The Village Priest

ගමේ හාමුදුරුවෝ වෙනමම අච්චුවක පුද්ගලයෙක්. අධ්‍යාපනයක් ලැබූ කෙනෙක් කියා යුරෝපීය සම්මතයට අනුව කියන්නට බැහැ. නමුත් මනසේ ඇති යම් මන්දාලෝකයකින් අභ්‍යන්තරයේ ඇති අඳුර විදහාපාන්නට හැකියාවක් තියනවා. ඇත්තෙන්ම උන්නාසෙට බොහොම හොඳට කියවන්නට හැකියි. මන්දයත් ත්‍රිපිටකයෙන් හෝ වෙනත් බෞද්ධ ලේඛනයන්ගෙන් පාඨයන්, උදේටත් හවසටත් විහාරයේ හඬනගා කීම ඔහුට අයත් රාජකාරියක් වන නිසා.

ගමේ හාමුදුරුවෝ

එතුමන්ට සෑහෙන හොඳ කුතුහලයකුත්, වෙනත් ස්ථාන හා වෙනත් දේවල් ගැන දැනගැනීමේ ලොකු ආසාවකුත් තියනවා. මා ධර්ම ග්‍රන්ථයන්හි මුළු පරිච්ඡේද පිටින්ම කියවන හැටි එතුමන් නිතරම දකින නිසා ඉන් සෑහෙන්න පැහැදුනා. උන්නාසෙ අවංකවම පිළිගත් දෙයක් තමයි බුදුදහමට පසුව ඇති හොඳම දහම වන්නේ ක්‍රිස්තියානි ආගම බව.

Buddhist priests, Ceylon, ca. 1880s
Buddhist priests, Ceylon, ca. 1880s photographed by Scowen & Co.

එතුමන්ගේ විහාරය සහ ආවාස ගෙය පිහිටා ඇත්තේ කුඩා කඳු පන්තියක එක් කෙළවරක බෑවුමේ. මල්වත්ත ගම්මානයට ටිකක් ඉහළින් කියා කිව හැකියි. ගමෙහි ඇති උළු දමා සෙවිලි කර ඇති එකම වහළය එයයි. ගමේ අනෙක් වහළයන් මෙන් නොව, යම් දුරක සිට බලන විට මෙය වන ගහණය මධ්‍යයෙන් මතු වී තිබෙනු ඇතැම් විට දක්නට හැකියි. සංචාරකයෙකුට මෙම විහාරය කරා ළඟා වීමට නම් වගුරු සහිත පහත් බිමක් මතින් ගැලවෙන සුළු ගල් පඩි දමා ඇති ගෙවී ගිය පාරක් දිගේ ගමන් කරන්නට සිදුවෙනවා. පහත අද්දර කුඹුරු යායක් ද ඉහළට යන්නට දෙපැත්තෙන් අධික බෑවුම් වන කන්ද ද වන නිසා ලිස්සා ගියහොත් වේගයෙන් මඟියා පහළට දරුණු ලෙස ඇදවැටෙන්නට හැකියි. මේ මාර්ගයේ නම් ගමන් කරන්නට හැකි වන්නේ එක්කෝ වැල්පොටෙහි යන කරණම්කරුවෙකුට ඒසේත් නැතිනම් ස්වදේශිකයෙකුටම තමයි.

විහාර දොරටුවේ සිට හාත්පස දකින්නට ඇති දර්ශනය ඉතා දැකුම්කලුයි. මයිල ගණනාවක් ඈතට යන තෙක් දිවෙන කඳු පන්ති, වනාන්තර, සහ ගම්බද තැනිතලාවන් මත කුඩාම කුඩා මීයන් බොහෝ ගණනක් සේ පෙනෙන්නට රැඳී ඇති ගව රංචු මේ දර්ශනයට හසු වෙනවා. එතුමන්ගේ ආවාසගෙය පුද්ගලයෙකුට නඩත්තු වෙන්නට හැකි යන්තමින් ප්‍රමාණවත් අන්තයටම කසිකබල් වී ගිය වාසස්ථානයක්. එතුමන්ලාගේ සඟ පිළිවෙත් අනුව කිසිඳු දේපොළක් අත්පත් කරගැනීම තහනම්. එතුමන් රැකෙන්නේ දිනපතා ලැබෙන දානමානාදිය නිසාවෙන් – හරියට එතුමන්ගේ කෝරළේ මිතුරා වගේ.

