Cinghalese Marriage Customs

මේ කුඩා කඳු මිටියාවතේ පෙනෙන හැටියට නම් ප්‍රධාන වශයෙන් වාසය කරන්නේ මේ සහෝදරයන් දෙන්නා සහ ඔවුන්ගේ ඥාතිවර්ගයා විතරයි. හරියට මේ ගොල්ලෝ පුංචි ගෝත්‍රික කණ්ඩායමක් හදාගෙන වගේ. කළුවා සහ ඔහුගේ පියාට සෑහෙන කුඹුරු ඉඩම් තීරු ප්‍රමාණයකට උරුමකමක් තියනවා. ඒ අනුව අනෙක් සිංහල ගැමියන්ට වඩා පොහොසත්කමක්  මේ ගොල්ලන්ට තියනවා කියලා කියන්න පුළුවන්. ඒත් ඒක එච්චර ගණන් ගන්න තරම් ලොකු පොහොසත්කමක් නම් නෙවී.

Kandyan Couple photographed by Skeen & Co.
Kandyan Couple photographed by Skeen & Co. [Image Courtesy: Threeblindmen Photography Archive – Ceylon Memory Project]

සිංහලයන්ගේ විවාහ චාරිත්‍ර

මේ සහෝදරයන් දෙන්නාගේ විවාහක සහෝදරියන්ටයි සහෝදරියන්ගේ දරුවන්ටයි අනෙකුත් ඥාතින්ටයි මේ දෙණියෙන් බිම් පංගුවක් හිමි වෙනවා. ඒත් කළුවා සහ කිරා තවම විවාහ වෙලා නැහැ. පේන විදිහට තමන්ගේ සහෝදරියන් විවාහ වෙනකන් විවාහ නොවී සිටීම සිංහලයින් තමන්ගේ උදාර භාවය ප්‍රකට කරන එක් ආකාරයක්. (සැබවින්ම මේ තත්වය නැගෙනහිර ඉන්දියානු ජනවර්ග වලත් දැකගන්න පුළුවන්) අයර්ලන්තේ ජනතාව කරනවා වගේ, සහෝදරයන්ට සිද්ධ වෙනවා තමන්ගේ සහෝදරියන්ගේ දෑවැද්ද සපයන්න. සාමාන්‍යයෙන් පවුල් හැඟීම සහ අර්ථචරියාව සිංහලයන් අතර බොහෝ ශක්තිමත්. මුලු ලක්දිව පුරාම (සහ ඉන්දියාවෙත්) මව හෝ පියාට පහරදීම සලකන්නේ සාමාන්‍යයෙන් අහන්න නොලැබෙන දාමරික අපරාධයක් විදිහට. කළුවා ඔහු උපයන දෙයින් සෑහෙන කොටසක් තම දෙමව්පියන්ට ලබා දෙනවා. ඒ වගේම පවුලේ කුඹුරු ඉඩම් වැඩි කරගන්න තවත් කොටස් මිලදී ගන්නවා. මට තේරුනු විදිහට නම්, මේ ඉතිරි ඉඩම් සැලකිය යුතු ප්‍රමාණයක් තියෙන්නේ පොදු දේපළ විදිහට.

Kandyan Aristocracy photographed by Skeen & Co.
Kandyan Aristocracy photographed by Skeen & Co. [Image Courtesy: Threeblindmen Photography Archive – Ceylon Memory Project]

මීට අවුරුදු 80කට කලින් (1814), බ්‍රිතාන්‍යයෝ මහනුවර රාජධානිය පරාජය කරන්න කලින්, මෙහි ස්වදේශික රජෙක් රජකම් කළා. කුතුහල දනවන කාරණාව වෙන්නේ බ්‍රිතාන්‍යයෝ පවා කාලයක් පිළිගත්ත පැරණි උඩරට නීතියේ බොහොම පැහැදිලිව ප්‍රකාශ කරලා තියනවා, විවිධ ජාතින් අතර දක්නට ලැබෙන පැරණි සමූහ විවාහ සංකල්පය ඔවුන්ගේ පූර්ව ශිෂ්ටාචාර යුගයේ ඉඳන් තිබ්බා කියලා.

උඩරට නීතියට අනුව විවාහ වර්ග දෙකක් තියනවා.

දීග විවාහය – මෙහිදී බිරිඳ යනවා ස්වාමි පුරුෂයාගේ නිවසට (අපේ වගේ). එතැන් පටන් ඉතින් ඇය ඔහුගේ දේපළක් වගේ තමයි.

බින්න විවාහය – මෙහිදී ස්වාමි පුරුෂයා එනවා බිරිඳගේ නිවසට ඇගේ නෑදෑයන් අතර ජීවත් වෙන්න. හැබැයි ඉතින් ඔහුව ඕනැ වෙලාවක පන්නල දාන්න ඉඩකඩක් තියනවා.

