Poverty of the People

කැහැටු හාමත් වුණු මරණයට ඔන්න මෙන්න වගේ ඉන්න, ගම්බද ප්‍රදේශයන්ගෙන් සිඟමන් ඉල්ලගෙන කුරුණෑගල නගරයට පැමිණෙන මනුෂ්‍යයන් දැක්කම හරි දුකක් හිතෙනවා. ඔවුන් බහුතරයකගේ, විශේෂයෙන්ම තරුණ අයගේ, අත් පා නරක විදිහට වණ වෙලා.

ජනයාගේ දරිද්‍රතාව

එක් දිනක් මා රෝහලේ සැරි සරන කොට යුරේශියානු වෛද්‍යවරයෙක් මට මේ වගේ රෝගීන්ගෙන් පිරිච්ච වාට්ටුවක්ම පෙන්නුවා. ඔහු කීවේ රෝහලෙන් ලැබෙන හොඳ ආහාර වේල නිසා ඔවුන් බොහොමයක් ඉක්මනින් සුවපත් වෙන වගක්. නමුත් ඔහු ඊටම එක් කොට කිව්වේ සනීප වී ඔවුන් නැවත පරණ තත්වයට ගියාම ඉක්මනින්ම ආපහු තිබුන විදිහට නරක අතට හැරෙනවා කියලයි.

Beggars below the footsteps of Temple of the Tooth in Kandy
Beggars below the footsteps of Temple of the Tooth in Kandy (ca. 1950) [Image Courtesy: http://www.gettyimages.com%5D

කොළඹ වගේ තැනක ඉන්න ජනගහනයෙන් සෑහෙන ප්‍රමාණයක් මේ ගම්බද පළාත් වලට වඩා අතිශයින් ජේත්තුකාර ඉසුරුමත් පුද්ගලයින්. අපට එය තවත් උදාහරණයක් සපයනවා නූතන ප්‍රතිපත්ති කොහොමද කෘෂිකාර්මික දිවි පෙවෙතක් බිල්ලට තියලා කපටි කට්ට කෛරාටික ලෙස ව්‍යාපාරික දිවියක යැපෙන්න උල්පන්දම් දෙන්නේ කියලා. ඒ වගේම මම අමුතුවෙන් කියන්න අවශ්‍යය නෑනෙ, මේ තත්වය පිටරට වගේම අපේ රටේත් දැකගන්න පුළුවන් කියලා.

Beggar Man photographed by Plate & Co.
Beggar Man photographed by Plate & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

ගම්මැද්දේ ස්නානය

ජලාශයක වතුරට බැහැලා නාන මිනිස්සුන්ගේ හැටි මවන්නේ හරිම කදිම දර්ශනයක්. උදේ පාන්දර ඉඳන් දවස මුළුල්ලේම මේ දර්ශනය දැක බලාගන්න පුළුවන්. පිරිසිදුකම කියන්නේ ආගමික පිළිපැදීමක් වගේ. සහජයෙන්ම එය මිනිසුන්ගේ පුරුදු වලට එකතු වෙලා. හැබැයි ඉතින් විෂමතාත් නැතුවාම නෙවෙයි. නමුත් ඒවා තියෙන්නේ පහත් කුල වල ජනයා අතර. ගතානුගතික හින්දූන් ඇඟ සේදීම පමණක් නෙවෙයි, ඔහුගේ ඇඳුම් පවා අඩුම තරමේ දවසට සැරයක් වත් සෝදගන්න ඕනා.

Kurunegala Paysage
Kurunegala Paysage [Image Courtesy: http://www.akpool.de ]

මේ දේශගුණය ජලයේ ගිලී නෑමට සතුටක් එක් කරනවා. කාලය යනවා දැනෙන්නේ නෑ. මිනිසුන් හා කොලුගැටයන්, ගැහැණුන් හා දරුවන්, මේ හැමෝම එකට එක්ව හෝ එකිනෙකාගෙන් එතරම් දුරින් නොවුනු වෙන්වුනු කණ්ඩායම් වශයෙන්, ප්‍රීති ඝෝෂා නගමින් සීතල ජලය කලතනවා. ඔවුන්ගේ වර්ණවත් සරම් පිරිසුදු දියෙහි සෝදා ඉවුරේ වනලා තියනවා වේලෙන්න. පිත්තල සෙම්බුවක් වතුරෙ බස්සලා වතුර පුරවගෙන ඔලුවට දාගන්නකොට ඉර එළිය වැටිලා දිස්නයක් දෙනවා. දිග කලු කොණ්ඩය කඩා හැලෙනවා ඔවුන්ගේ පිට දිගේම.

