Introduction 1 – Stories of the Island World

 

සීඝ්‍රයෙන් දියුණුවෙන ඉන්දියානා ප්‍රාන්ත මධ්‍යයෙන් එපිට කුඩා ළමයින් හතර දෙනෙකු සිටිනා පවුලක් වාසය කළා. ඔවුන්ගෙන් දෙදෙනෙක් ගැහැණු ළමයින්ද අනෙක් දෙදෙනා පිරිමි ළමයින්ද වුනා.

දූපත් ලොව කතාන්දර

හැඳින්වීම

ඉන්දියානා ප්‍රාන්තයට ඉස්සර කිව්වේ හූසියර් ප්‍රාන්තය කියලා. එහි ඇති නොයිඳුල් වන ගහණය, සියලුම වැසියන් පාහේ අඳිනා අලංකාරයක් නැති ගවුම් සහ කමිස,  මුව හම් කලිසම් සහ සපත්තු, ඒ වගේම මම ඉදිරියට කියන්න යන බඩ ගින්නට කන පාන්-බනිස්, බොහොමයක් ගරු කටයුතු පුද්ගලයන් තවමත් විශ්වාස කරනවා මේ දේශයට විශාල කැළලක් කියලා.

Hoe Cakes
Hoe Cakes

මේ පවුලේ පස් වැන්නෙකුත් හිටියා. ඒත් අවුරුදු ගණනාවකට කලින් නැවියෙකු වෙන්න ඔහු නිවස හැර ගියා. සෑහෙන කාලෙකින් ඔහුගෙන් ආරංචියක් ලැබුනේ නැහැ. එක් වරක් චීනෙ ඉඳන් නම් ලියමනක් ආවා. තව පාරක් ඔහුගේ මවටයි පියාටයි ආරංචියක් ආවා ඔහු කැලිෆෝනියාවෙ දකින්න හිටියා කියලා. කොහොම නමුත් ඔහු ගෙදරින් ගිහින් අවුරුදු තුනකට පස්සේ නාවික නිල් ජැකැට්ටුව හැඳි, අව්වට පදම් වුනු කම්මුල් ඇති, දැඩි බාහු ගොඩනැගුනු, ඔහුගේ ඩැගීයෝ චිත්‍රයක් ගෙදරට එව්වේ ගෙදර ඈයෝ අමතක වෙලා නැහැයි කියන්න.

ගෙදර උදවිය ඔහු ගැන තොරතුරක් දැනගන්න හැම ජාතියකම නැව්තොටවල් වලින් ඇහුවා. ඒත් වැඩක් වුනේ නැහැ. සාලෙ උඳුන් හිස උඩ දැන් තබා තියන ඩැගීයෝ චිත්‍රෙ නොතිබ්බානම් කාටවත් මතක හිටින එකක් නැහැ ජෝර්ජ් කියලා පොඩි කොල්ලෙක් හිටියයි කියලා. මොකද අපි ජෝර්ජ් කරපු තක්කඩි වැඩේට සාමාන්‍යයෙන් කියන්නෙ ගෙදරින් පැනලා යනවයි කියලා.

කොහොම නමුත් අන්තිමේදි එක දවසක් ඔහුගෙන් ලියුමක් ආවා. එහි කියලා තිබ්බා ඔහුට දැන් නාවික ජීවිතේ එපා වෙලයි කියලා. ඔහු ගොඩබිමට ඇවිල්ලලු. ගෙදරත් ගෙදර ආදරණීයනුත් දැක බලාගන්න ආසාවෙන් ඉන්නවලු. මේක අහපු ගෙදර ඈයින්ගෙ සතුට ඉහ වහා ගිහින්. මට සහසුද්දෙන්ම කියන්න පුළුවන් ලොකුම සතුට තියෙන්නේ හැම තිස්සෙම සාලෙ උඳුන් හිස දිහා අමුතු ආසාවකින් බලා ඉන්න පුංචි ඈයින්ගේ. ඔවුන් පුදුමයෙන් හිටියේ මේ ඉබාගාතෙ ඇවිදින්නා කොහෙ ගියාදැයි කියලා.  ඔහු තමන්ගේ ලියුම් වල ලියලා තිබ්බා සෑහෙන සාගරයන් ගණනාවක යාත්‍රා කළයි කියලා. සෑහෙන ගොඩබිම් ගණනාවකට ගොඩ බැස්සයි කියලා. සෑහෙන අමුතු දර්ශනයන් ගණනාවක් දිහා බලා ඉන්න ලැබුනයි කියලා. සෑහෙන වීර චාරිකා ගණනාවකට සහභාගි වෙන්න ලැබුනයි කියලා. මම හිතන්නේ මේවා ඉබාගාතෙ කරක් ගහන නාවිකයන්ට සාමාන්‍යයෙන් සිද්ධ වෙන දේවල්.

