Stories of the Island World by Charles Nordhoff

Peculiarities of Caste

හින්දූන් වගේම සිංහලයන් ද කුලයන් කිහිපයකට බෙහෙනවා. මෙහිදී කුලයන් කියන්නේ යම් ජීවන වෘත්තියක්. එය වෙනස් කළ නොහැකි ප්‍රවේණිගත පවුලේ උරුමයක්. ලංකාවේ මෙවැනි කුල දහ නමයක් තියනවා.

Gampola Chief and Party
Gampola Chief and Party photographed by Skeen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

කුලගෝත්‍රයේ අරුමයන්

ඉතාම උසස් කුලය වන්නේ වෙල්ලාල හෝ හාන්දුරු (handerooas) කුලය. ඒ කියන්නේ ගොවියන්. ඊළඟට ගොපලු කුලය. ඒ කියන්නේ හරක් පට්ටි බලගන්න උදවිය. ඊළඟට පිළිවලින් කරාව, එනම් ධීවරයින්; දුරාව, පොල් ගසින් ලබාගන්නා යුෂයකින් රා මදින්නන්; කම්බු (cambooas) කුලය, රන් කරුවන් වඩුවන් වගේ යාන්ත්‍ර ශිල්පීන්; සොමරු (somerooas) කුලය, සම් පදම් කරන්නන්; කුඹල් කුලය, මැටි භාණ්ඩ සදන්නන්; රඳා කුලය, රෙදි අපුල්ලන්නන්; චාලි (chalias) කුලය, කුරුඳු රහින්නන්; ජඝර (jaghaerers) කුලීනයන්, බඩු කරගහගෙන යන්නන්; හිරාව (hirawa), පිටි මෝල් කරුවන්; පනික්කියන්, හිස කෙස් කපන්නන්; හුණු (huunas) කුලය, හුණුගල් කඩන්නන්; බෙරවා (berewayas) කුලය, බෙර ගසන්නන්; ඕලිය (olias) කුලය, ගල් අඟුරු පතල් කරුවන්; පදු (padooas) කුලය, දෝලා කරුවන්; කින්නර (kinereeas) කුලය, පැදුරු වියන්නන්; ගහල (gahalegau bedeas) කුලය, වධකයන්; සහ අන්තිමටම මහත් අවමානයක් ලෙස සලකන රොඩී කුලය හෙවත් ශෙන්ඩර් (shender) කුලය. ඔවුන් මියගිය සතුන් ආහාරයට ගන්නවා. මියගිය සතුන් මාංශ ලෙස සකස් කරනවා..

Sinhalese Carpenters Colombo
Sinhalese Carpenters Colombo [Image Courtesy: http://www.lankapura.com ]

මම මේ දිගු ලයිස්තුව අනුපිළිවෙලත් සලකාගෙනම ගෙනහැර පෑවේ සිංහලයන් අතර වඩාත් නම්බුකාර යයි සලකන්නේ කවුරුද කියලා ඔබට දැකගන්න. ඒක අසාධාරණ වුනත් බොහොම හරි. පොළවත් එක්ක හැප්පෙන ගොවියන් තමයි ලයිස්තුවේ මුලින්ම ඉන්නට ඕනෙ. ඔයාලට පේනවා මේ රට පෝෂණය කරන්න වඩාත් වැදගත් වෙන වෘතීන් තුනකට තමයි වඩාත්ම ඉහළ තැනක් ලැබිලා තියෙන්නේ. ගොවියන්, ගොපල්ලන් සහ ධීවරයන්. ඒවගේම ඔයලා දකින්න ඇති මස් මාංශ අනුභව කරන ඒවා සකස් කරන අය, වධකයන්ටත් වඩා පහළ තැනකයි ඉන්නේ.

