What the Bird of Paradise Told Her

කොහොම වුනත් අධික උණුසුම් වටපිටාව සින්තියාට මනස විචාරන්න දායකත්වයක් දැක්වූවේ නැහැ. නිවර්තන කලාපයේ පූදින සදාහරිත සුගන්ධය සෑම තැනකින්ම අධික ලෙස වහනය වුනා. දොඩං, මුරුත, වැල් දොඩං මල්, රත්මල් සහ පුවක් වැනි ශාක හාත්පස වා තලයට නිද්‍රාශීලි කාරකයක් එක් කළාද නැතිනම් එය නිකම්ම ඇගේ තෙහෙට්ටුව නිසා ඇති වූ නිදබර ගතියක්ද කියන්නට අමාරුයි.

Calverley House in Old Colombo
A Varandha – Calverley House in Old Colombo [Image Courtesy: https://thuppahi.wordpress.com/2013/02/20/calverley-house-in-old-colombo/ ]

පාරාදීසේ කුරුල්ලා ඈට කී දේ

මේ නිදිමත අස්සේ පාරාදීසියෙන් ආ කුරුල්ලෙක් එබිකම් කර ඈ වෙතින් කිචි බිචි ගා පැණයක් නැගුවා. ඇයට නම් ඒ වෙලේ අඩ සිහිනෙන් ඇත්තටම දැනුනේ තමන් සිටින්නේ ඒඩන්ගේ උද්‍යානයේ කියලයි. ඒ හුරතල් සතා මේ මුළාවට බොහොම හොඳට ගැලපුනා. මේ ආඩම්බරකාර කුරුල්ලගේ ඉතා සිනිඳු මකුළු දැල් වන් වලිගය අතරින් හිරු කිරණ ධාර දිලිසෙන විට සින්තියාගේ ඇසිපිය මන්දගාමීවව ක්‍රමක්‍රමයෙන් සෙලවී පියවී වැසී ගියා.

මේ වගේ නිහැඬියාවක්! කිසිම සද්දයක් නැහැ. අඩුම තරමේ කොළ සර සර සද්දයක්වත් නැහැ. උණුසුමයි, රන්වන් හිරු එළියයි, නිශ්ශබ්දතාවයයි විතරයි. මුළු සොබාදහම ම රන් වන් හිරු කිරණ ස්නානය කරමින් තද නින්දේ. හැම තිස්සේ ම කච කචේ දාන ටිට් විලෝ කුරුල්ලාගෙන් පවා සද්දයක් නැහැ. කාක්කෝ-කෑ ගහන හාදයෝ, උන් එක්ක මහ දවාලේ නිදාගෙන වගේ. ගේ කුරුල්ලෝ, හීන් අඳුරු ඇස් ඇති ලේන්නු, පුංචි ඉබ්බෝ- මේ හැමෝම නිශ්ශබ්දයි. විවේකයක් අරගෙන.

ඒත් මේ පාරාදීසේ කුරුල්ලා විතරක් ඇහැරගෙන. සම්පූර්ණයෙන්ම ඇහැ ඇරගෙන. බර අඩි තබමින් ආලින්දය පුරාම ඇවිද යන්නේ රජෙක් වගේ. ඒ අතර හැම තත්පරේකදිම සිනිදු සේද කොට්ටක් මත ඇස් වසාගෙන නිදා සිටින මේ තරුණ ඉංග්‍රීසි කාන්තාව දිහා විපරමින් බලනවා.

අමුත්තෙක් වගේ?” සින්තියා සිහිනයක් දකින හැඩයි. රිදී සීනුවක් සලන හීන් කටහඬකින් මේ රාජකීය කුරුල්ලා පුංචි රතු අඩි බිම තබා තමන් යන මුර සංචාරය මදක් නවතා මෙසේ අසන්නේ ලස්සන දිලිසෙන වලිගය සින්තියාට මුළුමනින්ම විදහා පෙන්වමින්.

සින්තියා ඌ දෙස නෙත් යොමු කළ මුත් ඇය තාමත් හොඳ නින්දක.

-“අමුත්තෙක් වගේ? දැනටමත් අපේ මනෝහර දූපතේ අසිරියෙන් ප්‍රමුදිත වෙලා ඇති. ඕන ඔට්ටුවක්!”

-“හහ්!! මීදුමින් වැහිච්ච ලන්ඩනයයි එහෙ හඩු ගැහිච්ච ගේ කුරුල්ලෝයි සැසඳුවොත් මෙහෙ කොච්චර වෙනසක්ද!”

