The Quadrupeds and Birds of Ceylon

බැටළුවන්, එළුවන් සහ අශ්වයන් මුල් වරට හඳුන්වාදෙනු ලැබුවේ යුරෝපීයයන් විසින්. ඒ නිසා උන් දුර්ලභයි. ඌරන් (hog) විශාල වශයෙන් ඇති කරනවා. කැළෑවේ විවිධ වර්ග වල මුව රංචු අධිකව වෙසෙනවා. එක් වර්ගයක් ඉන්නවා; ඉන් හොඳටම වැඩුණු මුවෙක්, හොඳටම වැඩුනු හාවෙකුට වඩා ටිකක් විශාලයි.

ලක්දිව සිවුපා සතුන්

 

Ceylon Musk Deer (ca. 1771) by Georges-Louis Leclerc, Count de Buffon
Ceylon Musk Deer (ca. 1771) by Georges-Louis Leclerc, Count de Buffon

ෆැනී : උන් හරිම හුරතල් වෙන්න ඕනි. මම කැමතියි එකෙක් ඇති කරන්න. අපි එක පාරක් වත්තෙ දැකපු මුව පොව්වට වඩා ලස්සන ඇති.

ජෝර්ජ් : මාත් හිතන්නේ ඒ පුංචි මුව පොව්වෝ සුරතලෙක් විදිහට ඇති කරන්න සුදුසු වේවි.

A Deer in a House (ca. 1920)
A Deer in a House (ca. 1920) [Image Courtesy: Threeblindmen Photography Archive – Ceylon Memory Project]

කැළෑවේ කොටියන්, දිවියන් හමු වෙනවා. උන් දිගින් අඩි පහක් විතර වැඩෙනවා. කැළෑවේ ඉන්නා වල් බළලුන්ගේ වර්ග දෙකම සහ වල් ඌරන් බොහොම දරුණුයි. ඒ අතර ඉත්තෑවුන්, රැකූන් සහ ලේනුන් වර්ගත් කැළෑවේ දැකගත හැකියි. නගරබදව පාත්තයන්, කබැල්ලෑවන් සහ මුගටියන් නිතර හමුවෙනවා.

Russia's greatest writer, Anton Chekhov's three mongoose from Ceylon to Russia. (ca. 1890)
Russia’s greatest writer, Anton Chekhov’s three mongoose from Ceylon to Russia. (ca. 1890)

මුගටියා කියන්නේ අපූරු පුංචි සතෙක්. සර්පයන් එක්ක ස්වභාවිකවම ලොකු වෛරයක් තියනවා. කොහේදි හරි සර්පයෙකු මුණ ගැසුනොත් විනාශ කරන්නමයි බලන්නේ. විෂ සහිත සර්පයෙකු එක්ක ඇතිවෙන ගැටුමකදි තුවාලයක් වුනොත්, ඌ වහාම තණ ගොල්ලක් වෙතට ඇදී යම් සුවිශේෂ ශාකමය කොටසක් සොයාගෙන අනුභව කොට ශරීරගත වූ ඒ සර්පයාගේ විෂ නසා ගන්නවා. ඒ වගේම සොයාගෙන තියන තවත් දෙයක් තමයි, සෑහෙන්න තුවාල වෙලා හොඳටම අඩපණ වෙච්ච සතෙකුට මේ ගුප්ත ශාකයේ රසය සියලු ශක්තීන් ලබාදි නැවත ප්‍රාණවත් කරනවා. එයින් ඌට නැවත හැකියාවක් ලැබෙනවා ඒ දරුණු සතුරාව පරාජය කර දමන්න.

Ceylon mongoose
Parkes’s Ceylon mongoose by Sydney Punch (ca. 1868) [Image Courtesy: http://home.dictionaryofsydney.org/mr-parkess-mongoose/ ]

