Villagers in the Malwatte Village

පිළිවලින් ඊළඟට වැදගත්කමක් උසුලන චරිතය වන්නේ රංහාමි. ඔහු ප්‍රධාන කොස්තාපල්, නියෝජ්‍ය ගම්මුලාදෑනි, බදු නිලධාරි සහ තව නොයෙක් නානාවිධ තනතුරු දරනවා. ඔහු කෝරාළගේ දකුණු අත වගේ. අධික තරබාරු කමක් නැති මොට්ට චරිතයක්. නමුත් තමන්ගේ ලාභය ගැන බොහෝ සැලකිලිමත්.

මල්වත්තේ ගම්වැසියෝ

මල්වත්ත ගැමියන් අතරේ ඔහු වැජඹෙන ආකාරය බොහෝ පුදුම සහගතයි. රංහාමි ගමේ මනුස්සයෙකු නොවෙයි. ඒ පළාතේ කෙනෙක්ද නොවෙයි. කෝරාළ හැරෙන්නට වෙන කිසිවෙකු ඔහු පැමිණියේ කොයි සිටදැයි දැන සිටියේ නැහැ. රංහාමිටත් දැන් එය අමතකව ගිහින්.

1848 era Police Uniform
1848 era Police Uniform [Image Courtesy: Threeblindmen Photography Archive – Ceylon Memory Project]

මේ තනතුරු රැසක් දරන නිලධාරියාට හොඳට කන්නට බොන්නට ලැබෙන විශාල මිටසිලුටු ගවපට්ටියකට අමතරව දරු මුණුබුරු පරම්පරාවක්ම සිටිනවා. නමුත් පුදුමය නම් මේ ගවයන්ට තණ කවන්නට ඉඩමක උරුමයක් ඔහුට නැහැ. දරුවන්ට කන්නට අඳින්නට යමක් ගන්නට වැටුපක් හිමි නැහැ. එසේ වුවත් මේ සියල්ලම ඔහු කරනවා. පොඩි කොස්තාපල් තැනත්, පුංචි මුලාදෑනි හාමිනේලාත්, ඇකයෙහි හොවාගත් චූටි බදු එකතු කරන්නෝත් ගමේ අනෙකුත් ළමා ලපටින්ට වඩා හොඳ සුදු පැහැයෙන් යුතු ඇඳුම් ඇඟලා සිටිනවා.

ගව පට්ටිය ගැන කිව්වෝතින්, උන් නම් ස්මිත්ෆීල්ඩ් ප්‍රදර්ශනේට (බ්‍රිතාන්‍ය ස්මිත්ෆීල්ඩ් සමාජයේ ගව ප්‍රදර්ශනයකි) තබන්නට පවා සුදුසුයි. තෑගි ඔක්කොම දිනාගන්නවාට කිසි සැකයක් නැහැ. උන් මෙලෙස තරබාරු වන්නේ බුදුන්ගේ ආශිර්වාදය නිසාද මන්දා. එසේත් නැතිනම් කොස්තාපල්ගේ කැඩිච්ච පීප්ප ලෑලිත්, බදු එකතු කරන්නාගේ දිරච්ච බදු සටහන් පොතුත් මඟින් ඇතිවන විද්‍යානුකූල ක්‍රියාවලියක් නිසාද මන්දා. ඒකත් නැතිනම් දිනපතා උන් දක්කනු ලබන, කෝරාළට ඒ ගැන පැමිණිලි නොකරන අනික් මිනිසුන්ගේ වතුපිටි නිසාද මන්දා. මේ මිනිසුන් ඒ ගැන පැමිණිලි කරත්, ප්‍රධාන කොස්තාපල්තැන ඔහුගේ ගව පට්ටිය කොටු කර තබනු ඇතැයි කියා විශ්වාසයක් තබන්න බැහැ.

මේ මොන කාරණය අධික තරබාරුකමට හේතු වුනත්, මට ඒ ගැන දැනගන්නට බැරි වුනත්, ඒ ගැන මට අනුමාන කළ හැකි කාරණා තිබුනා. රංහාමි බොහෝ ආදායම් රැස් කරගත්තේ තමන්ගේ ගවයන් මරක්කලයන්ට කුලියට දීමෙන්. මරක්කලයන් වෙරළබඩ සිට ඒ ගව රංචු මත හාල් සහ ලුණු පටවාගෙන රට අභ්‍යන්තරයට රැගෙන එනවා. මේ සෞභාග්‍යය ඔහුගේ වාසස්ථානයෙන් විභූතිමත් වෙනවා. ඔහුට ඉංග්‍රීසි පන්නයේ පිඟන් කෝප්ප සහ හැඳි ගැරුප්පු පමණක් නොව, පැදුරකින් රහසිගතව වැසූ ඩිකැන්ටරයක්ද තියනවා. වරක් දැක ඇති ආකරයට පැවසෙන්නේ මෙහි වයින් තිබෙන බවයි. දිදුලන වර්ණයෙන් රාමු කළ පින්තූර දෙකක් බිත්තිය අලංකාර කරනවා. රාක්කයක් වැනි තැනක ආභරණ සැරසිල්ලක් ලෙස තබා ඇති බුජමක ස්වර්ණාලේපිත දුර්වර්ණ ලේබලයෙන් කැටයම් කොට ඇත්තේ “ලීචස්” (කූඩැල්ලන්) කියාය.

