Stories of the Island World by Charles Nordhoff

Mode of Cultivating Cinnamon

තවමත් කුරුඳු භෝගය ලංකාවේ ප්‍රධාන අපනයන භාණ්ඩය ලෙසින් සැලකුවත්, ගම්මිරිස්, සීනි, කෝපි, දුම්කොළ සහ සහල් අඩු වැඩි වශයෙන් නිශ්පාදනය කෙරෙනවා. වර්තමානයේ, සහල් නම් ලංකාවේ දේශීය ඉල්ලුමට සරිලන විදිහට නිශ්පාදනය කෙරෙන්නේ නැහැ. සැලකිය යුතු සහල් ප්‍රමාණයක් වාර්ෂිකව ඉන්දියාවේ විවිධ ප්‍රදේශ වලින් ආනයනය කෙරෙනවා.

කුරුඳු වගා කිරීම

සිනමන් ගසට සිංහලයන් කියන්නේ කුරුඳු කියලයි. එය ලෝරල් කුලයේ ශාකයක්. ජේම්ස් කෝඩිනර් පියතුමන් ඔහුගේ “ලක්දිව දූපතේ විස්තරය” පොතේ “ඔවුනගේ වගා නොකළ ඉඩ කඩම් හි වැවෙන කුරුඳු ගස් අඩි විස්සක් තිහක් උසට වැඩෙනවා” යයි සඳහන් කරනවා. “ගසේ කඳේ වටප්‍රමාණය අඩි තුනක්.  ඉතා විශාල ප්‍රමාණයේ හරස් අතට විහිදුණු අතු විශාල සංඛ්‍යාවක් ගන සැරේට කොළ වලින් වැසීගෙන. මුල බොහොම දැඩි, රළු, තන්තුමය ආකාරයෙන් සැකසී සුගන්ධිත පොත්තකින් ආවරණය වෙලා. එහි පිට පැත්ත අළුවන් දුඹුරු පැහැයක්. ඇතුළු පැත්ත මඳක් රතු වූ පැහැයක්. එය අඩි තුනක් පමණ පොළවේ ගැඹුරට කාවැදී සැලකිය යුතු ලෙස පැතිරෙනවා. බොහොමයක් ඒවායෙන් සැර කපුරු සුවඳක් නැගෙනවා.

Road Scene, Cinnamon Gardens, Colombo
Road Scene, Cinnamon Gardens, Colombo [Image Courtesy: http://www.lankapura.com ]

එහි පත්‍ර ඕවලාකාරයි. අඟල් හයක් හතරක් දිගයි. අඟල් දෙකක් දෙකයි කාලක් පළලයි. බොහොම සුමුදු මතුපිට පෘෂ්ඨයක් සහ පැහැදිලි දාරයක්. පත්‍රයේ නටුව දිගින් අඟල් තුන් කාලක්. කෑමට ගන්නට බොහොම කදිමයි. හපන විට කුරුඳු රසය එනවා. නමුත් ඊට වඩා බොහොම නැවුම්. ඒ වගේම යුෂ සාරය පිරිලා. කොළයේ නම් එතරම් රසයක් නැහැ. ඉහළම අතු වලින් දළු නැගෙද්දි, කොටසක් ප්‍රභාවත් රත් පැහැයක් සහ අනෙක් කොටස අවපැහැ කහ පැහැයක් ගන්නවා. ටික කලෙකින් ඒවා ඉතා ලස්සන මුංඇට කොළ පැහැයක් ගන්නවා. උඩ පෘෂ්ඨය තද කොළ පැහැයක් සහ යටි පෘෂ්ඨය ලා කොළ පැහැයක් වශයෙන්. සම්පූර්ණයෙන්ම මෝරා වැඩුණු පත්‍රයක් ඔලිව් කොළ පැහැයක් ගන්නවා.

Removing the bark from the cinnamon cane
Removing the bark from the cinnamon cane photographed by Skeen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

මල් පූදින්නේ පොකුරු වශයෙන්. හරියට ලිලැක් මල් වගේ. සුදු පාටයි. මධ්‍යයේ දුඹුරුවන් අල්ප වර්ණයක් ගන්නවා. මේ ගසේ ඵලය අකෝර්න් (acorn) ඵලය වගේ. රස හරියට ජුනිපර් බෙරි ගෙඩි වගේ. නමුත් ප්‍රමාණයෙන් වියළි මිදි තරම්. මලෙන් එන සුවඳ එතරම් සැර නැහැ. රෝස සහ ලිලැක් මල් සුවඳේ මිශ්‍රනයක් වගේ. කුරුඳු ඵලය වතුරේ තම්බාගෙන එයින් තෙල් ලබා ගන්නවා.* මේ තෙල් භාවිතා කරනවා පොහොසත් ගෙවල් වල ලාම්පු දල්වන්න. මෙයින් ඉටිපන්දම් පවා හදනවා. මොකද සිසිල් වීමේදි එය ඝන වන නිසා. කුරුඳු තෙල් වලින් වහනය වන සුවඳ පොල්තෙල් වලට වඩා සතුටුදායකයි.

