Wage-Slavery on the Tea-Plantations

ජනවාරි 6 වනදා- කළුවා සහ මම අපේ මිතුරු නඩයෙනුත් පාරු බෝට්ටුවෙනුත් හවස් යාමේ සමුගත්තා.  අපි ඉරිදා රාත්‍රිය ගත කලේ පොල්මර්ගේ බංගලාවේ. පොල්මර්, වතු කළමනාකාරවරයෙක්. ටිකක් රොබින්සන් කෘසෝ වගේ චරිතයක්. තනියමමයි ජීවත් වෙන්නේ. ස්වදේශික සේවකයොත් ඉන්නවා. බල්ලො දෙන්නෙක්, පූසෙක්, කවුඩු පනික්කියෙක් (යම් කාලෙක හාවෙකුත්) ඔහුගේ ආහාර වේල බෙදාගන්නවා.

Estate Bungalow, Maskeliya
Estate Bungalow, Maskeliya [Image Courtesy: http://www.imagesofceylon.com ]

තේ වවන්නෙකුගේ නිවසේදී

මේ වතු කාරයන්ගෙන් සමහරක් ඈයෝ ජීවිතය දකින්නේ ටිකක් නීරස විදිහට. යුරෝපානු අසල්වැසියන්ගෙන් සෑහෙන ඈත් වෙලා ඔවුන්ගේම වතුවල හුදකලා වෙලා. සමාජගත වෙන්න ලැබෙන අවස්ථා ඉතාම අල්පයි. අනිවාර්යයෙන්ම ඔවුන් ළඟම සිටින එකම පිරිස ඔවුන්ගේම සේවකයෝ වුනත්, ඔවුන්ගේ තරාතිරම මේ සේවකයන් එක්ක ආශ්‍රය වළක්වනවා.

William Sandison's Bungalow, Maskeliya
William Sandison’s Bungalow, Maskeliya [Image Courtesy: http://www.imagesofceylon.com ]

නමුත් කරුණාවන්ත හදවත් ඇති අය කොහොම හරි මේ සේවකයන්ට හොඳින් සලකනවා. සේවකයන් අසනීප වුනාම, ඔවුනට ආබාධ ඇති වුනාම බේත් ලබාදීම සාත්තු කිරීම, අමාරු අවස්ථාවල ඔවුන්ට අවවාද අනුශාසනා දීම ආදිය කරනවා. ඉතින් මේ වගේ අවස්ථාවල ස්වදේශිකයන් ඔවුන්ගේ සහජ පරාධීනත්වය නිසා, ඉක්මනටම ඉගනගන්නවා තමන්ගේ හාම්පුතා වටා ළමයි වගේ හේත්තු වෙන්න. ඉතින් අවුරුදු කීපයකට පස්සේ ඔහු තමන්ව දකින්නේ කතාවට කිව්වොතින් ඉතා ලොකු පවුලක පියෙක් විදිහට.

තේ වතුවල කුලි වහල් බව

මේ වත්තේ දමිල කුලීකාරයන් 200ක් ස්ථීර සේවයේ යෙදී ඉන්නවා. ඒ ඇරත් තව සීයක් දෙසීයක්, වැඩිපුරම ගැහැනු දැරියන් සහ කාන්තාවන්, අහල පහල සිංහල ගම්මානවලින් අවශ්‍ය වුනොතින් වැඩට ගන්නවා. මේ ක්‍රමයත්, අද කාලයේ ඕනම තැනක පවතින ව්‍යාපාරික ක්‍රම වගේ, බොහොම නරක, පිළිකුල් සහගත ක්‍රමයක්. බොහෝ අවස්ථාවල නින්දිත අයථාකටයුතු සඳහා කිසිම සැකයක් නෑ,  එය හොඳ ආවරණයක්.

දමිළ කුලීකරුවන්- මිනිසුන්, ගැහැනුන් සහ ළමයින්- ඉන්දියාවේ ඉඳන් කල්ලි විදිහට පැමිණෙනවා. යම් නියෝජිතයෙක් ඉන්දියාවට ගිහිල්ලා තැරව් කරලා ඔවුන් ලබාගෙන, මුහුදින් සහ ගොඩබිමින් ඔවුන් මෙහි ගමනාන්තය කරා කැඳවාගෙන එනවා. ඔවුන් තේ වත්ත කරා පැමිණෙන කොට හැම කෙනෙක්ම වගේ සෑහෙන රුපියල් ගානකින් ගමන් වියදම් සඳහා ණය වෙලා.

