Nuwara Ellia

එක් දිනක් ඇජැක්සුත් මමත් නුවර එළිය බලා පිටත් වුනා. ගිය දුම්රිය මැදිරිය සම්පූර්ණයෙන්ම වගේ පිරිලා හිටියේ තේ වැවිලිකරුවන්ගෙන්. (මේ අතර බිරින්දෑවරුන් හා සහෝදරියන් එක්කෙනෙක් දෙන්නෙක් දකින්න හිටියා) ඒ වගේම අපි හිටපු හෝටලයෙත් තේ වැවිලිකරුවන් කිහිප දෙනෙක් හිටියා. මේ වගේ දුරස්තර සාවියක සම්පූර්ණ සම්මත ඉංග්‍රීසි ඇඳුමම ඇඳගත්ත, ඒත් සාමාන්‍ය මැද පෙළ ව්‍යාපාරික පංතියේ ඉංග්‍රීසි මුහුණු කීපයක් දකින්න ලැබීම කුතුහලය දනවන කාරණාවක් වුනා.

This slideshow requires JavaScript.

නුවරඑළිය

තරමක මිනිස්සු ප්‍රමාණයක් දුක් සහගත උදාසීන කමක් පෙන්නුවා. තමන්ගේ තත්වය නම්බුව තියාගන්න ඕනා හන්දා එයාලා කටයුතු කලේ මේ කාලවර්ණ මිනිස්සුත් මෙහි ජීවත් වෙනවා කියලා හිතන්නේ බලන්නේ නැතුව වගේ. පේන්න නැති, පවතින්නේ නැති, ඒ වගේම කෑගහලා විනිශ්චය කරන්න බැරි බීරො කට්ටියක් විදිහට තමයි එයාලට සැලකුවේ.

Croquet Party, Nuwara Eliya
Croquet Party, Nuwara Eliya (ca. 1863) [Image Courtesy: http://www.imagesofceylon.com ]

කොහොම වුනත් හවස් යාමයේදී (හෝටලයෙදී) මමයි ඇජැක්සුයි පියානෝවේ හොඳින් දන්නා තනු කීපයක් වාදනය කරනකොට බ්‍රිතාන්‍යයන් උද්යෝගීමත් වෙච්ච ආකාරය නම් අපේ සිත තදින් ස්පර්ශ කළා. ඔවුන් අප අසලට ඇවිත් පැවසුවේ මේ වාදනයෙන් ඔවුන්ට මව් රටේ සිය ගෙදර මතක් වුණු බවක්. එනිසාම අපෙන් බැගෑපත් ලෙස ඉල්ලුවා තව දුරටත් වාදනය කරන්නයි කියලා. ඉතින් ඇජැක්ස් කිසිම සූදානමක් නැතිව වුනත් පුරුදු පරිදි හිටිවනම ඔහුගේ මනෝහර වාදනයෙන් මාත් සමඟ පැය දෙකක් තිස්සේ ඔවුන්ව කුල්මත් කලා.

The Hunt Group, Nuwera Eliya
The Hunt Group, Nuwera Eliya (ca. 1864) [Image Courtesy: http://www.imagesofceylon.com ]

නුවර එළිය මුහුදු මට්ටමින් අඩි 6,000ක් විතර උස හෝටලයක් දෙකක් සහිත කුඩා ගම්මානයක්. එහෙම නැතිනම් කියන්න පුළුවන් කොළඹ ඇතුළු පහත්බිම් වලින් ග්‍රීෂ්මාධික තරමක් තෙත් වූ වාතය ගලාගෙන එන ජනප්‍රිය නවාතැන් පොළක් කියලා. මෙහිදී බ්‍රිතාන්‍යයන්ට පේන්න තියන දෙයක් තමයි විසිත්ත කාමර වල තනා තියන ගිනි උඳුන් සහ  පිටත ඇති ඝන මීදුම. ලොක්කන්ට නම් ලොකු කබායක් ඇඳගෙන ගෙදර වගේ ඉන්න පුළුවන්. ඒත් අපි තාම මීදුමෙන් වැසෙන භූමියක ඉඳන් ඇවිත් වැඩි කලක් නැති හන්දා මේ ප්‍රීති ප්‍රමෝදය අපට නම් එතරම් අගයක් වුනේ නැහැ. අපිට හිතුනේ මේ ස්ථානය ටිකක් නීරස හිස් තැනක් කියලා.


[අනුවාදක සටහන: ඔවුන් මෙතෙක් දුර ආ ගමන් මඟ, වර්තමාන දුම්රිය මං මාවත් ඔස්සේ ඉහත සිතියම මඟින් දැක්වේ]


“ආදම්ගේ ශිඛරය මතින් එලිෆන්ටා ගුහා වෙත – ලක්දිව සහ ඉන්දියාවේ රූප සටහන්” : එඩ්වඩ් කාපෙන්ටර්

දෙවන පරිච්ඡේදය : මහනුවර හා පිටිසර ජීවිතය

From Adam’s Peak To Elephanta : Sketches in Ceylon and India by Edward Carpenter

CHAPTER II: KANDY AND PEASANT LIFE

One day Ajax and I went up to Nuwara Ellia. The railway carriage was full of tea-planters (including one or two wives and sisters), and there were a few at the hotel. It was curious to see some English faces of the cold- mutton-commercial type, and in quite orthodox English attire, in this out-ofthe- way region. The good people looked sadly bored, and it seemed a point of honor with them to act throughout as if the colored folk didn’t exist or were invisible—also as if they were deaf, to judge by the shouting. In the evening however (at the hotel) we felt touched at the way in which they cheered up when Ajax and I played a few familiar tunes on the piano. They came round, saying it reminded them of home, and entreated us to go on ; so we played for about two hours, Ajax improvising as usual in the most charming way.

Nuwara Ellia is 6,000 feet above the sea—a little village with an hotel or two—a favorite resort from the sultry airs of Colombo and the lowlands. Here the Britisher finds fires in the sitting- rooms and thick mists outside, and dons his great-coat and feels quite at home. But we, having only just come from the land of fogs, did not appreciate these joys, and thought the place a little bleak and bare.


ලක්දිව ගමන් සටහන් පිටු අංක: 16

Advertisements

One thought on “Nuwara Ellia

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s