Fishing Boats and Catamarans

මම කලින් කිව්වා වෙරළ තීරයේ ජීවත් වෙන සිංහලයන් බොහෝ දෙනෙක් ධීවරයන් කියලා. ඔවුන් භාවිතා කරන බෝට්ටු ගත්තොත් ඔබ හිතනවා වගේම බොහොම සරලව නිර්මාණය කරලා තියෙන්නේ. ලී කොටයක් කුහරයක් වෙන සේ හාරලා. එය දිග අඩි පහළොවකින් දිගයි. අඩි තුනක් ගැඹුරුයි. මිනිහෙකුට හැරෙන්නවත් බැරි තරම් හරිම පටුයි.

ධීවර බෝට්ටු

Sinhalese Fishermen
Sinhalese Fishermen photographed by Skeen & Co. (ca. 1880) [Image Courtesy: http://www.lankapura.com ]

ඇත්තෙන්ම පොඩි චලනයකින් පවා එය පෙරළෙන්න පුළුවන්. එය වැළකෙන්න ස්වදේශිකයන් බෝට්ටුවේ පැත්තකින් ආරුක්කු පොලු දෙකක් සවි කරලා තියනවා. පොලු දෙකේ අග කෙළවරින් දෙපැත්තෙන් උල්වූ කොටයක් සවි කරලා. මෙහි බර නිසා බෝට්ටුව එක් දිශාවකට හැරී තිබීමෙන් වළකිනවා. ජලය ස්පර්ශ වන විට එහි ඇතිවන සැහැල්ලු බව නිසා පෙරළීමෙන් වළකිනවා. මේ සරල උපක්‍රමය නිසා ධීවරයන් හට රුවලක් සමඟම බෝට්ටුව රැගෙන යා හැකි වෙනවා. නැතිනම් ඔහුවවත් උසුලාගන්නට හැකි වෙන්නේ නැහැ. මේ වගේ කොල්ලෑ ඔරු නිර්මාණ මුළු දකුණු මුහුදු දූපත් සියල්ලගේම භාවිතා වෙනවා.

catamarans-fishermen-ceylon-c1880
Native Fishing Boats photographed by Skeen & Co. [Image Courtesy: http://www.lankapura.com ]

කට්ටුමරම

ලක්දිව බටහිර වෙරළ තීරයේ ඇති කල්පිටිය (කැල්පෙන්ටීන්) අර්ධද්වීපයේ සිට සැතපුම් සියයක් පමණ දුරකින් පිහිටි ඉන්දියාවේ කොරොමන්ඩෙල් වෙරළ තීරය වෙත ලී අපනයනය කරනවා. මේ සඳහා යොදාගන්න යාත්‍රාවට කියන්නේ කට්ටුමරම කියායි. එය සැකසී තියෙන්නේ මේ විදිහට. කොටන් තුනක් ත්‍රිකෝණයක් හැඩැතිව තබා හොඳට තදින් බැඳ තබා ගන්නවා. ගෙනයන්නට ප්‍රමාණවත් තරම් වන දැව සියල්ල ඒ උඩින් අසුරනවා. දැව අට්ටිය මධ්‍යයේ කුඹගස පිහිටුවනවා. රුවල සකසා යාත්‍රාව ගොඩබිමින් දියත් වෙනවා. මේ හැඟීම හරියට ඉතින් නැව් නගිනවා වගේ තමයි යාත්‍රිකයට දැනෙන්නේ. මෝසම් සුළං ක්‍රමයෙන් මේ ප්‍රදේශයෙන් හමාගෙන ආවාට කුණාටුවක් ගැන බයක් නැහැ. රුවල දිගහැරියායෙන් පසු ආයෙත් අකුළාගන්නේ ඉතින් වාරාය ජැටියේ වාප්පුවේ නැවැත්වූවාම තමයි.


චාල්ස් නොර්ඩොෆ් විසින් රචිත “දූපත් ලොව කතාන්දර”

පස් වන සන්ධ්‍යාව – ලක්දිව

Stories of the Island World by Charles Nordhoff

Evening the Fifth – Ceylon


I told you that numbers of the Cingalese living near the sea-shore are fishermen. The boats which they use are, as you may suppose, of simple construction. A boat is formed of a log hollowed out. It is about fifteen feet long by three deep, and so narrow that a man can scarcely turn about in it. Of course, such a vessel would be capsized by the slightest motion. To remedy this, the natives fix two arched poles to the side. To the outer end of these poles (which are placed at right angles with the boats side) a log, sharp-pointed at both ends, is fixed. The weight of this keeps the boat from turning over in one direction, while its buoyancy, when it touches the water, keeps her from capsizing in the other ; and by this simple contrivance the fisherman is enabled to carry sail on a boat which otherwise would not bear even him. Outriggers of like construction are used in all the South Sea Islands.

From the Peninsula of Calpenteen, which lies along the western shore of Ceylon, wood used to be exported to the Coromandel coast of India, a distance of several hundred miles. The vessels used for this purpose are called catamarans, and are formed as follows :

Three logs are so placed as to form a triangle, and are then securely bound together. Wood is now piled on till it is judged the craft is sufficiently load ed. In the centre of the wood a mast is placed. The sail being set, the voyager leaves the land, feeling probably as secure as though embarked in a ship of the line. As the monsoon winds blow steadily in those latitudes, there is no storm to fear. The sail, once set, need not be again taken in till the vessel is laid at her wharf in port.


ලක්දිව ගමන් සටහන් පිටු අංක : 7

Advertisements

One thought on “Fishing Boats and Catamarans

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s