A Weird Awakening

 

කිරිබණ්ඩාගේ පැණිරස පුඩිම් ඉතා රසවත්. එය එසේ විය යුතුයි. මොකද කිරිබණ්ඩා හැම තිස්සේම පොඩියන් කොල්ලව එවනවා “පුඩිමට ශෙරි වයින් පොඩ්ඩක් දෙන්න නෝනා” කියාගෙන.

A street in the Cinnamon Gardens, Colombo
A street in the Cinnamon Gardens, Colombo – where Cynthiya lived – with rickshaw and wallah awaiting photographed by Plate & Co.

පුඩිමට ශෙරි වයින්

 ඒ හැම වෙලාවකම වගේ සින්තියාගේ අවංක සිතට මේ කදිම අදහස එනවා. “මෙන්න ශෙරි වයින් වීදුරුවක්ම පුඩිමට, මෙන්න තව එකක් කෝකියාට- කියන්න ඔහුට.” කොහොම නමුත් මේ ප්‍රබෝධවත් කිරීමට නිසි පිළිතුරක් ලැබුනේ නම් නැහැ. ඉල්ලීම නම් දිගටම ආවා. ඒත් ඒ සමඟම පුඩිමේ ගුණාත්මක බවේ පැහැදිලි පසුබෑමක් දකින්න ලැබුනා.

සින්තියාට නම් රටේ සිරිත් වගේම සිරිත් නොවන දේත් බොහොමයක් නැවත ඉගෙනගන්න වෙයි.

 

අරුම පුදුම අවදිවීම

සින්තියා සාමාන්‍යයෙන් අඩුවෙන් නිදාගන්න කෙනෙක්. ඇගේ අඩනින්දට පාන්දර එකට දෙකට වගේ බාධා පැමිණෙන්නේ ඇයට ඇසුණු අංගනයෙන් නැගුණු හඬවල් නිසා. මේ ගැන ඇසූ විට ඇයට ලැබුනු පිළිතුර වුනේ “කොළඹට යන ස්වදේශිකයෝ. ඔවුන් කැමතියි රෑට ඇවිදින්න. එය සිසිලසක් ගෙන දෙනවා. ඒ ගැන වැඩිය හිතන්න එපා. ඔයා ඉක්මනින්ම එයට හුරු වේවි” යන්නයි.

“මේ වගේ දුරකින් ඒ වගේ සද්ද මෙහෙම ඇසෙන්න වාතය කොච්චර පිරිසිදු වෙන්න ඕනිද”, ඇය සිතුවා. මොකද අංගණය බොහොම විශාල එකක් නිසා.

ඊළඟ රාත්‍රියේදි, එහෙම නැතිනම් පාන්දරම, ඇය අවදි වෙලා මේ සද්ද අහගෙන හිටියා. ඇත්තටම මේ කටහඬවල් ඇහෙන්නේ පාරට වඩා ළඟ තැනකින්. මේ ගැන පරික්ෂාකරන්න ඇය භාගෙට නැගී සිටියා. නිසොල්මන් රාත්‍රියේ කළුවන් අන්ධකාරේ නැගුණු අඳුරු මුහුණු සහ රූපයන් සාමාන්‍යයෙන් දහවල් කාලයේ දකින්න ලැබෙන දේවල් නෙවෙයි. මේ ගැන ඊළඟ දවසේ ඇගේ සැමියාගෙන් විමසූ විට ඔහු ඈ දෙස පුදුමයෙන් වගේ බැලුවේ මේ ගැන මහ රෑම හොයා බලන්න ඇගේ තිබූ මෝඩ නිර්භීත කම නිසා. “කිසිම වෙලාවක මාව නම් ඇහැරවන්න එපා,” ඔහු කිව්වා.

ඒත් ඊළඟ රාත්‍රියේ ඇය එහෙම කළා. “ෂ්..!” ඔහු හොඳටම ඇහැරුණාම කිව්වා. “දෙය්යනේ! අපේ කෝකියාගේ කටහඬ නේද? මේ මනුස්සයා මොකද මේ මහ රෑ කරන්නේ? කොහෙද මගේ තුවක්කුව?”

“එපා, වඳින්නම් එපා; මේක ඒ තරම් බරපතල නැහැනේ”, සින්තියා රහසින් පින්සෙන්ඬු වුනා. ගැහැණුන් ගිනි අවි වලට බොහොම බයයි. “අපි ලාම්පුව දල්වලා ජලෞසි ජනේලෙ උස්සල බලමු.”