ඉන්දියාවේ මහා ප්‍රාඥයන් සෑහෙන කාලයක් තිස්සේ උත්සහ කළා මොන පැළෑටියක්ද මේ විදිහට බරපතල මරණීය විෂකින් මුගටියන් ආරක්ෂා කරනා මේ අරුම පුදුම බල්පෑම එල්ල කරන්නේ කියලා. ඒත් තාමත් ඒ උත්සහයේ කිසිම ප්‍රතිඵලයක් නැහැ. කොහොම නමුත් පර්යේෂණ වලින් තහවුරු කරගත්තා යම් මුගටියෙක් සර්පයෙකු හා සටන් වදින විට සටන් බිම ගස් කොළන් රහිත බිමකට සම්පූර්ණයෙන්ම සීමාවී ඇති නම්, සතුරාගේ දළ පහරවල් වලට ඔහුට යටත් වන්නට සිදු වෙනවා. ඒත් තාමත් ඒ උත්සහයේ කිසිම ප්‍රතිඵලයක් නැහැ. කොහොම නමුත් පර්යේෂණ වලින් තහවුරු කරගත්තා යම් මුගටියෙක් සර්පයෙකු හා සටන් වදින විට සටන් බිම ගස් කොළන් රහිත බිමකට සම්පූර්ණයෙන්ම සීමාවී ඇති නම්, සතුරාගේ දළ පහරවල් වලට ඔහුට යටත් වන්නට සිදු වෙනවා.

Toque Macaque Monkey in Sri Lanka known as Rilawa
Toque Macaque Monkey in Sri Lanka known as Rilawa

වඳුරන් ප්‍රභේද කිහිපයක්ම ලංකාවේ වනාන්තර ප්‍රාණවත් කරනවා. එක් ප්‍රභේදයක් හඳුනවන්නේ ස්පැනියල් බල්ලෙකුටත් වඩා ප්‍රමාණයෙන් විශාලයි කියායි. ඌට අඳුරු අළු වර්ණයක් සහ කළු මුහුණක් තියනවා. මුහුණ වටේට, එක් කණක සිට අනෙක් කණට සුදු රැවුලක් තියනවා. එයින් ඌට හොඳ හාස්‍යජනක බොහෝ වයසැති පෙනුමක් ලැබෙනවා. බොහොම ගාම්භීර නැණවත් පෙනුමක් ලබා දුන්නාට මොකද අනෙක් වඳුරන් වගේම මොවුනුත් බොහොම දඟකාරයි. තවත් ඛාණ්ඩයක් ඉන්නවා ඒ වඳුරන්ගේ හැම තැනම කිරි සුදු පාටයි. ඒ වගේම ලොකු රැවුලකුත් තියනවා.

Langur Monkey in Sri Lanka known as Kalu Vandura
Langur Monkey in Sri Lanka known as Kalu Vandura

මේ වානරයන් හේන් කුඹුරු වලින් ඵලදාව සොරාගැනීමට රංචු දෙකක් සේ බෙදී හේන දෙපැත්තෙන් රැඳී ඉන්නවා. වඳුරන්ගේ සොරකමට ඇති නැමියාව මැනවින් දන්නා වැසියන් මේ සෑම හේනක්ම මුර කරනවා. එක් රංචුවක් මුරට සිටින්නා දෙසට ගොස් ඔහුව තමන් එළවා දැමීමට සිත් යොමු කරවාගන්නා අතර අනෙක් රංචුව විරුද්ධ දෙසින් හේනට ඇතුල් වී සිත්සේ ඵලදාව ආහාරයට ගනිමින් දෝත පුරාම මුව පුරාම ආහාර පුරවා ගන්නවා. ලක්දිව ස්වදේශිකයන් ඉන්දියාවේ සමහර ප්‍රදේශ වල මෙන් වඳුරන් පූජනීය සත්ව කොට්ඨාශයක් ලෙස සලකන්නේ නැහැ. වඳුරු මස් රසවත් ආහරයක් ලෙස සලකා ආහාරයට ගන්නවා.

කුරුල්ලන්

Sri Lanka Green Pigeon – Male & Female
Sri Lanka Green Pigeon – Male & Female [Image Courtesy: http://feathersofsrilanka.lk ]

ලංකාවේ අලංකාර පුදුමාකාර කුරුල්ලන් අතරින් බට ගොයාගේ (Green Pigeon) මස් සුඛෝපභෝගී ආහාරයක් ලෙස සලකනවා. බටු ගිරවුන් සෑහෙන ප්‍රමාණයක් දැකගත හැකියි. මොණරුන් වනාන්තර වල සැරිසරනවා. එක් කුරුළු වර්ගයක් මී පැණි කෙරෙහි දැඩි ඇල්මක් දක්වනවා. ප්‍රබල උත්සහයක් සහ මනා කෞශල්‍යයක් විදහා දක්වමින් මී වද සොයා යන්නට ඌ පෙළඹෙනවා. බොහෝවිට ස්වදේශියකයන් ඌ පසු පස්සේ යමින් කුරුල්ලා සොයාගන්නා මේ වටිනා ත්‍යාගය තමන් සතු කරගන්නවා.

