The British and the Natives

මහනුවර කියන්නේ අඩි 2,000 විතර උසින් පිහිටා තියෙන හරිම අලංකාර නගරයක්. පැත්තකින් මහනුවර රජකම් කල පැරණි රජ දරුවරුන් විසින් නිර්මාපිත වැවක් පේන්න තියනවා. කඳු වළල්ලකට මැදිව නිවර්තන ශාකයන්ගෙන් සහ පුෂ්පයන්ගෙන් යුතු මනහර වන පියස්සකට ආවරණය වෙලා තියන හන්දා කඳු මුදුන් සහ කඳු බෑවුම් සිට කමණීය දර්ශනයන් මවා දක්වනවා.

This slideshow requires JavaScript.

බ්‍රිතාන්‍යයන් සහ ස්වදේශිකයන්

සිංහලයන්ගෙන්, දමිළයන්ගෙන් හා මරක්කලයන්ගෙන් මිශ්‍රිත ජනගහණයකින් යුතු කුඩා ස්වදේශික නගරයක් මෙහි දැකගන්න පුළුවන්. ඉංග්‍රීසි හෝටල් එකක් දෙකක්, පල්ලියක්, පුස්තකාලයක් සහ කියවීම් ශාලාවක්, නිලධාරි නිවස්න කිහිපයක් මෙහි තියනවා. ඉංග්‍රීසි වැවිලිකරුවන්ගෙ ජනගහණය නම් සැතපුම් කිහිපයක් අවට ඇති කඳු අතර විසිරිලා ගිහිල්ලා. මහනුවර තමයි ඔවුන්ගේ හමුවීමේ සංකේතස්ථානය.

ඇජැක්ස් නම් මේ ස්ව්දේශික තරුණ කොළු ගැටව් එක්ක හොඳ යාළුකමක් ඇති කරගත්තා. ඔහුට ඒ සඳහා හොඳ හැකියාවක් තියනවා. ඔවුන් ඔහුගේ අතින් අල්ලගෙන හරි හරියට ඇවිද්දා. ඔවුන්ට ටිකක් කරුණාවෙන් සලකන මහත්තයන්* දැකගන්න එක ඇත්තටම ඔවුන්ට හරි සතුටක්. ඒත් මං හිතන්නේ ඉංග්‍රීසීන් කිහිප දෙනෙක් අපේ හැසිරීමට ගොඩක් තිගැස්සෙන්න ඇති.

british-planter-and-estate-workers
British Planter and Estate Workers [Image Courtesy: http://www.imagesofceylon.com ]

“බෙල්ලෝ”

මං ඉස් ඉස්සල්ලාම කියල ලංකාවට ආවම මගේ දමිළ මිත්‍රයා අරුණාචලම්** මට සමච්චල් කළා මං ඔහුට සහ අනෙක් සියලුම ජනයාට ආමන්ත්‍රණය කරන විදිහ දැකලා. දමිළ වේවා, මහොමෙඩාන් වේවා, සිංහල වේවා, කිසිම විශේෂයක් නොදක්වා මේ සියල්ලන්ම මා ස්වදේශිකයන් ලෙස හැඳින්වූ නිසා ඔහු කීවේ “ඒක හරියට අපි හැමෝම එක ගොඩේ ඉන්න වෙනසක් නැති බෙල්ලෝ ගොඩක් කියලා හිතාගෙන කතා කරනවා වගේ” කියලයි. මම මේක ඇජැක්ස්ට කිව්වම අපි දෙන්නම හිතාගත්තේ වෙන කියන්න විදිහක් නැති හන්දා මීට පස්සේ මුකුත් නොකියා මේ හැමෝටම “බෙල්ලෝ” කියලා කතාකරන්න!

Tea Pluckers with a British
Tea Pluckers with a British photographed by Skeen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

අපේ සංචාරයේදී මේ “බෙල්ලන්ට” එදිරිව සැහෙන්න ක්‍රියාකරන ඉතා සුළු බ්‍රිතාන්‍යයන් පිරිසක් හම්බවුනා. මේ බ්‍රිතාන්‍යයෝ සහ ඔවුන්ගේ පටු අදහස් වල මොකක් හරි විකාර බවක් අසාමාන්‍ය බවක් අවුල් සහගත බවක් දකින්න තියනවා. මං හිතන්නේ ඒක ඒගොල්ලන්ගෙ වැරැද්දකට වඩා ඒගොල්ලන්ගෙ අවාසනාව. ඒත් ඇත්තටම ගත්තොත් මේ “බෙල්ලන්ගේ” නොවටිනාකමක් නැතිනම් බ්‍රිතාන්‍යයන් ඔවුන්ට ළඟ පාතක ඉන්නට ඉඩ හරිනවා. යම් කිසි බ්‍රිතාන්‍යයෙකු මොවුන් තමා සන්තකයේ තබාගෙන ඉන්නවා නම් අනිවාර්‍යයෙන්ම ඔහු බොහොම ලෙන්ගතු කමින් කතා කරාවි ලෙඩක් දුකක් හැදුනහම තමන්ගේ ළඟට වෙලා සෑහෙන කාලයක් තමන්ට සාත්තු සප්පායම් කරපු සේවකයන් ගැන. ඒත් සමානයන් ලෙස හරි මිත්‍රයන් ලෙස හරි ආශ්‍රය කරන අදහසක් එහි ගැබ් වෙලා නෑ. ඒ වගේම එවැන්නකට ඉඩක් දෙන්නෙත් නෑ.

