A Boy-Priest and His Cook

දඹුළු ලෙන වගේම තවත් කුඩා ලෙනක්, කුරුණෑගල ගල් පර්වතයේ අඩක් දුර නැග්ගම දැකගන්න පුළුවන්. එය රැක බලාගන්නේ වයස අවුරුදු 13ක වගේ ළමා හිමිනමක්. හිස මුඩු කරගත්, නිකන් පයින් ඇවිදින, කහ පැහැ සිවුරක් බොහොම සිත්ගන්න සුළු විදිහට පොරවාගෙන සිටි ඔහු බොහොම ගෞරව පූර්වකව, තම සේවාව විහාරයට ඉටු කළා.

Buddhist Priest and Pupils
Buddhist Priest and Pupils photographed by Plate & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

පොඩි හාමුදුරුවෝ සහ ඔහුගේ අරක්කැමියා

ඔහුට ආවතේවකම් කරමින් අවුරුදු නමයක වගේ කුඩා ඇබිත්ත කොළුවෙකු (පෙරදිග සෑම හිමි නමකටම ඇබිත්තයෙකු සිටී) ඔහු පිටුපස නිතරම දකින්න ලැබුනා. පේන විදිහට නම් මේ කොල්ලා තමයි කෝකියා. පොඩි හාමුදුරුවන්ට උයා පිහා දෙන්නේ ඔහු. මේක නම් ටිකක් සුඛෝපභෝගී තත්වයක්. ඒත් ප්‍රතිපත්තියක් විදිහට බෞද්ධ හිමිවරු ගත කරන්න ඕනි කෑමෙහි පමණ දත් අල්පේච්ඡ ජීවිතයක්. කියන විදිහට නම් මුදල් භාවිතයක් තියෙන්න බැහැ. තමන්ගේ කියා දේපල වස්තු තියෙන්න බැහැ. සම්පූර්ණයෙන්ම බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්න ඕනි.

Buddhist Vihara at Maligakanda
Buddhist Vihara at Maligakanda [Image Courtesy: http://www.lankapura.com ]

සෑම උදෑසනකම ඔවුන් පාත්‍රයත් අතින් අරගෙන පිණ්ඩපාතෙ වඩිනවා දෛනික ආහාර වේල සඳහා. ඔවුන් නිවසක් ළඟට ගිහින් දොර ඉස්සරහා සිටගෙන ඉන්නවා. මුකුත් ඉල්ලන්නේ නැහැ. ඊට පස්සේ කාන්තාවක් නිවසින් පිටතට ඇවිත් හාල් පොඩ්ඩක් මේ පාත්‍රයට දමනවා. හිමිනම ඊලඟ ගෙදරටත් මේ විදිහට වඩිනවා. ඔහුට ප්‍රමාණවත් තරමට ලැබුනම ආපසු විහාරය කරා එනවා. ඔහුගෙ ඇබිත්තයා ඒ ආහාර පිසිනවා (ආහාර පිස නැතිනම්). ඔහු එය තමයි ආහාරයට ගන්නේ.

Group of Buddhist Monks
Group of Buddhist Monks, Young and Old, in a some Event. (In the right corner seated should be Librarian Buddhist Monk at Kandy which Carpenter had met) photographed by Scowen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

සෑම හිමි නමකටම තමන්ගේ කියලා ඇබිත්ත කොල්ලෙක් හෝ තරුණ ගැටයෙක් තෝරගන්න නිදහස තියනවා. නමුත් ඔහුව පුහුණු කරන්න ඕනේ භික්ෂුවක් ලෙසට. තමන්ගෙන් පස්සේ තමන්ගේ තැන අරගන්න ඔහුව පුහුණු කරන්න ඕනි. සමහරක් විට මේ කුඩා කෝකි කොලු ගැටයා මෙහෙම ඉන්නේ ඒ කාරණාව හන්දා වෙන්න පුළුවන්.