This slideshow requires JavaScript.

මානාවා (ස්ටොර්ක්), කොකා (ක්‍රේන්, හෙරොන්), පැස්තුඩුවා (පෙලිකන්), හැඳි අළුවා (ස්පූන්බිල්) වැනි පක්ෂීන් ගංගා සහ විල් අසල දැකගත හැකියි. කපුටන් බහුලව සිටින අතර සෑම නිවසක් මුදුනේම ඔවුන් නවාතැන් ගන්නවා. උන් කුණු අදින්නන් ලෙස කටයුතු කොට සෑම කසල ගොඩක්ම ඉවත් කරනවා. නැතිනම් මේවා ගොඩගැසී රෝග බෝ වෙන්නට පුළුවන්. එමනිසා ස්වදේශිකයන් උන්ට බොහොම ගරුසරුව සලකනවා.


චාල්ස් නොර්ඩොෆ් විසින් රචිත “දූපත් ලොව කතාන්දර”

සය වන සන්ධ්‍යාව – ලක්දිව

Stories of the Island World by Charles Nordhoff

Evening the Sixth– Ceylon


Of hogs great numbers are raised. Sheep, goats, and horses were first introduced by Europeans, and are therefore scarce. The woods abound with deer of various species. One kind is mentioned, which has in perfection the form of a deer, yet is little larger than a full-grown rabbit.

Fanny : They must be dear little things. I should like to have one. It would make a much nicer pet than that fawn we saw once in a garden.

George : I should think one of those small deers would make a very pretty little pet.

In the wilds are found the cheetah, or spotted tiger, which grows to be five feet in length ; two species of wild-cats ; wild hogs, which are very fierce, together with porcupines, raccoons, and squirrels. The urban goose, the armadillo, and the ichneumon, are also frequently met.

The ichneumon is a wonderful little animal, which has a natural enmity to serpents, and destroys them wherever it meets with them. When, in its conflicts with poisonous snakes, one of these succeeds in wounding it, it immediately darts into the grass, and there finds some vegetable matter, by eating which the poison of the serpent is counteracted. And it has been found that, although so severely wounded as to be apparently quite exhausted, a taste of this mysterious plant revives all its energies, and enables it to overcome its formidable enemy. Scientific men in India have endeavored for a long while to discover what plant has the wonderful effect of thus protecting the ichneumon from the most deadly poisons ; but, so far, all their efforts have been vain. It has, however, been proven by experiment, that if the ichneumon, in its combat with a serpent, be confined to a space entirely devoid of vegetation, it soon succumbs to the bites of its enemy.

The woods of Ceylon are enlivened with several varieties of monkeys. One species is described as being of the size of a spaniel dog, of a darkish gray color, with black face, and great white beard sur rounding the face from ear to ear. This gives it a venerable appearance which is exceedingly laugh able. Though looking so grave and wise, it is quite as mischievous as any others of its kind. There is another kind of monkey, which is milk-white all over, and has also a large beard. It is related of the apes that, in order to get at fields of grain, they divide themselves into two parties, stationing themselves at opposite ends of a field. The inhabitants, who well know their thieving propensities, set a watch over each field. One party of the apes advance toward this guard ; and while he drives them away, the other party enter the opposite end of the field, and hurriedly fill their hands and the pouches which they have in their cheeks, eating all they can meanwhile. The natives of Ceylon do not appear to hold the monkeys sacred, as is done in different parts of India. They eat them, and count their meat very palatable.

Among the strange and beautiful birds of Ceylon is a green pigeon, the meat of which is esteemed a great luxury. There are also numbers of parroquets. Peafowls are found wild in the woods. There is a bird which is very fond of honey, and will search out, with great perseverance and ingenuity, the hives of wild bees in the woods. The natives sometimes follow it, and themselves take possession of the prize which the bird has found.

The stork, crane, heron, and pelican, or spoonbill, are found on the lakes and rivers. Crows abound, and make their lodgments on almost every house-top. They act as scavengers, removing all the garbage, which would, but for them, remain to decay and produce disease. The natives, therefore, hold them in considerable esteem.


ලක්දිව ගමන් සටහන් පිටු අංක : 12

Advertisements

One thought on “The Quadrupeds and Birds of Ceylon

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s