Cynthia’s Best Gown

“ඇයි ඒක ධුර්සිකෙනෙකුට (ඉන්දියානු ඇඳුම් මහන්නෙකුට) නොදෙන්නේ?”, කෙනෙක් ඇසුවා. මෙසේ කීවේ සින්තියා මහත් ආදරයක් දැක්වූ ඇගේ මංගල සලුපිලි එකතුවේ වූ අගනා සැහැල්ලු රැලි සහිත චීන සේද රෙද්දක් (ක්‍රෙප් ද ශින්) ගැනයි. හොඳ දක්ෂයෙකුට මේ රෙද්දේ ඇඳුමක සිහිනය යථාර්තයක් බවට පත් කළ හැකියි.

Crepe de Chine.
Crepe de Chine Material

සින්තියාගේ හොඳම ගවුම

“ධුර්සි කෙනෙකුට!” සින්තියා යටි උගුරෙන් කෑගැසුවේ තවම ලක්දිවට පැමිණ ගොඩක් කලක් නොමැති නිසයි. “මගේ අනර්ඝතම සේද රෙද්ද?”

“මම සහතික වෙනවා, මේ ධුර්සිලා බොහොම සමර්ථයෝ” සින්තියාගේ යෙහෙලිය කිව්වා. “මම පුරුදුවෙලා ඉන්නේ මගේ ඇඟේ හැඩේටම හරියන්න අඳින්න. මම දැන් කවදාවත් මගේ දේවල් එංගලන්තෙන් ගෙන්න ගන්නේ නැහැ. කලාතුරකින් තමයි මෙහෙ තියන යුරෝපීය ඇඳුම් කඩේකට පවා ගෙවලා ගන්නේ. ධුර්සිකෙනෙක්ව උත්සහ කරලා බලන්න.” සින්තියාගේ මේ උපදේශිකාව කොහොමටත් විලාසිතාකාරිනියක්. ලන්ඩන් උත්සව සමයට සමගාමීව, උෂ්ණත්වමානයේ උෂ්ණත්වය අංශක 100ක් වුනත්,  කොළඹ පැවැත්වෙන දේවගැති පෙරෙට්ටුවට ලක ලෑස්තිවෙලා ඉන්නේ. යටත්විජිත ජේත්තුකාර සමාජයට අයත් විලාසිතා පිළිබඳ යාවත්කාලීන වූ ඉංග්‍රීසි කාන්තාවන්ට මෙය හොඳ අවස්ථාවක්.

“මම ඔයාට දෙන්නම් වැඩේට නියම මනුස්සයෙක්ගේ ලිපිනය. මැතිණියටත් ඔහු වැඩ කරනවා. ඔහුව උත්සහ කරලා බලන්න. ඔයාටම එයාගේ වටිනකම තේරේවි.”

සින්තියා එකෙණෙහිම ඔහුට තුණ්ඩුවක පණිවිඩයක් ලියා යැව්වා. “හෙට උදේට එන්න.” ලිපිනය ලිව්වේ, “ඇන්. තම්බෙරන්ඉනි පිල්ලායි, ධුර්සි පටුමඟ” කියලයි.

මේ කියන හෙට උදය ගෙවිලා ගියේ ධුර්සිගේ හෙවනැල්ලක්වත් නැතිව. ඒ වගේම ඊළඟ උදයවල් පවා ගෙවිලා ගියේ ඒ විදිහටමයි. “අපෝ ඒකට කමක් නැහැ. මේ රටේ සිරිත එහෙම තමයි. ඒ ඔවුන්ගේ හැටි”. සින්තියාගේ යෙහෙළිය පැවසුවා. “ඔහු කොයි වෙලේ හරි ඒවි.”

ඉන්දියානු ඇඳුම් මහන්නා (ධුර්සි)

Singer sewing machine advertisment Ceylon
Vintage Singer sewing machine advertisment Ceylon 1892

ඔහු ආවා, අනපේක්ෂිතවම. උත්සහය අත්හැර දමන්න හිතං ඉන්දැද්දිම වගේ. ඔහුගේ තේජස් රූපකාය අංගනයට ඇතුල්වෙනු දුටුසැනින් සින්තියාට සිහියට නැගුනේ කිර්තිමත් පදවියක් හොබවන ආගමික උත්තමයෙක් වගේ. ගරුබුහුමන් දැක්වීමට පොළඹවන මනහර රූපකායක් ඔහුට තිබුනා. ඇත්තෙන්ම මහත් ගෞරවයක් දක්වන්නට හිතෙනවා. යම් පූජනීය වැදගත්කමක් දිස්වන ආකාරයකුයි ඔහුට තිබුනේ. මේ විදිහ තමයි ඇන්. තම්බෙරන්ඉනි පිල්ලායි.

