The Paradise of Adam—What of Eve?

අයෙක් චාම් යයි හඳුන්වන්නටද හැකි, අශෝභන ලෙස හැඳ පැළඳගත්ත පුංචි කිරිල්ලියක් පියාපත් ගසා ඇගේ උත්තම ස්වාමියා පසෙකින් සිටගත්තා. ඈ හට අයෙක් විනිවිද යන ලෙස බැලිය හැකි වටකුරු කලු ඇස් දෙකක් හිමිව තිබුනා. ඔහු දෙස පසාරු වන අන්දමින් ඈ බැලුවේ මේ නෙත් යුගලයෙන්. ඒ මොහොතේ කුඩා පිෂ්ඨධාතු කැබැල්ලක් ඔහුගේ මුවින් ගිලිහී බිම වැටුනා. ඔහු මදක් හැකිලෙන්නට පටන්ගත්තා.

ආදම්ගේ පාරාදීසිය – එතකොට ‘ඊවා’?

-“මම? අතිශය පුද්ගලිකයි. හ්ම්.. මම දන්නවා ඒක් එච්චර හොඳ දෙයක් නෙවී කියලා. ඒත් බෙට්සි මගේ ප්‍රියාවියේ, ඔයාගේ ලේ උණු වෙන්නේ නැද්ද අපගේ ප්‍රිය මිතුරන් තොග පිටින් ඝාතනය වෙනකොට. කහ කුරුල්ලෝ, කෝමල පිළිහුඩුවන්, දිව්‍ය නීල වර්ණ කැහිබෙල්ලන්, ගිරවුන්, බටු ගිරවුන්. මොකටද ඒ? කාන්තාවගේ හිස් වැසුම් වල අලංකාරය වෙනුවෙන්. මම පහුගිය දවසක රාජ මන්දිරයේදි එයින් එකක් දැක්කා.”

This slideshow requires JavaScript.

-“මොකද්ද? හ්ම්… හොඳයි. බෙට්සි මගේ ආදරියේ, මම තවත් මුකුත්ම කියන්නේ නැහැ- ඌයි! මදුරුවෙක් කෑවා නේද! මේ පාරාදීසයේ හැමදෙයක්ම දිව්‍ය සැපතක් කියන්නත් බැහැ. ඔබට තේරුම් යයි තව කාලයක් මෙහි හිටියොත්. ඒක තමයි මේ රටේ විදිහ.”

-“ආදමි, සියලු ලෝ සතුන්ගේ පියාණන්. ඔහු ඒඩන් උයනේ ඉඳන් එනකොට මගදී කුමක්දෝ හමුවුනා. ඔහු ලංකාවට පිටුවහල් වෙන්න කලියෙන් මිසපොතේමියා තැන්නේදි ඊවාගෙන් වෙන්වෙලා හිටියේ. ලංකාව – ආදම්ගේ පාරාදීසය. චක්! චක්!” පාරාදීසියෙන් ආ කුරුල්ලා කෙකර ගාන්නට පටන් ගත්තා. ඒත් ඉක්මනින්ම මුහුණ යථා ස්වරූපයට යළි හදාගත්තේ ඔහුගේ ප්‍රියාවියගේ තියුණු වටකුරු කළු නෙත් සඟල ඔහු කරා විනිවිද ගිය නිසයි.

-“ඔව්… ඔව්… මට බිරිඳක් සිටින බව මා දන්නවා බෙට්සි මගේ නෝනේ. මං හොඳටම දන්නවා.”

-“ඊවා පිටුවහල් වුනේ හජ්ජාස් දේශයට. එතන් පටන් එය වර නැගෙන්නේ ඊවාගේ පාරාදීසය විදිහට. අසරණ ආදම් නැති ඊවා! අසරණ ඊවා නැති ආදම්! ඉතින් මොන පාරාදීසයක්ද!”

“ඒත් අපි අතිශය භාවාත්මකයි- හැඟුම්බරයි.” මෙසේ කියා ඌ නිදාසිටි සම්මත සමාජ සභ්‍යත්වයෙන් මිදී ආ නැවුම් තරුණිය දෙසට හැරී “හැඟීම්බර වීම යල් පැනපු දෙයක්” කීවා.

-“ඔයා එහෙම හිතන්නේ නැහැ? ඔයාට නම් ඉතින් තාම රෑට පායන හඳත් හැදිලා තියෙන්නේ මී පැණි වලින්නේ. ඔයා හිතන්නේ ලෝකය ඒඩන් උයනක් කියලනේ.”

-“හොඳයි බෙට්සි. මම එයාට කියන්නේ මේක ආදම්ගේ පාරාදීසය කියලත් මම තමයි ඒකෙ රජ්ජුරුවෝ කියලත් විතරයි.”