Workers on Estate with British
Workers on Estate with British photographed by Scowen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

පේන විදිහට නම් මේ “බෙල්ලන්ට” අවඥා කරමින් මොනාහරි කතා කරන එක මුළුමනින්ම පාහේ විලාසිතාවක් බවට පත් වෙලා. ඒ වගේ මාතෘකාවක් කරළියට එනකොට මට නම් පේන්නෙ කතාව කෙසේ වෙතත්, කියන කෙනා තමුන්ගේම උප්පත්ති වර්ගය පෙන්නුම් කරනවා කියලා. කොහොම හරි කතාව ඉවර උනාම ඕන කෙනෙක්ට ඉඩක් ලැබෙනවා වෙනස් කම් තියන විශේෂිත “බෙල්ලනුත්” ඉන්නවයි කියන්න. ඒවගේම කලාතුරකින් හරි මේ දුප්පත් “බෙල්ලන්” තුල මුතු ඇට වගේ කාරුණික ගති ලක්ෂණ දකින්න තියනවයි කියලා පෙන්වා දෙන්න . කෙසේ නමුත් මගේ සිතට නම් කා වැදුනේ මේ අගතිගාමී පුරුද්ද නිසා ලොකුම පරාජිතයන් වන්නේ ඉංග්‍රීසීන්මයි කියලයි.

Tea planters & their clubhouse in the central hills of Ceylon
Tea planters & their clubhouse in the central hills of Ceylon (ca. 1880) [Image Courtesy: http://www.lankapura.com ]

සම්මතයක් විදිහට මේ උඩරට කොටස් වල ඉන්න බ්‍රිතාන්‍යයන් නරක ලෙස උදාසීන සහ දුක්ඛිත ස්වභාවයක් පෙන්නුම් කරනවා. එක සේවා ස්ථානයක හෝ අතේ දුරින් හෝ ඉන්නේ පදිංචි කරුවන් පස් හය දෙනෙක් නම් අනිවාර්‍යයෙන්ම මේ තත්වය බොහොම සැරට දැකගන්න පුළුවන්. මොකද ඔවුන් සම්පූර්ණයෙන්ම එකිනෙකාගේ සමාගමයේම පමණක් සිරවී සිටින නිසා.


[අනුවාදක සටහන:

* මෙහිදී “Mahate” යන වදන “මහත්තයා” ලෙස වර නගා ඇත.

** මෙහි කතුවරයා ඔහු හැඳින්වීම පිණිස යොදා ඇත්තේ ‘A’ අකුර පමණී. පොන්නම්බලම් අරුණාචලම් සමඟ පැවති දැඩි මිත්‍රත්වය හේතු කොටගෙන බොහෝ දුරට මේ ඔහු විය හැක. එය එසේ වුවද නොවූවද අපි අපගේ පහසුවට ඔහු හැඳින්වීමට අරුණාචලම් යැයි කියමු]


“ආදම්ගේ ශිඛරය මතින් එලිෆන්ටා ගුහා වෙත – ලක්දිව සහ ඉන්දියාවේ රූප සටහන්” : එඩ්වඩ් කාපෙන්ටර්

දෙවන පරිච්ඡේදය : මහනුවර හා පිටිසර ජීවිතය

From Adam’s Peak To Elephanta : Sketches in Ceylon and India by Edward Carpenter

CHAPTER II: KANDY AND PEASANT LIFE

Kandy is very beautiful. It stands nearly 2,000 feet high, by the side of an artificial lake which the old kings of Kandy made, and embosomed in hills covered by lovely woods full of tropical plants and flowers and commanding beautiful views from their slopes and summits. There is a small native town containing the usual mixed population of Cinghalese, Tamils, and Moor-men; there are one or two English hotels, a church, library and reading-room ; a few residents’ houses, and a scattered population of English tea-planters on the hills for some miles round, who make Kandy their rendez-vous.

Ajax makes great friends with the native youths and boys here ; he has an easy friendly way with them, and they get hold of his hand and walk alongside. Of course they are delighted to find any Mahate who will treat them a little kindly ; but I fear the few English about are much shocked at our conduct. When I first came to Ceylon my Tamil friend A. chaffed me about my way of calling him and the rest of the population, whether Tamil or Mahomedan or Cinghalese, all indiscriminately natives, ” as if we were so many oysters!’ I told this to Ajax, and of course there was nothing for it after that but to call them all oysters !

We find the few British whom we have come across in our travels very much set against the ” oysters.” There is something queer about the British and their insularity ; but I suppose it is more their misfortune than their fault. Certainly they will allow that the oysters are not without merit — indeed if one keeps them to it they will often speak quite warmly of the tenderness and affectionateness of servants who have nursed them through long illnesses, etc.—but the idea of associating with them on terms of equality and friendship is somehow unspeakable and not to be entertained. It seems almost de rigueur to say something disparaging about the oyster, when that topic turns up—as a way of showing one’s own breeding, I suppose ; after that has been done, however, it is allowable to grant that there are exceptions, and even to point out some kindly traits, pearls as it were, which are occasionally found in the poor bivalve. It strikes me however that the English are the chief losers by this insular habit. They look awfully bored and miserable as a rule in these up-country parts, which must almost necessarily be the case where there are only five or six residents in a station, or within accessible distances of each other, and confined entirely to each other’s society.


ලක්දිව ගමන් සටහන් පිටු අංක: 15

Advertisements

4 thoughts on “The British and the Natives

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s