ගමේ හාමුදුරුවෝ නිතරම වගේ මා දකින්නට වත්තට වඩිනවා. එවිට බොහොම කුතුහලයෙන් විව්ධ පොත පත බංගලාව පිළිබඳ සඳහන් ඡායාරූප පිරික්සා බලනවා. මෙවැනි එක් අවස්ථාවක සිදු වූ සිදුවීමකින් ප්‍රථම වරට අපගේ කිට්ටු ආශ්‍රයට යම් බලපෑමක් එල්ලවුනා. නමුත් අවසානයේදී එය අමතක වී ගියේ සිනාසෙන්නටද කාරණයක් ඉතිරිකරමින්. මා නිතර මගේ කහ සිවුරු හැඳි මිත්‍රයාට මගෙන් කෑම වේලක් භුක්ති විඳ යන ලෙස මහත් ඕනෑකමින් කියා සිටියා. ඒ අතරම පරංගි වයින් (Port Wine) පොඩ්ඩක් රස බලන ලෙසද පවසන්නේ මෙවැනි අය බොහොමයක් ඊට බොහොම කැමති වග දන්නා නිසා. නමුත් එය නිෂ්ඵල ඉල්ලීමක් වුනා. එතුමන් ප්‍රකාශ කර සිටියේ සංඝ නීතීන් මඟින් සීමා පනවා තිබ්බා හෝ නැතා, තමා සැර පාන වර්ගයන් වලට ඉතාමත් අකමැති බවයි. එක් දින එතුමන් සමඟ කතා බහ කරමින් සිටින අතරවාරේ එක් කම්කරුවෙක් පැමිණ මා කෝපි ඉස්ටෝරුව වෙත කැඳවාගෙන ගියා. ඒ නිසා එතුමන් හට මා එනතුරු මගේ කුඩා අල්මාරි මේසය (Sideboard) අසල වාඩිවී තනිවම රැඳී සිටින්නට සිදුවුනා.

Sideboard
Sideboard

ගිය විගසින්ම මා ආපසු පැමිණෙන වෙලේ දොර ළඟදී මා හට ඇසුනේ හොඳටම කහින, පුපුරමින්, හුස්ම හිරවී ශබ්ද නගන ඝෝෂාවක්. මා ඇතුලට වත්ම දුටුවේ මේ හිමි නම මැරෙන්නට වගේ කැස්සෙන් පීඩා විඳින වගක්. ඔහු බිත්තියට ඇලවී සිටියා. ඔහුගේ ඇස් කඳුලින් බරවී තිබුනා. ඔහුගේ අත් මිට මෙලවී තිබුනා. බිම වැටී තිබූ ඔහුගේ දිගු සිවුර දිගේ දිලිසෙන කලු දියරයක් ගලා ගොස් තිබුනා. කුප්පියක් ඔහුගේ කකුළ පාමුල වැටී තිබුනා. මොහොතකින් සිදු වූ සියල්ල මට වැටහී ගියා. මේ පරීක්ෂාකාරී භික්ෂුව මගේ අල්මාරි මේසයෙන් තහනම් වයින් හොරෙන් රසබලන්නට කියා අවාසනාවන්ත ලෙස කටට දමාගෙන තිබුනේ තීන්ත කුප්පියෙන් හතරෙන් එකක හොඳ තීන්ත උගුරක්!

 


ජෝන් කැපර් විසින් රචිත “පැරැණි ලක්දිව : පුරාණ ලංකා දිවියේ සටහන්”

පළමු පරිච්ඡේදය : මල් වත්ත

SKETCHES OF CEYLON LIFE IN THE OLDEN TIME BY JOHN CAPPER

CHAPTER I: The Garden of Flowers


 

The priest was of a far different stamp, not an educated man in any European sense of the word ; but still with some glimmering of mind within, just serving to render internal darkness visible. He of course, could read fluently; for it was a portion of his duties to recite verses of their Pitakas or sacred writings, morning and evening in the Vihara. He possessed a fair share of curiosity, and a desire to know something of other places and things. Nay, more, he frequently heard me read a whole chapter of the Scriptures, with which he was much pleased and frankly admitted that Christianity was the best religion next to Buddhism.

His Vihara and dwelling were at one end of the range of little hills, on the slopes of which the village of Malwattie was situated, though above them considerably. It was the only roof covered by tiles; and, unlike the rest, might be seen at some distance peeping out from amidst a dense mass of foliage. To arrive at it the traveler had to wind his way along a weary length of loose stones that led over low swampy ground, round the edges of rice fields and up the sides of rather steep hills — a slip from which bid fair to plunge the wayfarer down some very ugly places. It was a path that should be trodden by none but a tight-rope dancer, or a native of the country.

The view from the door of the shrine was highly picturesque, commanding a survey of many miles of mountain, forest and prairie country, through which herds of cattle were dotted like so many very small mice. His abode was mean in the extreme, with scarce sufficient to make life supportable. The rules of his order forbad him to acquire any property, and he subsisted from day to day on charity—just as did his friend the Korale.

The priest often visited me on the plantation, and examined with much curiosity the various books and pictures about the bungalow. On one of these occasions an incident occurred which threatened at first to cut short our intimacy ; but was eventually forgotten or laughed at. I had frequently pressed my yellow-robed friend to partake of my meal, and taste a little port wine, of which I knew most of these people are very fond—but in vain ; he professed the utmost dislike to any strong drinks, independently of the restriction laid on them by their rules. One day while conversing with him, I was called away to the coffee store by one of the labourers, and left him alone, sitting by my little jungle sideboard. As I was returning immediately afterwards, and when near the door, I heard a great coughing and spluttering, and strange choking noises. Upon entering I found the priest almost dead with a fit of coughing. He staggered against the wall, his eyes were streaming with water, his hands clenched together, while down his long golden robes, a jet black stream had made its sable way. A bottle lay at his feet. The truth flashed across me in a moment. The wary priest had gone to my sideboard to steal a taste of the forbidden wine, and had, unfortunately, taken a good draught from a quart bottle of ink !


ලක්දිව ගමන් සටහන් පිටු අංක: 4

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s