A Case of Burglary

මේ නඩු බොහොමයක් අඬ දබර හන්දා ඇති වෙන ඒවා. ඒ අතර අරෝවට කරන අබූත චෝදනාත් නැතුවා නෙවෙයි. හරක් හොරකම්, පොල් හොරකම් වගේ දේවල් සම්බන්ධයෙනුත් නඩු වැටෙනවා. ටික දවසකට කලින් මම උසාවියේ හිටපු දවසේ විභාගයට ගත්ත ප්‍රධාන නඩුව ටිකක් විනෝදජනකයි.

Continue reading “A Case of Burglary”

The District Court

කුරුණෑගල – මගේ නිගමනය වුනේ මෙහෙ  තියන උසාවි සහ අධිකරණ කටයුතු එක්තරා ආකාරයකට බ්‍රිතාන්‍ය රජයේ වියදමින් මේ “බෙල්ලන්ට” ලබා දෙන විනෝද සංග්‍රහයක් කියලා. මේ මිනිස්සු එච්චරටම මේ ආයතන තකන්නේ ඒ තරම් සුළුවට. අනේ පව්! අසරණ මිනිස්සු! ඒ ගොල්ලන්ගේ ප්‍රාදේශීය ප්‍රශ්න වලින්, ප්‍රාදේශීය දේශපාලනයෙන් හෙබි පැරණි සාම්ප්‍රදායික ජීවන රටාව, ඊටත් වඩා  තියන ආගමික උත්සව, මේ හැම දෙයකම වර්ධනය කඩා වැටෙනවා.

Continue reading “The District Court”