Stories of the Island World by Charles Nordhoff

Burning the Dead, and Cingalese Manner of Writing and Marriage Ceremony

ඉන්දියාවේ භාවිත වෙන ඒවාට වඩා වෙනස් වූ ලිඛිත භාෂාවක් සිංහලයා සතුව තියනවා. ඔවුන් ලියන්නේ තලගසෙන් ගන්නා පත්‍රයක (මතකද, කුඩේකුත් හදාගන්නවා කිව්වේ). මේ පත්‍ර බොහොම පිළිවලකට අඟල් දෙකක් පළල හිටින්න පත් ඉරු ලෙස ඉරා ගන්නවා. දිග අඩි එකහමාරක්.

සිංහලයාගේ ලිවීමේ ක්‍රම

Buddhist Priests
Buddhist Priests reading books made of talipot palm leaves [Image Courtesy: http://www.imagesofceylon.com ]

අපි වගේම වමේ ඉඳන් දකුණට තමයි ලියන්නේ. පත්‍ර එකට තබා පොතක් මෙන් බඳින්නට වුවමනා වූ කළ සෑම පත්‍රයකම රවුම් සිදුරක් සාදාගන්නවා. මේ සිදුරු තුලින් නූලක් යවා පත්‍රයන්ගේ ප්‍රමාණයට සැකසූ පුවරු දෙකකින් තද කරනවා. හැසරවිය හැකි උල්වූ යකඩ කූරක් පෑනක් ලෙස භාවිත කරනවා. මෙයින් පත්‍රයේ මෘදු මතුපිට මත කාවදින්නට අකුරු ලියනවා. පිටුවේ සම්පූර්ණයෙන් ලියූ පසු මතුපිට කලු දියරයකින් පිරිමදිනවා. ඒ දියරය කාවැදුණු අකුරු තුල රැඳී, කැටයමක් සේ අකුරු දිස්වෙනවා.

සිංහලයාගේ විවාහ චාරිත්‍ර

Karava Wedding
A southern Karava wedding as seen by a western artist in 1885. [Image Courtesy: http://karava.org/marriage ]

සිංහලයන්ගේ විවාහ චාරිත්‍රය සිදුවන්නේ මනාලයා සහ මනාලියගේ දකුණතේ මාපටැඟිල්ල* එකිනෙක බැඳ එයට භාජනයකින් වතුර වත්කෙරීම මඟින්. මේ මංගල චාරිත්‍රය සිදු කරන්නේ මනාලයාගේ පියාගේ සහෝදරයා හා මනාලියගේ මවගේ සහෝදරිය විසින්. එවන් පිරිස් නැතිනම් ඊළඟට සිටින ඥාතියා විසින් එය සිදු කරනවා.

 

මියගිය දේහයන් ගිනි දැල්වීම

Priests and Villagers at Funeral Pyre
Priests and Villagers at Funeral Pyre (Cremation of a Buddhist Priest) by Plate & Co. [Image Courtesy: https://www.gutenberg.org/files/27260/27260-h/27260-h.htm ]

මලබාර්වරු තවමත් ඔවුන්ගේ මෘතශරීර ගිනි දල්වනවා. ක්‍රිස්තියානුවන් වගේ භූමදාන කරන්නේ නැහැ. මස්ලින් රෙද්දෙන් එතූ මෘතශරීරය සූදානම් කළ ස්ථානයකට ගෙනයනවා. මිනී පෙට්ටි භාවිතයක් නැහැ. කඨෝර බෙර වාදන මධ්‍යයේ, ගැඹුරු සක් නාදය සමඟ අවමඟුල් පෙරහැර ගමන් කරනවා. අවමඟුල් චිතකය දර්ශනය වන විට මදක් ගමන නවත්වනවා. ප්‍රධාන පූජක තැන එහිදී යාඥා පවත්වනවා. ඉන් පසු චිතකය වටා නිශ්ශබ්දව වටයක් ගොස් දෙණ දරසෑය මත තබනවා. දෙණ තබන්නේ ඇළවූ ආකාරයෙන්. දෙපා එකිනෙක හරස් කොට තබා මුහුණ නිරාවරණය කරනවා. රතු පැහැ ආලේපයකින් දෑස් මුද්‍රා තබා ඇත්තේ. සුදු පැහැ කඩතුරාවක් එළනවා. ජලය, හාල්, පොල් කුඩු සහ මුදල් දේහය මතට විසි කරනවා. ඒ අතර පූජක තැන තවත් යාඥාවක් පවත්වනවා. ඉන්පසු දෙපා දිග අදිනවා. දේහය අනික් පස හරවනවා. දේහය නොපෙනෙන තෙක් ඒ මත තවත් ලී තබනවා.

