දහවල් කාලයේදී ගිනිගහන දැඩි හිරු රශ්මියක් පතිත වෙන අධික බෑවුම් පැත්තෙන් ඉහල නැග, ඇතාගල පර්වත මස්තකයේදි කෙනෙකුට බටහිර දෙසෙහි වූ පහත් තැනිතලාවත්, නැගෙනහිරින් රට මධ්‍යයට ක්‍රමයෙන් උස් වෙන කඳු වළල්ලත් එක්ක කදිම දර්ශනයක් දැක බලාගන්න පුළුවන්. මේ භූදර්ශනය නිසා සිරුර තුල දුවන හැඟීම, ලංකාව පුරා එක සේ පවත්නා හරිත පැහැය නිසා ලංකාවේ ඕනෑම තැනකදි දැනෙනවා.
Tag: Elephant Rock
Cinghalese Views on Politics
කුරුණෑගලට යන අතර වාරේ දුම්රියේදී තරමක අධ්‍යාපනයක් සහ හැකියාවක් පෙන්වන මොණරසිංහ නැමැති සිංහලයෙකු සමඟ කතාබහක් ඇති කරගන්න මට අවස්ථාවක් ලැබුනා. ඔහු පෙරකදෝරුවරයෙක් නැත්නම් සොලිසිටර නිලධාරියෙක් වෙන්න ඕනා. උද්යෝගීමත්, කතාබහේ දක්ෂ, දේශපාලනය ගැන දැඩි උනන්දුවක් තියන කුඩා මිනිසෙක්.