Stories of the Island World by Charles Nordhoff

Dress of the Cingalese and Their Houses

පහළ කුලයන්හි සිංහලයන් වස්ත්‍ර ඇඟලන්නේ ඉතා අඩුවෙන්. පිරිමියන් රෙදි කඩක් ඇඟ මධ්‍යයේ සිට දණහිස තෙක් අඳිනවා. ගැහැණුන් මෙයට අමතරව දණහිසින් පහළ තෙක් දිගු වූ උරහිසින් දැමූ දිගු රෙදි කඩක් අඳිනවා. ඉන් බහුතරයක් කුඩාවට තදට අත් කොට සුදු හැට්ටයක්ද අඳිනවා. මධ්‍යම පාන්තික පිරිමියන් සුදු මස්ලින් රෙද්දෙන් මැසූ අත් දිගු කබායක් අඳිනවා. ඒ කාන්තාවන් කොට ගවුමක් අඳිනවා. තවද ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම වළලුකර තෙක් දිගු වූ මුද්‍රිත කපුපිළී (කැලිකෝ) වලින් සැකසූ ගවුමක් අඳිනවා. ධනවත් උදවිය කර නැති දිගු අසෝභන කබා අඳිනවා.

Singhalese Man
Singhalese Man [Image Courtesy: http://www.imagesofceylon.com ]

සිංහලයන්ගේ ඇඳුම්

කුල ගෝත්‍ර නීති රෙගුලාසි මඟින් එක් එක් පුද්ගලයා ඇඳිය යුතු ඇඳුම තීරණය කරනවා. සමහර කුල කණ්ඩායම් වලට පමණයි කබා ඇඳිය හැක්කේ; ඡත්‍රයක් රැගෙන යා හැක්කේ; කුඩයක් ඉහළාගත් සේවකයන් රැගෙන යා හැක්කේ. අපිට කියූ පරිදි මේ කිසිඳු වරප්‍රසාදයක් නැති පුද්ගලයෙක් එසේ කළහොත් කලහකාරී ජනකායක් ඔහු වටා එකරාශි වී දඬුවම් කිරීම සඳහා ඔහුව නඩුකාරයා ළඟට කැඳවාගෙන යනවාලු.

Gampola Chief and Party
Gampola Chief and Party photographed by Skeen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

ළමයිනේ අපි කොච්චර ස්තූතිවන්ත වෙන්න ඕනිද මේ මෝඩ මිනිසුන් අතර නො ඉපදීම සම්බන්ධයෙන්. ක්‍රිස්තියානි මිශනාරි ධර්ම ධූතයන් දිනපතා මේ විධික්‍රම ආක්‍රමණය කරන එක කොච්චර හොඳ ද. මිලියන ගණනක් ඉන්දියානුවන් මේ අයුක්ති සහගත කුල සීමාවන් බිඳගෙන කුරුසය යටතේ නිදහස් මිනිසුන් වෙන කාලය වැඩි ඈතක නොවේ. මිශානාරි කටයුතු උදෙසා ඉරිදා පාසලට (සබත් පාසලට) ඔබ ලබාදෙන කුඩා මුදල් ප්‍රමාණයන්, හිතන්න, ඒවා යොදවාගන්නේ මිශනාරි ධූතයන් මේ විදෙස් බිම් කරා ගෙනගොස් මේ මිනිසුන්ගේ අවිචාරක හැඟීම් වලින් ඔවුන් මුදවා ඔවුන්ගේ මනසට අවබෝධය ලබාදෙන්නට කියා.*

ඔවුන්ගේ නිවාස

යුරෝපීය ශිෂ්ඨාචාරය බෙහෙවින් සමාජගත නොවූ දිස්ත්‍රික්කයන්හී පහළ කුලයන්වල සිංහලයන්, සංචාරකයන්ගේ මහත් අගය කිරීමකට ලක් වෙන ඉතා සරල ගම්බද සන්තෝෂයකින් ජීවත් වෙනවා. ඔවුනගේ අවශ්‍යතාවයන් ඉතා කුඩයි. තමන්ද අභිබවා එය වර්ධනය කරගන්න කිසිඳු බලාපොරොත්තුවක් ඔවුනට නැහැ. ඔවුන්ගේ නිවාස සමහරක්වා දැවයෙන් සහ මැටියෙන් ගොඩනගනවා. නොයෙක් විට කප සහ කොළ පමණයි. තනි තට්ටුවකට වඩා වැඩි වෙන්නේ නැහැ. වහළය සෙවිලි කොට ඇත්තේ පොල් කොල වියූ පොල් අත්තකින්. ප්‍රසන්න සහ සෞම්‍ය දේශගුණයකදී මිනිසුන් බොහෝවිට එළිමහනේ කල් ගත කරනවා. නිවාස භාවිත කරන්නේ ප්‍රධාන වශයෙන් වැස්සෙන් ආරක්ෂාවන්න සහ ඔවුනට ඇති කුඩා ප්‍රමාණයක් වුවද බඩු මුට්ටු තබාගන්න.

