Language and Literature

දමිළයන්ට සැලකිය යුතු තරම් පුරාතන කාලයේ ඉඳන් බොහෝ සෙයින්ම පෘථුල වෙච්ච සාහිත්‍යයක් තියනවා. වැඩි වශයෙන්ම ඒවා දාර්ශනිකයි. එහෙම නැතිනම් කාව්‍යමය දර්ශනයක් පෙන්නුම් කරනවා. ඔවුන්ගේ භාෂාව, වචන මාලාවන්ගෙන් වගේම  ව්‍යාකරණ රීතීන්ගෙන්, වර නැගීම් වලින් බොහොම පොහොසත්. ඒ වුනත් බොහොම සංක්ෂිප්ත, යන්තම් පිරිමහගත්ත ආචාරශීලි භාෂිතයක් (“ස්තූතියි”, “සුභ උදෑසනක්” වගේ) තියෙන්නේ. සද්දෙන් ටිකක් රළුයි. ක’ සහ ර’ ශබ්දය දත් අතරින්  ශීඝ්‍රයෙන් පියඹා යනවා.

Continue reading “Language and Literature”

Advertisements

Colombo – The Tamils and the Cinghalese

දමිළයෝ බොහෝ දෙනා කෙට්ටුයි, නමුත් සුන්දරයි. එවගේම ක්‍රියාශීලියි. පහළ නැව් තටාංගනයේ ඒගොල්ලො සිය ගණනක් හරි හරියට වැඩ කරනවා. කලවා වලින් පහළට කිසිත් ඇඳ නෑ. එයාලා බත්තලන් වලට, නැව් වලට,  බඩු ඇදලා, බඩු පටවලා, තමයි ජීවත් වෙන්නේ.

Continue reading “Colombo – The Tamils and the Cinghalese”

Population Composition of Colombo

මේ වීදි හා මාවත් දිගේ උඩහට පහළට යනකොට, මේ වැව දිගේ යනකොට, මේ මුහුදු වෙරළ දිගේ යනකොට, වරාය වේදිකාවට නැව් තටාකයට යනකොට, සෑහෙන්න වෛවාරන සෙනඟක් මුණ ගැහෙනවා. හිතා ගන්න පුළුවන්ද?. සිංහලයන් හා දෙමළුන් තමයි අනිවාර්යයෙන් බහුල වශයෙන් ඉන්නේ. ඒත් ඊට අමතරව “මහොමෙඩාන්වරුන්”, මෙහෙ කියන විදිහට නම් මරක්කලයන් (මුවර්), ඒ වගේම මැලේවරුනුත් දකින්න ඉන්නවා.

Continue reading “Population Composition of Colombo”