ගල් ආලින්දය රාත්‍රී අඳුරේ ගිලී සිටියා. එලෙසටම අඳුරේ ගිලී සුදු හැඳගත් ස්වදේශියන් දුසිමක් වගේ ඇණතියාගෙන උන්නා. ඔවුන් හැම එකෙකුගෙම අතේ බත් පිඟානක්. ඊට කලුවන් අත් එබෙන විට උදාර ලීලාවෙන් උසට උසේ කිරිබණ්ඩාගේ රුව ලොක්කෙකු සේ විභූතිමත් වුනා.

“පාදඩයන්ට අවන්හලක්, හහ්! හිටපල්ලා මං ඔය තක්කඩින්ට පාඩමක් උගන්නන්න.” තුවක්කුව ඔහුගේ අධිග්‍රහණයට පත් වුනා.

“අනේ උණ්ඩ දමන්න එපා!” නමුත් ඇගේ ඇවටිල්ල පිටුපස ආලින්දයේ දොර අරිනා වේගවත් හඬින් යටපත් වී ගියා.

“කෝකියා? කිරිබණ්ඩා? කොහෙද උඹ?” ඔහුගේ කිසිම සලකුණක් නැහැ. ඒ තියා කිසිම මිනිස් පුළුටක්වත් නැහැ. “බැන්ග්! බැන්ග්! බැන්ග්!” ඒ කුස්සියේ දොරට තුවක්කු හිසෙන් ලද පහරේ සද්දය. කිසිම පිළිතුරක් නැහැ.

ජනේලයක කාර්යභාරය ඉටුකළ කුඩා විවරයක් ප්‍රකට කළේ කිසිවක් නැති බවේත් අන්ධකාරයේත් ලකුණු. සොහොනක් වගේ සියල්ලක්ම නිශ්ශබ්දයි. යළිත් වරක්, “බැන්ග්! බැන්ග්! බැන්ග්!”. නැවතත් කිසි පිළිතුරක් නැහැ. “දොර ඇරපන් මිනිහෝ, නැතිනම් මම කඩලා හරි අරිනවා.”

“මං හිතන්නේ මට නින්දෙන් ගොරවන සද්දයක් ඇහෙනවා” සින්තියා කොඳුරා කිව්වා. “ඔව්, ගොරවන සද්දයක්. ඔයාට ඇහෙන්නේ නැතිද? ඔහු නිදි වගේ.”

“දොර ඇරපන්- එහෙම නැතිනම්- මම ජනෙලෙන් වෙඩි තියනවා.”

අත්පා දිග ඇදීමක චලනයකට පසුව මුස්පේන්තු ඈනුමක සද්දයක් ඇහුනා. “ඔහු නැගිටලා. වෙඩි තියන්න එපා. වඳින්නම්”. සින්තියා කිව්වා. ඉන්පසුව දොර අගුල කරකැවි ඉන් රෙද්දක් පොරවාගත් කිරිබණ්ඩාගේ රුව මතුවුනා.

Victoria Park, Cinnamon Gardens
Victoria Park, Cinnamon Gardens, Colombo by K.S. Ponnambalem

 

රජුන්ගේ ඔටුනු පළන් පළමු යටත්විජිතයේ, නොහොත් ආදම්ගේ පාරාදීසයේ, “යකුන්” සහ ඔවුන්ගේ “පිළිවෙත්”

සිතෙන විදිහට කිරිබණ්ඩා සිටියේ තත්වයට මුහුණ දෙන්න බැරි විදිහට බොහොම නිදිමතෙන්. ඔහු ඇස් ලොකු කොට, ඈනුම් යව යව, ඇස් පිස දමමින්, යළිත් ඇස් ලොකු කොට, ඈනුම් අරිමින් වික්ෂිප්ත වුනා.

“කොහෙද උන්? අර මගෝඩියො ටික? කතා කරනවා, නැතිනම් මම-“

“මහත්තයා, තේරෙනවා මට නැහැ කියන දේ. මගෝඩියා නැහැ මෙහෙ. ලොකු මහත්තයාලගේ බංගලාවක් මේක”. අන්තිමට කිරිබණ්ඩාගේ කටින් ඒ ටිකවත් කියවෙන තරමට අවදි වී සිටියා.

“ඔව් උඹ මහත්තුරුන්ගේ බංගලාව පාදඩයන්ට අවන්හලක් කළා. මම අහන්නේ කොහෙද උන් ටික?”