Ceylon Funeral, 1850.
Ceylon Funeral, 1850. Funerary ceremony in which the body of Galgiriyave Mahanayaka Unnanse (Most Venerable Galgiriyave Sri Dhammarakkhitha Sumangala Mahanayake Thero 1829-1850 Malwatte Monastery), the priest of the Great Temple of Kandy, was burned. [Image Courtesy: https://fineartamerica.com/featured/ceylon-funeral-1850-granger.html ]

මියගිය පුද්ගලයාගේ වැඩිමහල් පුතා හෝ ළඟම නෑයෙකු ඊළඟට දර සෑය වටා මැටි කලයක් වම් උරහිස මත තබාගෙන තෙවරක් ගමන් කරනවා. ඔහුගේ දකුණතෙහි දැල්වූ පන්දමක් තියනවා. ඔහු පසු පසින් පූජකයෙකු ගමන් කොට සෑම වටයක් අවසානයේදීම මේ මැටි කළය ඔහු චිතකය වටා ගමන් කරමින් පිඹින හක් ගෙඩියේ තියුණු තුඩකින් සිදුරු කරනවා. නිතැතින්ම කළයේ මේ හැදුනු සිදුරු තුලින් ජලය ගලා වැටෙනවා. අවසානයේ තෙවැන්නෙකු පිටුපසින් පැමිණ අතින් ගසා ඒ මැටි කළය කඩා දමනවා. කළය එවිට කෑලි කැඩී බිම වැටෙනවා.

Ceylon Funeral
Ceylon Funeral [Image Courtesy: https://www.delcampe.net ]

කළයක් ගෙන චිතකය වටා තෙවරක් පැදකුණු කළ මේ ඥාතියා සෑයට පිටුපස හරවා ගිනි දල්වනවා. ඉන්පසු මුණින් බිම වැටී පොළව සිඹිනවා. පූජකයන් සහ අනෙකුත් නෑයන්ද මෙසේ කරනවා. ඉන්පසු ඒ සියල්ලෝම මහත් සංවේගයකින් ආපසු හැරී බලන්නට අවසරයක් නොමැති කමින් මේ දර්ශනය දැකීමෙන් ඉවත් වෙනවා. නැවතී සිටින මිනිසුන් සෑයට තවත් ගින්දර දමනවා. ඒ නිසා චිතකය ඉක්මනින් දැල්වී සියල්ල විනාශ වී යනවා. සියල්ල අවසන් වූ පසු අළු ටික එක තැන් කොට කොළ අත්තක් හෝ කොඩියක් ගැසූ රිටක් සිටවනවා. ඉන්පසු කලාතුරකින් නෑදෑයන් මෙම ස්ථානය දැකීම පිණිස ගොඩවැදෙනවා.

Sri Lankan Hearse
A Buddhist religious function (on way to a cremation.) in the 1910’s – most probably an ornate funeral carriage at a funeral ceremony of a Buddhist priest in Colombo, Ceylon [Image Courtesy: The Archives ]

[අනුවාදක සටහන:

*– සුලැඟිල්ල විය යුතුය

]


චාල්ස් නොර්ඩොෆ් විසින් රචිත “දූපත් ලොව කතාන්දර”

පස් වන සන්ධ්‍යාව – ලක්දිව

Stories of the Island World by Charles Nordhoff

Evening the Fifth – Ceylon


The Cingalese have a written language which differs from any other used in the Indies. They write upon the leaf of the talipot-tree (from which, you will remember, they also make umbrellas). The leaves are neatly cut into slips two inches in breadth, and a foot and a half in length. They write as we do, from left to right. When it is desired to bind the leaves together in book form, a round hole is made in each li-nf. Through these holes a string is passed, and fastened to two boards of the same size as the leaves. A piece of pointed steel, set in a handle, serves them for a pen. With this they impress the characters upon the soft surface of the led . When a page is written full, the surface is rubbed over with a black liquid, which fills up the impres sions, and gives the characters the appearance of an engraving.

The marriage ceremony among the Cingalese is performed by binding the thumbs of the right hands of the bride and groom together, and pouring water over them from a basin. This ceremony must be performed by the groom s father s brother and the bride s mother s sister ; or, if these can not officiate, by the next of kin.

The Malabars still burn their dead, instead of burying them, as Christians do. The corpse, wrapped in muslin, is carried to the place prepared. No coffin is used. Amid the hoarse boom of the tom tom, and the deep-sounding conch shells, the procession moves on. When the cortege arrives in sight of the funeral pyre, a halt is made, and the leading priest offers up a prayer. After marching in silence around the pyre, the corpse is then laid on the wood. It is placed in a reclining position, with its legs crossed, and its face exposed to view. The eyes are now sealed with a red paste. A white screen is drawn about the form ; water, rice, ground cocoanut, and money are then thrown upon the body, and the priest offers up additional prayers. Next the legs are stretched out, and the body turned with its face to the wood. More wood is placed on it, till it is entirely concealed from view.

The eldest son, or nearest relative of the deceased, now walks three times round the pile, carrying an earthen vessel full of water on his left shoulder, and a lighted torch in his right hand. He is fol lowed by a priest, who, at the completion of each turn, pierces a hole through the water vessel with the sharp point of a conch shell, which he blows as he goes round. The water, of course, gushes out of the holes made in the vessel. Finally a third person approaches from behind, dashes the earthen pipkin from his hand, and it breaks upon the ground.

The relative now, turning his back upon the pile, sets fire to it ; after which he prostrates himself upon the ground, which he kisses. The priest and the relations do likewise. They are then led away from the scene of the solemnity without being permitted to look back. The people who remain add fire to the pile, and the whole is quickly consumed. When all is finished, the ashes are gathered into a heap, near to which a green bough, or flag with a stick, is planted. To this place the relations occasionally make visits.


ලක්දිව ගමන් සටහන් පිටු අංක : 6

Advertisements

One thought on “Burning the Dead, and Cingalese Manner of Writing and Marriage Ceremony

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s