Temper of the Crowd, and Influences of the Ceremonial

පුර සඳ දවසක නැගෙන හොරණෑ සද්දෙක හැටියක්! මං අද තමයි මුල්ම වතාවට  පුරාණ උත්සවයක් කොයි වගේද කියලා පැහැදිලි අදහසක් ලබාගත්තේ. මෙතන ඉන්න කොල්ලා එක පාරට නලා දෙකක් පිඹිනවා. හරියටම ග්‍රීක පේකඩ නෙළීම් වල වගේ.

Greek Bas Relief with a Satyr Playing Pipes
Greek Bas Relief with a Satyr Playing Pipes

පුර සඳ දා හොරණෑ නාදය

එක්තරා මිනිසෙක් කම්මුල් පැසක් මෙන් පුම්බාගෙන මහත් ආයාසයක් දරාගෙන ඒකස්වරයකින් නලාකාර වාදන භාණ්ඩයක් පිම්බා. ඔහුට බැඳිව තවත් කර්කශ දෙවිවර බටනලා වාදකයෙක් සිටියා. ඔවුන් දෙදෙනාම ගත්තම විද්‍යාමාන වුනේ කඳුකරයේ බැග්පයිප වාදකයන්. ඒවගේම බෙර වාදනත් ඇසුනා. ඇදුනු සම් නැංවූ ශබ්දය සංගීතාත්මකයි. ඒත් සීනුවක වගේ ඒකාකාර සද්දයක්.

බියකරු හා අද්භූත සංගීතය

Blowing Shankh (Chank / Conch)
Blowing Shankh (Chank / Conch)

අන්තිමට වයසක මිනිසුන් දෙදෙනෙක් කිංකිණි නදදෙන තාලම්පට ගැසුවා. ඒ අතරම ඔවුන් තමන්ගේ හක්ගෙඩිත් වාදනය කළා. මේ හක්ගෙඩි වාදන හින්දු සහ බෞද්ධ පන්සල් වල සෑහෙන්න භාවිතා කරනවා. ඒව බැසිනම් ගනයේ බෙල්ලන් හැඩැති විශාල වලීය මූහුදු බෙලි කටු. හරියට සමහරක් වෙලාවට අපේ දුම් කවුළු අලංකාර කරන්න ගන්න ඒවා වගේ. එහි සර්පිලයේ අග, අභ්‍යන්තරයට විවෘත වෙලා. නලාවක් ලෙසින් පිඹින්න හැකි වෙන්න මුව විවරය එයට ඒකාබද්ධ වෙලා. ඇඟිලි යොදාගෙන එහි කට අඩවශයෙන් වෙනස් වෙනස් විදිහට ආවරණය කරනවා. මේ අතර හක් ගෙඩිය අවකාශයේ එහාට මෙහාට කම්පනය කරනවා. එහි ස්වභාවිකව ඇති වුනු එකට එතුණු දඟර ස්වරූපය සහ ඊට එක් වුනු සංකූලතාව, ඉන් නිපදවෙන කණ දෙබෑ කරගෙන යන දරුණු ධ්වනි තරංගයන්ගෙන් යුතු සිත අවුල් කරවන දෝංකාර ශබ්දය, අනිවාර්යයෙන්ම කිසිම දයාවක් නැති වන්දනාකරුවන්ට අද්භූතත්වය පිළිබඳ හොඳ භක්තියක් ඇතිකරවනවා ඇති.

රැස් වූ ජනයාගේ මනෝවේගය හා උත්සවීය අනුබලය

මේ මහජනයාගේ මනෝවේගය ඕන කෙනෙකුට උදව් වෙනවා තේරුම් ගන්න මේ පැරණි ආගමික ආකල්ප. එය මුළුමනින්ම මුළු හදවතින්ම නැගෙන්නක්. මට ඒ ගැන කියන්න වෙන වචනයක් හිතාගන්න අමාරුයි. නමුත් අපේ වචන වලින් කියනවනම් එහි ධර්මිෂ්ඨභාවයක් නැහැ. නැතිනම් බොහෝම පොඩ්ඩයි පෙනෙන්නට තියෙන්නේ. ඔවුන් එයින් බොහොම ලොකු ආශ්වාදයක් වින්දා. හක් ගෙඩි වාදනයෙන් සහ දේවානුභාවයෙන් ටිකක් උනන්දුවක් ඇති වුනා කියත හැකි. ඒත් ගරුසරු ඇති බයෙන් එය අඩුවක් වුනේ නැහැ. ඔවුන් පහත් හඬින් එකිනෙකා හා කතා කර කර හිටියා. ඒ වගේම පොඩි එවුන්ට අතරින් පතර පොඩ්ඩක් රණ්ඩු කරන්නත් ඉඩ දුන්නා. ඒ අතරම මේ දේවත්වය අබියස දුටු අපූර්ව දර්ශනය සහ උත්සවයේ විදහා දැක්වූ ශක්තියෙන් අභිමානයකුත් දිස් වුනා. ඔවුන් බොහෝ උත්සුක වුනා පන්දම්කරුවන් ලෙසින් හෝ පිළිම ගෙනයන්නන් ලෙසින් හෝ වෙන ඕනෑම ආකරයකින් උත්සවයේ සාර්ථක අවසානයක් උදෙසා සහය වෙන්න.