“මගෝඩියා, පාදඩයා, අඳුනනවා නැහැ මම- මහත්තයා. මම මහත්තයාලගේ සේවකයා. ඉස්තරම් පංතියේ මදුරාසි කෝකියා.”

“කොහෙද උන්?”

“මහත්තයා කියනවා මම බීලා කියලද? මට නැහැ තේරෙනවා. නෝනා දන්නව, මම බොරු කියනවා නැහැ කියලා- මහත්තයා. හොඳ ක්‍රිස්තියානිකාරයා මිනිහා මම.”

“නවත්තපන් මිනිහෝ. දෙවියන්ගේ නාමෙට මට කියපන් අර මගෝඩියො ටික කොහෙද කියලා. මට දැන් දැනගන්න ඕනෙ.”

“මම කියනවා මහත්තයා. මහත්තයා ඇවිත් බලනවා නම්. නැහැ කුස්සියේ, මහත්තයා දැක්කා. නෑනේ. මහත්තයා මෙහෙ එන්න. මම කියනවා. නෝනා ඇහෙනවා. නෝනා බය වෙනවා.”

“වැඩිය දුර යන්න එපා”. ඒ කම්පනයට පත්වුනු සින්තියා.

“හරි කමක් නැහැ. මට තුවක්කුව තියනවා. උන් දකින එක ඇති මට. හ්ම්- උඹ ඉස්සර වෙයන්.”

දෙදෙනම ඉවතට යද්දී: “මහත්තයා…” මදුරාසිකාරයා ගුප්ත හඬකින් කිව්වා. “ලොකු යකා එනවා. බංගලාව යනවා වටේ. හැම රෑටම යකා තමා එනවා- මහත්තයා. මට මහත්තයා කියනවා හිතුනා. ඒත් නෝනා දන්නවා, නෝනා බය වෙනවා. හරි ලොකු, හරි නරක යකා තමා මහත්තයා.”

“ඒත් එතන කටහඬ එකකට වඩා තිබුනානේ?”

“මහත්තයා යකාලගේ හැටි දන්නවා නැහැනේ. නරක යකා දිව ගොඩාක් තියනවා. ඔක්කොම දිව කතා කරනවා. මේ යකාටත් දිව ගොඩක් තමා තියනවා- ඔව් මහත්තයා- දිව ගොඩාක්”.

“මම කැමතියි ඌව දකින්න. කොහෙද ඌ?”

කිරිබණ්ඩා බරපතළ අයුරකින් හිස හෙළෙව්වා. “ගියා, නරක යකා. ආයෙ පෙනෙනවා නැහැ.”

“හ්ම්ම්..! ආයෙ ඌ ආවොත් මම ඌව පිළිගන්නම් වෙඩි බෙහෙත් වලින්ම.”

හැබැයි අම්මෝ! ඒ පිළිගැනීමට නම් අවස්ථාවක් ලැබුනේ නැහැ. ඊළඟ දවසේ කිරිබණ්ඩාට ඔහුගේ “පඩියයි”, “මහත්තුරුන්ගේ බංගලාවකට” ඔබින “ඇඳුම් පැළඳුම් සඳහා අත්තිකාරමකුයි” ලැබුනම ඔහු “අතුරුදහන්” වුනා. ඒ සමඟම සුළු සුළු දේවල් කිහිපයක්ම අතුරුදහන් වී කඩපිල් කරුවන්ගේ වස්තූන් බවට පත් වුනා.

Managers Bungalow, Farm Estate, Kadugannawa
Managers Bungalow, Farm Estate, Kadugannawa (ca. 1920)

කැරොලයින් කෝනර් විසින් රචිත “ලක්දිව්: ආදම්ගේ පාරාදීසිය”

සත් වසක දූපත් දිවියේ ජීවන සටහන්

පරිච්ඡේදය 03

Ceylon: The Paradise of Adam by Caroline Corner

The Record of Seven Years’ Residence In The Island

Chapter 03


 

Keribunda s sweet puddings were delicious. Perhaps they ought to have been; Keribunda was always sending the podyan (boy) for a ‘ little sherry for the pudding, please, lady;” so often that a bright idea occurred to Cynthia’s as yet unsophisticated mind. “Here is one glass of sherry for the pudding, and another for cook—tell him.” An inspiration, however, that did not answer. The request came oftener, and with it a distinct falling off in the quality of the pudding.

Cynthia had much to learn re the customs as well as the non customs of the country.