අප්පු, ආයා, පොඩියන්, මේ හැමෝම එකතු වුනා වැඩේට සියල්ල ලකලෑස්ති කරලා දෙන්න. ඒ අතර වාරේ සින්තියා මෙම්සහීබ්ට (ඉන්දියානු කුල කාන්තාවන් අමතන ගෞරවනීය පදයක්) සලාම් කියා (ප්‍රණාමය දක්වා) ඇන්. තම්බෙරන්ඉනි පිල්ලායි සුරංගනා කතාවක බත් සහ මාළුපිනි රජකරන සාවියක කුමාරයෙකු වගේ ප්‍රතාපවත් ලෙස, ශෝබන ලෙස සපැමිණියා. (ධුර්සිලා හැමකෙනෙක්ම හින්දුවරයෙක්.)  සියල්ලක්ම ලැහැස්ති වුනාම අප්පුගේ කැඳවීම අනුව ඇන්. තම්බෙරන්ඉනි පිල්ලායි ඇතුලට ආවා.

“මෝති” ආයා මුල්ලකට වී සිටගෙන ඇගේ මුදුව රැඳි ඇඟිල්ලක් කටේ දමාගෙන, ඇගේ කලු ඇස් දල්වාගෙන ඔහුගේ ප්‍රශාන්ත පැමිණීම දෙස බලා සිටියා.

Verandah Durzi Dressmaker
Indian Verandah Durzi (Dressmaker)

“දැන් ධුර්සී-” සින්තියා අවස්ථාවට අවශ්‍ය ධෛර්යය ගෙන පවසන්නට පටන් ගත්තා. “දැන් ධුර්සී, මට උවමනයි ඔබට කියලා සන්ධ්‍යාවකට ගැලපෙන මෙන්න මේ වගේ ගවුමක් හදා ගන්න.” ඈ මෑතක පිටවූ ලන්ඩනයේ කාන්තා පත්තරයක ඇඳුම් විලාසිතා ඇති ඡායාරූපයක් ගෙනහැර පෑවා.

“මේ තියෙන්නේ මැටිරියල් එක. හරි ලස්සනයි, නැද්ද? ඔබ එය කපන්න ඕනි. හැබැයි කිසි දෙයක් අපතේ යන්න බැහැ. මේ මැටිරියල් එක-“

“අවසරයි, නෝනා, ඒක රෙද්දක්”, ඉන්දියානුවාගේ මෘදු කටහඬින් ආචාරසම්පන්න නිවැරදිකිරීමක විලාසයක් එහි තිබුනා.

“ඔබ කැමති එහෙමනම් “රෙද්දක්”. හොඳයි. අපි කියන්නේ මැටිරියල් කියලා. මේ බලන්න! දැන් මේකෙ සාය අලුත් විදිහකට තියෙන්න ඕනි. ගවුමේ ඉණ ඇඟේ ගානටම තියෙන්න ඕනි. මේ ගැන බලාගන්න පතොරම කපලයි තියෙන්නේ. ඔයාට කරන්න තියෙන්නේ-, මං කිව්වේ-, මේක හොඳට බලන්න. ඊගාවට-” සින්තියා අදහස් කලේ “මං කියන විදිහට කරන්න” කියලා පවසන්න උනාට ඔහුගේ අඳුරු කාන්තිමත් රූවර, නෙත් යුගලය, දකින විට සින්තියාට වචන නැතිවුනා. ඒ ඇස් වලට කිසිම යුරෝපීයයෙකුට මැනින නොහැකි, විසඳිය නොහැකි ගැඹුරු දෘෂ්ටියක්, මහා ගැඹුරු දෘෂ්ටියක්, බලයක්, ගුප්තබවක් තිබුනා. ඒ වගේ ඇස් ගෝල යුගලයක් තමයි ඈ වෙත බලා සිටියේ. ඉතින් ධුර්සි ඒ මොහොතේ කතා කලා.

A European lady giving instructions to her Durzi
1813: A European lady giving instructions to her Durzi or Indian tailor for the decoration of a piece of cloth. An illustration from ‘The European in India’ by Charles Doyley, 1813. (Photo by Hulton Archive/Getty Images)

“නෝනාගේ සන්ධ්‍යා ගවුම හදන්නේ ධුර්සිද නැතිනම් නෝනාමද?” සින්තියා පසුබෑවා. ඇය සැහැල්ලු සේද රෙද්ද මෘදු ලෙස අතගා මදහස පෑවා. ඇය මොහොතකින් නැවත බලය අත්පත් කරගන්නට තැත් කලේ මද කැස්සකින්. “මේ බලන්න! දැන් ධුර්සි-“, සින්තියාට සමහරවෙලාවට කෝමළ ලෙස තමාට නම්ම්ගන්නා ස්වරූපයෙන් කතා කරන්නට හැකියි. එක්තරා අයිරිශ් ජාතිකයෙක් වරක් ඇයට කීවා ඕන මොට්ටයෙක් ඊට රැවටෙන බව. “දැන් ධුර්සි, මේ තියෙන්නේ මේසය. මම ඒක පිටුපස ආලින්දයටම ගෙනාවා. අපි දැන් පටන් ගමු. මේසය, කතුරු, මිණුම් පටිය, ඔක්කොම ඔබේ අතගාව තියනවා. මගේ මිණුම් අරගෙන වැඩේ පටන් ගත්තොත් හොඳයිනේ.” සින්තියා මෙතැනදි දැන නොසිටි දෙයක් තමයි ඇගේ මිණුම් ගැන දැනටමත් දළ අදහසක් ඔහුට ඇති බව.


