Introduction to Sinhalese Village

මා වාසය කරන කෝපි වත්ත පිහිටා ඇත්තේ පැතුරුණු තැනිතලා සහ, සෞම්‍ය සුළඟට කතා කරන මනා සුවඳැති කුළුබඩු සහ, රැළි නගන උස ගස් ඇති සාරවත් පහත්බිම් කෙරෙන් මහත් සේ උස්වූ ලංකා දූපතේ ඇති වනගත සහ අලංකාරතම දිස්ත්‍රික්කයන්ගෙන් එකකයි.

සිංහල ගම්මානයක තතු

Native Huts in the Jungle
Native Huts in the Jungle of Cotta Road, Colombo photographed by Plate & Co. (ca. 1890)

මුහුදු මට්ටමෙන් අඩි තුන්දහස් පන්සියයකට වඩා උසින්, පැතිරුණු උස් තැන්නක, වෙනත් සුදු ජාතික වාසස්ථානයකට අඩුම තරමින් මයිල පහක් වත් ඈතින්, තිබෙන එකම යුරෝපීය ටවුමට මයිල ගණනාවක් ඈතින් වතු යාය පිහිටා තිබෙනවා.

මගේ ඉඩ කඩම්හි පහළ සීමාවට කෙටි දුරකින් සිංහල ජන සමාජයේ නියම හරය සහ සාරය කැටි කරගත් කුඩා උඩරට ගම්මානයක් දක්නට ලැබෙනවා. එය රට අභ්‍යන්තරයේ ඇති නියම ස්වදේශික ප්‍රජාවක්. මා මේ මිනිසුන් සමඟ නිතර නිතර නොසිතූ ලෙස මුහු වන නිසා සහ ඔවුනගේ එදිනෙදා ජීවිතය බොහෝසෙයින් දැකගන්නා නිසා, මේ කුඩා ගම්මණ්ඩිය ගැන සුළු සටහනක් දැක්වීම හොඳයයි කියා සිතනවා.

Sinhalese Hut and Villagers
Sinhalese Hut and Villagers photographed by Skeen & Co. (ca. 1890)

“මල්වත්ත” එහි නමයි. එහි අර්ථය මල් පිරි උද්‍යානය යන්නයි. එය ඇත්තටම සත්‍යයක් බව පළමු සංචාරයේදීම මට දැකගන්නට ලැබුනා. යුරෝපීය ගම්මාන වල මෙන් එහි නිවාස පේළි හෝ පැල්පත් පේළි සේ කිසිවක් දැකගන්නට නැහැ. ඒ ආදිකල්පික ස්ථානයේ ‘කඩය’ යන්න නාඳුනන දෙයක්. මෑතක් වන තුරු තැබෑරුම් පාලක හෝ රේන්දකාරයා වැනි නරක සිහින එහිවුන් දැන සිටියේ නැහැ. සෑම කුඩා කුටියක්ම, ගෙපැලක්ම අසල්වාසින්ගේ දැක්මට ආවරණය වී තිබුනේ හරියට එහි නිවැසියන් ප්‍රචණ්ඩ ලෙස “එහා ගෙදරත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ” කියන්නාක් වගේ. ඔවුනගේ නිත්‍යවාසස්ථානයන්ගේ තිබූ විවිධත්වය නිසා ස්වදේශික ගෙවල් තනන්නන් හට අන්ධ විශ්වාසයන් තිබූ බව මට කිසිදා දැන ගන්නට ලැබුනේ නැහැ. කෙසේ නමුත් කිසිම විටක වාසස්ථාන දෙකක් කොම්පාසුවේ එකම දිශාවන්ට මුහුණලා තිබුණේ නැහැ. එකක් ඊසාන දිශාවට නම් ඒ ආසන්නයේ තිබූ අනෙක ඊසාන දෙසින් නැගෙනහිර දිශාවට බරවී තිබුනා. ඔබ පුදුම වේවි ඒ දිසාවටම මුහුණලාගත් තවත් නිවසක් දකිනකොට. නමුත් හොඳින් විපරම් කොට බැලුවහොත් ඔබට පෙනේවි එය ඊසාන දෙසින් නැගෙනහිරටම නොවෙන බව. මම බොහෝ කාලයක් මේ ගැන පරික්ෂා කරන්නට වෙහෙසුනා. බොහෝවිට නිශ්ඵල ලෙස කොම්පාසුවේ දිශාවන් ආපසු වටයන් කරකවමින් ගම පුරාම සැරි සැරුවා. ඒත් ගතවූ දිගු කාලය නිසා වැඩේ අත් හැරියා.