ගමේ කාර්ය සහායක හෙවත් පියුම්කාරයා, ගම්මණ්ඩියේ කොස්තාපල්ටත්, කෝපිවල ආනුභාවයටත් වඩා වැඩි වෙනසක් නැහැ. රටේ මධ්‍යම පළාතේ අනෙක් අය මෙන් අවිනීත අලස පුද්ගලයෙක්. ලියුම්කරුවන් ගම හරහා දුවනවිට ඔවුනට ඔහු නිතර නිතර පිරිනමන පා පහර හැරෙන්නට පුංචිරාළට මේ පියුම්කාර පදවිය දරන්නට, වෙනත් කරනා කිසිවක් පෙන්නන්නට අමාරුයි. එනමුත් ඔහු මැසිවිලි නැගුවේ ඔහු කරනා බාරදූර කටයුත්තට මසකට රික්ස් ඩොලර් පහක් හෝ සිලිම් හතයි පැන්ස හයකට වඩා කිසිත් නොලැබෙන නිසා. පුංචිරාළට කඩිමුඩියේ වැඩ කරන කුඩා බිරිඳක් සිටිනවා. ඇය තමයි ඔහුගේ ඔක්කොම බර වැඩ කරන්නේ; අර පා පහර හැරෙන්නට. ඌරන්, කුකුළන්, වතුපිටි, මේ සියල්ලක්ම තිබෙන්නේ ඇයගේ භාරයේ. ඇය සහ කුඩා දරුවන් ගේ දොර බලා කියාගෙන ආහාර පිසින අතරවාරයේ ඔවුන්ගේ ස්වාමියා පස්ස බිම තියා දිගා වී සිටිනවා. එහෙමත් නැතිනම් බෙරය වයමින් සිටිනවා. එසේත් නැතිනම් අසල්වැසියන් සමඟ තඹ කාසි කිහිපයකට සූදු කෙළිනවා.

Native Singhalese Peons 1910 – Ceylon, Colombo
Native Singhalese Peons 1910 – Ceylon, Colombo [Image Courtesy: http://www.lankapura.com ]

ගමෙහි අනෙකුත් පිරිස් සමන්විත වන්නේ ඉතා දිළිඳු පවුල් වලින්. පරම්පරා උරුමයෙන් ලැබූ වතුපිටි වල ඵලදාවෙන් ජිවිතය සරි කරගන්නවා. ඔවුන්ගේ සමහර ගෘහස්ත සම්බන්ධතා සහ නිතර නිතර බෙදී යන ඉඩකඩම් ඉංග්‍රීසි මනසට අනුව කැපී පෙනෙන මාතෘකා. සහෝදරයන් කිහිප දෙනෙකු සිටින නිවෙස් දෙක තුනකම සිටින්නේ පවුලටම එක් බිරිඳක්. (මෙම කෘතිය ලියන කාලයේ (1852) උඩරට බහු විවාහය නීති රෙගුලාසි මඟින් තහනම් කරන ලදී.) යුරෝපීයයන්ට මේ සිරිත අමුත්තක් ලෙස පෙනුනත් ඔවුන් මොහොම සහයෝගයෙන් එකගෙයි වෙසෙනවා. ඇත්තෙන්ම පවුල් ආරවුල් එකල බොහොම දුර්ලභයි.

Native family and their dwelling
Native family and their dwelling [Image Courtesy: http://www.lankapura.com ]

මේ එක් කණ්ඩායමකින් ඔවුන් සියල්ලක්ම නිරූපනය කෙරෙනවා. දුප්පත්කමත් කාලකන්නිකමත් තිබුනට හාල් සහ ධාන්‍ය අතින් මෙම මිනිසුන් ඉඩම් හිමියන්. සමහර අයෙක් ඉතාමත් කුඩා ඉඩම් හිමියෙක් වන්නේ මා කලින් කී විවාහ කටයුතු නිසා. සමහර වෙලාවට මෙම පවුලක් ඉතා විශාලයි. වැඩිහිටි මිත්තණියක්, මුත්තණුවක් එසේත් නැතිනම් එවැනි නෑදෑයෙක්, කලාතුරකින් එක එක වයස් ඛාණ්ඩ වල පරපුරු කිහිපයක දරු දැරියන් එකතු වීමෙන් විශාල වෙනවා. ඔවුන්ගේ ප්‍රධාන වැදගත්කමක් ගන්නා සහල් සංස්කෘතියෙන් ඔබ්බට, මිරිස්, දුම්කොළ සහ වෙනත් ධාන්‍ය වර්ග වැනි අමතර අවශ්‍යතා සඳහා ඇති බිම්කඩ ප්‍රමාණවත්. කිහිපදෙනෙක් සතුව මී හරකුන් එක්කෙනෙක් දෙන්නෙක් සිටිනවා. බොහොමයකට විසුළුකාර ඌරෙකුත් පඹයන් වැනි කුකුළු පටවුන් කිහිපදෙනෙකුත් ඉන්නවා. නමුත් මුළු මල්වත්ත ගම්මානයටම ඇත්තේ එක් කිරි එළදෙනක් පමණයි.