ෆැනී සහ ඇල්බට් බොහොම කැමති මේ කුරුඳු වෙළඳාමට කුරුඳු ගසේ නොමේරූ රිකිලි යොදාගන්නවා. පරණ ගස් කොටස් එයට හරි යන්නේ නැහැ. එය බොහොම ගොරෝසුයි.  ඒවගේම ඒ පොත්තෙන් ප්‍රණීත රසයක් එක් කරන්නෙත් නැහැ. ඒ නිසා කුරුඳු වගා කිරීමේදි ගසට අඩි දහයකට වඩා උස යන්නට දෙන්නේ නැහැ. කප්පාදු කරනවා. ඒ නිසා මුලෙන් අංකුර විශාල ගණනාවක් නැගෙනවා. එය සැරයටියක් තරම් දිගට ඝනට වැඩුනායෙන් පසුව පොත්ත ලබාගෙන අපි මිලදී ගන්නා කුරුඳු පොත්ත ලෙසින් නිශ්පාදනය වෙනවා.

කුරුඳු ශාඛය ක්‍රම පහකට බෝ කිරීම කරනවා.  පළමු ක්‍රමය නම් බීජය මඟින්. මෙම ක්‍රමය තමයි ආරක්ෂාකාරීම ක්‍රමය. නමුත් බොහොම වෙහෙස වෙන්නට ඕනි. බීජ පැළකොට වසර තුනකින් පසු එක් පඳුරකින් එක් අත්තක් කපාගන්නට හැකියි. වසර පහක් අවසානයේ අතු තුනක් පහක් පමණ ලබා දෙනවා. නමුත් වසර අටක් වනතුරු අඟලක තරම් විශ්කම්බය ඇති අතු දහයක් ලියලා වැඩෙන එහි සම්පූර්ණ ශක්තිය පෙන්වන්නේ නැහැ. දසවන හෝ දොළොස් වන අවුරුද්දේදී එහි ශෝභාව අති මහත්. ඉන් භාවිතයට ගන්නේ අතු රිකිලි සහ මුල් පමණක් බැවින් අවුරුදු සෑහෙන ගණනක් එහි ප්‍රයෝජනවත්භාවය සහ පැවැත්ම රැඳී පවතිනවා.

කුරුඳු ශාඛය බෝ කිරීමේ දෙවන ක්‍රමය වන්නේ විශාල ගසකින් කපාගන්න රිකිලි මඟින්. මේව රැක බලා ගැනීම පරිස්සම් කිරීම බොහොම සැලකිලිමත්ව කරන්න ඕනි. එහෙම කළත් බොහෝවිට කාර්ය සඵල වෙන්නෙ නැහැ.

Cinnamon Sorters
Cinnamon Sorters photographed by Skeen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

තෙවැනි ක්‍රමය වන්නේ අංකුරයකින් ගන්න ස්ථරයකින්. මේ විදිහට වගා කරන ගහක් උපරිම තලයට පත් වෙන්න අවුරුදු අටක් යනවා.

සිව් වන ක්‍රමය වන්නේ බද්ධ රෝපණයයි. මේ ක්‍රමයෙන් බද්ධ කොට මාස දොළහකින් සාමන්‍ය ප්‍රමාණයේ කුරුඳු අංකුර ලබාගන්න පුළුවන්. ඒත් මේ ක්‍රමයෙන් සාර්ථකත්වයක් ලබන්න නම් ඒ ඒ බද්ධ කල කොටස් බොහොම පරිස්සමින් රැක බලාගන්න උවමනා වෙනවා. පොඩි සියුම් තුවාලයක් වුනත් සියල්ල විනාශ වෙන්න පුළුවන්.

පස් වන ක්‍රමය වන්නේ කපා දැමූ පැරණි කුරුඳු කොටයක පොළවේ ඉතුරුවූ කොටස ගිනි ලෑමයි. මෙයින් මුල් වලට නව ජීවාත්මයක් ලැබෙන බව කියවෙනවා. ඉන් හොඳම කුරුඳු ලබාගත හැකි නිරෝගී සෘජු අංකුර වැවෙන්නට හේතු වෙන බව පැවසෙනවා.

Baling Cinnamon
Baling Cinnamon photographed by Skeen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

හොඳම තත්වයේ කුරුඳු ලබා ගැනීමට නම් වියළි පසක් සහ නිරන්තර වර්ෂාවක් අවශ්‍ය වෙනවා. මරදාන හෝ කොළඹ ආශ්‍රිත කුරුඳු වගා කෙරෙන ප්‍රදේශයේ මතුපිට පස සුදු වැල්ලකින් සමන්විතයි. යටිපස මැටියෙන් පොහොසත්. සුදු වැලි පස ඇති ප්‍රදේශයන්හී බොරළු පාරවල් හෝ සිප්පි ඇල්ලූ පාරවල් ඉදිකල විට පාරේ මායිම යුරෝපීයයෙකුට හිම වගේ දිස් වෙනවා.