ශ්‍රීත ඍතුවේ මැද තව ලියුමක් ආවා. ඉන් දන්වලා තිබ්බේ ජෝර්ජ්ට තව දුරටත් පෙරදිග රැඳි ඉන්න වෙන්නෙ නෑලු. ඉතා ඉක්මනින්ම ගෙදර ඈයොත් යාළුවොත් බලන්න එන්න පුළුවන්ලු. ඔබ හිතන්නේ ඔහුගේ නෑදෑ හිතමිත්‍රයන්ට මොන වගේ හැඟීමක් ආවයි කියලද? මැරෙන්න ඇතියි කියලා හිතා හිටපු ගෙදරන් පැනල ගිය කොල්ලෙක් තවදුරටත් දැක බලගන්න පුළුවන් කියලා මෙහෙම ආරංචියක් ලැබුනම? නිසැකවම කියන්න පුළුවන් මහත් උද්‍යෝගයකින් ඔවුන් දෙවියන්ට ස්තූතිවන්ත වුනා කියලා එතුමන්ගේ අසිරිමත් අනුකම්පාව හේතු කරගෙන. මේ දඩාවතේ ගිය කොළු ගැටයව ඔහුගේ කටුක ගමන් මාර්ගය වෙළාගත් විපත්ති වලින් සහ නොයෙක් ආකාර පෙළඹවීම් වලින් ආරක්ෂා කිරීම ගැන. කිසිම සැකයක් නැහැ ඔවුන් කාංසාවෙන් බලා සිටියේ ඔහුගේ පැමිණීම සිදුවෙන තුරු. අවුරුදු ගණනාවකට පෙර චංචල සිතක් නිසා සාගරය කැඳවාගත් මේ හීන්දෑරි දුර්වල කොළු ගැටයා කොයි වගේ තරුණයෙක් විදිහට වැඩිලා තියනවද කියල දැක බලාගන්න එයාලා නොඉවසිල්ලෙන් හිටියේ. ළමයින්ට ඔවුන්ගේ “ජෝර්ජ් අයියා” ඉක්මනින්ම ඔවුන් අතරට එනවාය කිව්වාම ඔවුන් කෑගැසුවේ මහත් සතුටකින්. වැඩිමහලුන් වූ විලියම් සහ ජොසපින්, ජෝර්ජ් ගෙදරින් යන්නට පෙර ඔහුගේ කුඩා සහයකයින් වුනා. ඔවුන් දෙදෙන තමන්ගේ මතක ගබඩා අවුස්සා පිරික්සා බැලුවේ ඔහුගේ හැඩරුව සහ හැසිරීම ගැන මතකයක් තිබේදැයි බලන්න. ඒ අතර ඇල්බට් සහ චූටි ෆැනි, කාණ්ඩේ බාලයො දෙන්නා, ජෝර්ජ් ගැන දැන සිටියේ ඔහු ගැන ඇසූ කතා වලින් විතරයි. ඔවුන් මහත් ඕනෑකමින් පුටුවකට නැගලා පරණ ඩැගීයෝ චිත්‍රෙ බිමට අරගෙන ඔහු සමඟ කුලුපග වෙන්න පටන් ගත්තා. මීට පෙරාතුව චිත්‍රයකට පමණක් සීමාවූ අස්තීර රූපය ඔවුන්ගේ ළමා පරිකල්පනයට අනුව දැන් පරමාදර්ශී චරිතයක් වෙලා.