සාමාන්‍ය කුලි වැටුප දවසට පැන්ස 6යි. ඒත් ඔවුන්ගේ ඵලදායීතාවය නිශ්චිත මට්ටමක තියාගන්න, නියමිත කාර්‍යක් කරන්න නියමිත කාලයක් නියම කරනවා.

Weighting Tea Leaves
Weighting Tea Leaves photographed by Skeen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

ඔවුන්ට වැඩේ හරියට කිව්ව විදිහට කරගන්න බැරි වුනොත් ලැබෙන්නේ වැටුපෙන් භාගයයි. ඒ කියන්නේ වැඩේ බොහොම හිමින් නම්, කම්මැලිකමෙන් නම්, අසනීපෙන් නම්, ඔහුට පැන්ස 3යි දවසටම. ඉතින් මේ වගේ තත්වයක් යටතේ ණය බර වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. මේ උඩරට තේ වත්ත, ගම්මාන වලින්, නගර වලින් සෑහෙන ඈතින් තියෙන්නේ. තේ සමාගම නියෝජිතයෙක් විදිහට කටයුතු කරන ගමන්, හාල් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව‍ය ඔවුන්ගේම කුලි වැසියන්ට විකුණනවා. අහිංසක මිනිස්සු! ඔවුන්ට මේ දේවල් ගන්න වෙන තැනක් නැහැ.

Tamil Estate Worker Women
Tamil Estate Worker Women [Image Courtesy: http://www.imagesofceylon.com ]

“අපෝ මේ මිනිස්සු ණය වෙලා ඉන්න කැමතියි.”

මේ තරුණ වතු කාරයා මට කිව්වේ එහෙමයි.

“මේගොල්ලො හිතන්නේ සමාගම ඉඩදෙන තරමටම ණයවුනේ නැතිවුනොතින් ඒක තමන්ටම කරගන්න ලොකු පාඩුවක් කියලා.”

ඔහු බොහොම ඉළන්දාරි වයසේ. ඔහු කියන දේ ඔහුටම තේරෙන්නේ නැහැ. ඒත් මේක මොනතරම් අපේක්ෂාබංග අදහසක්ද. ඇත්තටම මේ කියන කතාවේ ඇත්තක් තියෙන්න පුළුවන්. ඔවුන්ට ණයතුරුස් වලින් නිදහස් වෙන එක ගැන තියන ඔක්කොම බලාපොරොත්තු සුන් වුනායෙන් පස්සේ කරන්න තියන හොඳම දේ ඉතින් පුළුවන් තරම් ණය වෙන එක තමයි. සතිය අන්තිමට අතේ පඩියක් ඉතුරු වෙන්නේ නැහැ. හාල් වගේ දේවල් හැම දේටම කලින් ඉස්සර වෙනවා. වෙන එකම දේ ඉතින් ණයතුරුස්, ටික ටික වැඩි වෙන එක විතරයි. මේ මිනිස්සු වෙන අහල පහළ වත්තකට එහෙම පැනලා යන්න හැදුවොත් යකඩ මාංචු දාලා ආපහු එවනවා. ඔහු ඉතින් ජීවිතාන්තය දක්වාම වහලෙක්. ඒත් එච්චර කලක් එහෙම ඉන්න වෙන්නේත් නැහැ. ආහාර අඩුකම හින්දාත්, තුනී ඇඳුම් හින්දාත්, කඳු අතරින් ගලාගෙන එන සීත මීදුම් සුළඟ හින්දාත්, ඔවුන් ඉක්මනින්ම පෙනහැල්ල ආශ්‍රිත රෝග වලට ගොදුරු වෙනවා. කැහැට ශරීර තියන දමිළයන් මේ හන්දා ඉක්මනින්ම මැරෙනවා.

“මං ටක්කෙටම කියන්නම්; ඔබ දැන් හිතන්නේ දවසට පැන්ස 3ක් කියන්නේ හරිම සුළු ගණනක් කියල නේද?” වතුකාර ඉළන්දාරියා එහෙම දොඩමළු වුනා. “ඒත් පුදුමයක් වුනත් ඔවුන්ට ඒ තරමින් ජීවිතේ ගැටගහගන්න පුළුවන්.”

“ඔව් ඇත්තටම පුදුමයක් තමයි මේ වගේ කැහැට ඇඟක් එක්ක මේ මිනිස්සුන්ගේ පණ රැකිලා තියනවනම්.”

