Description of Cynthia’s Bungalow in the Cinnamon Gardens

සින්තියාගේ අලුත් ගෙදර විස්තරේ හැමදේකටම ප්‍රථමයෙන් කියන්න ඕනි වැදගත් කාරණාවක්. ඊට හේතු දෙකක් තියනවා. පළමුවැන්න තමයි ඉස්සරහට කියන්න තියන හැම දේකටම සමීප සම්බන්ධතාවයක් මේ නිවසට තිබීම. දෙවැන්න තමයි මේ ගැන දැම්මම කිව්වම අනාගතේදි එය වැදගත් වෙන්න පුළුවන් ගෙදරින් ඈත් වෙලා මෑතකදි මෙහි ආපු අහිංසක කාන්තාවන්ට.

Cinnamon Gardens Police Station
Cinnamon Gardens Police Station (ca. 1910) photographed by Skeen & Co. [Image Courtesy: http://www.lankapura.com ]

කුරුඳුවත්තේ සින්තියාගේ බංගලාවේ විස්තරේ

සින්තියා කලින් කිව්වා වගේම බංගලාවේ බාහිර ස්වරූපය පැරණි ග්‍රීක මන්දිරයක හැඩ රුව ගන්නවා. සුදු පාටයි. මුළුමනින්ම තනි සුදු පාටයි. කහ පාට රෝස පාට වගේ කොටසුත් තියනවා තමයි. නමුත් ඒවා ස්වදේශිකයන්ගේ පරිහරණය උදෙසායි තියෙන්නේ. සුදු වර්ණය තියෙන්නේ යුරෝපානුවන්ට වෙන්වූ බව කියාපාන්ට. චතුරස්‍රාකාර පෝටිකෝවේ එකිනෙකට අඩි 20ක් මෑතින්, දෙපසින් දෙක ගානේ ප්‍රතාපවත් කණු සතරක් තියනවා. කිරි සුදු පාටයි. මේ කණු සතරින් දිගු ගල් ඉස්තෝප්පුව වෙන් වෙනවා. ඉස්තෝප්පුවේ, ලී එකට එක් කොට සැකසූ පැළලි ආවරණත්, ගරාදි වැටකුත්, වැටේ අමාරුවෙන් විහිදුණු වැලකුත් ගොස් තිබෙනවා දකින්න පුළුවන්. ඒ වගේම ඉන්දියානු කලාලද සැහැල්ලු පලස් කිහිපයක්ද අතුරා තිබෙනවා.

Calverley House Entrance
Calverley House Entrance (ca. 1910) [Image Courtesy: https://thuppahi.wordpress.com/2013/02/20/calverley-house-in-old-colombo/ ]

එය බංගලාවක්. එ නිසා මේ ආදම්ගේ පාරාදීසයේ ඇති අනෙකුත් නිලමක්කාර නිවාස වගේ උඩ තට්ටුවක් නම් නැහැ. ඉස්තෝප්පුව මධ්‍යයේ මහානුභාවසම්පන්න පෝටිකෝවට මුහුණලා කොස් ලීයෙන් විශාලෙට තැනූ තේජස් දොර පළු යුග්මයක් තියනවා. චණ්ඩ මෝසම් වැසි කාලයේ හැරෙන්නට දහවල් වරුව පුරාම එය මුළුමනින්ම විවෘතයි. මේ දොරවල් වලට ඉහළින් ඇති විසිතුරු සිදුරු සහිත කැටයම් වාතාශ්‍රය එන්නට මෙන්ම අලංකාරෙට කියාත් කිව හැකියි.  සිංහලයන් මේ නිර්මාණ සම්බන්ධයෙන් මහත් සේ ආඩම්බර වෙනවා. හැම තිස්සෙම වගේ මේ බංගලාවන් තෝරා ගැනීමේදි යුරෝපීයයන් ඒ කෙරෙහි ඇදී යනවා. මේ දොරවල් වල අගුල් වලින් නම් කෙරෙන කාර්යයක් නැහැ. ඒවායෙන් ගන්නා ප්‍රයෝජනය ගැන සලකා බලද්දි ඇත්තටම ඒවාට අගුල් තියෙන්නේ ඇයිද කියන එකත් අභිරහසක්.