Fine Daguerreotype of Young American Sailor
Fine Daguerreotype of Young American Sailor

මංමුළාවේ සැරිසරාගොස් ආපසු එන ඔහුගේ හැඩරුව ගැන සැක කළ අනුමානයන් විවිධාකාර වුනා. ඔහු දැන් උසයිද? නැතිනම් කොටයිද? තාමත් කෙට්ටුද? නැතිනම් තරබාරුද? ඔවුන් සියල්ලන්ම එකිනෙකාගෙන් අසා ගත්තා. ඔහු ගොරහැඩි අශෝබන කෙනෙක් වෙලාද? නැතිනම් අහිංසක ආචාරසම්පන්න චරිතයක්ද? ඔහු නැවියෙක් වගේ කතා කරයිද? ඒ වගේ හැසිරෙයිද? නැතිනම් මුහුදු ජීවිතේ අශෝභන ගති මඟ හැරලාද? විලියම් හිතුවේ ඔහු නාවික ඇඳුම් ඇඳන් එයි කියලා. ඒ අතර ඇල්බට් බොහොම බරපතල ස්වරූපයෙන් කිව්වෙ ඔහු අනිවාර්‍යයෙන්ම තඩි කලු රැවුලක් වවාගෙන ඇති කියලා. ෆැනි නම් ඒක අහලා හොඳටම තැති ගත්තා. ඇය තඩි රැවුල් සැරසිල්ලට හොඳටම විරුද්ධ වුනා. ඇය තරයේ කියා සිටියේ එහෙම වුනොත් ඇය ඔහුට හාදු දෙන්නෙ නැහැයි කියලා.

ඒ කොහොම උනත් මේ ආදරණීය සොහොයුරු සොහොයුරියන් සියලු දෙනාම විශ්වාස කළා, ජෝර්ජ් අයියා කවදත් හොඳ කෙනෙක් කියලා. ඒ හන්දා හැමෝම සිතා ගත්තේ ඔහුට ආදරය කරන්න වගේම පෙරළා ඔහුගෙන් ආදරය ලබාගන්න. ඔහු හැමදාමත් වගේ ඒ දේ කළා. වෙහෙසට පත් රාත්‍රියාමයන් සෑහෙන ගණනාවකම මුහුදේදි ඔහු මට කිව්වේ “ගෙදර ඉන්න පොඩ්ඩො” කියන්නේ ඔහුට දුක්බර ඒත් දැඩි ආශාවකින් කතා කරන්න පුළුවන් මාතෘකාවක් කියලයි.

ඉතින් එක්තරා කුණාටු සහිත මධ්‍යාහේනයක හිම තට්ටු මේ දරු පැටව් ජීවත් වෙච්ච පුංචි ගම්මානෙ මංමාවත් අතර ගැඹුරටම රැඳෙද්දි, යන්තමින්  වගේ උණුසුම රඳවගන්න පුළුවන් ෆැනි සහ ඇල්බට් යන ගමේ පුංචි පාසලේ දරු දැරියන් ගිනි උදුන වටා වෙව්ලමින් වාඩි වී සිටියා. ඔවුන් ප්‍රාර්ථනා කලේ විවේක කාලය එනතුරු. මොකද කිව්වොත් හිම බෝල සෙල්ලම් කරලා ඇඟ උණුසුම් කරගන්න තියන උවමනාවට. මේ වෙලාවෙ තමයි පණිවිඩයක් ආවේ ෆැනිට සහ ඇල්බර්ට්ට ගෙදර එන්නය කියලා.