Native Hut of Banana Seller
Native Hut of Banana Seller photographed by Scowen & Co. (ca 1890)

දිගු කාලයක් තිස්සේ පැවතෙන චාරිත්‍රයක් ලෙසද, හිරු එළියෙන් සෙවණක තම වාසස්ථාන ගොඩනැගීමට ඇති කැමත්තද නිසා උඩරට වැසියෝ ඔවුනගේ හුදෙකලා පැල්පත් ඝන ලෙස වැඩුනු දුගඳ හමන මහා ගහකොළ අස්සේ සඟවා තබනවා. ඝනසැරේට වැවෙන කෙසෙල්, පුවක්, දෙල් ගස් නිසා ළඟ පාතින් වෙනත් මිනිස් වාසස්ථානයක සලකුණු දකින්න නැහැ. ඕනෑම නිවාසස්ථානයක අවට සහ ඊට ඉහළින් මේ ශාක සියල්ල හමුවෙනවා. මල්වත්ත ගම්මානයත් මේ පොදු කාරණාවට එපිටින් යන්නේ නැහැ. හරියට ම්ලේච්ඡයන් පැමිණි පසු රොබින්සන් කෲසෝගේ නිවස වගේ හොඳින් ආවරණය වූ බඩවැටියකින් සහ වැටක් මතින් වැඩුනු ගහකොළ දැකගත හැකියි.

ගම්මානයට පැමිණෙන සෑම ආගන්තුකයෙක්ම- විශේෂයෙන්ම සුදු ජාතිකයන්- ව්‍යාකූල කරන්නටදෝ සෑම සියලු කුඩා පැල්පතක්ම අවුල් ජාලයක්. මුළු ගම්මානයම වර්ග සැතපුම් අටකට වඩා ප්‍රදේශයක් ආවරණය කරන්නේ නැති නමුත්, කුරුල්ලන්ට හැරෙන්නට වෙන කිසිම ප්‍රාණියෙකුට බැහැ දවස් භාගයකට වඩා අඩු කාලයකින් ගම්මානයේ සෑම පැල්පතකටම ගොඩ වදින්න. එසේ කරන්නට යෑමත් හිසේ කරකැවිල්ල ඇතිකරවන කාරණයක්.

Village Family in a Native Hut
Village Family in a Native Hut photographed by Plate & Co. (ca. 1890)

ජෝන් කැපර් විසින් රචිත “පැරැණි ලක්දිව : පුරාණ ලංකා දිවියේ සටහන්”

පළමු පරිච්ඡේදය : මල් වත්ත

SKETCHES OF CEYLON LIFE IN THE OLDEN TIME BY JOHN CAPPER

CHAPTER I: The Garden of Flowers


THE Coffee Estate on which I resided was situated in one of the wildest and most beautiful districts of the island of Ceylon, elevated far above the luxuriant lowlands, where fragrant spices and waving palms told of wide plains and balmy winds. The plantation was on a broad table-land, fully three thousand five hundred feet above the sea level, many miles removed from the only European town in the interior, and at least five miles from any other white man’s dwelling.

Within a short walk of the lower boundary of my property, was a small Kandyan village containing within itself the very pith and essence of Cingalese society, a true type of the native community of the interior. As I mixed so unreservedly and frequently with the people, and saw so much of their every-day-life, it may be interesting to give a faint outline of this little hamlet.

Malwattie, which was its name, signifies literally, a “ garden of flowers,” and such in truth it was, when I first visited it. Unlike any European village, there was not such a thing as a row of houses or huts to be seen : shops were unknown in that primitive place, and until later years, no such incubus as a tavern keeper or renter was known there. Every little hut or cottage was carefully shaded from the view of its neighbour, fairly established on its own account, as much so, as though the inmates had written up in barbarous Cingalese characters, “ No connexion with the house next door.” I never could learn that there was any superstition among native hut builders, as to the variation in the aspect of their domiciles, but certain it was that no two dwellings faced precisely the same points of the compass. One would be north-east, and the nearest to it would be north-east and by east : you might fancy you had found another facing’ a similar point, but on careful observation you would see that you could not make it any better than north-east-and-by-east-half-east. I tried the experiment for a long time, but was compelled at length, to give it up, I had regularly “boxed the compass” round the entire village, but in vain.

Partly from long established custom, and partly from a desire of shading their dwellings from the heat of the sun, the Kandyans bury their isolated huts beneath a dense mass of the rankest vegetation. At a short distance not a sign of human habitation could be traced, were it not for the thickly growing tops of bananas, areka palms, and bread-fruit trees, which are ever found around and above their quiet abodes. Malwattie formed no exception to the general rule in this respect ; it was as snugly hedged, and fenced, and grown over, as was Robinson Crusoe’s dwelling after the visit of the savages.

Every tiny hut appeared to possess a maze of its own for the express purpose of perplexing all new-comers, especially white men. The entire village did not cover more than an eighth of a square mile, yet it would have puzzled any living thing but a bird to have visited all the cottages in less time than half a day, and very giddy, trying work it would have been.


ලක්දිව ගමන් සටහන් පිටු අංක: 1

Advertisements

One thought on “Introduction to Sinhalese Village

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s