Kandyan Chief and his Wife
Kandyan Chief and his Wife (ca.1880) photographed by Scowen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

අන්තිමට කිව්ව ජාතිය නම් සාමාන්‍යයෙන් සෑහෙන්නම ආදි තාලේ එකක් වගේ. ප්‍රවේණි උරුමය කාන්තාවන්ගෙන් ගලාගිය කාලෙ, එහෙම නැතිනම් බහුභාර්යා සේවනය හා බහුපුරුෂ භාවිතය පැතිර පැවතුණු කාලෙ වගේ. මෙය සනාථ වෙනවා උඩරට නීතියේ සඳහන් වෙන එක ඡේදයකින් සහ උඩරට චාරිත්‍රයකින්. ඊට අනුව සහෝදරයින් දෙදෙනෙකුගේ දරුවන් අතර අන්තර් විවාහය තහනම්. ඒ වගේම සහෝදරියන් දෙදෙනෙකුගේ දරුවන් අතර අන්තර් විවාහයත් තහනම්. ඒත් සහෝදරයෙක්ගේ සහ සහෝදරියකගේ දරුවන් අතර අන්තර් විවාහ වලට අවසර ලැබෙනවා. මෙහි යටි තේරුම මෙන්න මේ වගේ දෙයක්. සහෝදරියකට සහ සහෝදරයෙකුට අනිවාර්‍යයෙන්ම වෙන වෙනමම ස්වාමි පුරුෂයෙකු සහ බිරිඳක් ඉන්නවා. ඒ නිසා ඔවුන්ට දාව ජනිත වෙන දරුවන් අනිවාර්‍යයෙන්ම එකිනෙකාට ඥාති වෙන්නේ නෑනෙක් හෝ මස්සිනෙක් විදිහට මිසක් සහෝදර සහෝදරියන් විදිහට නෙවී. නමුත් සහෝදරයන් දෙදෙනෙකුට එකම භාර්‍යාවක් ඉන්නත් පුළුවන්, ඒ වගේම සහෝදරියන් දෙදෙනෙකුට එකම ස්වාමි පුරුෂයෙක් ඉන්නත් පුළුවන්. එතකොට සහෝදරයන් දෙදෙනාට දාව ජනිත වන දරුවන් අතර හෝ සහෝදරියන් දෙදෙනාට දාව ජනිත වන දරුවන් අතර ඥාතීත්වය ගත්තොත් අනිවාර්‍යයෙන්ම සහෝදර සහෝදරියන් වෙනවා.

Sinhalese Wedding Custom: Joining the Thumbs
Sinhalese Wedding Custom: Joining the Thumbs [Image Courtesy: The book of ‘Marriage customs in many lands’ (1897) by Henry Neville Hutchison]

ඒ වගේම මෙයින් තහවුරු වෙන තව දෙයක් වෙන්නේ සිංහලයන් අතර චාරිත්‍රානුකූලව සමූහ විවාහ තවමත් සිදුවන බවකුයි. උදාහරණයක් ලෙස යම් පුද්ගලයෙකු විවාහ වී ඇත්නම්, ඔහුගේ සහෝදරයින් එම බිරිඳට කිට්ටුවීමේ ප්‍රවණතාව දුර්ලභ දෙයක් නෙවි. නමුත් බටහිර පුරුදු හා නීති රීතීන්ට පින්සිදු වෙන්න මේ සිරිත් ටිකින් ටික නැති වෙලා යනවා වගේ.

Kandyan chief with his Family
Kandyan chief with his Family (ca. 1880) photographed by Scowen & Co. [Image Courtesy: http://www.lankapura.com ]

“ආදම්ගේ ශිඛරය මතින් එලිෆන්ටා ගුහා වෙත – ලක්දිව සහ ඉන්දියාවේ රූප සටහන්” : එඩ්වඩ් කාපෙන්ටර්

දෙවන පරිච්ඡේදය : මහනුවර හා පිටිසර ජීවිතය

From Adam’s Peak To Elephanta : Sketches in Ceylon and India by Edward Carpenter

CHAPTER II: KANDY AND PEASANT LIFE

This little valley seems to be chiefly occupied by the brothers and their kindred, forming a little tribe, so to speak. Kalua and his father both own good strips of rice-land, and are perhaps rather better off than most Cinghalese peasants, though that is not saying much. Married sisters and their children, and other relatives, also occupy portions of the glen ; but Kalua and Kirrah are not married yet. It seems to be a point of honor with the Cinghalese (and indeed with most of the East Indian races) not to marry till their sisters are wedded. Like the Irish, the brothers work to provide a dowry for their sisters ; and generally family feeling and helpfulness are very strong among them. To strike a father or a mother is, all over Ceylon (and India), a crime of almost unheard-of atrocity. Kalua gives a good deal of his earnings to his parents, and buys additions to the family rice-lands—which as far as I can make out are held to a considerable extent as common property. There was a native king and kingdom of Kandy till about eighty years ago (1814), when the British overthrew it ; and it is curious that the old Kandian law—which was recognised for some time by the British—contains very evident traces of the old group- marriage which Is found among so many races In their pre-civilisation period. There were two kinds of marriage treated of In the Kandian law—the Deega marriage, in which the wife went (as with us) to the house of her husband, and became more or less his property ; and the Beena marriage, in which he came to live with her among her own people, but was liable to expulsion at any time ! The latter form is generally supposed to be the more primitive, and belongs to the time when heredity is traced through the woman, and when also polygamous and polyandrous practices prevail. And this is confirmed by a paragraph of the Kandian law, or custom, which forbade intermarriage between the children of two brothers, or between the children of two sisters, but allowed it between the children of a brother and a sister—the meaning of course being that two brothers might have the same wife, or two sisters the same husband, but that a brother and sister—having necessarily distinct wives and husbands—would produce children who could not be more nearly related to each other than cousins. It is also confirmed by the fact that a kind of customary group-marriage still lingers among the Cinghalese — e.g, if a man is married, his brothers not uncommonly have access to the wife—though owing to Its being discountenanced by Western habits and law, this practice Is gradually dying out.


ලක්දිව ගමන් සටහන් පිටු අංක: 10

Advertisements

One thought on “Cinghalese Marriage Customs

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s