“ජොර්ජ් අයියා ඇවිත්! ජොර්ජ් අයියා ඇවිත්!” චූටි ෆැනී උද්යෝගයෙන් කෑගහගෙන වැඩ මල්ලත් බෙල්ලේ එල්ලාගෙන ගෙදරට දිව්වා. ඒ අතර ඇල්බට් ඇය පසු පස සන්සුන් ලෙස ගියේ ජෝර්ජ් අයියා ඇත්තටම ඇවිත් දැයි පුදුම වෙමින්. අයියාට කැමති වෙන්නට ඔහුට හැකි වෙයිදැයි මවිත වෙමින්. මම කියන්න ඕනි ඇල්බට්ගේ ඔලුවේ ඔහු කැමති වෙන්නේ මොන වගේ අයියෙකුටදැයි අදහසක් කොහොමටත් මීට කලින් සිතේ මැවිලයි තිබුනේ. ඔහුගේ සිත තුල ජෝර්ජ් අයියාගෙන් අහන්න සූදානමින් දහසක් ප්‍රශ්න හිසේ කැරකැවෙමින් තිබුනා. ඒ ප්‍රශ්න සියල්ලක්ම වරක් යුරෝපයේ සංචාරයක නිරත වෙච්ච තමන්ගේ අම්මගෙනුයි තාත්තාගෙනුයි අසා දැනගත්ත මුහුදු ජීවිතේ චමත්කාරය ගැන දේවල්.

මම හිතන්නේ ජෝර්ජ් සහ ඔවුන්ගේ හමුව ගැන කියන්න මම වද වෙන්න ඕනි නැහැ. අවුරුදු හතරක් වුනු පුංචි කඩිසර හාදයා, අවුරුදු දහ හතරක තරබාරු උදාර පෙනුමක් සහිත කොලු ගැටයෙකු ලෙස වැඩී ඇති ආකාරය දැක්ක හැටි; ඈ අසලින් බිම දිගා වෙලා පාඩම් කටයුතු වල යෙදෙන විට ඔහුගේ කොණ්ඩය එක්ක සෙල්ලම් කරපු, නාසය කොණිත්තපු පුංචි සුරතලා දැන් ග්‍රීෂ්ම සෘතු දොළහක් පසු කළ සුන්දර දැරියක් බවට පත්ව ඇති හැටි; ඇය ලැජ්ජාවෙන් මුහුණ රතු කරගෙන ඇවිත් ලාවට වගේ මතකයක් තිබුනු මේ නාවිකයට හාද්දක් දුන්න හැටි මම කියන්න අවශ්‍ය නැහැ. පළවෙනි පාරට වගේ දකින පොඩි එවුන්, ෆැනී සහ ඇල්බට්,  ඔහු ඔවුන් දිහා නාඳුනන විදිහට බලයිදෝ හිත හිතා ලැජ්ජාවෙන් වගේ ජෝර්ජ් පිළිගන්න ආපු හැටි, ඔහුව දැක්ක ක්ෂණයෙන් ඔහුට ඔවුන්ගේ ඇති පුංචි හදවතින්ම ආදරය කරන්න සිතා ගත් හැටි මම අමුතුවෙන් විස්තර කරන්න ඕනි නැහැ නේ. එතකොට ඔහුගේ අම්මයි තාත්තයි, – නැහැ, අපි මේ දර්ශනය කඩතුරාවකින් වහමු ළමයිනේ. එතකොට ඔයාලට පුළුවන් මේ ගැන ලස්සන දර්ශනයක් සිතින් මවාගන්න.

Hoosier State - India
Hoosier State – Indiana

STORIES OF THE ISLAND WORLD.

INTRODUCTION.

AWAY off in the centre of the great and thriving State of Indiana (the Hoosier State it is called, and a great many very worthy people believe that it is as yet, for the most part, an unbroken wilderness, and that the inhabitants universally wear homespun frocks and shirts, and buckskin leggins and moccasins, and eat hoe-cakes for a living all of which, I will tell you, is a great mistake) away off in this supposed wilderness there lives a family in which there are four children, two boys and two girls.

There was a fifth, but years ago he left home to become a sailor. He was not heard from for a long, long time. Once, indeed, a letter came home, writ ten in China ; and again news reached his father and mother that he had been seen in California. When he had been three years away, his daguerreotype, showing him in a sailor s bluejacket, and with tan ned cheeks, and great rough hands, reached his old home, just, as it were, to say that he was still alive, and had not forgotten the folks there.