The Buddhists and Colonel Olcott in Colombo (1883)
The Buddhists and Colonel Olcott in Colombo (1883)

අනෙකුත් බෞද්ධ විහාරාරාම

බෞද්ධ හිමිවරු, හින්දු පූජකයන් වගේම බොහෝ විට සාපේක්ෂකව නූගත් ජනයා අතරින් තමයි බිහිවෙන්නේ. ඒත් එයාලට නම් බ්‍රහ්මණ කුලයක වියයුතුයි කියා දෙයක් නැහැ.

H.S. Olcott and the Ven. H. Sumangala Thero, Colombo, 1889.
Henry S. Olcott and the Ven. Hikkaduwe Sumangala Thero, Colombo, 1889. [Image Courtesy: http://www.cwlworld.info/html/bio.html ]

අපරිමාණ උපේක්ෂාවත්, ජීවිතයේ ඕනෑම ස්වරූපයකට දක්වන මෘදු බවත් බෞද්ධ සමාජයක දකින්න තියන ලක්ෂණ. ඒත් වර්තමානයේ නම් ලංකාවේ මේ සමාජය දිරාපත් වෙලා ගිහිල්ලා. හිමිවරුන් කිහිප දෙනෙක් ඇරෙන්නට අනෙක් සියල්ලම වගේ නූගත් අසමර්ථයන්. කෙසේ වුවත් පරමවිඥානාර්ථ සංගමය වෙනුවෙන් පැමිණි කර්නල් ඕල්කොට්ගේ උත්සහයන් සහ වර්තමානයේ මේ දූපතේ සිටිනා අතිපූජ්‍ය යතිවරයාණන් වහන්සේ නමක් වූ, බොහෝ දැන උගත්, මෘදු ගුණයෙන් යුතු සුමංගල හිමියන්, ලංකාවේ බෞද්ධ දර්ශනය නව ජීවගුණයකින් යුතුව පුබුදුවාලන්න, එහි ගුප්ත බව නැවත ප්‍රතිස්ථාපනය කරලන්න වත්මනෙහි යම් වැඩ කොටසක් දියත් කර තිබෙනවා.

Buddhist Group in Ceylon (1889)
Buddhist Group in Ceylon (1889) – Hikkaduwe Sumangala Thero and Henry S. Olcott are Presented [Image Courtesy: http://www.cwlworld.info/html/bio.html ]

මහනුවරදි, නගරයෙන් එපිට තිබුණු එක් බෞද්ධ විහාරයක අඩි 27ක් උස හිටි පිළිමයක් තද කළුගල් මුහුණතක නෙළා තිබුනා. විහාරය තිබුනේ ඒ වටා. තරමක් අනර්ඝයි. නමුත් පුරුදු පරිදි ගොරහැඩි රතු වර්ණයත් කහ වර්ණයත් ආලේප කරලා තිබුනා. මහනුවර රජවරුන් රජ කල කාලයට තමයි එය අයත් වෙන්නේ. අවුරුදු 150ක් පමණ පැරණියි. සාමාන්‍යයෙන් බොහොමයක් ලෙන් විහාර අතිශයින් පැරණියි. බුදු දහම ලක්දිව පැතිරුණ කාලේ තරම්ම පැරණියි. අවුරුදු 2,000කටත් වඩා පැරණියි. ඊටත් පෙර ඉඳන්ම ආගමික කාරණා සඳහා යොදාගත් බව සිතන්න පුළුවන්.

Cremation of a Buddhist Priest
Priests and Villagers at Funeral Pyre at a Cremation of a Buddhist Priest (Ceylon ca. 1900) [Image Courtesy: http://www.imagesofceylon.com ]

දඹුළු විහාරය කරවලා තියෙන්නේ වළගම්බාහු රජතුමා ක්‍රි.පූ 100 වගේ කාලෙක. අපි දඹුලු විහාරය දැක බලාගෙන දඹුලු ගල මුදුනටම නැග්ගා. මුහුද දෙසට වන තැනිතලා සහ භූමි මධ්‍යයට ඇති කඳු පන්තීන්ගේ දර්ශනය කුරුණෑගල ගල මුදුනේ දකින්න තියන දර්ශනය වගේ නෙවෙයි කියන්න බැහැ. පහළට බැසීම අමාරුවක් නැත්තෙම නැහැ. එය බොහෝ පල්ලම් සහිත පැත්තක්. ගොම්මන් අඳුර වැටෙද්දි අඳුරු පැහැ දේහ කායන් පන්දම් දල්වාගෙන අපේ සහයට ආවා.