Group of Villagers
Group of Villagers photographed by Skeen & Co.

සෑම පැලක්ම වට වී ඇත්තේ අලංකාර පළතුරු ගස් වලින්. මේවා යට හෝ කුඩා ආලින්දයක හෙවණක් යට තෘප්තිමත් අලසකමින් ඔවුන් හාංසි වී සිටිනවා. නැතිනම් මේ සෙවණේ දිනපතා කෙරෙන සැහැල්ලු වැඩක් කරනවා. මුළුතැන්ගේ ඇත්තේ ගසක් යට. ගල් දෙකක් අතරින් ගොඩගැසූ ගින්දරක් මත තැබූ කුඩා මැටි වළඳක බතක්, මාළුවක් පිස ගැනෙනවා. දිනපතා රාත්‍රී ආහාර වේල සවි වෙන්නේ මෙයින්. පිසින්නට අවැසි නොවූ පළතුරක් ප්‍රධාන ආහාර වේළ වෙනවා. වී වගා නොකෙරෙන, කුරුඳු වැවිල්ල ඔවුනගේ නිදහසට බාධා නොකෙරෙන පැතිවල, පිරිමියන්ගේ ශ්‍රමය වැය වෙන්නේ ඉතා අඩුවෙන්. ගැහැණුන් තමා ජීවිතය වහල් බවින් ගෙවන්නේ. පොල්ගස් දොළහක් දෙල්ගස් දෙකක් ඇති වත්තක හිමිකාරයෙක්ට කිසිඳු වෙහෙස වීමකින් තොරව ස්වාධීනව දිවි ගෙවන්න පුළුවන්. වත්තේ ඔහුට අවැසි යම් කිසිවක් ස්වභාවිකව නොවැඩෙන්නේ නම් ඒ සියල්ල ඔහු තම බිරිඳ කඩපොළට යවා ගෙන්නාගන්නවා. ඇය ගණුදෙණු කොට ඒ සියල්ල උසුලාගෙන එනවා.

රාත්‍රී කාලයේ නිදාගැන්මට මැටි පොළව මත එළන ලද පැදුරු භාවිතා කරනවා. දහවල් කාලයේ ඒ සියල්ල අකුලා මුල්ලකින් තබනවා. එය නිවසේ ඇති එකම භාණ්ඩයයි. සෑම උදයකම ගම් වැසියන් ගෙමිදුල් අමදින්නට පෙර මාර්ගය අතුගා වැටුණු කොළ අසුලා සියල්ල එතැනම පුච්චා දමනවා. මෙයින් සෑම තැනක්ම බොහොම පිරිසිදු වෙනවා. දිරාපත් වී එකතැන පල්වෙන කොළ රොඩු ආදිය හේතු කොටගෙන සෑදෙන ලෙඩ රෝග පැතිරීම මෙයින් වැළැක්වෙනවා.

Native Huts
Native Huts (ca. 1900) photographed by Plate & Co. [Image Courtesy: http://www.lankapura.com ]

චාරිත්‍ර

සිංහලයන් මෙන්ම හින්දූන්ද කියනා පරිදි “සිටගෙන සිටීමට වඩා හිඳගෙන සිටීම හොඳය. හිඳගෙන සිටීමට වඩා ඇලවී සිටීම හොඳය. අවදියෙන් සිටීමට වඩා නිදාගෙන සිටීම හොඳය. මේ සියල්ලටම වඩා මරණය හොඳය.

මම හිතන්නේ කලින් කිව්ව විදිහට මේ කුල ක්‍රමය මඟින් ඇති කරන දීන වහල් බව තමයි හින්දූන් සහ සිංහලයන්ගේ සම්පූර්ණ හේතුවක් රහිත පැවැත්ම පවත්වාගන්නේ.

ඔබ හිතන්නේ නැද්ද සෑම කිතුණුවෙකුමට වගකීමක් තියනවා කියලා මේ මහපොළවේ තියන මේ වගේ පාරාදීසියක සාපයක් සේ ඇති ප්‍රතිමා වන්දන සහ කුල ක්‍රමය නවත්තන්න.

