Moti’s Delight

සින්තියා අත් දෙක ඉණට තබා වටේට කැරකුනේ ඇයගේ සිහින් සිරුරට ගැලපෙන හොඳම අයුර සොයා ගෙනහැර පාන්නට. “දැන් හොඳයි” යයි කියාගත්තේ ඇය සිටි අයුර හොඳ යැයි තමාටම දැනුන නිසා.

මෝතිගේ සතුට

“ඒත්-” සින්තියා කියන්නට පටන් ගත්තා. “මම කියන්න ඕනි ඉස්සර වෙලාම-, ආයා? ආයා?” සින්තියා ඇගේ උරහිස මතින් පිටුපස බැලූ විට දුටුවේ ධුර්සි සහ ආයා බුලත් සැපීම ගැන සුහද කතාබහක නිරතවෙන අයුරුයි. “ආයා?”

“ඔව් නෝනා, මම එනවා, ඉක්මනින්.”

“ධුර්සි මගේ මිණුම් ගන්නකන් ඔයා අල්පෙනෙත්ති ටිකයි, පැන්සලයි, කොළේයි අල්ලන් ඉන්න. ධුර්සි දැන් ඔයා-“

ඒත් ඔහුගේ තලෙලු අත් දෙක රූපාක්ෂර කොටා ඇති මෙන් පෙනුනු නළල දෙසට නැගුනා. උදාරම් හිස පහළට නවා ගාම්භීර සද්දය ඇති කටහඬකින් “සලාම්!” කීවා. ඒ තලෙලු අත් දෙකෙන්ම මුස්ලින් කම්බාය ගන්නට ගොස් එහි දුහුවිල්ල ගසාබසා දැමුවා. ඉන්පසු ඔහුගේ රාජකීය පිටුපස ඔවුන් දෙසට හරවා යහපත් කෝපයකින් පිටුපස ආලින්දයේ පඩි බැස යන්නට සැරසුනා.

“ධුර්සි? ආයා? මොකද්ද මේකෙ තේරුම?”

මෝති ආයා ඉදිරියට ගොස් ප්‍රතාපවත් රූපකාය අබ්යස බුලත් කහටින් වර්ණවත් වූ තොල් උල් කොට දෙමළෙන් යමක් පැවසුවා. ටික වේලාවකට පසු මේ රූපකාය නැවතත් ආලින්දයට ආපසු ආවේ අසීමිත අභිමානයකින්.

සොලමන් රජුම තමයි

බාහිර හැඟීම් වලට සංවේදී වූ සින්තියාට, අහංකාර රූපකායක් හිමි මේ පුද්ගලයාගේ ක්‍රියා කලාපය ගැන ප්‍රසාදයට පත්වන්නට බැරි වූ නමුත් ඔහුගේ ගති ලක්ෂණ හිතෙහි සනිටුහන් වුනා. ඔහුගේ ක්‍රියාකලාපය පැරණි ප්‍රධානියෙකුගේ වගේ. කිසිඳු ඉගැන්වීමකින් තොරව එන මේ දේශීය උදාරම් බව කැටි වූ ශෝභනත්වය ස්වභාවයෙන්ම උරුම ලද්දක් වෙන්නට ඕනි. නැතිනම් ප්‍රවේණිගතව එන ගති ලක්ෂණයක්.

Indian Tailor - Dhurzee
Indian Tailor – Dhurzee

“නෝනා, ධුර්සි කියනවා,” මෝති මැදිහත් වුනා. “ඇඳුම් මහන්නෙක්ගෙ වැඩේ හොඳටම දන්නේ නෝනාද ධුර්සිද කියලා?” මේ ප්‍රශ්නෙට උත්තරේ තාම ඔප්පු වී නැතත්, පොඩි සැක සංකාවක් තියාගෙන සින්තියාට පිළිගන්නට සිදුවුනා. සින්තියාට හිතුනේ හිතවත් මදහසකින් මුනුමුනු හඬකින් ඔහුගේ සන්සුන් මහෝත්තම බවට උවමනා පිළිතුර දෙන එක ඥානාන්විතයි කියලයි.

පිළිතුර ලත් සැණින් ධුර්සී ඔහුගේ තලෙලු පැහැ එක් අතකින් ඔහුගේ කතුර නිදහසේ ගෙන – එය බොහෝදුරට ලොම් කපනා කතුරක් (ශියර්) වගේ – අනෙක් අතින් “ක්‍රෙප් ද ශින්” රෙද්දම එක මිටකට ගෙන සිමෙන්ති පොළවට බිම දැමුවා. සින්තියාගේ හදවත නතර වුනාක් මෙන් වුනා. ශියර් කතුර සේද රෙද්ද ඔස්සේ හැල්මේ ඇදී ගියා.

shear and scissor
Shear (bottom) and Scissor (top)