ජෝන් කැපර් විසින් රචිත “පැරැණි ලක්දිව : පුරාණ ලංකා දිවියේ සටහන්”

පළමු පරිච්ඡේදය : මල් වත්ත

SKETCHES OF CEYLON LIFE IN THE OLDEN TIME BY JOHN CAPPER

CHAPTER I: The Garden of Flowers


Next in importance to the characters already named, was one Ranghamy the head constable, deputy sheriff, tax collector and there is no saying what besides. He was the right hand man of the Korale, not quite so stout, but more thick headed, save when his own interest was concerned, and then it was remarkable how his faculties brightened up and illuminated the social atmosphere of Malwattie. Ranghamy was not a native of the village, nor of the district; none had ever known whence he came except the Korale, and he had long’ since forgotten. The hydra-headed official had a numerous progeny of Ranghamies of both sexes, besides a large herd of sleek, well-favoured cattle ; yet, oddly enough, he had neither lands whereon to pasture the one, nor salary wherewith to feed and clothe the other, Still they were all fed, clothed and pastured. The junior head constable and the little female deputy sheriffs, and the tax collectors in arms were clad in whiter robes than any other young villagers. As for the cattle they might have been exhibited at the Smith field show, and won all the prizes by several stone of fat. Whether they grew thus corpulent from any miraculous interference of Buddha, or were fattened by some scientific process upon a few constables’ broken staves and collector’s decayed tax books, or whether they were daily driven upon other peoples’ lands who dared not complain to the Korale, and if they did, could not expect the head constable to impound his own bullocks, which of these might have been the case, I never learnt, though I had my suspicions in the matter. Ranghamy was said to have realised considerable sums by hiring out his cattle to the Moormen who convey rice and salt from the sea coast on pack bullocks to the interior. Of this prosperity his dwelling gave abundant proof; for he had not only English crockery and cutlery, but a decanter mysteriously covered up with a floor mat, in which it was whispered wine was once seen. Two pictures in frames, in glaring colors, graced the walls, while on a kind of shelf was placed, by way of ornament, a jar with a faded gilt label, inscribed “ leeches.”

Not far removed from the constable in locality, and dignity of coffee, was the village peon and post holder, graceless and lazy as any within the Central Province of the Island, and that is saying a good deal : it would have been a difficult thing to have shown that Puncheyralle, the Post Holder did anything to entitle him to the name beyond bestowing an occasional kick on the letter carriers or runners as they passed through the village ; yet the man grumbled at receiving no more than five rix-dollars or seven shillings and sixpence a month, for the discharge of these onerous duties. Puncheyralle had a rather bustling little wife, who did all the heavy work for him, except the kicking: the pigs, the garden, the fowls, all were in her charge, and while she and the very small children cooked the meals, and kept the house in order, their lord and master lay on his back, or beat the tom-tom or native drum, or perhaps gambled with a neighbour for a few copper challies.

The remainder of the village was made up of families generally poor enough, who derived their sole support from the produce of their patrimonial lands. In several instances the domestic arrangements of these people, with a view of keeping their little property from dwindling away by frequent divisions, were singular enough to an English mind. There were two or three households in which several brothers had but one wife amongst them, [* Since the date at which this was written (1852) Polygamy in the Kandyan country has been forbidden by legal enactment.] and singular as this custom may appear to Europeans, they dwelt together most harmoniously: indeed family quarrels were at that time exceedingly rare.

A picture of one of these groups is a portrait of them all. Poor to abject misery in all but rice and a few fine grains, these people are invariably landholders, some of them on an infinitesimally small scale despite the marital arrangements I have mentioned. At times the family will be large, swelled by the addition of an aged grandfather or grandmother, or some such relation, and with, occasionally, a numerous progeny of all ages. Beyond the culture of their rice, of primary importance, the ground that produces their few additional necessaries such as chillies, tobacco and fine grain is little enough. A few of them possess one or two buffaloes ; most of them have a caricature of a pig and a few scarecrows of fowls; but there is only one milch cow in the entire range of Malwattie.


ලක්දිව ගමන් සටහන් පිටු අංක: 5

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s