Sinhalese Potters Colombo Ceylon 1913
Sinhalese Potters Colombo Ceylon (ca. 1913) [Image Courtesy: http://www.lankapura.com ]

නීතිය සහ භාවිතය මඟින් මේ කුලයන්හි මිනිසුන් අනෙක් කුලයන්හි මිනිසුන්ගෙන් පැහැදිලි වෙනස් බවකින් වෙන්ව වෙනමම වාසය කරන ගෝත්‍ර පැවත්ම අවශ්‍යතාවයක් බවට පමුණුවා තියනවා. ඔවුන් තමන්ගේ කුලයෙන් වෙනස් වූ පුද්ගලයන් හා විවාහ වෙන්නේ නැහැ. අඩුම තරමේ ඉහළ කුලයකින්වත්. එක් කුලයක පුද්ගලයෙක් තවත් කුලයක පුද්ගලයෙක් හා එකට කෑම ගන්නේ නැහැ. නමුත් ඉන්දියාවේ තරම් අවිචාරක හැඟීම මෙහි ප්‍රබල නැහැ. සිතත් කයත් විලංගු ලා ඇති නිමක් නොමැති නීතීන් සහ චාරිත්‍ර උල්ලංඝනය කිරීම නිසා කුලයෙන් පන්නා දැමුනහොත් එය සලකන්නේ මරණයටත් වඩා නරක දෙයක් ලෙසයි. මේ වගේ කුලයෙන් පන්නා දැමූනු අවසනාවන්ත  පුද්ගලයන් හට කුරිරු සහ දරුණු බවේ අන්තයට ගිය දණ්ඩනයකට යටත් කොට ඒ පීඩනය දරාගත්තවුන් නැවතත් කුලයට එක්කාසු කරගන්නවා. මේ දඬුවම් අතර එකක් ලෙස යකඩ කොක්කක් උරබාහු අතර සමෙන් යවා එය තුලින් ලණුවක් යවා ඉතා ඉහළ අහසේ එල්වා තබනවා. තවද ඇණ ගැසූ ඇඳක යම් කාලයක් ඇලවී සිටින්නට වීම, දැල්වූ අඟුරු මතින් ඇවිදින්නට සිදු වීම, කොණ්ඩය සහ නියපොතු වැවෙන්නට ඉඩ හරින්නට සිදු වීම, ජලය සංශෝධකයක් ලෙස පරිහරණය වසර ගණනාවකට ප්‍රතික්ෂේප කරන්නට සිදු වීම වගේ දඬුවම් රාශියක් විඳිමින් ඉතා නූගත් දුප්පත් හින්දුවරුන් නැවතත් තමන්ගේ කුලයේ ගෞරවය විඳිනවා.

Sinhalese mat makers near Kandy 1880
Sinhalese mat makers near Kandy (ca. 1880) photographed by Skeen & Co. Sinhalese mat makers near Kandy 1880

සිංහලයන් සම්බන්ධයෙන් ඇති පොත් පත් වලින් මට හොයා ගන්න ලැබුනු දේවල් වලට අනුව, ඔවුන් කවදාවත් ඔවුන්ගේ කුල ගෝත්‍ර නීති තදබල ලෙස පනවා නැහැ. හින්දූන් මෙන් යුරෝපීයයෙකු හෝ අඩු කුලයක පුද්ගලයෙකු හා සබඳතා පැවත්වීම එතරම් බය විය යුතු කාරණයක් නොවේ. දිනකට සත තුනක පහක කුලියකට හෝ ආහාර වේලක් සඳහා වැඩ කරන දුප්පත් කුලීකරුවෙකු හෝ හින්දු කම්කරුවෙකු යුරෝපීයයෙකු භාවිතා කළ පිඟානකින් කන්නට හෝ කෝප්පයකින් බොන්නට ගියහොත් නිතැතින්ම ඔහුට දඬුවමක් හිමිවෙනවා. සමහරවිට මරණය පවා. සිංහලයන් බොහොම සූදානමින් ඉන්නේ යුරෝපීය පිළිවෙත් වලට අනුවර්තනය වෙන්න. ඒ වගේම කිසිම විටක ඔවුන් සමඟ හෝ ඔවුන්ට පසුව ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ.

Hand Crafting Brass metal ornaments
Hand Crafting Brass metal ornaments photographed by C.A & Co. [Image Courtesy: http://www.lankapura.com ]

ඇල්බට් : ඒත් මේ කුල නීතිය නිසා කවුරු හරි මනුස්සයෙක් ගොවියෙක් හරි ධීවරයෙක් හරි වඩුවෙක් හරි වෙනවා නම් ඔවුන්ගේ පුත්තුන්ටත් එහෙමම වෙන්න සිද්ධ වෙනවද?

