ගේ පාරාදීසිය”

සත් වසක දූපත් දිවියේ ජීවන සටහන්

පරිච්ඡේදය 07

Ceylon: The Paradise of Adam by Caroline Corner

The Record of Seven Years’ Residence In The Island

Chapter 07


CYNTHIA had by this time accustomed herself to write on the verandah for a couple of hours every morning. Her experiences were so interesting, surely they were worth recording. At any rate, such work as this was more congenial to her than giving herself up to the inanities of a very heterogeneous “society,” although there were some who could and did understand and appreciate culture. Her experiences were not without a humorous side; humour always appealed to Cynthia, even though she might be a victim of it.

One day she was much disturbed by voices proceeding from the region of the stables. More than once she had summoned the Appoo and told him to put a stop to it, without any satisfactory result however. “Oh! dear. I must go myself!” Cynthia sighed, for the thermometer marked 110 in the shade.

“Muttu got many friends there, lady, all talking together, angry—lady not going?” the Appoo vouchsafed as explanation, at last, when his mistress got up to go. “Indeed I will go, and see what it means.”

Now under the shade of cadjan the Muttu was still grooming the mare Cynthia had ridden that morning. At a distance was a huge chattie upon a roaring fire, while standing about and “talking all together,” as the Appoo had said, were some six or seven women, “grass-women ” as they are called, by reason of their bringing the daily rations of grass for the horses.

Talking, gesticulating angrily, with intermittent appeals to the Muttu, who went on “massaging” the animal as only native grooms can, or at any rate, do. His back was turned, so that he was unaware of Cynthia’s presence until she spoke. “What is the meaning of this, Muttu? Who are these women, and why are they here? That is our grass-woman, and that one we discharged. Who are the others?”

The Muttu first salaamed, then hung his head, and although a faint smile lit up his good-looking face, Cynthia fancied she detected a deeper shade of red come over his ruddy-bronze skin. ” Who are they?” she repeated. “Er—ar—these women, grass-women, lady,” was the reply as he helped himself to a “chew of betel.” The women had fallen back, silenced. But only for a moment. One, a bold-eyed, hand-some creature, came forward. The rest followed suit. Bare brown arms were held up supplicatingly, while the babel was resumed in a language of which Cynthia knew not one word. “Hush ! Stop them all talking at once, Muttu. What have they to say—to me ? ” she asked. “Who is this woman?” specifying the bold one.

“Er—that woman, lady ? That woman my wife.” “ But you told me your wife was dead. That is why I allow you to have your little motherless child here,” said Cynthia, fanning herself furiously, for the sun was in mid-heaven and its rays beat down on her, spite of the shade. ” This one new wife, lady,” replied the Muttu, commencing with the curry-comb. ” You didn’t tell me you had married again. Well, and the rest? ” Whether Cynthia’s sweeping gesture with the fan were taken as an invitation to come forward or not, they did—in a body, though not unanimously. And their voices ! “Hush ! Stop, for goodness’ sake!”

At this each woman turned on her neighbour, keeping her back, and sidling up nearer herself, while pointing at the others angrily, the bold “wife” first and foremost. Though all were quarrelsome, there was a sort of trade union against this one. “Now, Muttu, I insist upon knowing what this is all about. What is that one saying?” pointing her fan at one as a random shot. The Muttu smirked and hung his head over the mare’s glossy coat. “Speak, man, or you leave our service, and I shall state the reason in your register-book,” (All servants are registered in Ceylon.)

“Ar—eh—ar — that one, lady ? ” pointing with the curry-comb. ” That one saying she my wife,” he went on, putting a finishing touch to the glossy coat, so that his back was towards his mistress. “Humph ! Another wife. Then, that one?” asked Cynthia, assuming a severe—a very severe tone. “Er — that one ? She saying she my wife,” was the reply, helping himself to more betel.

Again the arms were outstretched. Again the clamour. Meanwhile the pot began to boil. The “bold” one went to attend to it. The rest followed, bent on the same purpose, and a fierce altercation ensued.

“I will not have this going on in the compound. How dare they ? They have no business here at all. What have they come for?” The steaming fumes from the chattie, although very savoury, were somewhat overpowering in the terrific heat, the roaring fire as well.

“My wife come dine with me to-day, lady. Very good dinner got. Other wife and other hear about good dinner, all come, then quarrel. I not like quarrel, lady, but how help? Low caste, these grass-women, no good, lady—I take other wife, better caste—no quarrels make. I-” “Silence! You’ve said enough. It’s — disgraceful.” Cynthia was bewildered and perplexed. What should she do? All the other servants were by this time gathered round; all were on the broad grin. Certainly when one ventures to tamper with the “customs of the country” in the East one is likely to find oneself in a quandary.

One of the women held an infant dangling on her hip. A ray of inspiration came to Cynthia as her eye alighted on the child. “Whose child is this?” she asked, drawing herself up to her full height and dignity. The Muttu salaamed, smiled, and said: “My child that, lady,” very proudly. “Very well, then, this one, the mother, is your wife. Send the others away, and never—let — me—see—them—or have to speak about it again.” This was delivered in severe, very severe, tones indeed, and Cynthia, maintaining her full height and dignity, was turning when the Muttu spoke: “Very good, lady. I send all ‘way. But, no good dinner give first ? Lady see, good dinner!” The lid was taken off, and indeed the fumes were appetising. Cynthia feared for their own 8 P.M. dinner being docked of its joint or poultry. “What is it? Where did you get it?” she asked in breathless anxiety. “Rats! Nineteen I catch—fat, big rats. Lady like taste?” But the “lady” had gone — with a shriek.


ලක්දිව ගමන් සටහන් පිටු අංක : 18

Advertisements

One thought on “The Muttu’s Dinner Party

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s