Colombo - Kandy Mail Coach
Colombo – Kandy Mail Coach (ca.1860) [Image Courtesy: http://www.imagesofceylon.com ]

ඒ රාත්‍රියේදිම තැපැල් කරත්තයක නැගලා මම අනුරාධපුරයට ගියා. අවාසනාවන්ත ලෙස මොඩර්ට ඊලඟ දවසේ කුරුණෑගල යන්නට සිදුවුන නිසා ඔහු නැතිව තමයි මට යන්නට සිද්ධ වුනේ.


“ආදම්ගේ ශිඛරය මතින් එලිෆන්ටා ගුහා වෙත – ලක්දිව සහ ඉන්දියාවේ රූප සටහන්” : එඩ්වඩ් කාපෙන්ටර්

පස්වන පරිච්ඡේදය : බ්‍රිතාන්‍යය නීති පද්ධතිය සහ බෞද්ධ සිද්ධස්ථාන.

From Adam’s Peak To Elephanta : Sketches in Ceylon and India by Edward Carpenter

CHAPTER V: BRITISH LAW-COURTS AND BUDDHIST TEMPLES.

There is a little one of this kind half-way up the rock at Kurunegala, and it is tended by a boy priest of about thirteen years of age, who, barehead and barefoot, but with his yellow priest-robe wound gracefully about him, attends in a dignified manner to the service of the shrine. He is generally followed by a little attendant (every one has an attendant In the East)—a small boy of about nine — who turns out to be his khoki, or cook! This sounds luxurious, but by rule the Buddhist priests should live the most abstemious lives. They are supposed to have no money or possessions of their own, and to be entirely celibate. Each morning they go out with their begging bowls on their arm to get their dally food. They go to a house and stand near the door, asking nothing. Then presently the woman comes out and puts a little rice In the bowl, and the priest goes on to the next house. When he has got sufficient he returns, and his attendant cooks the food (If not already cooked) and he eats it. For each priest has the privilege to choose a boy or youth to be his attendant, whom he trains up to the priesthood, and who takes his place after him. This perhaps explains the presence of the small boy khoki above.

The Buddhist priests, like the Hindu priests, are drawn mostly from the comparatively uneducated masses, but there is no need in their case that they should be Brahmans. A vast tolerance, and gentleness towards all forms of life, characterises the Buddhist institutions ; but in the present day in Ceylon the institutions are decadent, and the priests, with a few exceptions, are an Ignorant and incapable set. The efforts of Col. Olcott however, on behalf of the Theosophical Society, and of Sumangala, the present high priest of the island, a man of great learning and gentleness, have done something in latest years to infuse a new spirit into the Buddhism of Ceylon and to rehabilitate its esoteric side.

At Kandy in one of the Buddhist temples outside the town there is a standing figure of Buddha twenty seven feet high, carved in the face of the solid rock, and the temple built round it—rather fine—though with the usual crude red and yellow paint. It belongs to the time of the kings of Kandy, and is only about 150 years old. Many of the ordinary cave-temples are extremely old, however—as old as Buddhism in the island, 2,000 years or more—and likely were used for religious purposes even before that.

After looking at the Dambulla temples, which are said to have been constructed by the king Walagambahu about 100 B.C., we gained the summit of the rock, whence you have a view over plains towards the sea and of ranges of hills inland, not unlike that from the rock at Kurunegala ; and then descended, not without difficulty, the precipitous side. Evening fell, and darkies came out with lamps to our aid.

The same night I pushed on by mail-coach to Anuradhapura, leaving Modder behind, as he unfortunately had to return to Kurunegala the next day.


ලක්දිව ගමන් සටහන් පිටු අංක: 40

Advertisements

One thought on “A Boy-Priest and His Cook

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s