කැරොලයින් කෝනර් විසින් රචිත “ලක්දිව්: ආදම්ගේ පාරාදීසිය”

සත් වසක දූපත් දිවියේ ජීවන සටහන්

පරිච්ඡේදය 05

Ceylon: The Paradise of Adam by Caroline Corner

The Record of Seven Years’ Residence In The Island

Chapter 05


“Why not give it to a dhurzee? ” someone said, referring to a precious crepe-de-chine gown, the pet of Cynthia’s trousseau, that only needed skilful handling to create of it “a dream.”

“A dhurzee ! ” Cynthia had not been long out in Ceylon urgo the shriek, ” My ex-quisite crepe-de- chine ? “

“Oh, but these dhurzees are geniuses, I can assure you,” said the lady friend. ” That last habit of mine fits to perfection. I never send home for my things now, and rarely pay through the nose at the European stores out here. Try a dhurzee—do.” Now the lady adviser was herself a fashion-plate materialised, perfectly patterned say for church parade at the height of the London season. The fact of this being Colombo, with the thermometer at 100 degrees in the shade, was a detail to a leader of colonial beau monde—an up-to-date English woman of fashion.

“I’ll give you the address of a tip-top man — works for her Excellency. Try him, and you’ll declare him a Redfern—a Worth.”

Cynthia sent off a ” chit ” there and then : ” Come to-morrow morning,” addressed to N. Tamberaninyi-Pillai, Dhurzee Street.

To-morrow morning came and went without the shadow of a dhurzee, likewise other to-morrow mornings.

“Oh, that’s nothing. The custom of the country: a little way they have,” observed Cynthia’s friend. “ He’ll turn up.”

And he did—when least expected—when well-nigh given up, in fact.

At sight of his commanding figure coming up the compound, Cynthia was reminded of some scriptural personage of illustrious degree. A striking figure that inspired respect—reverence indeed—a figure that seemed to radiate a sort of sacred importance. Such was N. Tamberaninyi Pillai.

Appoo, Ayah, Podyan, all were set about making preparations. Meanwhile, after a salaam to the Memsahib (for the dhurzee, of course, is always Hindoo), N. Tamberaninyi Pillai walked with the grace and dignity of a prince—in a fairy tale—towards the regions where curry and rice is always en evidence. When all was ready, N. Tamberaninyi Pillai emerged at the summons of the Appoo. The Ayah—Moti stood at an angle, her much beringed finger in her mouth, her black eyes aglow on what might be termed his Serene Presence. “

Now, Dhurzee,” said Cynthia, nerving herself up to the occasion, “now, Dhurzee, I want you to make me an evening gown just like this,” producing a fashion-plate from a recent issue of a London lady’s paper.

“This is the material—very beautiful, is it not? Well, I want you to cut it so that nothing is wasted. The material-“

”Salaam, lady — cloth” There was a politely corrective tone in the Indian’s soft voice.

“Well, cloth, if you like. We say material. Ahem ! Now, the skirt must of course be the latest, and the corsage perfect in fit. To insure this I’ve had the pattern sent out. All you have to do is to—well, be very particular and—and— ” Cynthia meant to add “follow my instructions,” but a pair of eyes, dark lustrous, deep—deeper than that well wherein truth is said to dwell — eyes with a power and a mystery in them no European can or ever will fathom, much less solve —such a pair of orbs was upon her, and Cynthia’s power of speech was paralysed. Then the Dhurzee spoke.

 “Lady making lady’s evening gown or Dhurzee ? ” Cynthia, dropping her regards, commenced to smooth out the crepe-de-chine and tittered. She returned to the charge in a second or two, however, with a cough. ” Ahem ! Now, Dhurzee “—Cynthia prided herself on her softly persuasive tone at times : an Irishman once told her it would coax the stripe off a jackass’s back — “Now, Dhurzee, here is the table. I had it brought out on to the back verandah. Let us begin. Table, scissors, tape-measure, all are here at hand for you. But—ah ! Perhaps you’d best begin by taking my measure.” (Cynthia little realised that had already been done—figuratively).


ලක්දිව ගමන් සටහන් පිටු අංක : 11

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s