Now, Cynthia was naturally a light sleeper.Her slumbers soon came to be disturbed between I and 2 a.m., when she heard voices in the compound.On mentioning it, the answer she got was, ” Natives walking to Colombo. They prefer to walk at night; it’s cooler. Try not to notice it. You’ll soon get accustomed to it.”

” How clear the atmosphere must be for sound to be so audible at such a distance,” she was thinking, for the compound was a large one.

Next night, or rather morning, she awoke and listened. Surely those voices were nearer than the road. She was half inclined to get up and reconnoitre. But black faces and forms in the black darkness of silent night are not such commonplace things as they are by day.

When she spoke of it next day, her husband, looking amazed at her half-formed resolution to get up and reconnoitre, said, “On no account. Wake me next time.”

This she did—next night.

” S—sh ! ” once he was well awake. ” Our cook’s voice, by George ! What’s he up to ? Where’s my gun ?”

” Don’t—pray don’t ; it’s not so serious as that,” pleaded Cynthia in a whisper. Women have such a horror of firearms. ” Let us put out the lamp and peer through the jalousies”

The stone verandah stood out in the darkness of night ; so likewise did the white raiment of some dozen natives asquat, each with a plate of curry and rice, into which some two dozen black hands dipped, while the lordly figure of Keribunda towered majestically above them all.

“A restaurant for vagabonds, eh! I’ll settle the rascals.” The gun was requisitioned now.

” Don’t load it !”

But Cynthia’s entreaty was drowned in the wrenching open of the back verandah door.

“Cook? Keribunda? Hi! ho! there.” Not a sign nor the vestige of a human being was there. Bang ! bang ! bang ! It was only the butt end of the gun on the kitchen door. No response. The one little opening which did duty as a window revealed nought but darkness within.

All was silent as the grave.

Bang ! bang ! bang ! again. Again no response.

” Unlock the door or I break it open.”

” I thought I heard a snore,” whispered Cynthia.

” Yes. Don’t you hear ? He’s sound asleep.”

” Open the door or—I’ll fire through the window.”

Now a movement suggestive of a stretch — followed by a blunderborean yawn. ” He’s awake. Don’t fire, pray,” said Cynthia.

Then the key turned in the lock, and the figure of Keribunda with drapings degages presented itself.

 

Too sleepy presumably to take in the situation, Keribunda gazed, then yawned, then rubbed his eyes and gazed again, then yawned— bewildered.

“Where are they? the rest of the rascals? Speak, or I’ll—”

” Master speaking I not understanding. No rascal here. Gentleman’s house this,” at last Keribunda woke up sufficiently to say.

‘Yes, and you make of it a restaurant for vagabonds. Where are they, I say ?”

” I not knowing rascals, vagabonds, sar. I gentleman’s servant—high-class Madras cook.”

‘* Where are they ?”

” Master saying p’raps I drunk, I not understanding. Lady know, sar, I telling no lie. Good Christian man I bringing always from bazaar.”

” Tush ! Where in God’s name have the rascals got to.’* Tell, and I—I’ll look over it this time.”

” I telling master if master come look. Not in kitchen, master see. Not there. Master come ‘way,

I telling master. Lady hear, lady get ‘fraid.”

” Don’t go—far,” from Cynthia, shaking.

” All right. I have the gun. The sight of it’s enough. You go in.” As the two moved aside :

” Sar,” said the Madrasee mysteriously, “big devil come, walking round the bungalow. Every night that devil come, sar. I want tell master, but lady know lady get ‘fraid. Very big, bad devil that, sar.”

‘* But there was more than one voice ?”

” Master not knowing ways of bad devils. Bad devil many tongues got. All many tongues talk together. Many tongues this bad devil got, sar, ve—ry many.”

” I should like to see him. Where is he?”

Keribunda shook his head gravely.

‘Gone, that bad devil, no more wisible.”

” H’m ! Then next time he comes I’ll greet him with powder and shot.”

But, alas ! that greeting had not a chance of coming off. Next day Keribunda having received his “pay” and a little “advance for clothes ” befitting a ” gentleman’s house ” became likewise ” invisible,” as also did sundry little things that became the property of boutique keepers, who invariably indulge in double dealing literal as well as figurative. Both ” customs of the country ” the European soon becomes acquainted with, if not quite reconciled to, in His Majesty’s First Crown Colony—otherwise the Paradise of Adam.


ලක්දිව ගමන් සටහන් පිටු අංක : 7

Advertisements

One thought on “A Weird Awakening

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s