Calverley House Study Room
Calverley House Study Room (ca. 1910) [Image Courtesy: https://thuppahi.wordpress.com/2013/02/20/calverley-house-in-old-colombo/ ]

අහංකාර ලීලාවෙන් පෙනී සිටින මේ දොරවල් යුග්මය ඇතුලට තල්ලු කර ඇරීමෙන් කෙනෙකුට විසිත්ත කාමරයට ඇතුල් වෙන්න පුළුවන්. ඒ මත වාසස්ථානයේ තත්වය සහ විභූතිය වර්ණවත් වෙනවා. පෙරදිගෙහි සහ අපරදිගෙහි අපූරු සංකලනයක්. මෙය බංගලාවේ පෙරදිග සහ අපරදිග කෙන්ද්‍රාභිසාරී සහ කේන්ද්‍රාපසාරී බලයන් එකට හමු වී මිශ්‍ර වෙන ලක්ෂ්‍යයක් ලෙස හඳුන්වන්න පුළුවන්. දැකුම්කලු මෙන්ම යම් කලාත්මක බවක්ද ඉන් එයට ආරූඩ වෙනවා. සභ්‍යත්වය සහ ම්ලේච්ඡත්වය, රළු බව සහ ශිෂ්ටත්වය; රළු බව නම් එක් එක් යුරෝපියානුවගේ ස්වභාවය මත රඳා පවතිනවා. සමස්තයක් වශයෙන් ශිෂ්ටත්වය කියන කාරණය ලංකාවේ කැපී පෙනනවා එය නැති බැවින්; පුරාතනයේ සහ නූතන යුගයේ පවා. පරස්පර විරෝධී, කාල විරෝධී පෙර අපර දෙදිග හැම දෙයක්ම එකට එක් වී තියෙන්නේ හරියට එකට එක නොගැලපෙන, නමුත් රසවත්, ස්පාඤ්ඤ සුප් එකක් (Olla Podrida) වගේ.

පිටස්තර අලංකාරයට ළැදි උත්සවීය මහිමය

කොහොම නමුත් මෙහි තියන හොඳම දේ තමයි පිටස්තර අලංකාරයට ළැදි වෙච්ච, බංගලාවල ඇති උත්සවීය මහිමය. ඒ වගේම මේ වග හොඳින්ම දන්නා සේවකයන් සිටින පදිංචි කරුවන්. ආලින්දය තුල වේවැල් පුටු සමඟ උණ බට මේස ඇති ප්‍රමාණය ඉතා අධිකයි. සිංගප්පුරුවෙන් ගෙන්වූ කුෂන් මඟින් නිදහස ඉතා සැප පහසුවට විඳින්න පුළුවන්. සම්මතයක් විදිහට කනප්පුවක් දෙකක් තබා තිබෙනවා. ඒ ආකරයටම ඉතා අලංකාරෙට බොම්බේ දැවයෙන් කැටයම් දැමූ පෙට්ටගමක්, කාඩ් ගැසීමට මේසයක්, රාක්ක, නූතන වනිතාවන්ගේ අරුමෝසම් බඩු දකින්න පුළුවන්. ඒ හරියට මේ වනිතාවන් තාමත් පරණ නවාතැනේ හිටපු විදිහටම; උදාහරණෙකට දකුණු කෙන්සිංටන්වල හිටියා වගේම; ඉන්න හිතාගෙන ඉන්නවා වගේ. අප්පේ! සින්තියාත් කලේ එහෙමම තමයි.

A posing posse of pompous Brits
A Posing Posse of Pompous Brits [Image Courtesy: http://www.imagesofceylon.com ]

