Rule of the Portuguese and Dutch

ලංකාව අනාදිමත් කාලයක පටන් ශිෂ්ට සම්පන්න රාජ්‍යයක්. ඒ ගැන මහා ඇලෙක්සැන්ඩර් රජුගේ කාලෙදිත් ග්‍රීකයන් දැනගෙන හිටියා. ඉතිහාසය සහ භූගෝල විද්‍යාව පිළිබඳ පුරාණ රෝම රචකයෙකු වන ප්ලීනි කියන විදිහට මහා ඇලෙක්සැන්ඩර් රජුගේ කපිතාන් වන ඔනෙසෙක්‍රිටස් තමයි පළමු වරට ලක්දිව වටා යාත්‍රා කරලා එය දිවයිනක් බව අනාවරණය කරගත්තේ. ඊට කලින් ඔවුන් එයට කිව්වේ තැප්‍රොබේන් කියලා. එය අති විශාල මහාද්වීපයක් බවට තමයි අඳුනාගෙන හිටියේ. කවුරුත් ඊට කලින් දැනගෙන හිටියේ නැහැ මේ භූමිය දකුණු දිසාවට කොච්චර ඇදෙනවද කියලා.

Early Map of Ceylon, Taprobana
Early Map of Ceylon, Taprobana [Image Courtesy: http://www.lankapura.com ]

ලක්දිව ඉතිහාසය

ලාංකික ජනයාගේ ජනප්‍රවාද වලට අනුව මේ දූපත බොහොම ඈත අතීතේ දැන් තියනවාට වඩා අති විශාල විදිහට තිබ්බලු. අපගේ ගැලවුම්කරුවාණන්ගේ උපතට සියවස් ගණනාවකට පෙර ලක්දිවට ගොඩ බැහැපු රෝමානු යාත්‍රිකයෙක් කියලා තියෙන්නේ මහ වලහා තාරකා රාශිය ඔහු සිටි භූමි ප්‍රදේශයට පෙනුනේ නැහැයි කියලයි. මේ හන්දා භූ විද්‍යාඥයන් විශ්වාස කරන්නේ දූපතේ දකුණු සීමාව ඒ කාලයේ දැන් තියනවට වඩා සෑහෙන දකුණට විහිදී තියෙන්න ඇති කියලයි. සිලෝන්, නැතිනම් සෙයිලාන්. මෙය සිංහයන් සංඛේතවත් කරන හින්දුස්ථානි වදනක් වන සිංහ යන්නෙන් බිඳී ආවක් ලෙසයි සලකන්නේ. ඒත් දැන් නම් දූපතේ කොතනකවත් සිංහයන් සොයාගන්නට නැහැ.

Pliny the Elder
Pliny the Elder

පෘතුගීසි සහ ලන්දේසි පාලනය

පෘතුගීසි යාත්‍රිකයෙක් වෙන දොන් ලොරෙන්සෝ ද අල්මේදා තමයි නූතන යුගයේ ප්‍රථම වරට මේ දූපතත් සමඟ ක්‍රමවත් සහ සම්බන්ධයක් පවත්වාගත්තේ. වර්ෂ 1505දී එකල ලක්දිව යයි හැඳින්වූ මහනුවර සෙංකලගඩ රාජ්‍යයේ ඉල්ලීමක් පරිදි, රටට පීඩාවක් ඇති කරන අරාබි කොල්ලකරුවන්ගේ අඩන්තේට්ටම් වලට එරෙහිව නැගී සිටින්න ඔහු රජුට සහය වුනා. මේ උදව්වට තෑග්ගක් වශයෙන් පෘතුගීසීන් හට කුරුඳු වගාවෙන් කප්පම් ගෙවුනා. ඒ වගේම ඔවුන්ට හැකි වුනා වසර 153ක් මේ රටේ යම්  භූමි භාගයක් පාලනය කරන්න.

කොහොම නමුත් මේ කාලය පුරාම ඔවුන් නිතර නිතරම ස්වාධීනත්වය අපේක්ෂා කල ස්වදේශිකයන් සමඟත්, දූපතේ කෙරෙන ඉසුරු ගෙණෙන වෙළඳ ගණුදෙනු වලට ගිජු වූ ලන්දේසීන් සමඟත් ගැටුම් ඇති කරගත්තා. 1658දී ලන්දේසින් විසින් පෘතුගීසීන් පන්නා දැමුනා.  1795 සහ 1796 යන කාලය වෙන තුරුම ලන්දේසි ආධිපත්‍යය රඳවා ගනු ලැබුනා.