ජෝර්ජ් : ඔව්. ඔහුගේ දූවරුන්ට සිද්ධ වෙනවා ඔවුන්ගේ පියාගේ වගේ රැකියාවක් කරන ස්වාමියෙක් විවාහ කරගන්න. ඒ වගේම මේ නීති පද්ධතිය කවුරු හරි බින්දොතින් ඔවුන් තවදුරටත් කිසිම කුලයකට වැද්දගන්නේ නැහැ.  ඔවුන් වධකයන්ටත් මස් කන්නන්ටත් වඩා පහළකින් තියනවා. කොහොම වුනත් බ්‍රිතාන්‍ය රජය මැදිහත් වෙලා ඉන්දියාවේ සහ ලංකාවේ දකින්න තියන කුල පද්ධතිය බිඳීමෙන් ලැබෙන සහ අනෙකුත් අවස්ථාවන්හිදී ලැබෙන කුරිරු වධ බන්ධන වලින් මිනිසුන් වළක්වගන්න කටයුතු කරනවා.


චාල්ස් නොර්ඩොෆ් විසින් රචිත “දූපත් ලොව කතාන්දර”

පස් වන සන්ධ්‍යාව – ලක්දිව

Stories of the Island World by Charles Nordhoff

Evening the Fifth – Ceylon


Like the Hindoos, the Cingalese are divided into castes. By a caste is meant a certain occupation, which becomes by an unalterable law hereditary in the family. In Ceylon there are nineteen castes. The first, or highest, is that of handerooas or vellalas, the agriculturists ; next are the gopelooas, or keepers of cattle ; then, in regular succession, the carawas, or fishers ; doorawas, or drawers of toddy, the juice of the cocoanut-tree ; cambooas, or mechanics, such as goldsmiths, carpenters, &c. ; somerooas, tanners ; coombelooas, potters ; radewas, washers ; chalias; cinnamon-peelers ; jagherers, coolies, or common porters ; hirawas, sieve-makers ; pannikias, barbers ; hoonas, lime-burners ; berewayas, tom-tom beaters, or drummers ; olias, makers of charcoal ; padooas, palanquin-bearers ; kinereeas, weavers of mats ; gahalegau bedeas, executioners ; and, last and most despised of all, rodias or shenders, persons who touch and eat dead animals.

I have given you this long list in order that you might see which are considered the most respectable handicrafts among the Cingalese. It is singular, but right, that cultivators of the soil should stand at the head of the list. You will notice that the three occupations which are most necessary to provide sustenance for the country at large are held in greatest honor the farmers, keepers of cattle, and fishers; and you will notice, also, that those who eat or han dle meat are placed even below the executioners.

The members of each of these castes are necessitated, by law and usage, to live separately, as distinct tribes. They do not marry out of their own caste, not even into a higher one ; and a man of one caste will not eat with one of another. The preju dices are, however, not nearly so strong here as in India. There, to “lose caste”; by a breach of any one of the numberless laws and customs which fetter mind as well as body, is thought worse than death itself. And some of the penalties which are placed on those unfortunates who are outcasts, and by suffering which they win back their places, are cruel and horrible in the extreme.

To have an iron hook put through the flesh between the shoulders, and be hoisted high in air by a rope attached to this, is one of these penalties. To lie down on a bed of spikes for a length of time ; to walk over burning coals ; to let the hair and nails grow, and abjure the use of water as a purifier for years all these are among the penalties by which a poor benighted Hindoo regains the privileges of his caste.

From all that I can find in books on the Cinga lese, they seem never to have been very strict in their laws of caste, and have none of that horror of com ing in contact with Europeans, or persons of lower caste, which animates the Hindoo. The poorest coolie or Hindoo laborer, who works for, perhaps, three or five cents per day and a meal of rice, would sooner suffer any punishment, even death itself, than to eat from a plate or drink water from a cup which has been used by a European. The Cingalese much more readily adapt themselves to the ways of Europeans, and do not refuse even to eat with or after them.

Albert: But, by this law of caste, if a man is a farmer, or a fisherman, or a carpenter, must all his sons be the same ?

George: Yes ; and all his daughters must marry men of like occupations with their father ; and should they break through this law, they are no longer received in any caste, and are placed below even the executioner and the meat-eater. The British government has, however, interfered to prevent many of the cruelties which used to be practiced both in Ceylon and India in cases of breach of caste, and on other occasions.


ලක්දිව ගමන් සටහන් පිටු අංක : 4

Advertisements

One thought on “Peculiarities of Caste

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s