බිත්ති පෙරදිග මූණුවරක් ගන්නවා. සින්තියාගේ නිවසේ බිත්තිවල සායම් ගා ඇත්තේ ඔලිව් කොළ පැහැයෙන්. ඒ මත සැමන් රෝස පැහැයෙන් අච්චු (ස්ටෙන්සිල්) තිබෙනවා. ඇසට ඉතාම ප්‍රියයි; ශාන්තයි. ඈතට පෙන්නේ කොහොම නමුත් ලන්ඩන් දුම්-රිය මාර්ගෝපදේශක පොතක සිතියමක් වගේ. හරස් අතට දිගු අතට ඒ මේ ගිය ඉරි එකිනෙක හමු වී මංසන්ධි නිර්මාණය වී ඉන් දිගටම පොළවේ සිට සීලිම දක්වා විහිදී ගොස් තිබෙනවා. පොළවේ වෙවැලින් කල කලාල පුරාම වේයන් විසින් නිර්මිත මඩ පැහැ රේඛා. කොළඹ නිවාස අතර කුහුඹුවන් ජාතින් හතක් හපන්කම් දක්වනවා. එකිනෙකාට තියෙන්නේ එකිනෙකට වෙනස් වුනු රසයන්ට ඇති බඩගින්නක්. ඔවුන් සියල්ලන්ම බොහොම කෑදරයෝ. ඒ නිසා ඔවුන් පිළිකුල් කරන දෙයක් නැති තරම්. පියානෝවක අභ්‍යන්තර කොටස් වල ඉඳන් සීනි භාජනයේ ඇතුලත දක්වා ඇති සියලුම දේවල් ඔවුනට රස මසවුල්. ඒ නිසා කෑම මේසය රඳවා ඇත්තේත් ජල බඳුන් මත. සිවිලිම සාදා ඇත්තේ හුණු තැවරූ හණ රෙදි වලින්. එය බොහොම තදින් ඇදෙන්නට උළු යට අතුරා තියෙනවා. නමුත් බිත්තියක් අතරේ ඇති අඟල් කිහිපයක කුඩා හිඩැසකින් විශාල ලොම් සහිත මකුළුවන්ට ඇදී එන්නට යන්නට පුළුවන්. ලාම්පු දැල්වූ විට උළු කැට අතරේ ඇති ඔවුන්ගේ කූඩු වලින් එලියට ඇවිද විත් කුඩා මදුරුවන් වැනි නොයෙක් සතුන් ඊළඟ දවසේ රාත්‍රී ආහාරය වෙනුවෙන් පැහැර ගන්නවා.

Typical Bungalow with Coconut Plantation
Typical Bungalow with Coconut Plantation [Image Courtesy: http://www.imagesofceylon.com ]

කොළඹ බංගලාවන් හැම එකකම හැම තිස්සෙම තෙත් ගතියක පුස් ගතියක ගඳක් වහනය වෙනවා. සින්තියා විසූ ඉතා වංශවත් කුරුඳුවත්තේ පවා එහෙමයි. හයිඩ් පාක් යයි මහලොකුවට කියන පැත්තෙත් එහෙමයි. ඒ වුනත් කාමර හොඳට එළියට විවෘත වෙලා. නමුත් හිරු මධ්‍යාහේනයට ළං වුනාම පැළලි ජනේල (ජලව්සි ) තාපය ඒම නවත්වන්න වසා දමන්න වෙනවා. එනිසා හැම තිස්සෙම ආලෝකයක් ලැබෙන්නේ නැහැ.

පෙරදිග ගෘහනිර්මාණ ශිල්පීන්ට ජනේලයක ස්වභාවය පිළිබඳ වැටහීමක් නැහැ වගේ. එක කාමරය සෑහෙන ගණනක් ජනේල තියනකොට තවත් කාමරයක කිසිම ජනේලයක් නැහැ. මොකවුනත් සින්තියාගේ විසිත්ත කාමරයේ නම් තුනක්ම තියනවා. ඒ අතර දෙපැත්තක ඇති පුංචි ඇතුල් කාමර දෙකක සිවිලිමේ ඉඳන් පොළවටම ජනේල. ඒ වුනත් විශාල අමතර කාමරයක කිසිම ජනේලයක් නැහැ.


කැරොලයින් කෝනර් විසින් රචිත “ලක්දිව්: ආදම්ගේ පාරාදීසිය”

සත් වසක දූපත් දිවියේ ජීවන සටහන්

පරිච්ඡේදය 02

Ceylon: The Paradise of Adam by Caroline Corner

The Record of Seven Years’ Residence In The Island

Chapter 02


Street to Cinnamon Gardens photographed by S.D.H.M. Sadoon
Street to Cinnamon Gardens photographed by S.D.H.M. Sadoon

A DESCRIPTION of this new home of Cynthia’s is of paramount importance ; first, in that it bears so close an association with the forthcoming narrative, secondly, because of its future use and value to other ingénues fresh from “home.”