Betel Leaf Seller
Betel Leaf Seller

සෑම කුලයකම ලක්දිව ස්වදේශිකයන් බුලත් කොළ හපනවා. ධනවත්තු රන් හෝ රිදී පැහැති මංජුසාවක් රැගෙන යනවා මෙම කොළවර්ගයත් සමඟ පුවක් හා හුණු දමාගෙන සියල්ල එකට දමා භාවිතා කරන්න. දුප්පතුන් මේ සඳහා යොදා ගන්නේ කඩමළු වූ රෙදි කැබැල්ලක් හෝ වර්ණවත් පන් මඩිස්සලයක්. හුණු කියන්නේ හුණුගලින් කඩා පුළුස්සා හොඳට කොටා ලබාගන්න දෙයක්. පුවක් කැබැල්ලක් සහ හුණු ස්වල්පයක් බුලත් කොළයට දමාගෙන රෝල් කොට සම්පූර්ණයෙන්ම කටට දමාගෙන හපනවා. මේ පුරුද්දෙන් දතුත් දෙතොලත් කැත රතු පාටකින් දිස් වෙනවා. මේ දර්ශනය නම් දැකලා පුරුදු නැති කෙනෙකුට බලන්න හරිම අප්‍රිය වේවි. ඒක හරියට පේන්නේ ඉදිමිලා ගිය ස්වරූපයෙන්. ආගන්තුකයෙකුට ඇතිවෙන පළමු හැඟීම වෙන්නේ මේ මිනිස්සුන්ට ඇති ලෙඩක් කියලා. ආසියාතිකයන් කොහොම නමුත් හිතන්නේ මේක හරිම අලංකාර වැඩක් කියලා. මේ මිශ්‍රණයෙන් ටිකක් හුවමාරු නොකරගෙන යන දෙන්නෙක් මුණ ගැසෙන්නේ හරිම කලාතුරකින්. පොහොසතුන්ගේ නිවාසවල නම් පැමිණෙන අමුත්තන්ට සංග්‍රහ කරන්නේ මේවා දැමූ රිදී හෙප්පුවකින්.

සිංහලයන්ගේ ඇඳුම්

Kandyan Chief
Kandyan Chief [Image Courtesy: http://www.imagesofceylon.com ]

පොහොසත් කාන්තාවන් සෙරෙප්පු පළඳිනවා. ඒත් මේස් දමන්නේ නැහැ. නිවසකට ඇතුල් වෙන විට දොර පාමුල එය ගලවා තබනවා. පිරිමියන් කලු පැහැ සේද හෝ වෙල්වට් රෙද්දෙන් සැකසූ කුඩා නොගැඹුරු ඔටුන්නක් සේ තොප්පියක් පළඳිනවා. නමුත් මේවා පළඳින්නේ ඉතා කලාතුරකින්. සමහරක් විට මේ තොප්පිය ඔහුගේ සේවකයෙක් පසුපසින් රැගෙන එනවා. බොහෝ විට එය ගෙදර දමා තමයි යන්නේ.

හිසකෙස් ඉතා සීරුවට පිටුපසට පීරා කැස්බෑ කටුවකින් සැකසූ රන් ආලේපිත පනාවක් ගසා තිර ලෙස තබාගන්නවා. කාන්තාවන් නිතරම රන් ආලේපිත මැණික් එබ්බවූ කොණ්ඩා කටුවක් හිසකෙස් පිටුපසට කොට සැකසූ ගැටයක ගසා ගන්නවා.

ෆැනි: පිරිමි අයත් කාන්තාවන් වගේ කොණ්ඩෙට පනාවක් ගහනවද ඒ කියන්නේ?

Cingalese Men and Women
Cingalese Men and Women [Image Courtesy: Stories of the Island World by Charles Nordhoff 1857]
ජෝර්ජ්: ඔව්, ඒ සම්බන්ධයෙන් ඔවුන් අතර කිසි වෙනසක් නැහැ.

සිංහල ධනවතෙකු මොනයම් මොහොතක හෝ එළිමහනේ යනවිට ඔවුනගේ සේවකයන් ඔවුනට කුඩ ඉහළනවා.  උසස් පාංතිකයෙකු යන විට හිරුගෙන් ආරක්ෂාවෙන්න ඔහුට ඉහළින් ඉහළාගත් කුඩ තුනකට වඩා අඩුවෙන්නේ නම් නැහැ. පිටුපසින් එකක් සහ දෙපැත්තෙන් දෙකක්. මේ කුඩ සකසාගන්නේ තල ගස් වලින් ගන්නා පත්‍ර වලින්. පත්‍ර තීරු එකට එක්කොට මහලා හරියට අපේ ජොසපින්ගේ අවාන වගේ කුඩයක් ආකාරයට හැඩ කරගන්නවා. ඒ ආකාරෙටම අපිට දිගහරින්න අකුලවන්න පුළුවන්. මේ කුඩයක් අඩි හතක් වගේ දිගයි. අඩි පහක් වගේ පළලයි.