ඔව්. මේ පාරාදීසයෙන් ආ කුරුල්ලා ඈට කතා කරනවා. බොහොම ආඩම්බරකාරයෙක්. ඒ වගේම බොහොම කඩවසම්.

-“ඇත්තටම ඔබ බොහොම කරුණාවන්තයි අපට හවස තේ බොන්නට ආරාධනා කළාට. මගේ බිරිඳ තව ටිකකින් මෙහි ඒවි. ඔක්කොම ගෑනු සත්තු කැමතියිනේ ඉතිං ඕපාදූප පැයට ඔහේ කියව කියව ඉන්න. අපිත් ඉතිං ඇරලවන්න එනවා විතරයිනේ. මහත්තුරු වුනාම එහෙමයිනේ.”

-“ඒ මොක වුනත් කමක් නැහැ. මං අහල තියනවා ඔය හදාගත්ත මූණේ ඉරියව්ව ඔයාලගේ මිනිස්සු අතර එච්චර පාවිච්චි වෙන්නේ නැහැ කියලා දැන්. ඇහ්! ඔයා දැනගෙන උන්නේ නැද්ද අපිට කතා කරන්න පුළුවං කියාලා.”

-“ඔව් අපිට ඔයාලගේ තොරතුරු වග විස්තර ගැනත් කියව කියව ඉන්නට පුළුවං. ඔයාට තව ගොඩාක් දේවල් ඉගනගන්න තියනවා. සමහරක් විට කැළෑවේ ඉන්න අපිටත් පුළුවන් වේවි මොනා හරි කියල දෙන්න, අවස්ථාවක් දෙනවා නම්.”

-“අපි හැම තිස්සේම ඔයාලා කරනවා වගේ අනෙක් අයගේ අදහස් උදහස් විමසලා තමයි වැඩ කරන්නේ. ඒ වගේම ඔයාලගේ වගේ රොස් පරොස් කතා වලින් සංවාද ඉවර වෙන අවස්ථාත් තියනවා.”

-“ආ… මේ එන්නේ මගේ බිරිඳ.”


කැරොලයින් කෝනර් විසින් රචිත “ලක්දිව්: ආදම්ගේ පාරාදීසිය”

සත් වසක දූපත් දිවියේ ජීවන සටහන්

පරිච්ඡේදය 01

Ceylon: The Paradise of Adam by Caroline Corner

The Record of Seven Years’ Residence In The Island

Chapter 01


The heat-laden atmosphere was not conducive to speculation, however. Heavy with the scent of tropical blossoms in profusion—the orange, the myrtle, the passion flower, rat mal and areca, the air seemed to be possessed of narcotic properties, or was it merely fatigue that overcame and caused her to feel drowsy ? So drowsy that when a Bird of Paradise came and peered inquisitively at her, she fancied she was indeed in the Garden of Eden, so lovely a creature surely suited this fair illusion. Cynthia’s eyelids drooped and flickered as the sunbeams glinted on the proud bird’s gossamer tail, flickered and drooped until they closed.

Silence. Not a sound ; not a rustle. Only heat and golden sunshine and silence. All nature was asleep—slumbering in a golden bath. Even the talkative tit- willow was silent, taking a siesta with the crows—that noisy crew—and the sparrows— those overgrown fellows—and the little dark-eyed squirrels and tiny tortoises—all were silent, at rest.

Only this Bird of Paradise was awake and abroad. Very much awake, he trod the verandah with the air of a king, glancing every second in the direction of the young Englishwoman, whose head lay back on the soft silk cushion, whose eyes were closed in sleep.

“A newcomer, eh?”—Was Cynthia dreaming? A voice seemed to speak in silvery tones, while the little red feet of this princely bird paused in its patrol, and the beautiful shimmering tail was spread out in full view of Cynthia, had her eyes but been open to see. “A newcomer, eh? Enraptured with our lovely isle, I’ll warrant, already. A contrast, certainly, to your foggy London and its dirty sparrows. Bah ! “

Yes. It was the Bird of Paradise speaking, and proud as he was handsome he looked.

“Well, it’s kind of you to invite us to afternoon tea. My wife will be here presently. All feminine creatures love the gossip-hour. We are mere escort — noblesse oblige. By the way, I hear that expression is becoming obsolete amongst your people. Ah! You didn’t know we could talk and are given to discussing your affairs? There’s something yet to learn. Perhaps even we of the jungle could teach you something if you gave us the opportunity. We often ‘talk you over,’ as you say, and sometimes terminate the discussion with a vote of censure on some of your ways. Whew! Here comes my wife.”


ලක්දිව ගමන් සටහන් පිටු අංක : 2

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s