Road in the Cinnamon Gardens photographed by Plate & Co.
Road in the Cinnamon Gardens photographed by Plate & Co.

Exteriorly then the bungalow resembled, as Cynthia said, “a temple” built on classical Greek lines. White, virgin white, all of it. Some are yellow, others pink, and so on, but these are invariably in the occupation of “natives.” The European draws the line at white. White the stately pillars of the square portico, white the pillars on either side, two of them, some twenty feet, within. These four pillars lined the long stone verandah screened by closely wooded tats and curtained by trellised and clambering creepers, as well as carpeted by Indian matting and a few loose rugs. It was a bungalow. Consequently it had no upper storey, those that have are designated “houses” in this Paradise of Adam. In the centre of the verandah, and facing the imposing portico, was a pair of jakwood doors lofty and large, by day always wide open, except when the monsoon rages wild and furious. At top of these doors were elaborate perforations by way of ventilation and decoration both. The Sinhalese are mightily proud of these designs and achievements, and always when bargaining for the bungalow draw European attention thereto. The locks of these doors, however, leave much to be desired. Why they have locks at all is a mystery, starting from the point of their usefulness. A push and a shove and the lordliest of doors gives way, and one finds oneself in the drawing-room. Herein lie the pomp and circumstance of the dwelling—a queer combination of East and West—the bungalow being the only point where the centripetal and centrifugal forces of East and West do meet and mingle. The effect, although bizarre, is picturesque and somewhat artistic withal. Civilisation and barbarism, crudity and culture, the latter depending on the European occupant individually for collectively culture is conspicuous by its absence in Ceylon—ancient and modern, everything antithetical and anachronal arranged together in a delightful olla podriga of the Orient and the Occident. All of the best is here however— the pomp and circumstance of the bungalow, and of the occupant, who, if a “Service Man” lets that fact speedily be known. As on the verandah wicker chairs and bamboo tables preponderate, those from Singapore with cushions after Liberty being very comfortable indeed. A teapoy or two is de rigueur as likewise are the card table, cabinets in beautifully carved Bombay wood, whatnots, and bric-a-brac of the gentlewoman of to-day, that is if she determines to live as though she were still resident in, say. South Kensington, as did Cynthia—alas !

The walls are a feature of the Orient. In Cynthia’s home they were “distempered” olive green, with stencillings of salmon pink, very effective and restful to the eyes. From a distance, however, the walls bore a distinct resemblance to a map in a London railway guide. Lines and lines traversed them, meeting sometimes and forming mounds that might be junctions, then diverging and continuing from floor to ceiling, from ceiling to floor, ay, and across the floor, lines of mud, constructed by white ants all over the rattan matting. A Colombo dwelling boasts of seven different genus of ants, each with an individual taste in the way of appetite, although all are gourmands, thence nothing falls foul of the ants, from the interior of the piano to the interior of the sugar basin, with everything between, the dining-table having to stand in wells of water on their account, and even then the white cloth is traversed by opposing regiments of them soon as laid. The ceiling—a mere sheet of chunamed (whitewashed) canvas stretched tightly beneath the tiles—permits of a few inches space against either wall as an exit for huge furry spiders which, when the lamps are lit, take their walks abroad from their nests in the tiles, foraging for gnats, mosquitoes and whatnot for their next day’s dinner.

There is always a smell of damp and mildew in a Colombo bungalow, even though it may be in the aristocratic Cinnamon Gardens, as Cynthia’s was, indeed at “Hyde Park Corner,” so called! Albeit, the rooms are well open to air if not always to light, for the jalousies must be closed to shut out the heat once the sun is in the meridian.

Again, Oriental architects are uncertain in their disposition of windows. One room may have many; another none. However, Cynthia’s drawing-room had three, while a small apartment on either side, which were called respectively a “boudoir” and a “study,” were all window from ceiling to floor, although the “spare room” — a large one — was windowless.

Current Map of Cinnamon Gardens
Current Map of Cinnamon Gardens [Image Courtesy: http://www.rootsweb.ancestry.com/~lkawgw/cgmap.htm ]

ලක්දිව ගමන් සටහන් පිටු අංක : 4

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s