Tamil Man
Tamil Man photographed by Skeen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

නුවණැත්තන් කියන විදිහට මේ මනෝ වේගය තමයි ඔවුන්ව දිරිගන්වන්නේ. හින්දු ආගමික උත්සව වලින් එය ඒ සඳහාම ඔවුන්ගේ සිත් තුල වගා කරනවා. දේවාල වතාවත් බොහෝ දුරට මුළු ජීවන පදනමම ආවරණය කරනවා. ඒ වගේම රඟමඩලකින් ලබාගන්න වින්දනයම එය ලබාදෙනවා. කලාභවනත්, සංගීත ශාලවත්, ප්‍රසංග ශාලාවත් එකම තැනක. මිනිසුන් මෙයට ආකර්ෂණය වෙන්නේ මේ අපූර්ව දර්ශනයන් නිසා. මේ දර්ශනයන් බොහොම විවිධාකාරයි. අනේකාකාර උත්සවයන්ට අනුව ඒවායේ එකිනෙකට වෙනස් ලක්ෂණ දකින්න පුළුවන්. තවදුරටත් මේ දේවල් රැඳි පවතින්නේ ඒවායේ අර්ථයන් පිළිවිසන්න පුළුවන් නිසා. සමහරුන් සංගීතයට කැමතියි. අනෙක් අය දීප්තිමත් වර්ණයන්ට කැමතියි. බොහොමයක් මිනිසුන් පළමු වරට මෙහි පැමිණෙන්නේ හුදෙක්ම නළඟනන්ගේ නර්තනයන් දැක බලාගන්න. ඒත් ඊට පස්සේ නොදැනීම අධ්‍යාත්මික ආනුභාවයන් කරා ඇදී යනවා. ළමයින් පවා ඊට සෑහෙන්න ආකර්ෂණය වෙනවා. දේවාලය ඊටපස්සේ කුඩා කාලයේදීම ඔවුන්ගේ කුලුපග ආශ්‍රයක් බවට  පත්වෙනවා.

Hindu Temple at Kandy
Hindu Temple at Kandy photographed by Skeen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

“ආදම්ගේ ශිඛරය මතින් එලිෆන්ටා ගුහා වෙත – ලක්දිව සහ ඉන්දියාවේ රූප සටහන්” : එඩ්වඩ් කාපෙන්ටර්

සත්වන පරිච්ඡේදය : හින්දු දෙවොලක රාත්‍රී උත්සවයක්.

From Adam’s Peak To Elephanta : Sketches in Ceylon and India by Edward Carpenter

CHAPTER VII: A NIGHT-FESTIVAL IN A HINDU TEMPLE.

Such a blowing up of trumpets in the full moon ! For the first time I gathered some clear idea of what the ancient festivals were like. Here was a boy blowing two pipes at the same time, exactly as in the Greek bas-reliefs. There was a man droning a deep bourdon on a reed instrument, with cheeks puffed into pouches with long-sustained effort of blowing ; to him was attached a shrill flageolet player—the two together giving much the effect of Highland bagpipes. Then there were the tomtoms, whose stretched skins produce quite musical and bell-like though monotonous sounds ; and lastly two old men jingling cymbals and at the same time blowing their terrible chank-horns or conches. These chanks are much used in Buddhist and Hindu temples. They are large whorled sea-shells of the whelk shape, such as sometimes ornament our mantels. The apex of the spiral is cut away and a mouthpiece cemented In its place, through which the instrument can be blown like a horn. If then the fingers be used to partly cover and vary the mouth of the shell, and at the same time the shell be vibrated to and fro In the air—what with Its natural convolutions and these added complications, the most ear-rending and diabolically wavy bewildering and hollow sounds can be produced, such as might surely infect the most callous worshiper with a proper faith in the supernatural.

The temper of the crowd too helped one to understand the old relio^ious attitude. It was thoroughly whole-hearted—I cannot think of any other word. There was no piety—in our sense of the word—or very little, observable. They were just thoroughly enjoying themselves — a little excited no doubt by chanks and divine possibilities generally, but not subdued by awe ; talking freely to each other in low tones, or even indulging occasionally— the younger ones—in a little bear-fighting ; at the same time proud of the spectacle and the presence of the divinity, heart and soul in the ceremony, and anxious to lend hands as torch-bearers or image -bearers, or in any way, to its successful issue. It is this temper which the wise men say is encouraged and purposely cultivated by the ceremonial institutions of Hinduism. The temple services are made to cover, as far as may be, the whole ground of life, and to provide the pleasures of the theatre, the artgallery, the music hall and the concert- room in one. People attracted by these spectacles—which are very numerous and very varied in character, according to the different feasts—presently remain to inquire into their meaning. Some like the music, others the bright colors. Many men come at first merely to witness the dancing of the nautch girls, but afterwards and insensibly are drawn into spheres of more spiritual influence. Even the children find plenty to attract them, and the temple becomes their familiar resort from early life.


ලක්දිව ගමන් සටහන් පිටු අංක: 48

Advertisements

One thought on “Temper of the Crowd, and Influences of the Ceremonial

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s