Kurunegala Lake
Kurunegala Lake [Image Courtesy: Jagath Abesekara – Panoramio]

ඊලඟට වතුරින් ගොඩට ඇවිත් මොකද්දෝ ගසකින් පුංචි රිකිල්ලක් කඩාගෙන උක්කුටිකව වාඩි වෙලා, අග තලා ගෙවුනු මේ රිකිල්ලෙන් දත් මදින අතරේ දවසේ ලොකුම ඕපාදූපය ගැන කියවනවා. මේ දත් සුද්ද කරන ගමන් කදේ දාන කාරිය ඔවුන්ගේ වතුර වේලෙනකන්ම සිද්ධ වෙනවා. සමහර වෙලාවට ඒකට ඊටත් වඩා කාලය ගත කරනවා. මං කල්පනා කරන්නේ මේක තමයි මේ සෞම්‍ය “බෙල්ලන්ගේ” දවසේ තියන වින්දනාත්මකම හෝරාව. [අනුවාදක සටහන: පෙර ලිපියකදී ස්වදේශිකයන් “බෙල්ලන්” ලෙස කතුවරයා හැඳින්වූයේ ඇයි දැයි පහදන ලදී]

Kurunegala Lake
Kurunegala Lake [Image Courtesy: https://cricketnona.wordpress.com%5D

මේ වගේ චාම් අව්‍යාජ තැන් වල කුලමල බේදයක් නෑ. දුප්පත් පෝසත් මේ හැමෝම එකතු වෙනවා මේ වගේ පොදු ස්නානස්ථාන වලට. ඒත් එයාලගෙ ඇඳුම් පැළඳුම් හුරු පුරුදු වල නම් වත්පොහොසත්කම නැතිබැරිකම අනුව පොඩි වෙනසක් දකින්න පුළුවන්. හැබැයි බටහිර අදහස් පැතිරිච්ච තැන් වල පොහොසත් ස්වදේශික ඇත්තන් නම් ඒවා අනුගමනය කරලා පෞද්ගලිකත්වය ආරක්ෂාකරගෙන ගෙදරම තමයි ස්නාන කටයුතු කරන්නේ.

Natives Bathing in River
Natives Bathing in River [Image Courtesy: http://www.imagesofceylon.com ]

ජනයා කවදාවත් නග්නව දියට බහින්නේ නෑ (ළමයින් හැරෙන්න). කාන්තාවන් හැමවිටම දිය රෙද්දක් ඇඟ වටා ඔතාගන්නවා. මේ දිය රෙදි බොහොම දිගයි. ඔවුන් බොහොම දක්ෂ ලෙස ඉන් එක් කොනක් සෝදාගෙන එය ඔතාගෙන අනෙක් කොන දිග හැරගෙන එය සෝදාගන්නවා. මේ හැසිරවීම ඉතා ප්‍රශංසනීයයි. හැම තිස්සෙම ඔවුන් විනීත ලෙස ආවරණය වෙලා ඉන්නේ.

Public bathing place at Kandy
Public bathing place at Kandy (1903) [Image Courtesy: http://www.lankapura.com ]

“ආදම්ගේ ශිඛරය මතින් එලිෆන්ටා ගුහා වෙත – ලක්දිව සහ ඉන්දියාවේ රූප සටහන්” : එඩ්වඩ් කාපෙන්ටර්

තෙවන පරිච්ඡේදය : කුරුණෑගල

From Adam’s Peak To Elephanta : Sketches in Ceylon and India by Edward Carpenter

CHAPTER III: KURUNÉGALA

It is sad to see the thin and famished mortals who come in here from the country districts round to beg. Many of them, especially the younger ones, have their limbs badly ulcerated. One day, going through the hospital, the doctor—a Eurasian—took me through a ward full of such cases. He said that they mostly soon got better with the better hospital diet ; “but,” he added, ” when they get back to their old conditions they are soon as bad as ever.” In fact the mass of the population in a place like Colombo looks far sleeker and better off than in these country districts ; but that only affords another instance of how the modern policy encourages the shifty and crafty onhanger of commercial life at the cost of the sturdy agriculturist—and I need not say that the case is the same at home as abroad.

It is quite a pretty sight to see the bathing in the tanks. It takes place in the early morning, and indeed during most of the day. Cleanliness is a religious observance, and eno^rained in the habits of the people. Of course there are exceptions, but save among the lowest castes this is the rule. An orthodox Hindu is expected not only to wash himself, but his own cloth, at least once a day. The climate makes bathing a pleasure, and the people linger over it. Men and boys, women and children, together or in groups not far distant from each other, revel and splash in the cool liquid ; their colored wraps are rinsed and spread to dry on the banks, their brass pots glance in the sun as they dip the water with them and pour it over their own heads, their long black hair streams down their backs. Then, leaving the water, they pluck a twig from a certain tree, and, squatting on their hams, with the frayed twig-end rub their teeth and talk over the scandal of the day. This tooth-cleaning gossiping business lasts till they are dry, and often a good deal longer, and is, I fancy, one of the most enjoyable parts of the day to the mild oyster. In unsophisticated places there is no distinction of classes in this process, and rich and poor join in the public bathing alike—in fact there is very little difference in their dress and habits anyhow, as far as regards wealth and poverty—but of course where Western ideas are penetrating, the well-to-do natives adopt our habits and conduct their bathing discreetly at home.

The people never (except it be children) go into the water quite naked, and the women always retain one of their wraps wound round the body. These wraps are very long, and the skill with which they manage to wash first one end and then the other, winding and unwinding, and remaining decorously covered all the time, is quite admirable.


ලක්දිව ගමන් සටහන් පිටු අංක: 21

Advertisements

One thought on “Poverty of the People

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s