මේ අතරම අගාධයට ඇදී ගිය කලුවන් නෙත් සඟල සින්තියා ගිලගන්නට මෙන් ඇය දෙසට දිගුවුනා. අඩි පහයි අඟල් හතයි තුන් කාලයි. ඇගේ මුළු උස පුරාම, ඒ කලු නෙත් ඉහළ පහළ ගියේ පෙනෙන්නට ඇති හැම වකරැල්ලක්ම අල්ලා ගනිමින්.  වරක් නැවතුනු සින්තියාගේ හදවත එලෙසම පැවතියා. ඇගේ කතා කිරීමේ ශක්තියත් හීන වෙලා. ඇගේ අගනා වටිනා “ක්‍රේප් ද ශින්” රෙද්දම කෑලි වී විනාශ වී ගොසින්. මේ කුඩා පුදුමයෙන් ඇය කම්පනයට පත් වෙලා. මෝති කතා කළ විට තමයි සින්තියාට සිහියක් ආවේ.

“ධුර්සි කියනවා, නෝනා දැන් යන්න කියලා, ධුර්සිට නෝනාව දැන් උවමනා නැතිලු.” සින්තියා දිගුම දිගු හුස්මක් පිට කළා. එය සුසුමක් ද? මුණින් වැටී ඇති ඇගේ “ක්‍රේප් ද ශින්” රෙද්ද දෙස අවසන් වරට බලා ඇය හැරී බංගලාව තුලට ඇදුනා. ඇය පියානෝව කරා ගියේ සංගීතඥ වෝග්නර්ගේ සංගීතයෙන් මුසපත් වී සිත වෙනස් වේ යයි, සියල්ල අමතක වේ යයි බලාපොරොත්තුවෙන්. නමුත් නැහැ. “ගොට්ටර්ඩම්මරුන්” ගීනළුව අසාර්ථක වුනා.


කැරොලයින් කෝනර් විසින් රචිත “ලක්දිව්: ආදම්ගේ පාරාදීසිය”

සත් වසක දූපත් දිවියේ ජීවන සටහන්

පරිච්ඡේදය 05

Ceylon: The Paradise of Adam by Caroline Corner

The Record of Seven Years’ Residence In The Island

Chapter 05


She turned and turned herself about, hands on hips, in order to show off her slim figure at its best. ” Now,” when the pose was perfect. ” But,” went on Cynthia, ” I ought to tell you first, I always prefer — Ayah ? Ayah ? ” Glancing over her shoulder, Cynthia beheld Dhurzee and Ayah in close confab over ” chews of betel.” ”Ayah?”

“Yes, lady, I coming—’mediately.”

” I want you to hold the pins, paper, pencil, &c., while the Dhurzee takes my measure, and I want the Dhurzee-“

But a pair of bronze-brown hands were now uplifted to a hieroglyphiced brow, and a majestic head bent while a sonorous voice said : ” Salaam! ” The same bronze hands then proceeded to pick up the muslin Kambaya, preparatory to treading the dust. Then a right regal back was turned, and the right regal owner trod the steps of the back verandah in righteous indignation.

 “Dhurzee ? Ayah ? What is the meaning of this?”

Moti, the Ayah, pouting her betel-stained lips, stepped forward and said something in Tamil to the August Presence, who, after a brief while, returned to the verandah with an air of infinite condescension.

Cynthia could not—being sensitive to outward impressions—but remark, and, yes, admire the bearing and manner of this lordly figure of a man, the bearing rather of one of those chieftains of old, endowed by nature or inheritance with that native dignity combined with grace no amount of instruction, much less affectation, can impart. And yet this Dhurzee was by profession—if tailoring be a profession—but the proverbial ninth part of a man !

”Dhurzee saying, Lady,” vouchsafed Moti, “who know tailor-make-work best — Dhurzee or Lady?” Now, as the answer to this question, even in its as yet unproven state, admitted of little doubt, if any, Cynthia deemed it prudent to reply with an amicable titter, and murmur something about his serene highness having his own way. Forthwith the scissors, the Dhurzee’s own, and mostly resembling a pair of shears, were leisurely taken by one of the bronze-brown hands, while the other laid hold of the crepe-de-chine en masse and dumped the same down on the cement floor. Cynthia’s heart leaped. Then the shears-like scissors coursed the silken material at a canter. And all the while a pair of unfathomable black eyes retained a devouring gaze on Cynthia. Five feet seven and three quarters—her full length ; up and down those black eyes went, taking in apparently every curve, every crease. Cynthia’s heart, after that one leap, stood still. Power of speech was paralysed too. Her exquisite crepe-de-chine — mutilated— spoilt ! Little wonder she was stunned. Only when Moti spoke did Cynthia gather herself together, so to speak.

” Dhurzee saying, ‘ Lady please go ‘way.’ Dhurzee not wanting lady more.” A long, long breath was Cynthia’s. Was it a sigh ? as with a last look at her crepe-de-chine prone in length, she turned and went away—back into the bungalow, to the piano, where she sought distraction, oblivion, anything in Wagnerian excitement on the piano. But no, the Götterdämmerung even failed.


ලක්දිව ගමන් සටහන් පිටු අංක : 12

One thought on “Moti’s Delight

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s