මේ වීදි හා මාවත් දිගේ උඩහට පහළට යනකොට, මේ වැව දිගේ යනකොට, මේ මුහුදු වෙරළ දිගේ යනකොට, වරාය වේදිකාවට නැව් තටාකයට යනකොට, සෑහෙන්න වෛවාරන සෙනඟක් මුණ ගැහෙනවා. හිතා ගන්න පුළුවන්ද?. සිංහලයන් හා දෙමළුන් තමයි අනිවාර්යයෙන් බහුල වශයෙන් ඉන්නේ. ඒත් ඊට අමතරව “මහොමෙඩාන්වරුන්”, මෙහෙ කියන විදිහට නම් මරක්කලයන් (මුවර්), ඒ වගේම මැලේවරුනුත් දකින්න ඉන්නවා.