Group of Singhalese Nobilities
Group of Singhalese Nobilities

සිංහලයන් බොහෝවිට කියනා පරිදි මරක්කලයන් තමයි වෙළඳාමේ බොහෝසෙයින් නිරත වෙලා ඉන්නේ. ඔවුනට කිසිම කුල නීතියක් හරස් වෙන්නේ නැහැ. ඒ නිසාම ඔවුන් නිදහසේ තමන් කැමති පරිදි ඉන්නවා. ඔවුන්ගෙන් සමහරෙක් බොහොම උපායදක්ෂ කර්මාන්ත කරුවන්. නමුත් ඔවුන්ගේ උපකරණ බොහොම සරලයි, සංඛ්‍යාවෙන් අඩුයි.

ඔයාලට මතක ඇති මම පෙරකදි කිව්ව කුල වර්ග ලයිස්තුවේ හිටපු රෙදි අපුල්ලන්නන්. මේ මිනිසුන්ගේ කර්මාන්තය තමයි රෙදි හේදීම. ගැහැණුන්ට නම් මේ සම්බන්ධව කරන්න කිසිදෙයක් නැහැ. සබන් කිසි දෙයක් භාවිතා කරන්නේ නැහැ. රෙදි සියල්ල වැව් ඉවුරකට, ගංගා ඉවුරකට ගෙනල්ලා ජලයේ ගිල්ලවනවා. සිනිඳු වෙන්න සමතල ගලක ගසනවා. පිරිසිඳු වුනා ඇතියි කියලා තීරණය කළාම හිරු එලිය වැටෙන්න දිග හැර තබනවා. ඉන් ඉතා ඉක්මනට රෙද්ද සුදු වී වේළෙනවා. මේ ක්‍රමය මුළු ඉන්දියාව පුරාමත් ක්‍රියාත්මක වෙනවා. මම කල්කටාවේ ඉන්නකොට අපි නම් කියන්නේ ඇඳුමේ බොත්තන් ටික ගැලවෙනකන් රෙද්ද හේදිලා නැහැ කියලා අපුල්ලන්නා හිතන් ඉන්නවා කියලයි. මොකද කවදාවත් කමිසයක හෝ ජැකට්ටුවක බොත්තම් සියල්ල එක්ක අපිට ඇඳුම ආපහු ලැබිලා නැති නිසා.

Dhobi's at Work
Dhobi’s at Work Photographed by Plate & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

[අනුවාදක සටහන:

* දූපත් වාසීන් යනු නූගතුන්ය, ඔවුන් හරි මගට ගත හැක්කේ මහාභූමි වාසින්ට යයි සැලකීම සැමදා සිදුවන්නකි.

]


චාල්ස් නොර්ඩොෆ් විසින් රචිත “දූපත් ලොව කතාන්දර”

පස් වන සන්ධ්‍යාව – ලක්දිව

Stories of the Island World by Charles Nordhoff

Evening the Fifth – Ceylon


The lower orders of the Cingalese wear very little clothing. The men have a strip of cloth which reaches from the middle to just above the knees. The women wear, in addition to this, a long strip, which is thrown across the shoulders, and reaches below the knees. Most of them use a little tight white jacket, with short sleeves. Among the middle classes the men wear sleeved waistcoats of white muslin ; the women have short gowns. In addition, both sexes wear a gown of printed calico reaching to the ankles. The wealthier people wear long, ungainly coats, without collars.

The laws of caste regulate the clothing which each must wear. Only certain castes are permitted to wear coats, to carry parasols, or to have servants attend upon them with umbrellas ; and we are told that if any one to whom these privileges are not allowed should assume them, a mob would immediately surround him, and take him before a magistrate to be punished.

How thankful should we be, children, that we are not born amid such benighted people ! How good it is to think that the missionaries of the Gospel are making daily inroads into this system, and that the day may not be far off when the millions of India will cast off all the absurd and deadening restrictions of caste, and become free men under the cross ! When you give your pennies to the missionary cause in the Sabbath-school, think that it is to relieve these people of their prejudices, and enlighten their minds, that missionary collections are taken, and missionaries sent to foreign lands.