[අනුවාදක සටහන:

* වර්තමානයේ තෙල් ලබාගන්නේ පත්‍ර මඟිනි.

]


චාල්ස් නොර්ඩොෆ් විසින් රචිත “දූපත් ලොව කතාන්දර”

පස් වන සන්ධ්‍යාව – ලක්දිව

Stories of the Island World by Charles Nordhoff

Evening the Fifth – Ceylon


Although cinnamon seems still to continue the principal article of export from the island, black pepper, sugar, coffee, tobacco, and rice are grown ; and more or less of all but the last-named article is year ly exported. Of rice Ceylon does not at present produce sufficient to supply the home demand, and con siderable quantities are annually imported from different parts of India.

As, when speaking of Madagascar, I told you how rice was cultivated there, and, when on the subject of Java, we saw how a coffee plantation is carried on, so we will now take a walk (in imagination) through a cinnamon grove. The cinnamon-tree is called coorimdoo by the Cingalese. It is a species of laurel.

“The trees” says Rev. James Cordiner, in his “Account of the Island of Ceylon,” “in their uncultivated state, grow to the height of from twenty to thirty feet. The trunk is about three feet in circumference, and puts out a great number of large, spreading, horizontal branches, clothed with thick foliage. The roots are fibrous, hard, and tough, covered with an odoriferous bark, on the outside of a grayish brown, and on the inside of a reddish hue. They strike about three feet into the earth, and spread to a considerable distance. Many of them smell strongly of camphor, which is extracted from them.

“The leaves are of an oval shape, from four to six inches in length, and from two inches to two and a quarter in breadth, with a smooth surface, and plain edge. The stalk of the leaf, which is nearly three quarters of an inch in length, is very pleasant to eat, and, when chewed, flavors very strongly of cinnamon, but is fresher and more full of juice. The leaf itself has scarcely any taste. When the young leaves first shoot out from the top of the branches, they are partly of a bright red and partly of a pale yellow hue. After a short time they become of a beautiful pea-green ; and when they have attained full maturity, they put on a dark olive color. The upper surface is of a deep, and the back of the leaf of a light green.”

The blossoms, which hang in clusters somewhat like the lilac, are white, with a brownish tinge in the centre. The tree has a fruit in shape resembling an acorn, and in taste like a juniper-berry, but of the size of a black currant. The smell of the blossom is not strong, but resembles a mixture of rose and lilac. The fruit is boiled in water, to obtain from it an oil, which is used in the houses of the wealthy for burning in lamps. Candles are also made of it, as it congeals when allowed to cool. The smell of the oil is said to be much preferable to that of cocoanut oil.

The cinnamon of commerce that of which Fanny and Albert are so fond is obtained from young shoots. That taken from the older trees is not so good. It is coarse, and has not the delicate flavor of the bark taken from the younger branches. Where it is cultivated, therefore, the trees are not allowed to grow higher than ten feet. They are trimmed down; the consequence of which is that they send out numbers of young shoots from the roots. It is from these shoots, when they come to be as long and thick as a common walking-cane, that the bark is obtained which we buy as cinnamon.

The cinnamon-tree may be propagated in five different ways. The first is to raise the tree from seeds. This is perhaps the safest method, but is exceedingly tedious. In three years after planting the seed, each bush affords one branch fit for cutting. At the end of five years it will give from three to five branches. But it is not till the eighth year that it reaches its full strength, and sends forth ten branches of an inch in diameter. From the tenth to the twelfth year the tree is in its most flourishing condition. But, as only the sprouts and the roots are made use of, its life and its usefulness continue for many years more.

The second manner of propagation is by shoots cut from large trees. These require to be handled and tended very carefully, and even then often do not thrive. The third manner is by layers taken from the sprouts. Those cultivated in this way are in their prime in eight years.

The fourth mode is by transplanting the old roots. In this way cinnamon shoots of the usual size are obtained in twelve months after transplanting. But to attain success by this mode, great care is necessary in handling the roots. If any of the smaller roots receive even the slightest injury, they perish.

The fifth mode is to burn down the stump of the old tree. This is said to give new vitality to the roots, causing them to send forth a number of healthy straight shoot, which yield the finest of cinnamon.

A dry soil and frequent rain are necessary to produce cinnamon of the finest quality. The marendan, or grounds about Columbo, in which cinnamon is raised, consist of a surface of pure white sand, with a subsoil of rich mould. So white is the sand, that in places where shell or gravel walks have been made, the sand, which forms the borders of these walks, looks to a European almost like snow.


ලක්දිව ගමන් සටහන් පිටු අංක : 9

Advertisements

One thought on “Mode of Cultivating Cinnamon

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s