All manner of inquiries for him had been made in various sea-ports, but without effect ; and now, had it not been for the daguerreotype, which ever lay on the parlor mantelpiece, scarce any one would have remembered that there was such a little boy as George, as we shall call this runaway.

At last, one day, a letter came from him, stating that he had grown tired of a sailor s life, had returned to the shore, and longed once more to see his old home, and the dear people there. Great was the joy, I dare say, but greatest among the little folks, who had often looked at the strange likeness upon the parlor mantle, and wondered where the wanderer could be. He wrote that he had sailed over many seas, had visited many lands, been witness to many strange scenes, and taken part in many wonderful adventures, such as I suppose generally befall wandering sailors.

And now, in mid-winter, another letter came, announcing that George could no longer remain at the East, but would shortly make a visit to his home and friends. What, think you, were the feelings of the old folks, when informed that they were once more to behold and have with them the runaway boy, long given up for dead? Doubtless they thanked God fervently for his wonderful mercy in preserving the wanderer from the many dangers and temptations with which his rough path must have been beset. Doubtless, too, they looked forward anxiously to his arrival, to know what manner of youngman had grown the slender and weakly boy, whose restless spirit carried him off to sea long years ago.

The children, when they were told that “brother George” would soon be in their midst, set up a great shout of joy. William and Josephine, the eldest, who had been George s little playmates before he left home, searched anew the store-houses of their memory for recollections of his personal appearance and action ; while Albert and little Fanny, the younglings of the flock, who knew of George only from hearsay, climbed eagerly upon chairs, and took down the old daguerreotype, to make themselves more familiar with him who, to their childish imaginations, had heretofore scarcely an actual existence, but had seemed rather an ideal being.

Various were the conjectures hazarded as to the personal appearance of the returning wanderer. Would he be tall or short, slender or stout? they all asked each other. Would he be rough and uncouth, or gentle and kind ? Would he talk and act like a sailor, or was he rid of the ungainly manners of the sea ? William thought he would wear his sailor clothes, while Albert gravely suggested that he would certainly have a great black beard ; where at Fanny, who is opposed to that hirsute ornament, was thrown into the utmost consternation, and vowed that she would not kiss him if such were the case.

But all these dear souls united in the belief that George was good and true, and so they all determined to love him, and to make him love them, as, indeed, he had always done, “the children at home” having, as he has told me, formed the subject of sad and longing thoughts for many a weary night-watch at sea.

So, one stormy afternoon, when the snow lay deep upon the streets of the little village where these children lived, and when the little country schoolhouse, which Fanny and Albert attended, could scarcely be kept warm, and the children sat shivering about the stove, wishing for intermission to come, and making up their minds for a glorious game at snow-balls to warm them up, a message came that Fanny and Albert were wanted at home.

" George has come ! George has come !" shouted little Fanny enthusiastically, as she ran home, with her satchel dangling from her neck; while Albert followed sedately after, wondering if, indeed, George had come, and whether he Albert would really like him (for, I must tell you, Albert had already his own ideas as to what kind of person he would like for a brother), and revolving in his mind the many questions he would like to put to George concerning the wonders of the sea, of which he had heard much from his father and mother, who had once made a journey to Europe.

I think I will not stop to tell you here of the meeting when George came home; how he found the sprightly little fellow of four years grown up to be a stout and noble-looking boy of fourteen ; how the little pet, who used to pull his hair and pinch his nose as he lay upon the floor beside her studying his lessons, was now a graceful girl of twelve summers. who came up, bashfully blushing, to kiss the sailor whom she could scarce remember; how the little ones, Fanny and Albert, whom he now saw for the first time, came shyly up to welcome George, much wondering that he should look at all like other people, and determining at once to love him with all their little hearts ; how the father and mother but we will draw a veil over this scene, children, and let your fancy picture it forth for you.


ලක්දිව ගමන් සටහන් පිටු අංක : ii

Advertisements

One thought on “Introduction 1 – Stories of the Island World

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s