The poorer classes of the Cingalese, in the districts where European civilization has not yet made many advances, live in a state of simple rural happiness, which travelers have often admired. Their wants are but few, and they have no ambition to gain more . than will fill them. Their houses are built sometimes of timber and clay, oftener only of posts and leaves. They are never of more than a single story. The roof is generally thatched with the leaves of the cocoanut. In so mild and genial a climate, the people live mostly out of doors. Houses are used principally as protections from rain, and as receptacles for their few goods.

Every hut is surrounded with beautiful fruit-trees, and under these, or beneath the shade of a little veranda, the family reclines in contented idleness, or performs its light daily task. The kitchen is under a tree, and consists of a fire built between two stones, on which a small earthen pot is set, containing the rice or curry which forms the daily dinner. Fruit, which does not need cooking, is the chief article of food. Where rice is not cultivated, and where no plantations of cinnamon interfere with their liberty, the men labor very little. Upon the women falls most of the drudgery of life. A garden which contains twelve cocoanut and two bread-fruit trees makes its owner quite independent, without exertion of any kind. If the possessor of such a place desires anything which does not grow naturally for him, his wife is sent to market with a portion of the fruit. She there barters her burden for whatever is needed.

A few mats, spread upon the earthen floor for beds at night, and rolled up into a corner by day, form the only furniture of a hut. Every morning the inhabitants of a village sweep the roads before their doors, collect the fallen leaves and other sweepings, and burn all upon the spot. This keeps every thing neat, and prevents the spread of sickness, which would soon be caused by the decaying vegetation, were it left.

The Cingalese say, with the Hindoos, “it is better to sit than to stand ; better to lie down than to sit ; better to sleep than to be awake ; and death is best of all.” I think nothing but the wretched slavery of the caste system could ever reduce so naturally intelligent a people as the Hindoos and Cingalese to so utterly purposeless an existence as I have shown you above. Do you not think that every Christian should do his part toward redeeming this gardenspot of the earth from the curse of idolatry and caste?

All classes of the natives of Ceylon use the betel leaf to chew. The wealthier carry at their side a gold or silver box containing this leaf and the arecanut, and chunam, which are used in conjunction with it. The poorer have for this purpose a cloth, or a purse of colored straw. Chunam is a kind of lime made of small shells, burned and broken up very fine. A slice of areca-nut and a pinch of chunam are rolled up in a betel leaf, and the whole is put into the mouth and chewed. This practice gives the teeth and lips an ugly red appearance, which is disgusting to one unused to the sight. It looks like an inflam mation, and the first impression to a stranger is that these people are diseased. The Asiatics, however, have come to think it highly ornamental. Two people seldom meet without exchanging portions of the mixture ; and in the houses of the rich it is handed round to guests on vessels of silver.

The wealthier ladies wear slippers, but no stockings. When entering a house they leave their slippers at the door. The men have small, shallow crowned hats, made of black silk or velvet. But these are seldom worn. Sometimes a servant carries the hat after his master ; oftener, however, it is left at home. The hair is worn short before, and neatly turned up behind, where it is fixed in its place by a large comb of tortoise-shell and gold. Fre quently hair-needles of gold and jewels are pushed through the back hair of the ladies.

Fanny. Do the men wear combs in their hair, too, like the ladies ?

George. Yes ; there is no distinction made in that particular. You will see by this picture that there is no difference.

Whenever the wealthy Cingalese walk out, they have with them servants who carry umbrellas. A man of high rank has not less than three umbrellas held over him to protect him from the sun, one on each side, and one behind. The umbrellas are made of the leaf of the talipot-tree. The slips of which the leaves are formed are sewed together; and the umbrella is shaped precisely like Josephine s fan, and may be opened and shut just as you can that. An umbrella is generally seven feet in length, and about five feet broad at the wide end. You see one in the picture on the preceding page.

It is among a class of Cingalese who profess Mohammedanism that most of the handicraftsmen and merchants are found. These men do not submit to the law of caste, and are, consequently, at liberty to apply themselves to what they like best. Some of them are very ingenious mechanics ; but their tools are few in number, and extremely simple.

You will recollect that among the list of castes I gave you a while ago there was one called the washers. These are the men who wash clothes. The women have here nothing to do with this. In wash ing no soap is used. The clothes are taken down to the bank of a stream or lake, dipped in the water, and beaten out against a smooth, flat stone. When judged clean enough, they are spread in the sun, where they are quickly bleached and dried. This method is practiced all over India. When I was in Calcutta, we used to say that the washman did not think the clothes cleaned until the buttons were all off, inasmuch as no buttons were ever by any chance returned with shirts or jackets.


ලක්දිව ගමන් සටහන් පිටු අංක : 5

Advertisements

One thought on “Dress of the Cingalese and Their Houses

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s