“අපෝ, මේ මිනිස්සු උන් හිටි විදිය ඊට වඩා අන්තයි. ඔබට දකින්න තිබ්බේ මේගොල්ලෝ ඉන්දියාවේ ඉඳන් එනකොට.” අපේ මේ කතාබහ එතනින්ම කෙළවර වුනා.

ඉතින් මේ විදිහට තමයි අපි සෑහෙන තරම් ගබඩා කරගෙන ඉන්න අපේ තේ, ලංකාවේ සහ අනික් තැන්වල නිපදවෙන්නේ. වතුකරය කියන්නේ ඉතාමත් දුක්ඛිත තැනක්.


[අනුවාදක සටහන: පොල්මර් යනු අනුවර්ත නාමයකි. කතුවරයා දක්වා ඇත්තේ “P” අකුර පමණි. ]


“ආදම්ගේ ශිඛරය මතින් එලිෆන්ටා ගුහා වෙත – ලක්දිව සහ ඉන්දියාවේ රූප සටහන්” : එඩ්වඩ් කාපෙන්ටර්

සිව්වන පරිච්ඡේදය : සිරිපා ශිඛරය හා කළු ගඟ

From Adam’s Peak To Elephanta : Sketches in Ceylon and India by Edward Carpenter

CHAPTER IV: ADAM’S PEAK AND THE BLACK RIVER.

Jan. 6th.—Kalua and I left our friends and their boat in the afternoon, and spent Sunday night at P ‘s bungalow. P. is manager of a tea plantation— a bit of a Robinson Crusoe, living all by himself—native servants of course—with two dogs, a cat, and a jackdaw (and at one time a hare !) sharing his meals. Some of these planter-fellows must find the life a little dreary I fancy, living isolated on their plantations at a considerable distance from European neighbors, with very small choice of society at the best, and prevented no doubt by their position from associating too closely with the only folk who are near them—their own employees. The more kindly-hearted among them however do a good deal for their workers in the way of physicking and nursing them when ill or disabled, advising them when in difficulties, etc. ; and in these cases the natives, with their instinct of dependence, soon learn to lean like children on their employer, and the latter finds himself, after a few years, the father (so to speak) of a large family. There are 200 Tamil coolies permanently employed on this plantation, and a hundred or two besides, mostly girls and women, who come in to work when wanted from neighboring Cinghalese villages.

But the system, like the commercial system wherever it is found to-day, is pretty bad and odious in itself, and is no doubt in many cases a cover for shameful abuses. The Tamil coolies—men, women, and children—come over in gangs from the mainland of India. An agent is sent out to tout for them, and to conduct them by sea and land to their destination. On their arrival on the tea-estate each one finds himself so many rupees in debt for the expenses of transit ! An average wage is 6d, a day, but to keep them up to the mark in productiveness their work is “set” for them to complete a certain task in a certain time, and if they do not come up to their task they get only half pay ; so that if a man is slow, or lazy, or ill, he may expect about 3d. per diem ! Under these circumstances the debt, as may be imagined, goes on increasing instead of diminishing ; the estate is far up country, away from town or village, and the tea company acts as agent and sells rice and the other necessaries of life to its own coolies. Poor things, they cannot buy elsewhere. ” Oh, but they like to be in debt,” said a young planter to me, ”and think they are not doing the best for themselves unless they owe as much as the company will allow.” He was very young, that planter, and perhaps did not realise what he was saying ; but what a suggestion of despair ! Certainly there may have been some truth in the remark ; for when all hope of ever being out of debt is gone, the very next best thing is to be in debt, as much as ever you can. At the end of the week the coolie does not see any wage ; his rice, etc., has forestalled all that, and more ; only his debt is ticked down a little deeper. If he runs away to a neighboring estate he is soon sent back in irons. He is a slave, and must remain so to the end of his days. That is not very long however ; for poor food and thin clothing, and the mists and cool airs of the mountains soon bring on lung diseases, of which the slight-bodied Tamil easily dies.

“I dare say 3d. a day seems a very small wage to you,” said the planter youth, ” but it is really surprising how little these fellows will live on.”

“It is surprising, indeed, when you see their thin frames, that they live at all.”

“Ah, but they are much worse off at home ; you should see them when they come from India.” And so the conversation ended.

And this is how our tea, which we set so much store by, is produced in Ceylon and other places. These plantations are sad-looking places.


ලක්දිව ගමන් සටහන් පිටු අංක: 34

Advertisements

One thought on “Wage-Slavery on the Tea-Plantations

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s