ඉන්පසු මේ ලස්සන සතා හැරී යන්නට සැරසෙන විට උගේ මහානුභාවසම්පන්න වලිගය ගැස්සුවේ හරියට මිල නොකළැකි මැණික් එබ්බවූ රාජකීය ලෝගුවක් සේ පෙනෙන්නට එය මුළුමනින්ම විදහා දක්වමින්. ඉන්පසු රෙද්දක් ගසන සද්දයක්, ඉක්මන් පාවහන් රහිත අඩි සද්දයක් සහ කටහඬක් ඇසුනා. සින්තියා අවදි වුනා.

Wilpattu National Park: Male and female Peacocks
Wilpattu National Park: Male and female Peacocks

“රෑ කෑම ලැහැස්තියි මැතිණියනි.”

සුදු හැඳගත් චොකලට් පැහැ මිනිසෙක් හිස් මුදුනේ පනාවක් ගසාගෙන පැමිණ කීවා. ඔහු අප්පු, ප්‍රධාන සේවකයා. සින්තියා නැගිට්ටා. පාරාදීසයේ කුරුල්ලා එහි සිටියේ නැහැ. බෙට්සිත් නැහැ. ගල් ඉස්තෝප්පුවේ ඉතිරි වූ පාං කැබලි කිහිපයක් නම් තිබුනා.

ඉර බැස ගිහින්, හඳ පායලා. රන් වන් පැහැ දර්ශනයන් රිදී පැහැ සිහිනයකට අලංකාර ලෙස වෙනස් වෙලා.

කුරුල්ලන් ඉගිල ගිහින්. ඒත් කණාමැදිරි එළියෙන් ඉස්තෝප්පුව බබළනවා. බොහෝ පුෂ්පයන් මුකුලිත වී තිබුනත් රාත්‍රියේ ආමන්ත්‍රණයෙන් තවත් පුෂපයන් විකසිත වෙලා.

“පාරාදීසයක්! ආදම්ගේ පාරාදීසය!” සින්තියා මිමිණුවා. “එතකොට ඊවා?”


කැරොලයින් කෝනර් විසින් රචිත “ලක්දිව්: ආදම්ගේ පාරාදීසිය”

සත් වසක දූපත් දිවියේ ජීවන සටහන්

පරිච්ඡේදය 01

Ceylon: The Paradise of Adam by Caroline Corner

The Record of Seven Years’ Residence In The Island

Chapter 01


A dowdy little bird some might call “homely“ fluttered down to the side of her magnificent mate. She had a penetrating, round, black eye, though. That she fixed upon him. A little of the “starch” went out of him then, and he appeared to shrink.

“Too personal, am I? Well, that is bad form, I know. But, Betsy, my love, now doesn’t your own blood boil when you see wholesale slaughter of our loveliest—golden orioles, dainty kingfishers, jays of the heaven’s blue, parrots and parakeets—for what? To adorn the womenfolks’ headgear. I saw a specimen at the King’s House the other day. A—ye? Very well, Betsy, my dear, I’ll say no more. Qur-rh ! How the mosquitoes bite! It’s not all bliss even in Paradise. You’ll find that out if you stay long enough. It’s the custom of the country.”

Queen's House, Colombo
Queen’s House, Colombo

“Adam, the father of all, found something wanting when driven out from Eden. He parted from Eve on the Plains of Mesopotamia prior to his banishment to Ceylon, the Paradise of Adam. Chuck-chuck!” The Bird of Paradise chuckled, but pulled himself up quickly in face of that penetrating, round, black orb of his mate.

“Yes, yes, I’ve got my wife. I’m aware of that, Betsy, my dear. Eve only was banished to Hadjdz, since called the Paradise of Eve. Poor Eve—no Adam ! Poor Adam—no Eve. What Paradise!”

“But we are becoming sentimental; and sentiment “—turning to the sleeping girl, fresh from the world’s metropolis—”sentiment’s out of date. You don’t think so. The moon’s made of honey still to you; the world’s still Eden. All right, Betsy. I’d only have her know that this is the Paradise of Adam, and I am the king.” And, turning, this beautiful creature shook out that magnificent tail so that it presented all the appearance of regal robes set with priceless gems. Then there was a flutter, the patter of bare feet, and a voice. Cynthia awoke.

“Dinner-gong, lady.”

It was a chocolate-coloured man in white, wearing a ” poll-comb,” resting on the crown of his head, who spoke—an appoo, or head servant.

Cynthia arose. No bird of paradise was there, no ” Betsy “—only a few remaining crumbs on the stone verandah.

The sun had set, the moon was rising. From a vision of gold the scene was changing to a dream of silvern beauty.

The birds had flown, but the verandah was aglow with fire-flies ; and though many blossoms had closed, others had opened at the call of night.

“Paradise—the Paradise of Adam!”  mused Cynthia. “What of Eve?”


ලක්දිව ගමන් සටහන් පිටු අංක : 3

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s