Forbidden Fruit: and Consequences!

සති ගණන් ගෙවී ගියා. සින්තියා අලුත් ගෙදර ජීවිතයට හුරු වුනා.

තහනම් ගෙඩි සහ ප්‍රතිවිපාක

Group of Tamil Servants
Group of Tamil Servants photographed by Skeen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]
“ඒක මේ රටේ සිරිත නෙවී”.

සින්තියාට අනුව මේ වැකිය මේ අමුතු භූමියේ සිටින සෑම කෙනෙක්ගේම ක්‍රියාකලාපයන් වෙනස් කරවනවා. දැන් ඇගේ පළල් මනස මේ සීමාවන්ට එරෙහිව කැරලි ගසන්නට පටන්ගෙන. ඇය මේ සීමාවන් සලකන්නේ බාධාවන් හැටියට. උදාහරණයක් විදිහට නිවසේ පිටුපස ආලින්දයෙන් ඔබ්බට ඇති කලාපය ස්වදේශික සේවකයන්ගේ ශුද්ධභූමියක් වගේ. ඇයට කියා ඇත්තේ කිසිඳු යුරෝපීයයෙකු එදෙසට ඇතුලු නොවිය යුතු බවක්. සින්තියාගේ මොළයට මේ තත්වය කුහුල ඇති කරවන්නක් නොවන නමුත් වික්‍රමයන් පෑමට ඇල්ම වඩවන්නක්. ඒ අනුව සේවකයන් ඉවත් වූ වේලාවක් බලා; සේවකයන් එසේ නොකලයුතු වුවත්; සින්තියා සිතා ගත්තා “රටේ සිරිත්” කෙසේ වුවත් මේ තත්වය ගැන විපරම් කරන්න.

ඔව් ඇත්තටම ඇය එහෙම කළා. ඒත් ඒ සන්ධ්‍යාවේ ඈ රාත්‍රී ආහාරය නම් අනුභව කළේ නැහැ. කෝකියා බොහොම කඩවසම් දකුණු ඉන්දීය මදුරාසි මනුස්සයෙක්. ඔහුටම ආවේණික නිපුණත්වයක් තියනවා. සුප්, මාළු, පිවිසුම් කෑම, රසකැවිලි, සහ නම් ගණනාවකම ව්‍යංජන; මේ සියල්ලකම කිසිඳු වරදක් පෙනෙන්නට නැහැ. ඒ වගේම ඔහුගේ අතිපවිත්‍ර සුදු පැහැ ඇඳුම් කට්ටලයෙත්, රතු තුර්කි තලප්පාවෙත් කිසි අඩු පාඩුවක් නැහැ. ඒත් මේ හැඳින්වීම කිරිබණ්ඩාට අදාළ වෙන්නේ පිටත පෙනුමෙන් විතරයි. කිරිබණ්ඩාගේ ඇතුළත අභ්‍යන්තරය ඊට හාත්පසින්ම වෙනස්. සින්තියා වරක් ඔහු බොහෝ ළඟින්ම දැක විස්මයට පත් වුනා. ශතසහස්‍ර සංඛ්‍යාත කෘමී ජනයා සහ විවිධාකාර එකකට එකක් නොදෙවෙනි වූ ශතසහස්‍ර ගණනක් ගන්ධයන් සියල්ලක්ම නැගෙන්නේ කුණුවන කැළිකසල ගොඩවල් මතින්.ඔහුගේ පෙනුම මේ විස්තරයට බොහෝ පරස්පරයි. රසවත් සුඛෝපභෝග මධුර කෑම බීම පිළියෙල වෙන ලංකාවේ මුළුතැන්ගෙයත් මේ අන්දමටම විස්තර කරත හැකි. කොහොම නමුත් සින්තියා උඩ ගියේ මේ දෙයින් නම් නෙවෙයි. ඒ සුප් එක දැකලා. වයින් මෙන් රසැති අනර්ඝ සූපය පිළියෙල වුනේ කිරිබණ්ඩාගේ අමුඩ රෙද්දෙන්. අහෝ! දැනුම නැමති තහනම් ගෙඩි කෑමෙන් ලත් ප්‍රතිවිපාකය.

Thorpe Family in Ceylon with the servants
Henry Thorpe – accountant at Ceylon Government Railways & the Thorpe Family in Ceylon with the servants, 1905

කැරොලයින් කෝනර් විසින් රචිත “ලක්දිව්: ආදම්ගේ පාරාදීසිය”

සත් වසක දූපත් දිවියේ ජීවන සටහන්

පරිච්ඡේදය 03

Ceylon: The Paradise of Adam by Caroline Corner

The Record of Seven Years’ Residence In The Island

Chapter 03


Weeks passed by. Cynthia was instated in her new home. “It’s not the custom of the country.” This, to Cynthia, appeared to be the text on which all one’s actions in this new strange land should turn. Now her broad mind rebelled at restrictions—“cramping,” she called them. For instance, the regions of her home beyond the back verandah being sacred to the native servants, no European foot should enter there, she was told. On Cynthia’s skull there was a bump, not of inquisitiveness, but of love of adventure. Accordingly, when the servants had taken themselves off, which they ought not to have done, Cynthia determined to indulge this characteristic, “customs of the country” notwithstanding. And she did. That evening Cynthia ate no dinner!

The cook, a Madrasee and a fine figure of a man, was, withal, excellent in his own way. Soup, fish, entrees, sweets, with curries galore — all were unimpeachable, as were his immaculate white suit and Turkey-red turban. This description applies to Keribunda on view; Keribunda in private was an altogether different personality. Once Cynthia set eyes on him in private—and flew. His appearance defies description, as does that of a Ceylonese kitchen, wherein toothsome luxuries and daintiest of dishes have birth—along with myriads of insects and multi-myriads of odours, each more noxious than the other, all arising from putrefying refuse heaps. It was not this, however, that made Cynthia fly ; it was the soup, that excellent wine-like soup being strained through Keribunda’s loincloth !

Alas! for having partaken of the forbidden fruit of knowledge!


ලක්දිව ගමන් සටහන් පිටු අංක : 6

Advertisements

One thought on “Forbidden Fruit: and Consequences!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s