බ්‍රිතාන්‍ය යටත් විජිතය

ඉන් පසු බ්‍රිතාන්‍යයන් ලක්දිව වෙරළබඩ කලාපය පාලනයට නතු කරගත්තා. ඒත් මේ කිසිම බලයකට දූපතේ සම්පූර්ණ අභ්‍යන්තරය හිමි මහනුවර රාජධානිය කිසි කලකවත් යටත් කරගන්න බැරි වුනා. ඔවුනට පුළුවන් වුනේ වෙරළබඩ කලාපය සහ ගොඩබිමෙහි පටු තීරයක් පාලනය කරන්න පමණයි. එයිනුත් මුහුදින් සැතපුම් තුන හතරකට වඩා ගොඩබිමක් හිමි වුනේ නැහැ. ඔවුන් මහනුවර රාජසභාවේ තානාපතිවරුන් තබා ගත්තා. ඒ වගේම හැම වෙලේම වගේ මහනුවර රජුට සහ ඔහුගේ රට වැසියාට මහත් ඉවසීමෙන් බොහෝ ගැතිව ගෞරව කළේ රට අභ්‍යන්තරයත් සමඟ වැදගත් වෙළඳ ගණුදෙනු කිරීමට අවසරය තබා ගත යුතු නිසා. කොහොම නමුත් මීට අවුරුදු හතලිස් දෙකකට කලින් 1815දී උඩරැටියන් බ්‍රිතාන්‍යයන්ගෙන්ගෙන් උදව් ඉල්ලා සිටියා සිහසුන් දරන කෲර පාලකයාගෙන් මිදීම සඳහා. ඒ අනුව ඔවුන් රජුන් ධූරයෙන් පන්නා දමා සම්පූර්ණ දූපතම ඔවුන්ගේ නීතියට නතු කරගත්තා. එතැන් පටන් සිංහලයන් බ්‍රිතාන්‍ය රජය යටතේ පාලනය වුනා.

Kandyan Convention (Udarata Giwisuma)
Signing Kandyan Convention (Udarata Giwisuma)

චාල්ස් නොර්ඩොෆ් විසින් රචිත “දූපත් ලොව කතාන්දර”

පස් වන සන්ධ්‍යාව – ලක්දිව

Stories of the Island World by Charles Nordhoff

Evening the Fifth – Ceylon


Ceylon has been very long known to the civilized world. It was known to the Greeks in the time of Alexander the Great. Pliny, an ancient Roman writer on geography and history, tells us that Onesecritus, a captain of Alexander the Great, first circumnavigated Ceylon, and thus discovered it to be an island. Before that, Taprobane, as they called it, was supposed to be a vast continent, stretching no one knew how far to the south. The Ceylonese have a legend that at a very remote period their island was much larger than it is now ; and a Roman navigator, who visited the island some centuries before the birth of our Savior, states that the constel lation of the Great Bear was not visible on that portion of the island seen by him, which leads geographers to the belief that its southern extreme must at that time have been much farther south than at present. The name Ceylon, or Zeylan, is said to be derived from the Hindostanee word Sinhal, signifying the lions. There are, however, at present, no lions found upon the island.

Don Lorenzo Almeyda, a Portuguese navigator, was the first in modern times to establish a regular intercourse with this island. In the year 1505, at the request of the King of Kandy, as Ceylon was called then, he aided the king against the assaults of the Arabian pirates, who were injuring the country. The Portuguese received a regular tribute of cinnamon as reward for this aid, and maintained for the space of 153 years a control over the island. During this time, however, they had frequent struggles with the natives, who desired independence, and with the Dutch, who coveted the rich trade of the island. In 1658 the Portuguese were expelled by the Dutch, and these retained possession until 1795 and 1796, when the British took possession of the coasts of Ceylon.

None of these powers had at any time been able to subdue the great kingdom of Kandia, which occupied the entire interior of the island. They were masters only of the coast, and of a narrow strip of soil, in some places not reaching more than three or four miles from the water side. They kept embassadors at the Kandian court, and were in all things obliged to treat the monarch and people of Kandy with great respect and forbearance, for the sake of the important trade which they were permitted to carry on with the interior.

In 1815, however, only forty-two years ago, the Kandians called upon the British for relief from the tyrant who was then occupying the throne. They accordingly deposed this prince, and then placed the entire island under their own laws. Since that time the Cingalese have been under British government.


ලක්දිව ගමන් සටහන් පිටු අංක : 2

Advertisements

One thought on “Rule of the Portuguese and Dutch

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s